Sunday, February 21, 2016

මේ නාට්‍යය ස්වයං වින්දනයක් ගැන නෙවෙයි!! 

මේ සටහන ආරම්භ කරන්න ඕන ආදරණීය ආරාධනයක් එක්ක!!
විවේකී සෙනසුරාදාවේ නාට්‍යයක් බලන්න එන්න....

ඔබ මොන ආකාරයක රසිකත්වයකින් යුතු කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම නැරඹුවාට පසුතැවිලි නොවෙන නාට්‍යයක් බලන්න එන්න.

ඒ තමයි සංඝදාසගේ චූටි කලිසම නාට්‍යය!!!



චූටි කලිසම තමයි සංඝදාසගේ. නාට්‍යය සංඝදාසගේ නෙවෙයි. නාට්‍යය අසංක සායක්කාරගේ!!!!!

නාට්‍ය්‍යට නිව්යෝර්ක් සිටි සම්මාන උළෙලේදී හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ලබාගත් ජගත් චමිල වගේම ලංකා බණ්ඩාරණායක රංගනයෙන් එක් වෙනවා.

මොකක්ද මේ චූටි කලිසම????

චූටි කලිසම කියන්නෙ ජොකා!!!!! හෙදියක් ඉස්සරහ, කාන්තාවක් ඉස්සරහ ජොකාට ජොකා  කියන එක හෙළ සිරිත නෙවෙයි. ජොකාට දේවාලේ කියන්න බැරි නිසාත් අන්ඩර්වෙයාර් වගේ වචන දන්නෙ නැති නිසාත් සංඝදාස ජොකාට කිව්වෙ චූටි කලිසම කියල!!!

සංඝදාස ස්වයං වින්දනයේ යෙදෙන්න ගන්නා උත්සාහයක් නාට්‍යය පුරාම දිවෙනවා.!!!

බය වෙන්න එපා! නාට්‍ය්‍ය කුණු ලිංගික රසයකින් හෝ දෙපැත්ත කැපෙන කුණුහරුප වලින් ඔබව අපහසුතාවයට පත් කරන්නේ නැහැ.


චැප්ලින් දන්නවනෙ!! මේ චූටි කලිසම චැප්ලින්ටත් නෑකම් කියනවා. ළඟ නෑකමක් නෙවෙයි.... දුර නෑකමක්!!

චැප්ලින්ගේ ජීවිතය දුකක්!! සමීප රූපයක් ගත්තාම වේදනා සාගරයක්!! ඒත් චැප්ලින් ලෝකය දිහාත් ජීවිතය දිහාත් දුර රූපයකින් දැක්කා. ඔහු අසාධාරණ වේදනාබර ලෝකය කොමඩියක් කළා!!

ලංකාවේ ඛේදවාචක සිදුවුණා!! ඛේදවාචක ගැන දුක්ඛාන්ත නිර්මාණය වුණා... ඛේදවාචක ගැන කොමඩි නිර්මාණය වුණාද???

ඛේදවාචකයක් ගැන කොමඩියක් තමා සංඝදාසගේ චූටි කලිසම!!!

මාර්තු පස්වැනිදා හවස තුනයි තිහට හා හතට චූටි කලිසම වේදිකාගත වීම සංවිධානය කරන්නේ අපි. අපි කියන්නේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

නාට්‍ය දර්ශනයක් අවසානයේදී නිතර සිදු නොවෙන දෙයකුත් මෙතැනදී සිද්ධ වෙනවා.

ඒ නාට්‍යය ගැන සංවාදයක්. සංවාදය මෙහෙයවන්නේ විමල් කැටිපෙආරච්චි සහෝදරයා.

කෞෂල්‍ය කුමාරසිංහ, බූපති නලින් වික්‍රමගේ, බුද්ධදාස ගලප්පත්ති හා ලූෂන් බුලත්සිංහල සංවාදයේ මුලසුනට සහභාගී වෙනවා...

සංඝදාස කිසි නිමිත්තක් නැතිව ගඳ ගහන පොදු වැසිකිලියක ස්වයං වින්දනයේ යෙදෙන්න ගන්නා උත්සාහය බලන්න සෙට් වෙමු!! සංඝදාස ස්වයං වින්දනයේ යෙදී වැසිකිළියෙන් එළියට එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නා සටන්කාමී හෙදිය දිහා බලන් ඉන්න සෙට් වෙමු!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඊට පස්සේ අපි කතා කරමු. ලංකාවේ ඛේදවාචක ඇතිවෙන්න තිබුණත් ඒ් ඛේදවාචක ගැන කතා කරන නිර්මාණ ඇති තරම් තිබුණත් ඒවාට හිනාවෙන විදියේ නිර්මාණ ප්‍රමාණවත් ලෙස බිහිවුණාද කියන එක ගැන....


7 comments:

  1. බූපතිගේ කතා අහන්න මාත් කැමතියි ඒත් ඉඩක් ලැබෙනවට ශුවර් එකක් නෑනේ...

    ReplyDelete
  2. ලංකාවේ හිටියනම් අනිවා එනවා, මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  3. හපෝ බණ අහන්න නම් මම ඉන්නෙ නෑ...නාට්ටිය බලල යන්න ඇහැක් වුනොත් එනවා.. බූපතිගේ දර්ශන නම් මට කොහොමත් දිරවන්නෙ නෑ..

    ReplyDelete
  4. Replies
    1. බලන්න එන්න. අපි කතා කරමු

      Delete
  5. අයියෝ! යන්න දවස වෙන් කරගන්න හිතාගෙන ආපහු පෝස්ටුව පහල ඉඳන් උඩට කියවාගෙන ගියා. කියලා වැඩක් නැත! පස්මහ බැලුම් බලලා අපේ ගෙදර පිරිතක් කියන දවස. :(

    ReplyDelete
    Replies
    1. පිරිත් රෑට කියන්න තියාගෙන දවාලෙ නාට්ටිය බලන්ඩ

      Delete