Monday, November 09, 2015

යුරේනිගෙන් වැඩක් ගමු!!!

යුරේනි ගැන ලියන්න හිතාගෙන හිටියා කාලයක් තිස්සේ... ඒත් එයා ගැන තිබුණු උණුසුම පහවෙනකන් ඉන්න හිතුවා...

විද්‍යා මරා දැමීමත් එක්ක ඇතිවෙච්ච උණුසුම් වටපිටාව ඇතුලේ යුරේනි නොෂිකා ගුණසේකර මට මුණගැහුණේ ඇගේ ගෙදරදී. මා බලාපොරොත්තු වුණේ ඇය සමඟ විනාඩි දහයක පහළොවක කෙටි ඉන්ටවීව් එකක් කරන්න.


එහෙත් යුරේනි සමඟ එදා කළ සංවාදය පැය තුනක් පමණ දිගු කාලයක් තිස්සේ ඇදුණා.ඇයට සමාජයේ ස්ත්‍රියට හිමි වෙලා තියෙන තත්වය ගැන අදහසක් තිබුණා. පත්තරේ ඉඩකඩ සහ ප්‍රමුඛතාවය එක්ක ඇය සමඟ කතාබහ කළ දේවල් වලින් බොහොම ටිකයි පළ කළේ. ( මෙතැනින් කියවන්න )


ඒ අදහස් නිසා ජාතිවාදී ගෝත්‍රික ආකල්ප තියෙන අපේ අය යුරේනිට පන්න පන්නා පහර දුන්නා. රෙද්ද පල්ලෙන් බේරෙන සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන සුපුරුදු ලොරිටෝක් ටික දුන්නා. ඒකට විරුද්ධ වන අපි වගේ අයත් සුපුරුදු ටෝක්ස් ටික දුන්නා. අන්තිමේ යුරේනිට සමාව ගන්න සිද්ධ වුණා. මොකද එයා කරන්නේ ජොබ් එකක්. ලංකාවේ ඉන්න ලෙඩ්ඩුන්ට ගැලපෙන විදියට ඒක කරන්න වෙනවා. 

යුරේනි ගොසිප් ගැන සලකන්නේ සැහැල්ලුවෙන්. ඇයට ඒවා ගැන තියෙන්නේ අපුලක්. ඒත් තමන් ගැන හැදෙන ගොසිප් ගණන් නොගෙන ඉන්න යුරේනි උත්සාහ කරනවා.





නිවාස සංකීර්ණයක තියෙන පුංචි නිවෙසක ගෙවෙන ඇගේ ජීවිතය ඉතා සරලයි.. ඇගේ අතින්ම හදපු රසවත් තේ කෝප්පයක් රසවිඳින්න අවස්ථාවක් ලැබුණා. සංස්කෘතියට අනුව කාන්තාවට පැවරෙන දේවල් ගැන පොර ටෝක් දෙන ගොඩක් අයට තේ එකක්වත් හදන්න බැරි නිසා මට යුරේනි ගැන සතුටු හිතුණා. (තේ හදන්න බැරි වුණත් ඒක වැරැද්දක් නෙවෙයි.... )

රංගනය ගැන ගැඹුරට ඉගෙනගෙන නැතත් ඇය තමන් කරන දෙය කැපවීමෙන් කරනවා. ජනප්‍රිය කලාව ඇතුලේ  තමන්ට හැමවෙලාවෙම ළඳ බොළඳ ධනවත් තරුණියන්ගේ චරිත කරන්නට සිදුවීම ගැන ඇය දුක්වෙනවා. ඇය තමන්ට හිමි වටිනාකම ඉල්ලනවා. ඇය කියන්නේ පූජා උමාශංකර් වගේ ඉන්දියානු නිළියක් කරන දේ සමහර විට ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන් නිළියන් ලංකාවේ හිටියත් ඒ අයට අර ඉන්දියානු නිළියන්ට ලැබෙන මිලෙන් දහයෙන් එකක්වත් නොලැබෙන බව.

මට මෙහේ වැඩ කරන එක එපාවෙලා.. මම කැමතියි ෆිල්ම් ඉගෙනගන්න වෙන රටකට ගිහින්. ඉන්පස්සේ ඇවිත් මෙහේ    ෆිල්ම් එකක් කරන්න පුළුවන්....

යුරේනි එහෙම කියනවා.



ලංකාවේ තියෙන කෑලි ක්‍රමයට රඟපාන අවුල යුරේනි ප්‍රතික්ෂේප කරනවා.. ක්‍රමය ඇතුලේ එයා තැනක හිරවෙලා හිටියත් යුරේනිගේ අභ්‍යන්තරයේ ගන්න දෙයක් තියෙනවා.

