Showing posts with label වැලන්ටයින්. Show all posts
Showing posts with label වැලන්ටයින්. Show all posts

Wednesday, February 10, 2016

තාප්පය දෙපස.. ආදරය අභියස


තුන්වරක් එයා දිහා හැරිලා බැලුවත් එයා මාව නොදැක්කා වගේ ඉන්නවා. 
එයා ළඟට යන්න හිතුණත් එළියේ වැඩ වලදී එයාව දන්නවා කියලා අනිත් අයට පෙන්වන්න එපා කියලා තිබුණු නිසා මම ඈතින්ම හිටියා. එයා මගේ දිහා බලාවි.......
මා එක්ක හිනා නොවුණත් අනිත් හැමෝම එක්ක එයා කතාබහ කරන හැටි මට පෙනුනා. මොකක්ද මේ වෙනස????
මම හිටියේ එයාට ආදරේ කියාගන්න බැරිව. ඒ ආදරේද කියලාවත් විසඳගන්න බැරි වෙලාවක කොහොමද මම එයාට ආදරෙයි කියන්නේ?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Tuesday, February 09, 2016

මගේ ජාතිය ආදරේ... ආදරේ හඳුනන අළුත් පරපුරක්....

හොඳම ආදර කතා ලියැවුණේ ජාතිය ඉක්මවලා යන මොහොතකදී....

දුක්බරම ආදර කතා වලට හරස් වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ථ ජාතියක්...... 


වැලන්ටයින් දිනය අතලඟ එනවා..... 

අපි වැලන්ටයින් සමරන්නට සූදානම් වෙනවා..... 

වැලන්ටයින් දවසේ අපි යන්නේ ජාතිය ඉක්මවපු ආදරයක් හොයාගෙන... චින්තන ධර්මදාස කියනවා වගේ ආදරය ජාතියකට වඩා විශාලයි.... 

අපි යනවා ලිංගික අනන්‍යතාවයන්ගේ සිමා නැති ආදරයක් හොයාගෙන... සමලිංගික, විෂම ලිංගික ඔබ හැමෝටම වෙනස් කොට තකන්නේ නැතිව ආදරය කරන්නට ඉඩක් හොයාගෙන.... 

Tuesday, February 02, 2016

ඇය නැතිව ඒ මොහොත

කළුපාට!!!! ඔයා අඳන්නෙම කළුපාට!!! 
එයා මගේ දිහා නොබලා බිම බලාගෙනම කීවා!! උත්තර දෙන්න ගියේ නැහැ මං!!! 

දවස් ගාණක ඉඳන් එයා ගැනම හිතුවත් මට පෙන්වන්න ඕන මං එයාව ගණන් ගන්නෙ නෑ කියලා!! 

ඇයි කළුපාට අඳින්නේ???? 
දෙවැනි පාර අහද්දී නුරුස්නා හඬකින් මං උත්තර දුන්නා..... ‘මට ඕන නිසා‘