Sunday, February 14, 2016

රනිල්, සංඛ, මාධ්‍ය සංගම්, මාධ්‍ය් නිදහස හා විවේචන

මීට පෙර මාත් සංඛ අමරජිත් සහෝදරයාත් මාධ්‍යෙව්දීන් විදියට සහභාගී වුණ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනකට කුමාර චාපා බණ්ඩාර හා නිර්මාල් රංජිත් දේවසිරි කියන දෙදෙනා අදහස් දක්වන්නන් ලෙසින් එකතු වී හිටියා. එතැනදී සංඛ ඇසූ ප්‍රශ්ණ සුපුරුදු විදියට ජාතිවාදී ස්වරූපයක් ගත්තා. ඒ වගේම චාපාගේ අදහස් දැක්වීම් ජාතිවාදී ස්වරූපයේ වුණා.

පහුගිය දවසක දෙරණ අරුණ වැඩසටහනට සංඛ සහභාගී නොවීමත් කිෂාණි ජයසිංහගේ ගායනය සම්බන්ධයෙන් ඔහු කළ අපහාසයට අගමැති රනිල් අපහාසයකින්ම පිළිතුරු දී තිබීමත් අගමැතිවරයාගේ ප්‍රකාශය තුළ තර්ජනාත්මක ස්වරූපයක් තිබීමත් සංවාදයට ලක්වෙමින් තියෙනවා. 


මට දැනගන්නට ලැබිලා තියෙන කරුණු අනුව සංඛ අමරජිත් නිදහස් මාධ්‍යෙව්දියෙක් ලෙස තමයි දෙරණ ආයතනයේ වැඩ කරලා තියෙන්නේ. දැන් ඔහුව තාවකාලිකව වැඩසටහන් වලට සහභාගී කරනොගෙන ඉන්න තත්වයක් තමයි තියෙන්නේ. ඇත්තටම අගමැතිවරයා විවේචනය කරන්න කලින් සමාජය තුලින් විශාල ප්‍රතිරෝධයක් සංඛගේ ප්‍රකාශයට එරෙහිව ඇතිවුණා. මා පෞද්ගලිකව හිතන්නේ මේ උණුසුම පහවුණාට පස්සේ සංඛ ආයේමත් දෙරණේ වැඩකරන්න පටන් ගනීවි.

මේ සම්බන්ධයෙන් නිර්මාල් මෙන්ම කුමාර චාපා බණ්ඩාර ද සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වා තිබුණා.

නිර්මාල් -

‘දෙරණ රූපවාහිනිය සංඛ අමරජිත් ඉවත් කර ඇති බව සත්‍ය්‍යක් නම් එයට රනිල් වික්‍රමසිංහ ඍජුව වගකිව යුතුය. සංඛ අමරජිත්ගේ මාධ්‍ය භාවිතාව පිළිබද ප්‍රශ්නය එකකි. බලපත්‍ර නිකුත් කිරීම සදහා වූ රාජ්‍ය අධිකාරී බලය යොදාගෙන දෙරණ රූපවාහිණියට තර්ජනය කිරීම තවත් එකකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය වැනි අය පමණක් නොව රනිල් වික්‍රමසිංහ කිට්ටු මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම තම දේශපාලන අනන්‍යතාවය කරගත් අයගේද ප්‍රතිචාරය දෙස බලා සිටීම මෙහිදී වැදගත්ය. රනිල් වික්‍රමසිංහට තම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගන්නා ලෙසත් මෙවැනි සිද්ධීන් මාධ්‍ය ආයතනවල බලපත්‍ර පිළිබද කාරණය සමග සම්බන්ධ නොකරන බවට වහාම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහට බල කළ යුතුය.‘

චාපා - 
‘මාධ්‍ය භාවිතය ගැන තමයි අගමැතිවරයා විවේචනය කරන්නෙ. අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන විදිය සහ අනුගමනය කරන ආඥාදායක ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වීරෝධී. ඒ වගෙම චතුර සහ සංඛ ගෙ මාධ්‍ය භාවිතයත් ගැටලු සහගතයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම විශේෂ වෘත්තිය මය වැඩක්. ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් තම පුද්ගලික හැගීම් ප්‍රවෘත්ති සමග ගලපා ප්‍රදර්ශනය කිරිම යහපත් මාධ්‍ය භාවිතය ක් නෙවෙයි. එය වෘත්තියමය නැහැ. පුවත්පත් කියවීමේදිත් එය යම් සංයමයකින් කරන්න ඕන.‘

