Thursday, February 18, 2016

හොඳම නළුවාගේ හොඳම චිත්‍රපටියේ අතුරු විස්මය

ඔහු හොඳම නළුවා කියන එක නම් මට සුවර්. සුවර්ම සුවර්. ( ඔහුගේ සමකාලීනයා වන රැජිනිගේ බෑණා ඔහුව අභිබවා නොගියොත් ) ඒත් ඇත්තටම මේක ඔහුගේ හොඳම චිත්‍රපටිය කියන එකනම් ඒ තරම් හිතලා කිව්ව කතාවක් නෙවෙයි. ඔහුගේ එක චිත්‍රපටියක් බලලා ඊළඟ චිත්‍රපටියට යනවිට එය හොඳම එක වෙනවා. මේක හොඳම එක කී පසු ඔහු නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් හොඳම නළුවා ගත්තු ෆිල්ම් තුන ගැන මොනවා කියන්නද? ( මේ සම්මානය තුන්වරක් අරන් තියෙන්නේ ඔහු, Mammootty සහ Amithab Bacchan විතරයි.  ) අහ්! ඒ තමයි kamal hassan! මේ පුංචි ඉඩේ ඔහුගේ විශිෂ්ඨත්වය ගැන කතා කරන්න බැහැ. කෙටියෙන් කීවොත් ඔහු තරම් රංගනයේ විශිෂ්ඨයෙක් මම දන්නේ නැහැ. මේ කතා කරන්න යන්නේ ඔහු තිරරචනය ලියූ UtthamaVillain චිත්‍රපටිය ගැන.
අතිවිශිෂ්ඨයා
කොලිවුඩ් සිනමාවේ මඳක් වියපත් සිහින කුමාරයා වන මනෝරංජන් නමැති නළුවාට හදිසියේම තමන්ගේ අවසාන චිත්‍රපටිය නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ප්‍රේක්ෂකයා නරඹන්නේ මනෝරංජන්ගේ කතාවත් ඔහු විසින් නිර්මාණය කරන කොමඩි චිත්‍රපටියේ කතාවත්. එකම චිත්‍රපටියේ චිත්‍රපටි දෙකක්. ට්‍රැජඩියක් හා කොමඩියක්. එකම ස්ටෝරි ලයින් එකේ මේ දෙකම පෙන්වීම පුදුමාකාරයි. එක් කතාවක මරන්න බැරි මිනිහෙක්. අනිත් කතාවේ මැරෙන්න නියමිත මිනිහෙක්. එක් කතාවක ශෝකය ප්‍රකාශ කරන්න යොදාගන්න සංගීතයම අනෙක් කතාවේ සතුට ප්‍රකාශ කරන්න යොදාගන්නවා. මේ චිත්‍රපටිය බැලිය යුතුමයි.


වයස අවුරුදු හැට දෙකක් වුණත් උත්තම විල්ලන්හි කමල් හසන් පෙන්වන ජවය විස්මයජනකයි. ඒ වගේම තමන්ගේ මුහුණ වගේම දෙබස් හැසිරවීමත් හැඟීම් ආකරයක් කරගනිමින් හැඟීම්බර අවස්ථාවල රංගනයත්, චිත්‍රපටිය ඇතුලේ ඇති චිත්‍රපටියෙහි උත්තමන් නම් චරිතය රඟදක්වද්දී ඔහු ආරූඪ කරගන්නා කිසිසේත්ම හීරෝ කෙනෙක් නොවන පරිණත විකට නළුවකුගේ ස්වරූපයත් හසන්ගේ විශිෂ්ඨත්වය කියාපානවා. ඔහු වෙනුවෙන් බ්ලොග් සටහන් මදි. මේ සටහන ලිවූයේ ඔහුගේ චිත්‍රපටියේ තවත් විස්මයක් ගැන කියන්න. පාර්වතී මෙනන්.

පාර්වතී මෙනන් කියන්නේ උත්තම විල්ලන් චිත්‍රපටියේ මනෝරංජන්ගේ දියණියගේ චරිතය රඟදක්වන තරුණ රංගන ශිල්පිනිය. එය පළමුවෙන් දකින මට සිහිවුණේ දැක පුරුදු මුහුණක් කියා විතරයි. ඇත්තටම මීට කලින් මම ඇයගේ එක් චිත්‍රපටියක් විතරයි බලා තිබුණේ. හැබැයි එය විසිතිස් වාරයක් බලා තිබුණා. හැම පුංචි දර්ශනයක්ම මතකයි. විශේෂයෙන් එහි තිබුණු ගීත ටික. ඒ තමයි ධනුෂ් සමඟ පාර්වතී රඟපෑ මරියාන්.
චිත්‍රපටියේ නළු නිළියන් ලැයිස්තුවේ පාර්වතීගේ නම නොදකින්නට මේ පාර්වතීයැයි මට හඳුනාගන්නට බැරි වෙනවා.
මනෝමනී

මරියාන්හි ඈ කළ චරිතයට සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් උත්තම විල්ලන්හි ඇය කරනවා. මරියාන්හි ඇය මීට වඩා මඳක් වියපත් රළු පෙනුමක් සමඟ සිටියා. ඇය මරියාන් නමැති රළු මිනිසාගේ බිරිඳ වෙන්නට නියමිත කාන්තාව. ධිවර ගම්මානයක තරුණියක්. ඒ වටපිටාවට හිමි ඇට්ටර ගති සමඟ මරියාන්ගේ ආදරය හිමි කරගන්නට සමත් වුණ සුන්දර ගතිගුණ මිශ්‍ර වුණ චරිතයක් ඇය එහි රඟපෑවා.

