Tuesday, June 28, 2016

තාම ක්‍රිකට් බලනවද? Are U ක්‍රිකට් Fan?

මම කොටුවෙ ඇවිදිනවා.. ඒ අතරෙ මැසේජ් එකක් ආවේ ඉන්ග්ලන්ඩ් මැච් එක දිනල කියල.
ලී කරත්තයක් තල්ලු කරගෙන යන අයිය කෙනෙක් ශ්‍රීලංකා ක්‍රිකට් ටීෂර්ට් එකක් ඇඳගෙන යනව. හොඳට බැලුවම ඒක පරන ටීෂර්ට් එකක්.
කොටුවේ ක්‍රිකට් ටීෂර්ට් ගොඩක් යනව එනවා මට පෙනුනා. හැබැයි ඒ අතර අළුත්ම ඒවා තිබුණේ ටී20 වර්ල්ඩ්කප් කාලේ වගේ ඒවා.
ක්‍රිකට් කියන්නෙ ලංකාවේ කල්චර් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පන්තියේ ගුරුවරු නැති වෙලාවෙ වන්බම්ප් ගැහිල්ලෙ ඉඳන් බිග්මැච් දක්වා පාසැල් ඇතුලටත්, ගමේ සල්ලි ඔට්ටුවට කොල්ලො ගහන මැච් වලටත්, ෆ්‍රස්ට් ක්ලාස් වලටත් ක්‍රිකට් පිස්සුව දුවද්දි ක්‍රිකට් ඇසුරින් සාහිත්‍යයක් හැදෙද්දි ක්‍රිකට් මැච් බැලිල්ලත් ඔය පිස්සුවෙ තියෙනව.



මටත් ක්‍රිකට් මැච් බැලීමේ පිස්සුවක් තියෙනවා. ලංකාව ෆයිනල් එකේදි අහිමි කරගත්ත මැච් අතරින් 2011 සහ වෙස්ට් ඉන්ඩීස්ලට පරාදවුණ ටී20 කප් ෆයිනල් තිබුණු දවස් මගේ ජිවිතේ අප්සෙට්ම දවස් දෙකක් වුණා. ඒ මැච් දෙකම දිනුවා කියල ජයග්‍රහණයේ සතුට විඳිමින් ඉන්නකොට මැජික් වලින් අහිමි වුණ මැච් දෙකක්.
ක්‍රිකට් බැලිල්ල මම පටන්ගත්තෙ 2008 විතර ඉඳන්. 2007 කප් එක තමා ක්‍රිකට් රසිකත්වයෙ මුල. ඒ කියන්නෙ මගෙ ක්‍රිකට් රසිකත්‍වය පටන්ගන්නෙ ක්‍රිකට්වල ලොකු විප්ලවයක් වෙන කාලෙක.