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමය නියෝජනය කරමින් මම එක්තරා ගුවන්විදුලි නාලිකාවකට අදහස් දැක්වුවා. ( ඒක ප්‍රචාරය කර තිබුණේ නැහැ ) එහිදී මගේ අදහස වුණේ ජනමාධ්‍ය කියන්නේ පොදු ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සමඟ වැඩ කරන අවකාශයක් නිසා සමාජයෙන් එන විවේචන බාරගැනීමට සූදානම් විය යුතු බව. ඒ කොහොම වුණත් පාර්ලිමේන්තු වරප්‍රසාද හෝ විශේෂ තත්වයක පුද්ගලයෙක් තමන්ට ලැබෙන වරප්‍රසාද පාවිච්චි කරමින් මාධ්‍යෙව්දීන්ට අපහාස කිරීම එක්ක එකඟ වෙන්න බැහැ. ඒ නිසා තරුණ ජනමාධ්‍යෙවේදීන්ගේ සංගමයේ පැහැදිලි අදහස තමයි රනිල් මේ කාරණයේදී සීමාව ඉක්මවලා තියෙන බව.

විශේෂයෙන් අවස්ථා දෙකේදිම අගැමැතිවරයා කියන ප්‍රකාශ එක්ක අපි එකඟ වෙනවා. ඒවා විවේචන ලෙස බාරගන්නත් සූදානම්. රටේ ජාතිවාදය පැතිරෙන්න ජනමාධ්‍යෙව්දීන්ගේ භාවිතය හේතු වුණ බව විවේචනයක් ලෙස පිළිගන්නවා. එය නිවැරදි වෙන්න ඕන තත්වයක්. එහිදී අගමැතිවරයා බලපත්‍ර සම්බන්ධයෙන් කී කාරණාව සම්බන්ධයෙන්ද සැබැවින්ම අපට එකඟ වෙන්න සිද්ධවෙනවා. රූපවාහිනී වලට ලැබෙන්නේ මහජනතාවගෙන් බලපත්‍රයක්. එය හිමිකරුවන්ට තමන්ගේ න්‍යාය පත්‍ර ඉටු කරගන්න යොදාගන්න දෙන්න බැහැ. දෙරණ, හිරු, සිරස ඇතුළු මාධ්‍ය ආයතන බොහොමයක් මේවා යොදාගන්නේ තමන්ගේ න්‍යාය පත්‍ර වෙනුවෙන්. එහෙත් අගමැතිවරයා කියන්නේ තමන් මේ ආයතන හිමිකරුවන්ව ගෙන්වලා ප්‍රශ්ණ කරන බව. මේ තත්වය එතරම් හොඳ සම්ප්‍රදායක් නෙවෙයි. මාධ්‍ය ආයතනයක විකාශණය වුණ දෙයක් ගැන ප්‍රශ්ණ කරන්න අගමැතිවරයාට දිව්‍යමය වරප්‍රසාදයක් දෙන්න බැහැ.

ඒත් මාධ්‍ය ආයතන වලට තමන්ට කැමති ඕනෑම දෙයක් සම්බන්ධයෙන් තමන්ට කැමති දෙයක් කියන්න දිව්‍යමය වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා පැහැදිළිවම මේ කාරණයේදී නිවැරදි මාධ්‍යකරණය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්න කැමැත්ත තියෙන තරුණ කණ්ඩායමක් විදියට තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයට කිසිසේත්ම සංඛ අමරජිත් මහත්මයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හෝ ඔහුගේ ක්‍රියාකලාපය වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. එය විවේචනය කරන්න කාට හෝ තියෙන අයිතිය ප්‍රශ්ණ කරන්න බැහැ. ඇත්තටම අප කරනවානම් ප්‍රථමයෙන් කළ යුත්තේ සංඛ අමරජිත්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ අදහස ප්‍රසිද්ධ කිරීම. එසේ නොකර රනිල්ගේ ප්‍රකාශයට විරුද්ධ වෙන්න බැහැ. අනෙක් අතට හැම පුංචි සිද්ධියකදිම මාධ්‍ය නිවේදන දාන එක අපි කළ යුතු දේ නෙවෙයි. 

