Tuesday, February 09, 2016

මගේ ජාතිය ආදරේ... ආදරේ හඳුනන අළුත් පරපුරක්....

හොඳම ආදර කතා ලියැවුණේ ජාතිය ඉක්මවලා යන මොහොතකදී....

දුක්බරම ආදර කතා වලට හරස් වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ථ ජාතියක්...... 


වැලන්ටයින් දිනය අතලඟ එනවා..... 

අපි වැලන්ටයින් සමරන්නට සූදානම් වෙනවා..... 

වැලන්ටයින් දවසේ අපි යන්නේ ජාතිය ඉක්මවපු ආදරයක් හොයාගෙන... චින්තන ධර්මදාස කියනවා වගේ ආදරය ජාතියකට වඩා විශාලයි.... 

අපි යනවා ලිංගික අනන්‍යතාවයන්ගේ සිමා නැති ආදරයක් හොයාගෙන... සමලිංගික, විෂම ලිංගික ඔබ හැමෝටම වෙනස් කොට තකන්නේ නැතිව ආදරය කරන්නට ඉඩක් හොයාගෙන.... 


හැමෝටම නිදහසේ ආදරය කරන්නට පුළුවන්.... කිසිම ආදරයක් දිහා වපරැහින් බලන්නේ නැති ඉඩක් තියෙනවා.... 

ඔබට පුළුවන් එතැනදී කලාව මුණගැහෙන්න..... චිත්‍රපටි බලන්න.... මියුසික් අහන්න... ආර්ට් ගැන කතා කරන්න... යාළුවෝ මුණගැහෙන්න... 


ඔබට බලන්න නොහැකි වුණු සම්මානලාභී මෝටර් බයිසිකල් බලන්නත් එදාට පුළුවන්.... 

ආදර කඳවුරට අපි යනවා වැලන්ටයින් සමරන්න..... මුළු රැයක් අපි ඉන්නවා ආදර කඳවුරේ

මේ ගැන ශ්‍රී නාත් චතුරංගගේ අදහස් දැක්වීමක් එකතු කරන්නම්.........................

ආදරය ගැන කතා කරද්දි , අපි අපේ දරුවන්ගේ තැන ඉඳන්ම කතා කරන්න පටන් ගන්න වෙනවා .  මේ ලෝකේ කවදාවත් දරුවෝ ''ඉපදිලා'' නෑ . සිද්ධ වෙන්නෙ  මිනිස්සු  දරුවන්ව නිර්මාණය කරන එක  . ඒත් අපිට නම් තවම දරුවන් උපදිනවා .   සිදුහත් කුමාරයාඋපදිනවා . ජේසු බිළින්දා උපදිනවා . මේ ඔක්කොම අය මෙච්චර කාලයක් ඉපදුනා.  ඔහොම්මම ඔහේ නිකං කාලා බීලා මැරිලා යන්නත් ඉඩ තිබ්බා . නමුත් මොවුන් ශාස්ත්ර්තෘවරුන් උනා . ප්‍රේමය ගැන විශිෂ්ට අදහස් ඔවුන් තුලින් ප්‍රකාශයට පත් වුනා . ඒ අනුව ගත්තම පේනවා එතන දි දරුවන් නිකම්ම නිකං ඉපදිලා විතරක් නෙවෙයි , ඔවුන්ගෙ පදනම් සුවිශේෂි ලෙස නිර්මාණය කෙරුණා කියලා.  ප්‍රජාපතීගේ දරුවෙක් නෙවෙයි සිදුහත් කියන්නේ . බෞද්ධයොන්ට මේව මතක ඇති .  කෙනෙක් , කවදාවත්  අනුන්ගේ දරුවන් , තමන්ගේ දරුවා තරමටම සමාන නැත්තම්,   එයාලා  දරුවන්ට ආදරය කරන්න දන්නෙ නැහැ . එයාලා දෙමවුපියන් නෙවෙයි . වෙන මොකද්ද වර්ගයක් . ඉතිං මේ අමුතු වර්ගය විසින් හදන දරුවනුත් අමුතුයි .  ඒ නිසා අපට මෙහෙම කියන්න පුලුවන් . දැන් දෙමවුපියන් කියලා වර්ගයක් නෑ . ඉන්නේ සුවිශාල බියකින් ඉන්න , න්‍යෂ්ටික පවුලක් . ධනය , ලාභය තමයි මේ පවුලේ ආගම .. දරුවන් කියන්නේ මේ ධනය අඛණ්ඩව පවත්වාගෙන යන වාහක  ශරීර . ඉතිං ඒ දරුවන් විවාහ වෙලා හදන දරුවනුත් එහෙම්මයි . මේක නිම නොවන දෛවයක් වගේ. මේ දෛවයට එරෙහි වෙන්න තරම් සටන්කාමියෙක් හෝ සටන්කාමිනියක් පවුල් ඇතුලේ දැන් නැති තරම් . 