විස්සයි විස්ස ක්‍රිකට්වල හැඩේ වෙනස් කරද්දි අයිපීඑල් හරහා කවදාවත් නොවුණු තරම් ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්තා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කිරුල ඕපන් වුණා. වන්ඩේ වල ඒක ඉන්දියා ඩැහැගත්තා. ඉන්ග්ලන්ඩ් ටෙස්ට් වල ඉහලට ආවා. පාකිස්ථාන් ක්‍රිකට් ඉතිහාසයේ අමාරුම අවස්ථාවකට මූණ දෙන්න පටන්ගත්තා..
ටෙක්නිකලි ක්‍රිකට් වෙනස් වුණානෙ. ෆාස්ට් බෝලර්ස්ලව පහු කරන් ස්පිනර්ස්ල ඉස්සරහට එද්දි ස්පිනර්ස්ල බෝලය දඟකැවීමට වඩා වේගෙන් පිච් කරන්න පෙළඹුනා. ඔයවගේ ලිස්ට් එකක් කියන්න පුළුවන්. ටෙක්ස්‍ට් බුක් ටෙක්නීෂියන් බැට්ස්මන්ල වල් අඩි ගහන්න පටන්ගත්ත. (මහේල)
ලංකාවෙ වර්ල්ඩ්කප් දෙකක් තියෙද්දි අනෙක් ප්‍රධාන සීරීස් ටිකකුත් දකුණු ආසියානු රටවල තිබ්බා. ඒ අස්සෙ ලංකාව වර්ල්ඩ්කප් එක කෝමහරි ගත්ත. ලංකාව ක්‍රිකට් රසිකත්වයේ ඉහල තැනකට ආව.
ඒ අස්සෙ මාලිංග බැහැල ගියා, සංග මහේල අයින් වෙද්දි ඩිල්ෂාන්ගෙ මල්වෙඩි අතුරුදන් වුණා. තරංග අතුරුදන් වුණා. ඇන්ජිගෙ වේගය බහිද්දි තිසර ඔහේ වනන්න ගත්ත. චන්දි, තිරිගෙන් බලාපොරොත්තු වුණ මැජික් ලැබුණෙ නෑ. විශේශයෙන් 2011 කප් එකට වාස්වත් එළියෙ තියල හොඳම බෝලින් ස්කොඩ් එක අරන් ගිය අපට ඕවර් දහයක් දාගන්න පුළුවන් බෝලර්ස්ල හොයන්න වුණා.
ඒව අස්සෙ ක්‍රිකට් රසිකත්වය බැහැල ගිහින් වගෙයි. ඉස්සර බස් හෝල්ට් එකක මචන් මැච් එකේ ලකුණු කොහොමද දන්නෑ කියල අහපු අය දැන් අඩුවෙලා.
තාම අපි ස්කූල් ක්‍රිකට් මත යැපෙනව. වෙන රටවල් ෆ්‍රස්ට්ක්ලාස් ක්‍රිකට් ඉන්ටනැෂනල් මට්ටමට ගෙනල්ල. අපේ පාලකයන්ට ඒ වෙනුවන් කිසි වුවමනාවක් නැහැ. රෝහිත් ෂර්මලා වගේ මුල් කාලයේ අසාර්ථක ඩොමෙස්ටික් වලින් පස්සේ සාර්ථක වුණ අය අපේ රටේ බිහිවෙන එකක් නෑ.


*************************
මම කොටුවෙදි පටන්ගත්ත නෝට් එක දවස් දෙකක් තිස්සෙ විවේක ලැබෙන පුංචිම පුංචි වෙලාවල් වලදි ලීවා. ඊළඟ මැච් එක ඩ්‍රෝ වෙලා. මම ට්‍රයි කළා පාරෙ හමුවෙන සහෝදරවරු ක්‍රිකට් ගැන චැට් එකකට අල්ලගන්න.

'ලංකාවෙ ක්‍රිකට් ඉවරයි.'  එහෙම කීවෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි.
'මොන ක්‍රිකට්ද මචං? බදු ගහල මේ කැරියො.. ඔෆිස් වල ඉන්න ලොකු පරයො පඩි වැඩි කරන්නෙ නෑ. ගිය ආණ්ඩුව නිසා බදු ගහනවලු!! අම්මගෙ රෙද්ද.. එහෙනං ආණ්ඩුව පත්වෙද්දි ඒක කියන්න තිබ්බනෙ. එදා ෆොක්ස්වැගන්. අද බදු.' කනට ගහන්නා වගේ එක්කෙනෙක් ක්‍රිකට් විචාරයක් දුන්නෙ ඔහොම.
'ක්‍රිකට් කෑවෙ ඒක පාලනය කරන වුන් එක්ක ක්‍රිකට් ගහපු විනයක් නැති සල්ලි පෙරේතයෝ. ඒක බිස්නස් එකක් කරගත්ත මුං.' ක්‍රීඩාවකට විනයක් තියෙන්න ඕන බව ඒ මහත්තය පැහැදිලි කළා.
'පහුගිය කාලෙ මොන ක්‍රිකට්ද? ආණ්ඩු පෙල්ලුණා. අළුත් ආණ්ඩු ආව. හොඳ හොඳ සෙල්ලම් තිබුණනෙ.' ඒ කෙනාගේ කතාවත් ඇත්ත. ක්‍රිකට් වලට වඩා රසවත් මාතෘකා කොච්චර තිබ්බද!!
කොහොමහරි ක්‍රිකට් කියන්නෙ දැන් ඇල්මැරුණු මාතෘකාවක්.
කලින් තිබුණෙ අපි එක ක්‍රීඩාවක් ගැන විතරක් හිතපු එකේ ප්‍රශ්ණෙ. දැන් තිබුණු එකම ක්‍රීඩාවෙනුත් ඈත් වෙද්දි අපි ටිකෙන් ටික ක්‍රීඩාශීලි නැති ජාතියක් බවට පත්වෙයිද??
බයියලයි ටොයියලයි සංවර්ධනේ කියන්නෙ බිල්ඩින් හැදිල්ලටයි ආදායම් ගොඩගහගැනිල්ලටයි විතරයි.. ජාතික ප්‍රතිපත්ති, විශේශ ප්‍රකාශ කරන්නෙ ඒවට විතරයි.
මම ෆෝන් එකේ ක්‍රික්බස් ඇප් එක ඩිලීට් කරල දැම්ම. ඉස්සර නිතර අළුත් ප්ලේයර්ස්ල, රෙකෝඩ්ස්, කමෙන්ට්, ඩොමෙස්ටික් දක්වා මැච් විස්තර බැලුවත් දැන් ඒක කාලෙකින් ඕපන් කරල නෑ.