මේ සිදුවීම් කිහිපයේදීම අපි දීර්ඝ ලෙස මේ ගැන කතාබහ කළා. කළයුත්තේ මොකක්ද කියලා කල්පනා කළා.

අපි ඇත්තටම අපේ ක්ෂේත්‍රය ගැන කණගාටු වෙන්න ඕනෑ. මාධ්‍ය නිදහස ගැන අපි කතාකරන්නේ කොහොමද පහත් මාධ්‍ය භාවිතාවන් තියෙද්දී. ඇත්තටම හිටපු ජනාධිපතිවරයා වුණත් ජාතිවාදී මාධ්‍ය භාවිතාවක් සම්බන්ධයෙන් මෙවැනි අදහස් දැක්වීමක් කළානම් අපි මොනවාද කළ යුත්තේ.

මාධ්‍යවේදීන් කියන්නේ පොදු සමාජයේම කොටසක්. ඔවුන් ජාතිවාදී වීම හෝ ගෝත්‍රවාදී වීම සමාජය ජාතිවාදී වීමේ ඛේදවාචකයේ කොටසක්. එහෙත් මාධ්‍ය සමාජය ඇතුළේ කණ්ඩායම් විදියට වැඩ කරන අපි වගේ අයට වගකීමක් තියෙනවා මාධ්‍ය ක්ෂේත්‍රෙය් තියෙන මේ වගේ තත්වයන් ස්වයං විවේචනයක් සහිතව හැකිතාක් දුරට වෙනස් කරන්න උත්සාහ කරන්නට. අපේ වැඩි අවධානය ඒ පිළිබඳවයි.

27 comments:

  1. වැලන්ටයින් දිනය වෙනුවෙන් උඩුවාගෙන් තවත් රස වෑහෙන පෝස්ටුවක්. :P

    (රෙඩ් පෙස්ටිවලේ ගැන ලියන්ටකො.අපි යද්දි බාගයක්ම ඉවරයි.)

    ReplyDelete
    Replies
    1. වැලන්ටයින් වෙනුවෙන් ලියන අදහස අත්හැරියා...
      රෙඩ් ෆෙස්ටිවල් එක ගැන ලියන්න ඕන.
      ඒක ලියන්න හිතාගෙන ආවත් මේක තමයි ලියන්න වුණේ.

      Delete
  2. නිර්මාල්ට කියන්න රනිල්ට කලින් සංඛට සමාව ගන්න කියලා මාතලන් කිව්වා කියලා....

    එයාලා එකෙක්වත් සංඛව හෙලා දැකලා වචනයක් කිව්වේ නෑ... චතුරයා වතුර වගේ ජාතිවාදය අවුලන එක ගැන කටක් හෙල්ලුවේ නෑ... එකෙකිටවත් ඒවා නවත්තන්න ඕන කමක් ඇති බවකුත් පේන්නේ නෑ..

    මොකෝ එහෙම පිරිසක් ඉන්න කොට තවත් පිරිසක් ඒකට විරුදව ඉඳගෙන ජීවත් වෙනවා ...

    රනිල් මෙතනදි කරන දේ හරියටම හරි... මාධ්‍ය නිදහස දෙනවා කියලා ව්හන්ද්‍රිකා කියනවා වගේ වල් බූරූ නිදහසක් දෙන්න ඕන නෑ..

    මේ රටේ ලේ ගැලුවා හොඳටෝම ඇති..

    නායකයෝ උනාම කොන්ද පන තියෙන උන් වෙන්න ඕන... නැතුව මේ රටේ ඉන්න බල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හදන්න බෑ...

    එකයි මම ඝෝඨාභයටත් කැමති..

    ReplyDelete
    Replies
    1. මං ගෝඨාභයට කැමති නෑ

      Delete
    2. අලිය හොඩවැල ඉස්සුව විතරයි නේද මාතලන්. ජූලි වර්ජනයෙදි ජේ ආර් ද මන්ද ඔය කතාව කිව්වෙ.

