Showing posts with label රාවය. Show all posts
Showing posts with label රාවය. Show all posts

Saturday, April 07, 2018

කණගාටුවෙන්, කේන්තියෙන් සහ සන්තෝසයෙන් ලියමි,




රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල් නොදී ඉන්නැයි රාවයේ ‘අයිතිකාරයා’ වෙච්ච වික්ටර් අයිවන් රාවයේ ගිණුම් අංශයට නියෝග කරලා. පහුගිය සතියේ දවසක මුදල් ලබාගන්නට රාවය කාර්යාලයට ගිය මට මුදල් නොදුන්නා විතරක් නෙවෙයි, මාව පොලීසියට කතාකරලා එළියට දාන බවට රාවයේ හිමිකරුවන් වගේ දැන් හැසිරෙන සේවකයෙක් තර්ජනයකුත් කළා. ස්තූතියි රාවය. වික්ටර් අයිවන් මහතාටත් ස්තූතියි.

රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල ගැන ඇහුවොත් කෙනෙකුට හිනායන්නට ඉඩ තියෙනවා. වික්ටර් අයිවන් මහතාත් හිතනවා ඇත්තේ ඒ කුඩා මුදලක් කියා වෙන්න ඕනෙ. මොකද ඔහු තමන්ගේ කොලමේ කිහිපවතාවක් ලියලා තිබුණා ඔහුට රාවයෙන් ඉවත් වෙන මොහොතේ ලැබුණේ රුපියල් 65 000ක වගේ සොච්චම් වැටුපක් කියලා. ඒ වගේම දැන් රාවයට සතිපතා පිටුවක් පුරා ලියන ඔහුගේ කොලමට රුපියල් 5000 බැගින් ලැබෙනවා. මාසෙට ලිපි හතරක් ලිව්වොත් රුපියල් 20 000යි. ( මේ ඔහුට ලැබෙන වෙනත් විවිධ මුදල්වලට අමතරව. ඔහු රාවයේ ලියන මේ ලිපිම පොත් විදියට පළ කරනවා. ඉන්පස්සේ ඒ පොත් විකිණීමෙන් ඔහුට දැවැන්ත ආදායමක් ලැබෙනවා. රාවය ප්‍රකාශකයන්ගේ පොත් අතරින් රාවයේ උපරිම අනුග්‍රහය ලැබෙන්නෙ ඔහු ලියන පොත්වලට. )

Monday, September 18, 2017

කසුන්ගෙ පොතයි තව පොත් දෙකකුයි!





වැඩ ගොඩක් මැද්දෙ කසුන්ගෙ පොත කියවල ඉවරවුණේ ඊයේ හැන්දෑවෙ. රාවය සහ ඉරුදිනේ ඔහු ලිව්ව පුවත්පත් වාර්තාවලට එහා ගිහින් වෙහෙසවෙලා හොයාගත්ත කරුණු රැසක් වගේම ගවේෂණාත්මක වාර්තාකරණයක අනිවාර්ය අංගයක් වන චූදිතයාගේ පැත්තෙන් අදහස් විමසලා ඒක පල කිරීම වැලිකඩ පොත ලකුණු 10න් 10 ගන්නට හේතුවක්. කසුන් ඉදිරියටත් පුවත්පත් මාධ්‍ය වේදියෙක් විදියටම වැඩකරන්න ඕනෑය කියන කාරණය මම නිතර කියන එකක්. ෆේස්බුක් එකේ කරන වැඩ සහ චැරිටි වැඩවලට වඩා මහා සමාජ දේශපාලන වැඩ රැසක් කරන්න කසුන්ට කැපෑසිටියක් තියෙනවා.

Sunday, August 20, 2017

සයිබරීය කලාකරුවා ප්‍රසාද් අලුත්වත්ත

රාවයේ පලවීම නිසා ආන්දෝලනයකට ලක්වූ නිර්මාණයක්.

ප්‍රසාද් අලුත්වත්ත කියන්නෙ ජනප්‍රිය ඩිජිටල් කොලාජ් කිහිපයකම හිමිකරුවා.  පහුගිය සතියක රාවයේ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් පළවුණා. ඒ සම්මුඛ සාකච්ඡාව ගැන සඳහන් කරමින් කවුද නීතීඥයෙක් කියලා කෙනෙක් ෆේස්බුක් එකේ දාලා තිබුණේ ප්‍රසාද්ගෙ නිර්මාණවලින් ආගමට අපහාස කරන හින්දා ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ මොහොතෙ මම ඔහුගෙන් ආදරයෙන් ඉල්ලුවා පැමිණිල්ලක් දාන්න කියලා. ඒත් තවම දාලා නැහැ වගේ.

Thursday, July 13, 2017

පාසැලේ අභිමානය

 
මේ ඩෑස් ස්මිත්ගේ ගිටාර් ගර්ල් ඡායාරූපයයි. බ්‍රිස්ටල් නගරයේ වීදියේ ගිටාර් වාදනය කරන්නියකි.