4 comments:

  1. මම අනාවැකියක් කිව්වා... කවදා හරි මැතිව්ස්ට කැප්ටන්සි එක දුන්නොත් ඒ ක්‍රිකට් වල අවසානය කියලා... එදා සම හරක් මාත් එක්ක කොක්කට ආවා... ඒත් අද...?

    ක්‍රිකට් කියන්නේ කන්ඩායම් ක්‍රීඩාවක්..

    ReplyDelete
  2. ක්‍රිකට් බලපු කාලෙ ඉවරයි..

    ReplyDelete
  3. දිනන මැච් බලන්න පුරුදු වුණ කට්ටියට ඔහොම වෙනවා.

    ReplyDelete
  4. උඩුවෝ උඹ මැච් බලන්න අරන් තියෙන්නේ පීක් එක බැහැගෙන යන කාලේ... මේ කාලේ ක්‍රිකට් කොමර්ෂලයිස් වෙලා වැඩියි... ඒ නිසා හැමෝම පුරුදු වෙලා තියෙන්නේ හොඳින් හරි නරකින් හරි දිනන මැච් බලන්න. ඒත් මම පටන් ගත්තේ 1992 විතර ඉඳලා.‍ බෙන්සන් ඇන්ඩ් හෙජස් වලින්. 1995 ලංකාව අර්ජුනගේ නායකත්වය යටතේ තැනකට ආවා..
    ඒ අවුරුද්දේ අපි වෙස්ට් ඉන්ඩීස් මැච් එකක 325 චේස් කරලා 321 ගහලා පැරදුනා. අන්න සුපිරි මැච්. දිනපු එකකට වඩා කොලිටි. 1996 දී මේක පීක් වුනා වර්ල්ඩ් කප් දිනලා. 95-96 කාලේ තමා උඩුවා කියන කාලේට වඩා වන්ඩේ ක්‍රිකට් වල වෙනසක් වුනේ.. සනා කලූ පෙයාර් එක නිසා. සනත්ගේ බැටින් ස්ටයිල් එක නිසා වන්ඩ‍ේ වල උඩ ඔවර්් දහය දාන්න බොලර් කෙනෙක් නැතිවුනා. මට මතකයි ඔස්ට්‍රේලියා මැච් එකක මැග්‍රා බොලේ දුන්නා ස්ටීව් වොට උඩින් බොල් කරන්න කියලා.
    ඒවා තමයි ක්‍රිකට් වල රියල් වෙනස්කම්.
    2007 කලේ කියන්නේ ක්‍රිකට් ‍ස්ටේබල් වුන කාලයක්.. ගේම් චේන්ජර්ස්ලා හිටියේ නැහැ. හිටියේ සංගා මහේල වගේ ඕතොඩොක්ස් ක්‍රිකටර්ස්ලා. ඒ අය සද්ද නැතුව ගෙම් එක අරන් ගියා මිසක් ඩ්‍රැමටිකල් චේන්ජර්ස් වලට හේතු වුනේ නැහැ.
    ඒ කාලේ ක්‍රිකට් බලන්න පටන් ගත්ත ගොඩක් අයට දැන් බලන්න හිතෙන්නෑ තමයි. ඒත් අපිට එහෙම නෑ...

    ReplyDelete