පනිමලර්
උත්තම විල්ලන්හි ඇය කළේ විසිවියැති තරුණියකගේ චරිතයක්. සිය සැබෑ පියාව සිය පියා බව නොදැන ජීවිත කාලයක් රිදී තිරයේ දැක පසුව කාලයක් තිස්සේ තමන්ගේ පියා බව දැන සිනමාවේ දැක අවසානයේ තම පියාව මුණගැසෙන්නට යන මනෝමනී නම් තරුණියකගේ චරිතයක්. අත්දැකීම් වලින් අඩු එහෙත් වයසේ ස්වභාවය අනුවම තමන් ඉතා පරිණත යැයි සිතා සිටින තරුණියකගේ චරිතයක්. කොටින්ම මරියාන්හි පනිමලර්ට සැබැවින්ම වෙනස් චරිතයක්.

පනිමලර්ගේ එක ඇහිපිල්ලන් ගැසීමක් මනෝමනී තුල නැහැ. පාර්වතීගේ එක් උච්චාරණ රටාවක් මනෝමනීගේ දෙබස් තුළ නැහැ. පනිමලර්ගේ එක් දඩබ්බර බැල්මක් මනෝමනීගේ ළාමක බැල්ම තුළ නැහැ. මනෝමනී බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර පන්නයට හුරුවුණු මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරන්නේ. පනිමලර් කියන්නේ පීඩිත තරුණියක්. හැම රංගන නිමේෂයක් තුළින්ම පාර්වතී එය පෙන්වනවා.
මම චිත්‍රපටි දෙක එකට තියාගෙන මේ වෙනස රසවින්දා. දැන් මට මෙය කියන්නට අවශ්‍ය ලංකාවේ දුප්පත් තරුණියකගේ චරිතයත් පොහොසත් තරුණියකගේ චරිතයත් අහවල් චරිතයත් ජීවිත කාලයේම එකම විදියට දෙබස් කියවන ලංකාවේ මැටි නිළියන් දුටුවිට ඔක්කාරයට නොඑන රසිකත්වයක් ලංකාවේ ඉන්න නිසා. ( දැන් පවුල් පිටින් බලන ප්‍රතිචක්‍රීකරණය නොකළ ඉන්දියානු ටෙලිනාට්‍ය කුණුගොඩවල් වලට කාටවත් ඔක්කාරය නොහැදෙන එකේ මට මේක පුදුමයක් නම් නෙවෙයි. ඉන්දියාවේ පූජාසනයේ තියන දේවල් රසවිඳිනවා වෙනුවට ඉන්දියන් කුණුබක්කි වලට බහිනවුන්ට මෙහේ හිඟනකම් නොපෙනෙන එක පුදුමයක් වෙන්නෙ කොහොමද? )


පාර්වතී දෙමළ සිනමාව හොඳින් අඳුනගන්නේ 2008 Poo චිත්‍රපටියෙන්. ඇය ඒ චිත්‍රපටියට ෆිල්ම්ෆෙයාර් සම්මානය අරන් තියෙනවා. ඩවුන්ලෝඩ් කළත් තවම පූ බලන්න බැරිවුණු නිසා එහි රංගනය ගැන කියන්නට බැහැ. තවත් පාර්වතී ගැන කියන්නේත් නැහැ. ඇය ගැන මට වඩා දැනසිටි අය මගේ නොදැනුම ගැන දුක්වෙමින් මෙවන් විශිෂ්ඨත්වයක් ගැන වැඩිපුර දැන සිටීම ගැන සතුටු වෙන්න. නොදැන සිටි අය මගෙන් ලැබුණු හෝඩුවා එක්ක යමින් මේ විශිෂ්ඨත්වය අත්විඳින්න. ඔන්න හැකිතරම් කෙටියෙන් මගේ කීම හමාර කළා. වැඩ විස්තර සඳහා රඳවා තියෙන විකිපීඩියා සටහන් වලට යන්න. හැම නමක්ම ක්ලික් කළොත් විකිපීඩියාවට යා හැකියි. චිත්‍රපටි කිහිපයේ ටොරන්ට් ලින්ක් රඳවා ඇති. ඒවායින් චිත්‍රපටිය බාගන්න.

15 comments:

  1. Issara naluwo hena rough looking porawal. than nalubatto nikan pons wage

    ReplyDelete
  2. විස්තරයට ස්තුතියි. මම එතරම් දකුණු ඉන්දියානු චිත්‍රපටි ලෝලියෙක් නෙමෙයි. ඒත් කමලා හසන්ගේ, මාධවන් ගේ චිත්‍රපටි බොහොමයක් බලලා තිබෙනවා. ඔහු අති විශිෂ්ටයෙක් බවට සැක නෑ. මම කැමතිම ඒවා තමයි Indian, Apoorva Sagodharargal සහ Anbe Sivam.