සුජීව බටනලා වාදකයෙක්. චරිත්ගායකයෙක්. මේ දෙදෙනාවම මට හමුවුණේ බස් රියකදී. සුජීව හොඳම බටනලා වාදකයා නොවෙනවා මෙන්ම චරිත්හොඳම ගායකයාත් නෙවෙයි. එහෙත් එය ගැටලුවකුත් නෙවෙයි. මොකද ඔවුන් හිටියේ රියැලිටි තරඟයක හෝ සංගීත සංදර්ශනයක නොවන හින්දා. ඔවුන් හිටියේ රුපියල් දහයක් විස්සක් බලාපොරොත්තුවෙන් බස්රියක. ඔවුන් බස්රියට ගෙනාවේ එකිනෙකට වෙනස් කතා දෙකක් විසින්.


සුජීව වෙනත් රැකියාවක් කරන අතරේ නිවාඩු ලැබෙන සති අන්තයක තමයි බස්රියට ගොඩවෙන්නේ. ඔහුගේ පියා අසනීප වීම සමඟයි ඔහු බස්රියට ගොඩවෙන්න තීරණය කළේ. පාසැලේදී බටනලා වාදනය සුජීවට ඉගෙනගන්න ලැබෙන්නේ තූර්ය වාදක කණ්ඩායමේදීයි. 

Sunday, December 04, 2016

ගෝඨා

‘ගෝඨා ඉල්ලා අස්වෙයි‘
 
දෙසැම්බර් හතරවැනිදා රාත්‍රී හතට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ගෝඨයිම්බර කෝලමේ අවසාන දර්ශණයට සූදානම් වෙද්දී නාට්‍යය නිෂ්පාදක කණ්ඩායම මුලින්ම සිය ප්‍රචාරණයට යෙදුවේ ඉහත පාඨයයි.

ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම සිය අවසාන දර්ශනයට සූදානම් වෙන්නේ දර්ශනවාර දහයකදී නාට්‍යයකට නිර්මාණය කළහැකි උපරිම සංවාදයකටත් එහා සංවාදයක් ඇති කරමිනි. එක් පැත්තකින් නිෂ්පාදන කණ්ඩායමේ සාර්ථක ප්‍රචාරණ උපක්‍රම මෙන්ම නිර්මාණයේ සුවිශේෂත්වයත් ඒ සංවාදයට හේතුවිය.

Friday, November 18, 2016

රාවයට තිහයි මට විසිපහයි

රාවය උපන්දිනය ගැන ලියන්නට හිටපු සටහන මහින්දගේ උපන්දිනය වෙනකල්ම කල්දාන්න සිද්ධවුණා.. 😃

රාවය තිස්වැනි සංවත්සර උළෙල පහුගිය 15 වැනිදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. 

රාවය තිහ සමරද්දී ලියන්නේ මොනවද කියලා මම කල්පනා කළා. මට හිතුණේ රාවයේ තිරය පසුපස හිටපු අය සහ තිරය පසුපස කතා ටිකක් ලියන්න. එහෙත් ඒක ටිකකට කල්දැම්මා. ඊට කලින් රාවයේ පරණ මතකයන් ටිකක් ෂෙයා කරගන්නට හිතුණා... 

රාවය කියන්නේ මම නියෝජනය කරන තැනක්වත් මට අයිති තැනක්වත් නෙවෙයි. මම එතන රාජකාරි කරනවා විතරයි. 

රාවය කියන්නේ බොහෝ දෙනෙක්ට අයිති. බොහො දෙනෙක් ආදරය කරන තැනක්. 

රාවය මුල සිටම මහත් ආදරයකින් කියැවූ පිරිස විශාලයි. වෙන කිසිම පත්තරයකට මේ තරම් පිරිසක් මේ තරම් ආදරය කරන්න නැතිව ඇති කියලා මට හිතුණා.

Friday, October 07, 2016

නිහඬ උසාවිය රාවයට බයද? රාවය අධිකරණයට බයද?





උඩ තියෙන ෆිල්ම් එක තුන්වතාවක් බැලුවා මම. විවිධ අවස්ථාවල කළ ප්‍රදර්ශණයන් හොයාගෙන ගිහින් බැලුවේ. ඉදිරියටත් කිහිප වතාවක්ම බලන්නයි ඉන්නේ. 

මේක විතරක් නෙවෙයි.. නෝ ෆයර් සෝන්, ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්, සිටිසන්ෆෝ, ස්පොට්ලයිට් වගේ මම නිතර බලන ෆිල්ම් සෙට් එකක් තියෙනවා.... 

Friday, September 30, 2016

රාවය තරුණ ඔබව අගයනු ඇත

රාවයට අවුරුදු තිහක් පිරෙන්න නියමිතයි. අසූ ගණන්වල ලංකාවේ දේශපාලනය තරුණ කැරැල්ලක් එක්ක උණුසුම් වෙලා තිබුණු මොහොතක රාවය පටන්ගත් බවයි අපට අහන්න කියවන්න ලැබිලා තියෙන්නේ. යුද්ධයක් එක්ක උණුසුම් වෙමින් පැවති මොහොතක රාවය ගලාගෙන ගියා.


