පෙම්වතිය කෝටි තුනක ණයක් ගෙන ඇමරිකාවට පලා ගොස් තමන්ව රවටා වෙන පෙම්වතෙක්ව සොයාගත් පසුව විරහවෙන් සහ පෙම්වතිය වෙනුවෙන් කළ අපරාධයක තැවීමෙන් අනාගතය අඳුරු කරගත් තරුණයෙක් මහා වැස්සකට හසුවෙයි. ඔහුලේ නම ප්‍රභූය. පාළු මාවතක සෙවණකට වී සිගරැට්ටුවක් උරමින් කොණ්ඩය හා රැවුල ‘බමුණෙක් මෙන්‘ වවාගත් ඔහු සිටියි. තම සැමියාගේ සමකාමියෙකු බව හඳුනාගැනීමෙන් පසුව ඔහු පිළිබඳව තේරුම්ගෙන ගැටුමකින් තොරව අවබෝධයෙන් සැමියාගෙන් වෙන්වුණු, ඒ විවාහයෙන් කුඩා පුතෙක්ද සිටින තරුණියක්ද ඒ වැස්සට මුවා වෙන්නට එතැනට පැමිණෙයි. ඇගේ නම අල්ඩියා ය.
![]() |