යුරේනි කොට ගවුමක් ඇඳන් ටීවී ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ට් කරනවට වඩා එහා ගිය වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක්....  අපේ වැඩක් කරන නිර්මාණකරුවන්ට ඒක තේරුම්ගන්න පුළුවන් නම් හොඳයි.... 


14 comments:

  1. සමාව ගත්ත එකෙන් ලෙඩ්ඩුන්ගේ ලෙඩේ තවත් වැඩිවෙයිද දන්නෙ නෑ.
    ඒත් ඇය වෘත්තිය ශිල්පිනියක්, තමන්ගේ වෘත්තිමය අවශ්‍යතාවය මත සමාව ගත්තනම් (ඇත්තටම කණගාටු නොවී ) ඇය බුද්ධිමත් වෘත්තීය ශිල්පිනියක්.

    ReplyDelete
  2. Dr. Yasanathtath eye e wage samawa ganna una.. meka puduma ratak. . Udugan bala pinanna katawath ida denne ne.. ureni ge yata kalisamata banina un je-lo ge than deka uda Pena pena balanne..

    ReplyDelete
  3. උඹගේ ඉන්ටවීව් එකේ හිටපු යුරේනී සමාව ගැනීමෙන් පස්සෙ මැරිලා ගියා...

    දැන් ඒක තවත් "බඩුවක්" විතරයි... "ඔළුවක්" නෙමෙයි....

    ReplyDelete
    Replies
    1. දැන් යසනාත් සමාව ගත්තාම පොරට මොකද වුනේ?

      Delete
    2. සමාව ගත්තට වැඩක් නෑ.. ඒ යකා කොහොමත් පට්ට ගෝත්‍රිකයෙක්.. ගල් වැද්දෙක්.. නව පරපුරට වෛර කරන්නෙක්..

      උන් එකම් දේ ඌ පට්ට ගෝත්‍රිකයෙක් කියන එක නැවත් වතාවක් ඔප්පු කලා..

      දැන් නෝන්ඩි වෙන්නේ ඌ වෙනුවෙන් පොර ටෝක් දීපූ උන්..

      Delete
    3. මාතලන් අයියගෙ කතාවෙ ඇත්තක් තියෙනව තමයි.... ඒත් කාටහරි පුළුවන් යුරේනිගෙන් වැඩක් ගන්න

      Delete
  4. ලඟඳී වත්පොතේ සහ බ්ලොග්වල දී නම අසා ඇතිමුත් මේ කවුද කරන්නේ මොනවාදැයි නොදනිමි,

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි වෙනස් කරන්න ඕන

      Delete
  5. යුරේනිගෙ ගොසිප් අතාරිමු.. රගපාන්න බෑ, සින්දු කියන්නත් බෑ, ප්‍රසන්ටිනුත් බෑ... ඒත් ජනප්‍රියයි... මක් නිසාද? මාකටින් නිසා.. මිනිස්සු ඉල්ලන්නෙ ගොසිප්, අමුතු විප්ලවීය වැඩ. ඒව කරල ජනප්‍රිය වෙන්න එයා දක්ශයි... ඒකත් එක්තරා දක්ශතාවක් තමයි.. මාකට් වෙන්න හොදට දන්නව.. නන්දා මාලිනි නොදන්න මිනිස්සු යුරේනිව දන්නව.. ඕකයි අද තත්වය.. උඩුවට කියනව නෙවෙයි..හැබයි කියමනක් තියනව dont make stupid people famous කියල..

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්ක මං එකඟයි......
      යුරේනිගෙන් වැඩක් ගන්න පුළුවන් එකෙක්ට වැඩක් ගන්න පුළුවන්...
      මට තේරුණු විදියට යුරේනි කුහක නෑ..

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. යුරේනි වැඩක් කරන්න පුළුවන් එකෙක් කියලා මමත් හිතනවා. හැබැයි අර සමාව ගැනීමේ ගොං වැඩේ නිසා යුරේනි ගැන තිබුන සොලිඩ් ආකල්පයට වෙඩි පහරක් වැදුනා.

    අවුල තියෙන්නෙ යුරේනිලාගෙම නෙමෙයි. උන්ව කෑලි ගානට විකුණන මේ සිස්ටම් එකේ.

    ReplyDelete
    Replies
    1. යුරේනිලාට තනියම පෙනී හිටින්න තරම් හයියක් නෑ...

      ඒ අය වැටේ ඉන්නේ...

      Delete