Sri Naath

අපි කියන්නේ නිකරුණේ ධනය පිණිස , ජාතිය පිණිස , ආගම පිණිස දරුවන් උපද්ද වන එක නතර කල යුතුයි . දරුවන්ව නිර්මාණය කල යුතුයි .  මේ නිර්මාණය කිරීමේ පලවෙනි මූලධර්මය තමයි ආදරය . ඉස්සෙල්ල කිව්ව වගේ , ආදරය කරන්න බැරි නම් , දන්නෙ නැත්තම් , දරුවන් හදන එක නවත්තන්න . ගර්භාෂය මස් කඩේකට දෙන්න . ඉතිං  කොහෙටද මේ ආදරය .  කෙලින්ම ළමයට නෙවෙයි . මුලින්ම පෙම්වතෙක් විදියට පෙම්වතියක් විදියට එකිනෙකාටයි .  අපේ අම්මලා , තාත්තල , තමන්ගේ සංසර්ගයන් පවා නවත්තලා කියන එක අපිට රහසක් නෙවෙයි  . නිකමට අහන්න ඇයි ඒ කියලා .. වැඩිම උනොත් ගහල පන්නයි . අඩුම ගානේ එයාලා සිප ගන්නවද ?  එයාලට ලැජ්ජයි . එක්කො ඒවා අමතකයි . නැත්තම් එව්ව පවුකාරයි .  මොනවද මේවට හේතු ? ආදරය ගැන ලොකු අදහසක් අපිට දැන් නැහැ . හැම අම්ම තාත්තා කෙනෙක්ම , සැමියෙක්, බිරිඳක්ම මොකද්දෝ අඳුරු  බලවේගයකට අවනත වෙලා . හාදුවකින් වත් එරෙහි වෙන්න ජවයක් ඔවුන්ට නැහැ . ඉතිං මේ විදියට තියෙන වැඩිහිටි ආදරය තමයි දරුවව නිර්මාණය කරන්නේ . දරුවගේ මුලු මානසික දෛවයම තියෙන්නෙ ඒක උඩ මිසක්  , ඔය පොළව යට වළ දාල තියෙන රන් කහවුණු වල නෙවෙයි . කොටින්ම සැමියා සහ බිරිඳ කියන්නේ බොරුවක් . එහෙම අය ලෝකෙ ඉන්න විදියක් නැහැ . ඉන්නෙ පෙම්වතුන් සහ පෙම්වතියන් විතරයි . ඔවුන් ඉන්නෙ ප්‍රේමය සඳහාමයි . ප්‍රේමය විසින් නිෂ්පාදනය කරන්නෙ එකම එක දෙයක් විතරයි . ඒ පෙම්වතුන් විතරයි .  එතකොට මේ විදියට අපිට ලියන්න පුලුවන් , මගේ අම්මගේ පෙම්වතා තාත්තා නමින් නම් ලද බවයි කියලා  . මෙහෙම කියන ලෝකයක් අපිට තියෙනවද ? විශේෂයෙන්ම ලංකාවට .  ඔන්න ඔය විදියට ප්‍රේමය කියන්නෙ විප්ලවීය දෙයක් . අත හැරිය නොයුතු මග හැර යා නොහැකි ලක්ෂයක් .. අන්න ඒ අර්ථයෙනුයි අපි ප්‍රේමය RED සමරන්නේ ..අපි ඒ මුළු   රැයම පහන් කරන්නේ ප්‍රේමය තුල හැදෙන මේ සාමුහිකත්වයත් , ඒකත්වයක් වෙනුවෙන් . මේක අපේ ගැඹුරු මෙන්ම බරපතල විශ්වාසයක් . මේ සටන ප්‍රේමය වෙනුවෙන් මිසක් , ප්‍රේමය නැවත ගොඩනැගීම වෙනුවෙන් මිසක් , රෝස මල් වලින් සැනසෙන්න නෙවෙයි . ඉතිං අලුත් පරපුර විදියට අපි ආරාධනා කරනවා . 13 වෙනිදා හවස 3:00 ඉඳන් 14 වෙනිදා උදේ 9:00 වෙනකං , මේ ප්‍රේම කදවුරත් එක්ක එකතු වෙන්න කියලා . 

අද ඉඳන් ලබන සතිය අවසාන වෙනකන් උඩුවාගේ සටහන් ආදරය වෙනුවෙන් වෙන් වෙනවා....

 
ජාතිය ඉක්මවපු සීමා බිඳ‍ෙහළපු උඩුවා ( ඇතුළු අපි ) විස්වාස කරන ‘ආදරය‘ ගැන කියන්නම්... ටිකක් අහගෙන ඉන්න...

6 comments:

  1. අහගෙන ඉන්නම්, කියන්න

    ReplyDelete
  2. ලියන්නකො.. අපි එන්නම් කියවන්න...

    ReplyDelete
  3. සෑම ජාතියකම ආදරය තියෙනවා නම් මරු... හැබයි ඔය කවුරුත් කතා කරන ආදරය කියන එක නම් පට්ට පල් බොරුවක්..

    ReplyDelete
    Replies
    1. මට අනුව ආදරේ කියන්නේ පට්ට ආතල් වැඩක්

      Delete
  4. විෂම ලිංගික kiwwe?

    ReplyDelete
  5. Lesbian, Gay, Bisexual, Transsexual, Queer, Intersex, Asexual

    ReplyDelete