Friday, September 30, 2016

රාවය තරුණ ඔබව අගයනු ඇත

රාවයට අවුරුදු තිහක් පිරෙන්න නියමිතයි. අසූ ගණන්වල ලංකාවේ දේශපාලනය තරුණ කැරැල්ලක් එක්ක උණුසුම් වෙලා තිබුණු මොහොතක රාවය පටන්ගත් බවයි අපට අහන්න කියවන්න ලැබිලා තියෙන්නේ. යුද්ධයක් එක්ක උණුසුම් වෙමින් පැවති මොහොතක රාවය ගලාගෙන ගියා.




රාවය යුද්ධය සහ සාමය ගැන වෙනස්ම අදහසක හිටියා. දේශපාලනය ගැනත් අධිකරණය ගැනත් අලුත් ස්ථාවරයන් වල හිටියා. සංවාදය විශ්වාස කළා.


රාවය කෙතරම් කුහකද කියලා ඇතැම්හු පෙන්වන්න හැදුවා. රාවයට පහරදීමේ රාවයට බැණවැදීමේ උපසංස්කෘතියක් වෙනම ආවා. කාගේ බැණුම් තිබුණත් රාවය පටිසෝතගාමී ගමනක හැමදාම යනවා. තව අවුරුදු තිහක් වුණත්. 



රාවයේ තිස්වැනි සංවත්සරයේදී අපි බලාපොරොත්තු වෙනවා හැමදාම රාවයේ පාඨකයන් ලෙස හිටපු ටිකක් ඇසූ පිරූ තැන් ඇති අත්දැකීම් බහුල අය වෙනුවට වැඩිපුර රාවය තියා මොන පත්තරයක්වත් නොකියවන තරුණ අයට අවස්ථාවක් දෙන්න. 


ඒ ඔවුන්ගේ ලිවීමේ හැකියාවට ඉඩක් දෙන්න සහ අපට හැකි විදියට මූල්‍යමය තෑග්ගක් ලියන්න දක්ෂ තිදෙනෙක්ට ලබාදෙන්න. ඒ කියන්නේ අපට ඕන තරුණ ලියන්නන් තිදෙනෙක්ව රාවය තිස්වැනි සංවත්සර උත්සවයේදී අගය කරන්න.


රාවය තිස්වැනි සංවත්සරය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරිකයන්, වෘත්තිය සමිති, වෘත්තිකයන්, මාධ්‍ය ඇතුලු බොහෝ දෙනෙක්ව ගෙනල්ලා සංවාදයක් පවත්වන්න. 

මේ තියෙන්නේ අපේ විසිපස්වැනි සංවත්සරය වෙනුවෙන් කරපු වැඩසටහනේ වීඩියෝවක්.... 



සියලූ දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?

උඩ තියෙන්නේ රාවයේ තිස්වැනි සංවත්සර සංවාදයේ තේමාව.



ඒ තේමාව යටතේ තරුණයන්ට ලියන්න අවස්ථාවක් තියෙනවා. බ්ලොග් අවකාශයේ, ෆේස්බුක් අඩවියේ ලස්සන ලියන්නන් ඉන්න බව අපි දන්නවා. ඔවුන්ට පුළුවන් ලියන්න. ලෙජන්ඩරි රාවයේ තිස්වැනි සංවත්සර උළෙලේදී විශේෂ පුද්ගලයෙක් අතින් සම්මානයක් ලබන්න. යම් කිසි මූල්‍යමය ත්‍යාගයක් ලබන්න. 


පහතින් තියෙන්නේ තරඟය ගැන විස්තර. උප්පැන්න සහතිකයේ ස්කෑන් පිටපතක් එක්ක ඔබේ ලිපිය ඊමේල් කරන්නත් පුලුවන්. ravaya@gmail.com ලිපිනයට. විස්තර අහන්න 0771331621 අංකයට කතා කරන්න. පහත උපදෙස් කියවන්න. මේල් කරන අයට සමහර දේ අදාල නැහැ.

