Showing posts with label රේඛා. Show all posts
Showing posts with label රේඛා. Show all posts

Thursday, June 21, 2018

සී.අයි.ඩීය 'ලක්බිම'ට



ලක්බිම පත්තරේ පළවුණ මේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරන්න කියලා ඒ ප්‍රවෘත්තිය ලියපු මාධ්‍යවේදීන්ගෙයි, අනුමත කරපු කර්තෘවරයාගෙයි තොරතුරු ඉල්ලලා සී.අයි.ඩී.ය ලක්බිම පත්තරයට ලියුමක් යවලා තිබුණා....

ඒ ප්‍රවෘත්තිය මැයි 25 වැනිදා තමයි පළ කරලා තියෙන්නෙ.

නීතීඥ සංගමයත් සාධුලාට බයද?

‘හාමුදුරුවරු සිරගත කරනවා. පොලිස්පතිවරයාගේ නීතිය නැවීමේ ක‍්‍රමය යටතේ ඉදිරිපත්වෙන බී වාර්තා ගැන පුදුම හිතෙනවා. බටහිර ජාතීන් සතුටු කරන්නට මේ නඩු තීන්දුව දීලා තියෙනවා. ඒ පසුපස ප‍්‍රබල ඇමතිවරුන් දෙන්නෙක් ඉන්නවා’



Tuesday, June 19, 2018

ලිංගිකව එක්වූ බාලවයස්කාරයන්..... ( Photos )

ගිය සතියේ අනුරාධපුරයේදී නවයොවුන් තරුණියක් එක්ක ලිංගික ඇසුරක් පවත්වපු තරුණයෙක්ට ඒ දැරියවම විවාහ කරදෙන්න තරුණියගෙ පවුලම මැදිහත් වුණ සිදුවීමක් වාර්තාවෙලා තිබුණා. ඇයට දැරියක් යැයි කීවත් ඇයට වයස අවුරුදු 18යි. ඒ තරුණයාට වයස අවුරුදු විස්සක් ඇති. මේ දෙන්නා නිවසේදී හොරෙන් ලිංගිකව එක්වෙලා. තරුණයා මේ ඇසුර තරුණයා වීඩියෝ කරලා තියෙනවාලු. පොලීසියට ලැබුණු 'ඔත්තුවක්' නිසා මේ තරුණයා සහ තරුණිය සිටි නිවසට ඇතුලුවෙලා. තරුණයාව අත්අඩංගුවට අරන් මොකක්හරි චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම් කරලා. මේ මුලු සිදුවීම් මාලාවම හරි විකෘතියි. අපේ සමාජයේම විකෘති බව සිදුවීම් මාලාව ඇතුලේ තියෙනවා.

ඡායාරූපය සංකේතයක් පමණි


Monday, December 11, 2017

කොටින්ට ආයුධ කොහෙන්ද? Jagga Jasoos

ජග්ගා ජාසූස් බොලිවුඩ් චිත්‍රපටිය මේ වසරේ අප්‍රේල් මාසයේ තිරගත වූ චිත්‍රපටියකි. ඉහළ ආදායම් උපයන්නට සමත් වූ චිත්‍රපටිය අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයකි.




Saturday, September 23, 2017

විජේ සේදුපතිත් බැලිය යුතු තරමනී



පෙම්වතිය කෝටි තුනක ණයක් ගෙන ඇමරිකාවට පලා ගොස් තමන්ව රවටා වෙන පෙම්වතෙක්ව සොයාගත් පසුව විරහවෙන් සහ පෙම්වතිය වෙනුවෙන් කළ අපරාධයක තැවීමෙන් අනාගතය අඳුරු කරගත් තරුණයෙක් මහා වැස්සකට හසුවෙයි. ඔහුලේ නම ප්‍රභූය. පාළු මාවතක සෙවණකට වී සිගරැට්ටුවක් උරමින් කොණ්ඩය හා රැවුල ‘බමුණෙක් මෙන්‘ වවාගත් ඔහු සිටියි. තම සැමියාගේ සමකාමියෙකු බව හඳුනාගැනීමෙන් පසුව ඔහු පිළිබඳව තේරුම්ගෙන ගැටුමකින් තොරව අවබෝධයෙන් සැමියාගෙන් වෙන්වුණු, ඒ විවාහයෙන් කුඩා පුතෙක්ද සිටින තරුණියක්ද ඒ වැස්සට මුවා වෙන්නට එතැනට පැමිණෙයි. ඇගේ නම අල්ඩියා ය.

 


Tuesday, September 19, 2017

පූස් ෆෝබියාව සහ තාත්තා


‘යකෝ ඔය පුසාව එලවලා දාපන්’’ තාත්තා නිතරම අපට බැණ වදින්නේ එසේය. තාත්තාට පුසන් යනු නයාට අඳු කොළ මෙන්ය. අම්මා සහ මා අතර බැඳීමෙහි ගණුදෙනුවක් මිස ආදරයක් නොතිබුණු පසුබිමක තාත්තා යනු මට ලෝකයක් විය. අම්මා ලංකාවේ සිටියේත් නැත. මට පමණක් නොව අක්කාටත් තාත්තා රජෙක් විය. එකල අප සිටියේ නාගරික නිවාස තිබුනු මාවතක කෙළවරේ තිබුණු නිවසකය.
එහෙත් ඔහුට තිබුණු දරුණුම රෝගය පූස් ෆෝබියාවයි. එය නිවසේ සිටි අපට පමණක් නොව වත්තේ සිටි බොහෝ දෙනෙක්ට හිසරදයක් විය. මට තේරෙන කාලයේ සිට තාත්තා වෘත්තියෙන් තී‍්‍රවිල් රථ රියදුරෙකු විය. එහෙත් තාත්තා බංකොලොත් වූ ධනවතෙකු විය. අක්කා නිතර පැවසූ විදියට තාත්තා බංකොලොත් වුණේ මා ඉපදුණු පසුවය. ඒ මා පවුලට ගෙන ආ අවාසනාව නිසාය.

Saturday, August 05, 2017

කාන්දන්ගේ කතාව

තෝමස් කාන්දන් මහත්තයාව කිලිනොච්චියේදියි මට මුණගැහුණෙ. මේ ඔහු මා එක්ක කී කතාව.

කාන්දන් මහත්තයා


‘කොතැනින්ද පටන්ගන්නේ. ම්ම්.. මගේ ගම මම කිව්ව නේද? දෙහිවල. හැත්තෑහතේ කලබල නිසා තමයි මමයි පවුලයි දෙහිවල අතහැරලා මෙහේට ආවේ.

දෙමළෙන් බයන්නක් නෑනේ. බාබු කියලා සිංහලෙන් කිව්වාට දෙමළෙන් කියන්න පුළුවන් පාපු තමයි. ඉතින් දෙමළුන්ව අල්ලගන්න පාවිච්චි කළේ ඕක. කොච්චර සිංහල කතාකරන දෙමළෙක් වුණත් බයන්න කියන්නෙ නෑ කියල තමයි සිංහලයො හිතාන හිටියේ. ඒත් ඇත්ත එහෙම නෙවෙයි. අපේ මිනිස්සු මේ තරම්වත් බේරුණෙ ඇයි දන්නවද. හැම දෙමළම පාල්දිය කියන්නෙ නෑ. අපි කියන්නෙ බාල්දිය කියල තමයි. මාත් කිව්වෙ බාල්දිය කියල. බණ කියල කියපං කිව්වාම මම කිව්ව බණ කියලා. ඒ විතරක් නෙවෙයි මං බණ අහලත් තියෙනවා.