      Delete
    3. මාත,
      ඕකට ඔච්චර දගලන්න ඕනේ නෑ,
      කරන්න තියෙන්නේ පනතක් ගේන්න ජාතිවාදී වර්ගවාදී අදහස් පතුරවන අයට දැඩි දඩුවම් කරන (අර සිංගප්පුරුවේ වගේ ) හැබැයි සිංහලයන්ට එක හන්දකුත් දෙමල අයට මුස්ලිම් අයට තව හැන්දක් තියෙන්න බෑ, වරදක් කලාද වසර 12 විතර හිරේ.
      ජාති වාදීන් නැතිඋනාම සාම වාදීන්ට තමයි බඩේ පාර !!

      Delete
    4. lankika sithivili @
      ඒක තමයි වෙන්න ඕන. අර කීව වගෙ හැමෝටම එක හැන්දෙන් බෙදන්නත් ඕන. ඒ වගේම යමක් ජාතිවාදී වෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි නිර්වචනයකුත් අවශ්‍යයි.ඒක තමා අවුල. දැන් විල්පත්තුවෙ කැලෑ කැපීම ගැන පුවතක් පල කලොත් ඒක සුළුජාතීන්ට එරෙහිව ජාතිවාදය ඇවිස්සීමක් කියන්න පුළුවන්.

      Delete
  3. අඩු තරමේ තමන්ගෙ ප්‍රකාශය ගැන සංඛ සමාවවත් ඉල්ලලා තිබුනානම් ඒ මනුස්සයා වෙනුවෙන් මීට වඩා අය කතාකරාවි. සංඛට සහය දක්වන්න කියලා කතා කරන සමහරු තවමත් ඒ කතාව ක්‍රිශානිට අපහාස කිරීම සාධාරණීකරණය කරලා පටන් ගන්නකොට මිනිස්සු සංඛ වෙනුවෙන් එකතු වේවිද?

    ReplyDelete
    Replies
    1. බස්සි ! සංඛ වෙනුවෙන් පෙනී සිටින අය පෙනී සිටිනව. ඔහු වෙනුවෙන් පෙනී නොසිටින අය පෙනී ඉන්නෙ නෑ. ඔහු සමාව ඉල්ලුවත් නොඉල්ලුවත් පෙනී සිටින ප්‍රමානයේ වෙනසක් නෑ.පක්ෂ කන්නාඩි දාගත්ත අය ඔහු වෙනුවෙන් පෙනී සිටින්නෙ නෑ.

      අපි නම් කතා කරන්නෙ මාධ්‍ය නිදහස ගැනයි. පුද්ගලයන් ගැන නොවෙයි.

      Delete
    2. මරු මාධ්‍ය නිදහස....

      Delete
  4. මට මෙතන ගැටළු තැන් කීපයක්ම තියනවා.
    ජාතිවාදය කියන එක අර්ථ දක්වන්නෙ කොහොමද .ජාතිවාදියෙක් කියන එක සාපේක්ශ යෙදුමක් නේද. යම් ප්‍රකාශයකින් ජාතිවාදය ඇවිස්සෙනව කියල කියන්නෙ කොහොමද .දැන් සත්‍ය පුවතක්වත් වාර්තා කරන්න බැරිවෙනව.
    සංඛලගෙ මාධ්‍ය භාවිතාවෙ වැරදි තියනව. හැබැයි අසූ ගනන්වල ඉදන්ම ඒක ලංකාවෙ මාධ්‍ය අවභාවිතාව. මහින්දගෙ කාලෙ ඒක උස්මුරුත්තාවටම නැග්ග.
    දේශපාලකයන් මාධ්‍ය වලට තර්ජනය කිරීම බලපෑම් කිරීම තුලින් සියළුම මාධ්‍ය ආන්ඩුවෙ හොරනෑ වෙන එකද බලාපොරොත්තු වෙන්නෙ.
    පාලකයන් අකමැති අය අස් කරන්න කියල ආයතනවලට තර්ජනය කරන්න ගියොත් මොකද වෙන්නෙ.මහින්දත් පටන් ගත්තෙ මෙහෙම තමයි.
    මාධ්‍යවේදියෙකුට තමන්ගෙ මතයක් දරන්න ඉඩ තිබිය යුතුයි.ඒක ස්වයන් වාරනයක් විය යුතුයි. මාධ්‍යවේදියා දිගටම තමන්ව අවභාවිතා වෙනවනම් ජනතාව එය ප්‍රතික්ශේප කරාවි.