රාවය තරුණ විචාරක තරගය

 



රාවය තිස්වැනි සංවත්සරය නිමිති කොට ගෙන පැවැත්වෙන තරුණ විචාරක තරගය සඳහා විචාර ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරමු.

 



තරගයේ තේමාව:

 



සියලූ දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?



තරගය සම්බන්ධ වැදගත් කරුණු පහත පරිදිය.

 



1. මෙය හුදු රචනා තරගයක් නොවේ. එනිසා, වාගාලංකාරවලින් ඔබ්බට ගිය, මාතෘකාවට අදාළ සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික කරුණු මැනැවින් ඉදිරිපත් කෙරෙන විශ්ලේෂණාත්මක හා විචාරාත්මක  විවරණයක් තරගකරුවන්ගෙන් බලාපොරොත්තු වේ. 

 



2. විචාරයේ උපරිම වචන සංඛ්‍යාව 1500කි.

 



3. තරගයට සහභාගි විය හැක්කේ 2016 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු   18ත් 25ත් අතර පසුවන තරුණ තරුණියන්ට පමණකි. එනම්, 1991. 12. 31 හා 1998. 12. 31 අතර උපත ලැබූවන්ට පමණකි.

 



4. අදාළ වයස් සීමාවේ පසුවන, පාසල් අධ්‍යාපනය හෝ උසස් අධ්‍යාපනය හෝ ලබන/නොලබන  ඕනෑ ම තරුණයකුට තරුණියකට මේ තරගය සහභාගි විය හැකිය.

 



5. 4 කඩදාසිවල එක් පැත්තක පමණක් වන ලෙස විචාරය පැහැදිලි ව හා පිරිසිදු ව ලිවිය යුතු අතර අවසානයේ තම විචාරයේ වචන ප‍්‍රමාණය සඳහන් කිරීම අවශ්‍ය වේ.

 



6. එක් තරගකරුවකුට එවිය හැක්කේ එක් විචාරයක් පමණක් වන අතර එම විචාරය සමඟ එහි ඡුායා පිටපත් දෙකක් ද එවිය යුතු ය.

 



7. වෙනම කඩදාසියක තම නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සඳහන් කොට උප්පැන්න සහතිකයේ ඡුායා පිටපතක් ද සමඟ විචාරයට අමුණා එවිය යුතු අතර, විචාරයේ කිසි ම තැනක තම නම, ලිපිනය සඳහන් නොකළ යුතු ය.

 



8. විචාර භාර ගැනෙන අවසාන දිනය 2016 ඔක්තෝම්බර් මස 30 වැනිදා ය. එදින හෝ එදිනට පෙර ලැබෙන සේ රාවය තරුණ විචාරක තරගය, 83, පිළියන්දල පාර, මහරගම. යන ලිපිනයට තැපැල් කරන්න.

 



9. ඉහත කොන්දේසිවලට අදාළ නොවන විචාර තරගයෙන් ඉවත් කෙරෙනු ඇත. 

 



10. තරගකරුවන්ගේ විචාර, ප‍්‍රවීණ ලේඛකයන්/විචාරකයන්ගෙන් සමන්විත ඇගැයුම් මණ්ඩලයක් විසින්      විනිශ්චය කැරෙනු ඇත. ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වෙයි.

 



11. තරගයේ පළමුවැනි ස්ථානය දිනාගන්නා විශිෂ්ට තරුණ විචාරකයාට/විචාරිකාවට රුපියල් 25,000ක් ද, දෙවැනි ස්ථානය දිනාගන්නා තරුණ විචාරකයාට/විචාරිකාවට රුපියල් 15,000ක් ද, තෙවැනි ස්ථානය දිනාගන්නා තරුණ විචාරකයාට/විචාරිකාවට රුපියල් 10,000ක් ද සමඟ සමරු තිළිණයක් හා සහතික පත‍්‍රය බැගින් හිමිවෙයි.

 



12. සිව්වැනි ස්ථානයේ සිට විසිවැනි ස්ථානය දක්වා තේරෙන තරගකරුවන්ට කුසලතා සහතිකයක් හිමිවන අතර මාස 3ක කාලයක් සඳහා නොමිලේ රාවය පුවත්පත සතිපතා නිවසට තැපෑලෙන් ලැබෙනු ඇත.