    ඉන්දියානු ටෙලිනාට්‍ය කුණුගොඩවල්? ඇයි කොරියන් ඒවා? එතකොට අපේ මෙගා ඒවා?

    ReplyDelete
    Replies
    1. දැන් ටෙලිනාට්‍ය කියලා පෙන්වන ඒවයින් 99%ක්ම කුණුගොඩවල් තමයි. කොරියන් සහ සිංහල මෙගාවලත් වෙනසක් නෑ

      Delete
    2. කුණු ගොඩවල් වුනත් ලංකාවේ කුණුගොඩක් නම් අඩුගාණේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද ඒකෙන් පඩි කන්නෙ ලංකාවෙ නළුවෙක්. මෙගා කුණුගොඩකින් ගාණක් හොයාගන්න නළුවෙක්ට අඩුගාණෙ ඒකෙන් ෂේප් වෙලා කලාත්මක වැඩක් කරන්නවත් පුළුවන්..
      උන්නු හැටියට මලා මදෑ අදහසක් මේක

      Delete
  3. ඔන්න ඉතින් මගේ ලෙඩේ වැඩි වෙනවා.....

    ඔය කමල් හසන්ගේ තදබල ෆෑන් කෙනෙක් තමයි මමත්! ඔහුගේ මුල් කාලේ චිත්‍රපටි පවා මම බලල තියෙනවා. ( vikram ) මිනාක්ෂි එක්ක ඔහු රඟපාපු චිත්‍රපටි ගොඩක් තිබ්බා. ඒවා හැම එකකම දස්කම් තිබ්බා. ඔබ මේ කියන චිත්‍රපටිය නම් නැහැ. බලන්න ඕනේ. මම ආස නැති නළුවෙක් තමයි රැජිනි කියන්නේ. ඔහුගේ බෑනා නම් නියමයි.

    පේන විදියට ඔබත් දමිල චිත්‍රපටි බලනවා වගෙයි.මමත් ඒ බෝට්ටුවේ. මම දැන් ගොඩක් ආස සුර්යා ඉන්න ඒවාට. ඔහුට කැරිස්මා එකක් තියෙනවා මොකද්දෝ. අම්මෝ දමිල සිනමාවේ ඉන්න නළුවෝ ගොඩක් දුරට දක්ෂයි. ( විජේ ඇරෙන්න)

    ReplyDelete
    Replies
    1. විජෙත් දක්ෂයි මටනං. එයා කරන ෆිල්ම් තමා වැඩක් නැත්තෙ.
      කමල් ඇරුණම මම ආසම විජේ සේදුපති, ධනුෂ්, කාර්ති (සූර්යගෙ මල්ලි ) සූර්ය, වික්‍රම්, විසාල්................... (හුටා ලිස්ට් එක ඉවර වෙන එකක් නෑ ) වගේ අය.

      Delete
    2. විජේගේ තියෙන්නේ ලංකාවේ ගාමිණීට තිබ්බ වගේ ටැලන්ට් එකක්. ඕවර් ඇක්ටින් වැඩිපුර දක්නට ලැබෙනවා. විජේ එහෙම නැතුව ෆිල්ම් එකක් තියෙනවා නම් මටත් කියන්න.

      අන්න පොරවල්!
      කාර්ති කියන්නෙත් මොකද්දෝ මෙව්වා එකක් නළුවෙක්. ඔහුගේ රඟපෑම එන්නේ ඇගෙන්මයි . මම දවස්වල එකසිය ගානට මූවී රිවිව් එකක් කරනවා. නෑ නෑ ඒක තාම හිත ඇතුලේ!

      ලියන්න ඕනේ අප්පා... ඉවසන් ඉන්න බැරි වෙන හැඩයි

      Delete
    3. අඩේ මම අයෙත් .කියෝලා බැලුව මොකද්ද මේ වඳුරු කුණුහරපෙ කියල...
      //විජෙත් දක්ෂයි මටනං. එයා කරන ෆිල්ම් තමා වැඩක් නැත්තෙ.

      අම්මප උන් කරපු ෆිල්ම් වලින් නෙවෙයි ද උන්ගේ දක්ෂකම් මනින්නේ?

      Delete
    4. ෆිල්ම් වලින් විතරක් දක්ෂතාවය මනින්න බැහැ වගේ සීන් එකක්!! 
      ඒ කියන්නෙ පොර ඩාන්ස් කරන්න දක්ෂයි, හොඳට ඇක්ට් කරන්න දක්ෂයි.
      ඒත් ස්ක්‍රිප්ට් එක තෝරගන්න දක්ෂ නෑ. ( සමහර විට දක්ෂයි. මොකද මිනිහ තමයි ජනප්‍රියම එකා )

      Delete
  4. අද වෙනස් මාතෘකාවක්..ඒකත් නරකම නෑ....

    ReplyDelete