Wednesday, June 10, 2015

තරුණ මාධ්‍යවේදියෝ විද්‍යාව විකුණුවා...



උඹලත් විද්‍යා ව විකුණනවනේ, ඒ ගෑණු ළමයව විකුණගෙන කන්නේ නැතිව පාඩුවේ ඉන්න දෙන්න..
ඊයේ තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංවිධානය විසින් විද්‍යාෙගන් පසු අපි යන තේමාව යටතේ සංවේදී සිදුවීම් වාර්තාකරණය ගැන කරපු සංවාදය ගැන කෙනෙක් එහෙම ලියලා තිබුණා. 

උත්තරයක් දෙන්න ඕන නැහැ ඒකට... ඒත් කරපු වැඩේ ගැන සටහනක් ලියන්න හිතුණා. වෙලාවේ ප්‍රශ්ණයක් නිසා දැන් කෙටියෙන් මෙහෙම කියන්නම්. පස්සෙ දිගට ලියමු.



අපි විද්‍යාව විකුණුවා.. විද්‍යා විකුණලා අපට ලැබුනේ මොනවාද?සොච්චම් වැටුපයි කාලයයි යට කරලා තමන්ගේම ආයතන විවේචනය කරන විදියේ වැඩක් සංවිධානය කරලා අපට ලැබුණේ මොනවද? ආයතන ලොක්කන්ගේ බ්ලැක්ලිස්ට් වලට එකතු වෙන එක... ඒක තමා විද්‍යාව විකුණලා අපට ලැබුණු දේ.

හැබැයි අපි විද්‍යාව විකුණපු එකෙන් සමාජයට දේවල් ටිකක් ගන්න පුළුවන් වේවි කියලා හිතුවා.. විද්‍යාෙගන් පස්සෙවත් සමාජය කලඹවන සිදුවීම් වාර්තා කරද්දී අපට ඔළුවේ තියාගන්න අදහස් ටිකක් සම්පාදනය කරන්නයි ඕන වුණේ. අපි නවතින්නේ නැහැ. මේ විවේචනය දිගටම තියාගන්නවා.

අපට ලැබෙන අවකශය තුල මාධ්‍ය භාවිතය ගැන අපට තියෙන විවේචනය ඉදිරියටත් තියාගන්නවා. ඒකෙන් ලංකාවේ මාධ්‍ය මාර දියුණු වෙන එකක් නැහැ. ඒත් මොනවත් නොකර ඉන්නවාට වඩා හොඳයි.... අපි යමක් කරනවා..... විද්‍යාව විකුණුවේ ඒ නිසා...

ඉස්සරහටත් මේ වගේ මාතෘකා අපි විකුණනවා.. මේ පාර සැලකිය යුතු පිරිසක් අපි විකුණපු දේ ගත්තා.. එතැන සිදුවෙච්ච නිෂ්පාදන වීඩියෝ හරහාත් සටහන් හරහාත් අන්තර්ජාලයේත් විකුණන්න අපි හිතාගෙන ඉන්නවා.. 

ඉදිරියටත් අපි විකුණන දේ ගන්න මාධ්‍ය සමාජයට හැකිවේවි කියල හිතනවා....

6 comments:

  1. මේ සාකච්ඡාව අපටත් අහන්න දකින්න සලස්වන්න තරිඳු. ඒක වැදගත්.

    අපේ වැරදි අපිම හදාගන්න ඕන. ඒ නිසා මාධ්‍ය සදාචාරය ගැන කතිකාවට තරුණ ජනමාධ්‍යෙව්දීන් මැදිහත්වීම හොඳ ප්‍රවණතාවක් කියලයි මං හිතන්නෙ.

    ReplyDelete
  2. වීඩියෝ මඟ එනවා

    ReplyDelete
  3. විද්‍යාව විකුණන් කන එක නෙමේ වැඩේ.විද්‍යාට වෙච්චි දේ තවත් අයට නොවෙන්න කටයුතු කිරීමයි කරන්න ඕනේ.විද්‍යාගේ කොයි තරම් ජයාරූප සමාජ මාධ්‍ය ඔස්සේම කොයි තරම් සංසරණය වුනාද.විද්‍යාට වෙච්චි දේ හෙලා දකිනවා නම් ශෙයා කරන්න කිය කියා.
    දැනුවත්ව හෝ නොදැනුවත්ව විද්‍යාව බොහෝ දෙනෙක් නැවත ඒ තුලින් විනාශ කරනු ලැබුවා.

    ReplyDelete
  4. මෙතනදි විකුණනවා කියන කතාවට නම් එකඟ වෙන්න බෑ. මාධ්‍ය තියෙන්නෙ සිදුවීම් වාර්තා කරන්න තමා. මාධ්‍ය පාඩුවට දුවන්න අයිතිකාරයෝ කැමති නෑ කියන එකත් අපි තේරුම් ගමුකො

    ReplyDelete
    Replies
    1. වාර්තා කරන එක නෙවෙයි... වාර්තා කරන විදිය ගැනයි කතා කරන්නේ

      Delete
    2. කිචීගෙ තර්කය හරි.. ආයතන හිමිකාරිත්වය බලන්නෙ ලාභය.. හැබැයි අපි දැනගන්න ඕනේ ඒ ලාභය බල්ලො මරල හරි හොයන්න ලෑස්ති තැනක අපි නෑ කියලා හඬක් නගන්න.. ඒකට තමයි මේ උත්සාහය..

      Delete