    ReplyDelete
    Replies
    1. මම නම් ඕනම මතයකට ඉඩ තියෙන්න ඕන .ඊළම වෙනුවෙන් කතා කරන්නත් ඉඩ තියෙන්න ඕන. මන්ත්‍රීවරු රට බෙදීමට එරෙහිව කරන දිව් රුමත් වැරදියි. ඒක ප්‍රජාතන්ත්‍රවිරෝධියි. ඒ වගේමයි මාධ්‍යවේදීන්ටත් කැමති මතයක් දරන්න ඉඩ තිබිය යුතුයි.පෞද්ගලික න්‍යායපත්‍ර හැමෝටම තියනව.සිරසෙ මාධ්‍ය භාවිතාව හරිද .


      ඉදිරියෙදි උඩුවලට වැඩ වැඩිවෙයි. ස්වාධීන ජනමාධ්‍යවේදීන් තවත් ශක්තිමත් විය යුතුයි.දේශීය හා විදේශීය වශයෙනුත්.අද ජාතිවාදය හෙට සංවර්ධන විරෝධය. සංවර්ධනයට විරුද්ධ මාධ්‍යවේදීන් ලෙස පරිසර ප්‍රශ්න ගැන කතා කරන අය තර්ජනයට ලක් විය හැකියි.
      මෙහෙම දේවල් අනිවාර්යයෙන්ම වෙයි කියල කියනව නෙමෙයි. කොරහෙ කිබුල්ලු දකිනවත් නෙමෙයි. නමුත් පරෙස්සෙම හොදයි.මොකද ජේ ආර් ,ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද කියන හැමෝගෙම පාලනයන් යටතේ නිදහස් මාධ්‍යවේදීන් පීඩාවට පත් වුනා. මහින්දගෙ කාලෙ රට හැර ගිය අය තවම ඇවිත් නෑ. මේක බරපතල ප්‍රශ්නයක්.

      Delete
  5. සංඛගේ වැඩේ වැරදියි. ගඩොල් බාගෙන් කෙලිනවයි කියන එක අපහාසයක්. තර්ජනයක්..

    Actually we all stand for freedom??? I doubt it

    ReplyDelete
  6. ලන්කාවේ මාජ්ජයට එන තරුන මාජ්ජකරුවන් ගේ පිවිතුරු බලාපොරොත්තුව නම්....

    කාලීන ජනාදිපති සහ අගමැති ලවා කාස්දෙට අස්සන්කොරගෙන පරන ජනාදිපතිවරුත් එක්ක එක මේසේ වාඩිකොරවලා කන්න දීම....

    ReplyDelete
  7. මටනම් හිතෙන්නෙ කෙටි කාලීන විසදුම් වලට වඩා දීර්ඝකාලීන විසදුම් වලට අපි යන්න ඕන. දැන් බලන්න අපේ පෙලපොත පටන් ගන්නෙම ආගම්වාදයක් අවුස්සගෙන අනගාරික ධර්මපාල ගැන කියාගෙන. ඒ වගේම ඉතිහාසය ඉස්සර නම් අන්ත ජාතිවාදී විදියට ඉගන්නුවෙ. දුටුගැමුනුල ගැන හැමදාම ජපකරන එක අවශ්‍යද . මේ ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක වෙනස් වෙන්නම ඕන. මාතලන් කියනව වගෙ ඕක පට්ටපල් බොරුවක්.

    ඒ වගේම සියලු ජාතීන් ආගම් මිශ්‍රවෙන අධ්‍යාපනයක් දෙන්න ඕන. සංවිධානාත්මකව ජාතිවාදය අවුස්සන බොදුබල සේනා වගෙ ඒව තහනම් කරල ඒවගෙ නායකයො හිරේ දන්න ඕන. අර නිර්වචන ප්‍රශ්න බොදුබලේ වැඩවලදි එන්නෙ නෑ. කෙලින්ම කියනවනෙ හම්බයන්ට අබසරනයි කියල.