13. ජයග‍්‍රාහකයන්ට හිමි ත්‍යාග සහ සහතික 2016 නොවැම්බර් මස මුල් සතියේ කොළඹ දී පැවැත්වෙන රාවය 30වැනි සංවත්සර උත්සවයේ දී ප‍්‍රදානය කැරෙනු ඇත.



 

14 comments:

  1. රාවයම පොඩ්ඩක් හිනාවෙමු හිටන්!

    https://www.youtube.com/watch?v=d5_M1l7x4wI

    ReplyDelete
    Replies
    1. ඒ ඔරිජිනල් වික්ටර් අයිවන් නෙමෙයි ලොක්කා. හය්යෝ දොස්තර.. උබත් ඇන්දෙනවනේ හොඳම එකෙන් 🙈

      Delete
    2. අයිවන්ගෙ කටහඬ මම දාල තියෙන වීඩියෝවෙන් අහගන්න පුලුවන්

      Delete
  2. // සියලූ දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද? //

    සිරි ලන්කාව තෑගි ඔප්පුවකින් ඇමෙරිකා එක්සත් ජනපදයට ලියා දීමෙන් ය!

    ReplyDelete
    Replies
    1. එහෙම වුණානම් ලස්සන රටක් හදාගන්න තිබුණ....

      Delete
  3. අඩේ බ්ලොග් පෝස්ට් එක දැන්නෙ දැක්කෙ.....මේල් එකක් දාන්ඩ පුලුවන් බව දන්නෙ නෑ.....රාවය ඔෆිස් එකට කතාකරහමත් හරියටම මේල් කරන්ඩ විදිහක් කීවෙ නෑ....මම පෝස්ට් කරා

    ReplyDelete
    Replies
    1. පෝස්ට් කරපු එක හොඳයි... මේල් ඔප්ෂන් එකක් තිබුණෙ නැහැ.. පොඩ්ඩක් ඇජස්ට් කළේ... කෝල් කළොත් මේල් ක්‍රමයට එවාගන්න පුළුවන්....

      Delete
    2. A4 කඩදාසියක එක පැත්තක විතරක් ලියන්න කියන්නේ,එක පැහැදිලි කරන්නකෝ ටිකක්.ඔයාට A4 කොළ කියක් විතර ගියාද?

      Delete
    3. A4 කඩදාසියක එක පැත්තක විතරක් ලියන්න කියන්නේ,එක පැහැදිලි කරන්නකෝ ටිකක්.ඔයාට A4 කොළ කියක් විතර ගියාද?

      Delete
  4. හොඳ අදහසක් කියමු.

    ReplyDelete
  5. හේමන්ත වර්ණකුලසූරිය ගේ මෑණියන්ට පින් සිද්ධ වෙන්න, ඌ කොහොමද දන්නේ නෑ අධිකරණ ස්වාධීනත්වයක් දිනා ගත්තේ. කළු කොට එකට වහන් වෙලා සක්කිලිකම් කරන පාහර බල්ලා.
    යහපලානේ තකතීරු මෝඩ හැත්ත ත් ඉතින් මේ වගේ සක්කිලින්ට අහුවෙනවා නේ හිටං.

    ReplyDelete
    Replies
    1. රාවයට මගෙත් සුභ පැතුම්.

      ජඩයින්ගෙන් වැහිලා ගිහින් තියෙන මීඩියා අවකාශය ඇතුලේ පොදක් හරි කොන්ද කෙලින් තියන් ලියනවා කියලා අපිට තේරෙන්නේ "රාවය" විතරයි.

      අදටත් බත් ඔතන්න ගන්න හිතෙන්නේ නැති එකම පත්තරේ "රාවය " විතරයි.
      සමහර පත්තර වලින් පුක පිහුවත් මදි. එතරමට චාටර්.

      මේ ආවා වගේ ම මීටත් වඩා හොඳට , කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න රාවය ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete