Wednesday, June 24, 2015

රාජපක්ෂගෙ ගමේ මීඩියා හොල්මන්....



තඹුත්තේගම රාජපක්ෂගම නම් ගම්මානයට හොල්මන් පවුලක් පැමිණ ඇතැයි පහුගිය සතියේ කතාබහට ලක් විය. ඇත්තටම එය කතාබහක් පමණක් නොව ඉන් එහාට ගොස් රටේම අවධානය දිනාගත් පුවතක් බවට පත් විය. රාජපක්ෂගමේ හොල්මන් කතාවට තටු දුන්නේ අපේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් ය.

රාජපක්ෂගමේ කතාව පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවතක් වූවා පමණක් නොව ඉරිදා පුවත්පත් වල විශේෂාංග ලිපි ලෙසින්ද මේ හොල්මන් කතාව වාර්තා කොට තිබුණි.

ඉන් දින කිහිපයකට පසු විද්‍යාකුලපති මහතා ඇතුළු පිරිසක් රාජපක්ෂගමට ගොස් පෙන්වා දී තිබුණේ කිසිදු හොල්මනක් රාජපක්ෂගමට පැමණ නැති බවත් මෙය මාස් හිස්ටීරියා නමැති මනෝ විද්‍යාත්මක තත්වය බවත්ය. එනම්, යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් පිළිබඳව මිත්‍යා මතයක් යම්කිසි ප්‍රෙද්ශයක පැතිරුණු පසු ඒ අදෘෂ්‍යමාන බලවේගය ඇත්තෙන්ම තිබෙන්නාක් මෙන් තවත් පුද්ගලයන්ට දර්ශණය වීමයි.

කලින් හොල්මන් කතා වාර්තා කළ මාධ්‍ය විසින්ම මේ මනෝවිද්‍යාත්මක කතාවද වාර්තා කොට තිබුණි. දැන් සියල්ල අවසන්ය. මාධ්‍ය අතපසදාගත්හ. කිසිදු ලජ්ජාවක් නැත. මේ පදනමක් නැති කතා සත්‍ය ලෙස වාර්තා කරන මාධ්‍ය වලට ජනතා විරෝධයක් එල්ල වන්නේද නැත. ජනතාවද රස විඳින්නේ මේ මෝඩ කතන්දර නිසාය.

ජනතාව කුමක් ඉල්ලුවද ජනමාධ්‍ය කිසියම් විද්‍යාත්මක පදනමක සිට කටයුතු කළ යුතුය. ජනමාධ්‍යෙව්දීන් ලෙස අප ඉගෙනගන්නේ මූලාශ්‍ර දෙකකින් තහවුරු කරගන්නා තුරු මාධ්‍ය වාර්තාවක් පළ කළ නොහැකි බවය. අපේ කට්ටිය හොල්මන් කතා ළඟ හිටියාක් මෙන් ලියන්නේ මේ මූලධර්ම කඩ කරමින් අවිද්‍යාත්මක පදනමක සිටය.

රාජපක්ෂගමේ සිදුවීම විද්‍යාකුලපති ඇතුළු පිරිස ඉක්මනින්ම ඒ ගමට ගිය නිසා අවසන් විය. එසේ නොවීනම් මේ අවිද්‍යාත්මක වාර්තාකරණය නිසා මේ කතාව අවසන් වන්නේ ලංකාවේම තැනින් තැන මෙවන් අද්භූත පවුල් මතු වීමෙනි. ලංකාවටම හොල්මන් දැක මාස් හිස්ටීරියා තත්වයට පත් වීමෙනි. මිත්‍යා කතාවක් නොවුණත් ලංකාවේම ග්‍රීස් යකුන් මතුවූයේ  මාධ්‍ය හරහා ලංකාව පුරා මේ කතාව ලිවීම නිසාය.

සංවේදී සිදුවීම් වාර්තාකරණයේදී මාධ්‍ය වලට විශේෂ වගකීමක් පැවරේ. විද්‍යාත්මක නොවන විශ්වාසයන් සම්බන්ධ වාර්තාරණයන් සම්බන්ධයෙන්ද එසේමය. විද්‍යාත්මක නොවන මිත්‍යා කතාන්දර මාධ්‍ය විසින් වාර්තා කිරීම කළක් තිස්සේ සිදු වන්නේය. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල රසවත්ම කොටසක් වන්නේ මේ හොල්මන්, භූත කතන්දර සහ ලග්න පලාපලයන්ය. ජාතික පත්තර පසුගිය සමයේදී ඉරහඳ පත්තර බවට පත්වී තිබුණි. 



එක් ඉරිදා පත්තරයක් පසුගිය මැතිවරණයට පෙර දේහ ලක්ෂණ බලා දේශපාලනයේ අනාවැකි කීය. සතිපතා කේන්දරකාරයන් හතරපස් දෙනෙකුගෙන් දේශපාලනය ගැන අදහස් විමසීම් පළ කළේය. මේ පලාපල විශ්වාස වලට ජනවාරි අටවැනිදා විශාල පරාජයක් අත්විය. ඇත්තටම විය යුත්ත නම් හොල්මන් කතන්දර රාජපක්ෂගමෙන්ද ලග්න පලාපල ජනවාරි අට රාජපක්ෂ පරාජයෙන්ද අවසාන වීමයි.

12 comments:

  1. දැන් ගොඩක් අය පත්තර ගන්නේ ඔය වගේ විකාර බලන්නයි,බත් මුල් බදින්නයි නේ.එකනේ පත්තරවල පිටු ගණන් ඔව්වා පල වෙන්නෙත්.

    හැබැයි ඔය "රාජපක්ෂගම ගම හොල්මන්"කියන එකට මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දුන්නේ "රාජපක්ෂ" නමයි "අප්පච්චි හොල්මනයි"එක්ක එකට යන නිසාද දන්නේ නැහැ.:D

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... හොල්මන් ඉන්නෙම රාජපක්ෂ ගම්වල තමා

      Delete
  2. රාජපක්ෂ හොල්මන් තැන් තැන් වලින් මතුවෙන එක බොරුවක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් මාස් හිස්ටීරියාවක්

      Delete
  3. මැරුණට පස්සේ ඉන්නේ හොල්මනක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ අය ආයෙ නැඟිටිනවා කියල හිතන්නේ මානසික ලෙඩක්

      Delete
  4. "රාජපක්ෂගම" යැයි නොලියා "රාජපක්ෂ ගම" යැයි ලීමෙන් අද්භූත කතාවකට වඩා දේශපාලන ආතල් එකක් ගැනීමට මාධ්‍ය උත්සාහ දරා ඇති බවද පෙනේ...

    ReplyDelete
    Replies
    1. ඔය නිව්ස් එක මාකට් කරන්නේ රාජපක්ෂ කෑල්ලත් එක්ක... නැත්තන් තඹුත්තේ්ගම කියල ලියනවනේ

      Delete
  5. මේ වගේ ගේම් දෙන්න කුප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා වත්මන් ආණ්ඩුවේනම් ඉතින් විදේශ කටයුතු බාරව.. හැක් හැක්.

    ReplyDelete
    Replies
    1. මුත්තා ගැන කියපු කෙනානේ

      Delete
  6. මේ සමාජයේ කාන්සිය මකා ගන්න කෙරෙන්නේත්, මේ වගේ තව තවත් ‘කාන්සිය‘ ම නිරිමානය කිරිමයි !http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. රටම පස්සට යන්නේ මේ පසුගාමී ආකල්ප නිසා

      Delete