    ප්‍රකෝපකාරී ප්‍රකාශ ගැන ක්‍රියාකරන්න වෙනම කොමිසමක් ඕන. ඇත්තටම ජාතිවාදය ඇවිස්සෙනවද කියන එක ගැන විභාගයක් පවත්වන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බහුවාර්ගික පාසල් වල තත්වය ගැන එහෙම පාසලක ආදි ශිෂ්‍යයෙක් ලියපු ලිපියක් තමයි මේ. http://www1.kalaya.org/2016/02/2016-07.html
      හැබැයි මගේ මතය අනුවනම්, සිංහලයන්ගේ නරක පුරුද්දක් තියෙනවා සිංහලයෙක්ගේ පොඩි වැරැද්දක් දැක්කාම අනවශ්‍ය විදියට තරහා යනවා. ඒ වගේම දෙමළ මුස්ලිම් කෙනෙක්ගේ පොඩි හොඳක් දැක්කාම අනවශය විදියට පැහැදෙනවා. (අපේ සිංහල එවුන් වගේ නෙමෙයි දෙමල අය හරී හොඳයි කියන අය දැකලා ඇති.)
      බහු වාර්ගික පාසල් හරහා ඒ පොන්න ගතිය ඇරගන්න පුලුවන් කියා මට හිතෙනවා. එතකොට මුනුත් අපි වගේම බල්ලො කියලා තේරුම් ගනියි.

      දුටු ගැමුනු රජු ගැනනම් මට තියෙන්නේ වෙනස් අදහසක්
      http://anthoniyo-bahijata.blogspot.com/2014/12/blog-post.html

      මම පස්සේ දැනගත්තා බෞද්ධ/ ජෛන ආගමික යුද්ධයක් විය හැකියි කියා මතයක් තියෙනවා කියලා.

      Delete
  8. උඩුවෝ.................

    දැන් ලංකාවේ තියෙන ප්‍රධානතම ගැටලුව තමා කිෂානිගේ ගීතය. අනික් ප්‍රශ්ණය තමා චතුරව විවේචනය කිරීම සහ සංඛව තාවකාලික ව හෝ අයින් කිරීම.

    මේ තත්වයන් සිද්ධීන් විදිහට අරන් කතා කිරීම සුදුසු නැහැ කියලයි අපි දකින්නේ.. ලංකාවේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් අලුත් දේශපාලන සංස්කෘතියක් මිනිස්සු හදාගත්තා. දැන් ඒ දේශපාලන සංස්කෘතිය විසින් වෙනස් කරන්නා වූ විවිධ අංශයන් තියෙනවා. පළවෙනියට ම වෙනස් කරන්න ගියේ ආර්ථික සංස්කෘතිය. ඒක තමා බජට් එක හරහා වෙනස් කරන්න ගියේ. එ්ත් ජනතාව ඒකට ලොකු පීඩනයක් දීලා තිබුණ තැනට ලග තැනකට ඒක ඇද්දා.

    දැන් මේ ගැටුම හරහා පෙන්වන්නේ වත්මන් දේශපාලන සංස්කෘතියේ අවශ්‍යතාවය මත වෙනස් කිරීමට යන්නා වූ සමාජමය සංස්කෘතිය ගැන කතාවයි. ඒ තුළ විශ්වාසයන්, පිළිගැනීම්, අගයකිරීම් සහ වටිනාකම් ආදී වූ සියල්ල ගැබ්ව තියෙනවා. මේක වෙනස් කිරීමේ අවශ්‍යතාවයේදී ඊට එරෙහි වන්නන්ට විරුද්ධව අගමැති ඇතුළු ආණ්ඩුව දරුණු ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ඒක සාධාරණයි. මොකද මේ සංස්කෘතිය වෙනස් නොකර අර කියූ ආකාරයට ආර්ථීක සංස්කෘතිය වෙනස් කිරීම හෝ දේශපාලන සංස්කෘතියෙහි වෙනස පවත්වා ගැනීම හෝ කරන්නට මෙයාලට අමාරුයි. ඒ නිසා මේ ගැටුම මතුපිට ගැටුමකට වඩා පතුළේ සිද්ධවෙන මහා ගැටුමක පිළිඹිබුවක් විතරයි..........

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙමත් ගොන් හරක්. ඔය පක්ෂ දෙකේ මහ වෙනසක් නෑ. යන්තම් හරි දේශපාලන දැක්මක් තියන එකෙක් ශ්‍රී ලංකා එකට එරෙහිව යූඇන්පියෙනුයි යූඇණ්පියට එරෙහිව ශ්‍රී ලංකා එකෙනුයි මහා විපලව බලාපොරොත්තුවෙන්නෙ නෑ. ඔය ධනපති පක්ෂ දෙකම මේ ක්‍රමය පවත්වාගෙන යාම සදහා මාරුවෙන් මාරුවට තමන්ගෙ කාර්යභාරය කරන අය. මේක හරියට අපායෙ ඉන්ටවල් වගෙ.

      නමටම ගැලපෙනව කුරුට්ටො නෙමේ දංකුඩයො කියල දාගත්තනම් තව ගැලපෙනව. ඔය පක්ශ දෙකේම කාඩර් එක හැදිල තියෙන්නෙ දංකුඩ වලින්. බත් පැකට් එක තමා කලින් පරම්පරාවෙ දේශපාලන දැක්ම. බත් එක දැක්ක හැටියෙ ඩඩ්ලි හාමු බුදු වේවා කියනව බත් දුන් පියා බුදු වේවා කියනව.
      ඒ අයගෙ දරුවො ඉගෙන ගත්තත් අර දංකුඩ ජාන එහෙමම තියනවනෙ.

      Delete
  9. මධයවේදියෙක් යනු ආචාර ධර්ම එක්ක වැඩ කළයුතු උගත්, දැනුවත්, කුසලතා හා හර පද්ධතියක් තියන පුද්ගලයෙකි. සංඛ අමරජිත් ට මේ එකක්වත් තිබෙන බව පෙනෙන්නට නැත​

    ReplyDelete
  10. ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක අවශ්‍යතාව නොවෙයි ද මේ පෙනෙන්නේ?

    ReplyDelete
  11. ඔහු කිව්වෙ පන්සල් ගානේ ඥාව් ගාන පර්සිට ගඩොල් භාගයකින් ගහන්න ඕන කියා මිසන් පූසිට ගහන්න කියල නෙමෙයි ලු.

    ReplyDelete
  12. මොහොතකට කල්පනාකාර බලන්න, අපි චන්ද්‍රිකා රූපවාහිනිය ඔස්සේ දකින, ලෝකප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වල ඉන්න වැඩසටහන් ඉදිරිපත් කරන අය, එක්ක සංසන්දනය කලාම, මේ අය ඉන්නේ අහසට පොලොව වගේ පහලින්. මොවුන්ගෙන් බහුතරය, තමන්ගේ දැනුම සහ හැකියාව වර්ධනය කරගැනීමට, කිසිවක් කරන්නේ නැහැ. දිනපතාම යම්කිසි 'ඩ්‍රිල් එකක්' කිරීම පමණයි ඔවුන් කරන්නේ. විවිධ විෂයය අතින්, ඔවුන්ගේ දැනුම ඉතා පහලයි. ලංකාවේ හතරදිග්භාගයේ තිබෙන, සමහර ප්‍රසිද්ධ ගම් ප්‍රදේශ ඔවුන් දන්නේ නැහැ. ලෝකයේ සමහර රටවල, නම් කියන්න දන්නේ නැහැ. ස්විට්සර්ලන්තයට ස්විස්ටර්ලන්තය කියනවා. අනවශ්‍ය ලෙස විකට ස්වරූපයක් ගන්නට හදනවා. සරල බව පෙන්වන්නට ගොස්, විකාර රූපී තත්වයට පත්වනවා.