Friday, April 01, 2016

බෝගස්වැව, චාවකච්චේරි, අස්ගිරිය හා අගමැතිගේ හමුදාව - ශේෂ පත්‍රය



ජාතිවාදී බෝම්බය පිපිරෙයිද?

චාවකච්චේරියේ බෝම්බ කට්ටලය හමුවී පැය කිහිපයක් යන විට ගින්න අවුලුවන්නට පිරිස් ඉදිරියට පැමිණ සිටීම පුදුම සිදුවීමක්. සියල්ලට කලින් නාමල් රාජපක්ෂ මේ ගැන ට්විටර් සටහනක් තියලත් හමාරයි. ලියුම්කරු ට්විටර් පණිවිඩය දැක ඒ මොහොතේම යාපනයේ මාධ්‍ය සහෝදරවරුන්ගෙන් විමසද්දී ඔවුන්ගේ මාධ්‍ය ආයතනවත් මේ ගැන දැනගෙන තිබී නැහැ. ජීඑල් පීරිස් වහාම ප්‍රකාශයක් කරමින් කියන්නේ පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙනඒමේ සූදානමක් තිබුණු බවට තොරතුරු ලැබී තිබෙන බවයි. මාධ්‍ය වලටත් කලින් මේ අයට තොරතුරු ලැබුණේ කොහොමද? හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ජැකට් එක හා ක්ලේමෝ හතර ඔතා තිබී ඇත්තේ 2008 වර්ෂයේ ලංකාදීප පුවත්පතකයි. යාපනය මාධ්‍යෙව්දීන් කියන්නේ බෝම්බ තබා එදිනෙදා දෙයක් ඔතන්නටවත් යාපනයේදී සිංහල පුවත්පත් පාවිච්චි නොවන බවයි. යාපනයේ ජනතාව අතර සිංහල පුවත්පත් ඉතා විරලයි. මේ නිවස වටලා ඇත්තේ ගංජා ඇතිබවට ලැබුණු තොරතුරක් මත. ගංජා වෙනුවට හමුවෙලා තියෙන්නේ බෝම්බ. මේ කතාවේ සැකසහිත තැන් ගොඩක් තියෙන්නේ සංවිධානාත්මක විදියට බෝම්බ තබන්නට උත්සාහයක් යාපනයේ නැතිවීමත් එවැන්නක් මවා පෙන්වන්නට කාට හෝ අවශ්‍ය වී ඇති බව පෙනෙන්න තිබීමත් නිසා.

Monday, January 18, 2016

ප්‍රසිඩන්ට්!!! හරක් කන එක පිං...

පහුගිය දිනවල මෛත්‍රීගේ සදාචාරවාදී කතා සහ සිද්ධි ගොඩක් මාධ්‍ය වලින් ප්‍රචාරය විය.

කුප්‍රකට බ්‍රා මඩුවලිඟ කතාව, සිංදුවේ ජෝක් එක, පදවි ප්‍රාප්ති උළෙල, සහ රට හරක් කතාව ඊට උදාහරණ ලෙස දිය හැකිය. ක්ෂණික ප්‍රතිචාර නිසා හිට් වුණ මේ සිදුවීම් කිහිපයට අමතරව මෛත්‍රීගේ සදාචාරවාදී කතා බොහොමයක් කියැවුණේ ය.
මෙය සාමාන්‍ය තත්වයක් හරි විහිළුවක් හරි විදියට දකින්නට පුලුවන් ය. එහෙත් මෙය ඊට වඩා ගැඹුරින් තේරුම් ගත යුතුය. මීට කලින් මම පොළොන්නරු මොඩ්ල් ජාතිවාදය ගැන කීවේ ඒ නිසා ය.

Friday, August 28, 2015

ඔහු නිකන්ම රතුපස්වල වීරයෙකි



අප සිටින්නේ වීරයන් අවැසි සමාජයක. මේ මොහොතේ වීරයන්  ඕනෑ තරම් ඉන්නවා. වීරයෙක් වෙන එක ලේසියි. වීරයෙක් නැතිව අපටත් බැහැ. මොකක් හෝ ක්ෂේත‍්‍රයක වීරයෙක්් අනුයන්න අපි බලාගෙන ඉන්නවා.
 
දේශපාලනයේ, කලාවේ, සිනමාවේ වගේම ක‍්‍රීඩාවෙන් වීරයෝ බිහිවෙනවා. මාධ්‍ය හරහා ඒ වීරයන්ගේ ප‍්‍රතිරූප මවනවා. වීරයෝ ඉන්න තැන දුෂ්ටයොත්  ඕනෑමයි. දුෂ්ටයන්ගේ ප‍්‍රතිරූපය මවන්නෙත් මාධ්‍ය හරහාම තමයි.

දෙමළ මිනිසුන්ගේ වේදිකාව මතින් පැනනැඟුණු යුද්ධයක් විසින් අපේ සමාජයට වීරයන් සහ දුෂ්ඨයන් නිර්මාණය කරලා දුන්නා. රටම අප්පච්චි කෙනෙකුගේ ප‍්‍රතිරූපයකුත් අප්පච්චිගේ වීර මල්ලියