Sunday, February 11, 2018

බැසිල් දින්න එක කොච්චර හොඳද?



ගෝඨා සහ බැසිල් අතර රාජපක්ෂ කණ්ඩායම ඇතුලේ සියුම් සීතල යුද්ධයක් තිබුණා. ඒ වගේම පක්ෂයෙ කණ්ඩායම් දෙක වෙන්කළේ බැසිල් බවට ලොකු චෝදනාවක් එල්ලවුණා. ඒ චෝදනාව එල්ලකළ අය කිව්වේ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රිලනිපය එකතුකරන්න ඕනෙ කියලයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් විකල්පය විදියට ඒක තියාගෙන හිටපු බව පෙනුණා.


මේ මැතිවරණයෙන් එජාපය පළවැනියට ඇවිත් ශ්‍රිලනිපය සහ පොදුජන පෙරමුණ දෙවැනි තුන්වැනි තැන්වල හිටියනම් මේක ගෝඨාභය පාර්ශ්වයෙ ජයග්‍රහණයක්. එහෙනම් පක්ෂ දෙක එකතුවීමෙන් පළාත් පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවන්න වෙනවා. බැසිල්ගේ නමට තව දැලිකුණක් එකතුවෙනවා. 

හැබැයි පොදුජන පෙරමුණ අංක එකට ජයග්‍රහණය කිරීමෙන් බැසිල් විශාල ජයග්‍රහණයක් ලබනවා. ඔහුට තමන්ව ඔප්පුකරන්න අවස්ථාවක් ලැබෙනවා. පහුගිය පරාජයට හේතුව ඔහු බව කෙනෙක් කීවොත් මේ ජයග්‍රහණයේ රහසත් ඔහු. ඔහුයි පක්ෂය කලින් හැදුවේ. ඡන්දදායකයන්ව ඒකට හුරුකළේ. ලාංඡණය කලින්ම ගත්තේ.
ඉතින් මේක රාජපක්ෂ පවුල තුල බැසිල් ලැබූ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ඉතාම ධනාත්මකව මමනම් දකින්නේ.

රාජපක්ෂ පවුල තුළ ගෝඨා නියෝජනය කළේ ජාතිවාදී, යුධකාමී, ඝාතක පාර්ශ්වය. බැසිල් නියෝජනය කළේ දූෂිත පාර්ශ්වය. ඇත්තටම බැසිල්ව මුණගැහිලා කරපු කතාබහේදීත් මට තේරුණේ බැසිල් දූෂිතයෙක් වුණත් ගෝඨාභයට සාපේක්ෂව ඔහු ජයග්‍රහණය කිරීම ඉතාම ධනාත්මකව ගන්න ඕනෑ බව අපේ අදහස.

මේ මැතිවරණය ඉතා සාමකාමී බව බොහෝදෙනෙක් කියනවා. මැතිවරණය සාමකාමීයි තමයි, එහෙත් ලංකාවේ රාජ්‍යය තුළ තියෙන මිනීමරු ලක්ෂණ තවම වෙනසක් නැතිව තියෙනවා. රාජ්‍ය අපරාධකාරීත්වය එහෙමමයි. තවම ලංකාවේ රාජ්‍යය සුළු ජාතික විරෝධී මහජාතියේ ජාතිවාදයෙන් වැහුනු එකක්. ලංකාවෙ දේශපාලනයෙ තියෙන පළවැනි අභියෝගය දූෂණය නෙවෙයි මේ රාජ්‍ය අපරාධකාරීත්වය.

කලින් කරපු අපරාධවලට දඬුවම් දෙනකන් ලංකාවේ රාජ්‍යය මේ අපරාධකාරීත්වයෙන් මිදෙන්නෙ නෑ. තව අවුරුදු කිහිපයකින් යළිත් ඒක මතුවෙන්න පුළුවන්. ඉතින් මේ මැතිවරණය සාමකාමී බව කියමින් වත්මන් ආණ්ඩුවට ක්‍රෙඩිට් දීලා වැඩක් නෑ. ඔවුන් කළේ රාජ්‍යය අපරාධකාරිත්වය ඉවත් කිරීම නෙවෙයි. ආණ්ඩුව අතිශය දුර්වල නිසා මේ ඡන්දයේදී පමණක් ඒක යටපත් වෙලා විතරයි. උදාහරණයකට ගත්තොත් පහුගිය මහමැතිවරණයේදී ආණ්ඩුවට ආත්ම විශ්වාසයක් තිබුණා. ඒ දිනවල තමයි රවී කරුණානායකගෙ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් මැද පාතාල නායකයන් වෙඩිතබාගත්තෙ. මේ ඡන්දයේදීත් රවී කරුණානායකගේ ගෝලයන්ගෙන් මනෝ ගනේෂන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබුණා. ඉතින් තවම දේශපාලනය සහ රාජ්‍යය මිනීමරු එකක්. අපි අභියෝගය විදියට සලකන්න ඕනේ ඒක.

ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට පැමිණීම කියන්නේ මේ රාජ්‍ය අපරාධකාරීත්වයට උපරිම සහතිකයක් ලබාදීම. දූෂණය බරපතල ප්‍රශ්ණයක් වුණත් අපි සියල්ල දූෂණයට අධිනිශ්චය කරන්න ඕනෙ නෑ.

ඉතින් බැසිල් රාජපක්ෂ ජයග්‍රහණය ගැන මේ මොහොතේ ධනාත්මකව කල්පනා කරන්න ඕනෙ. ඔහු දූෂිතයි. ඒත් දූෂිතයො නැත්තේ කොහේද?

( රවී කරුණානයක වගේම රාජිත සේනාරත්නත් දූෂිත බව අමතක කරන්න හොඳ නැහැ. මෛත්‍රීපාල සිරිසේනගේ දියණියගේ බිස්නස් ගැන අපි නොදන්නවා නෙවෙයි. දහම් සිරිසේනට ක්ලබ් ගාණේ ගිහින් වළි දාගන්න සල්ලි කොහෙන්ද. රනිල් වික්‍රමසිංහ තමන්ගෙ පක්ෂයට මොනතරම් දූෂිතයන්ගෙ සල්ලි ලබාගත්තාද. මේවා රහස් නෙවෙයිනෙ. )

10 comments:

  1. ඔබ හරි. බැසිල් රාජපක්ෂ දිනපු එක ත හරි. ඇත්තටම කිව්වොත් දිනුවේ ඉන්දියාව.

    ReplyDelete
  2. ඇත්ත. ක්‍රෙඩිට් එක බැසිල්ට යා යුතුමයි...

    ReplyDelete
  3. ඔව් මිනිමරුවෙකුට වඩා හොරෙක් හොදයි , මොකද සල්ලි හොයන්න පුළුවන් එත් ජිවිත හොයන්න බෑ

    ReplyDelete
    Replies
    1. //ඔව් මිනිමරුවෙකුට වඩා හොරෙක් හොදයි , මොකද සල්ලි හොයන්න පුළුවන් එත් ජිවිත හොයන්න බෑ// x2

      Delete
  4. උඩුවා
    2020 දි ඒකාධිපතියෙක් ආවොත් ඔයාලා වගේ රට යා‍මේ අාසාව නිසාම ප්‍රො සෙපරේටිස්ට් ප්‍රො ටැමිල් කාඩ් එක ගහගෙන (ලෙනී රයිෆන්ස්ටාල් තරම් කොලිටි නැති වුනත්)ප්‍රෙ‍ා් ඊළාම් සිනමාව ප්‍රමෝට් කරන ඉන්න "මාධ්‍යවේදීන්ට" මල්ල කරේ තමයි- 2020 දි ඒකාධිපතියෙක් එන්න කියල අද ඉඳන්ම ස්ෆැගටි රාක්ෂසයන්වහනේස‍ේ යැදපං

    ReplyDelete
  5. රාවයෙන් අයින් වුනා කියා දැක්කා. මොකක්ද කරන්න ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්න ද?
      ආප්ප කඩේක වැඩ!
      ;-)

      Delete
    2. ආප්ප කඩයෙන් තමයි අයින් වුණේ.... තවත් ආප්ප කඩයකටම යන්නෙ නැතිව අලුත් වැඩක් පටන්ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා

      Delete