    ReplyDelete
    Replies
    1. //තමන්ගේ දැනුම සහ හැකියාව වර්ධනය කරගැනීමට, කිසිවක් කරන්නේ නැහැ//

      ඇත්ත. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ජනමාධ්‍ය වෘත්තියක් නොවීම. අඩුම ගානේ මූලික සුදුසුකම් මොනවද කියලා අපි අතරවත් එකඟතාවයක් නෑ. ඒ වෙනුවට මේවා මේ සහතික තිබුණට කරන්න පුළුවන් වැඩ නෙවෙයි කියලා හදාගත්ත කතාවක් දිගටම වහරනවා. ඒකෙන් කරන්නේ ප්‍රාෙයා්ගික මාධ්‍යකරුවකු බිහිකරනවට වඩා ලොක්කොන්ට ඕනෑ හැටියට දැන හැඳුනුම්කම්වලට අත මිට කීයක් හරි මෙලෙව්වාම වැඩ කරන වෘත්තියභාවයකුත් නැති වෘත්තිය ගරුත්වයකුත් නැති පොරවල් වැඩට දාන එක. ඊට පස්සෙ උන් පණ බයේ ඉන්නෙ ජොබ් එක ගහලා යයි කියලා. ඒකටම හරියන්න හදපු වහල් ක්‍රමයකුත් තිබෙනවා ෆ්රීලාන්ස් ජර්නලිස්ට් කියලා. මෑන් පවර වගේ තමයි. ඕන වෙලාවක අස් කරන්න පුළුවන්. ඉතින් උන් ලොක්කාගේ කැමැත්ත අනුව වැඩ කරනවා. හිස් මාස්ටර් වොයිස් තමයි. ජනමාධ්‍ය කියලා බොහෝම උත්කර්ෂයෙන් කතාකරන්න තරම් ලොකු දෙයක් ඉතුරු වෙලා නෑ දැන්..

      Delete
  13. පුද්ගලිකව අදහස් දැක්විමනම් එතරම් හොද නෑ.. මාධ්‍ය සදාචාරය මේ වෙනකොට හොදටම පිරිහිලා....

    ReplyDelete
  14. සංඛ කියපු කතාවේ තියෙන එකම වැරැද්ද ඒ සිංදුව බොදු බැති ගීයක් ලෙස හැඳින්වීම විතරයි. ඒකෙන් ගායිකාව ඍජු ලෙස බැලලියක් යනුවෙන් හැඳින්නුවේ නෑ. අනිත් අතට එයින් ගායිකාවට අපහාසයක් වුනා නම් ඇය හෝ උත්සව සංවිධායක මණ්ඩලයට පුළුවන් ඒ සම්බන්ධ නිතිමය පියවර ගන්න. මෙතනදී රනිල් කලේ වැරැද්දක්. ඒ වගේම රනිල්ගේ ක්‍රමයට හිතුවොත් රනිල් සංඛට බල්ලා කියා අපහාස කලායැයි සැලකිය හැකියි.

    ReplyDelete
  15. maadhyawedhin maadhyawedhin lesa katayuthu kireemedhi desapalakayan nowiya yuthui.

    wisesayen rupawahiniyen janathawa amathana maadhyawedhin
    (samahara paththara, website, bukiya ho blogs kriyaa karana aakaarayata nowa)
    ethamath parissamin madhyasthawa ema karya kala yuthui.

    ReplyDelete
  16. ජාතිවාදී මාධ්‍ය භාවිතාව කියන්නේ තනි මාධ්‍යකරුවන්ගේ එ්කපුද්ගල භාවිතාවක් නෙවෙයි. හොඳින් සංවිධානය කරලා කාලයක් තිස්සේ නඩත්තු කරන ලාභය උපැයීමේ පහත් සිල්ලර ක්‍රමයක්. මේ රටේ ඇවිලෙන ජාතිවාදී ගිනි සිලුවලින් බහුතරය දැල්වුණේ ජනමාධ්‍යයේ ආශිර්වාදයෙන්. අදටත් දේශපාලන ජාතිවාදී ගිනිදලුවලට ප්‍රචාරක ඉන්ධන සපයන්නේ, විනාශය වවන් කන්නේ ජනමාධ්‍ය. ජාතිවාදයට විරුද්ධ වෙන්න කොන්දක් නැති ගානට ජනමාධ්‍යකාරයන් පත්කරලා.

    ReplyDelete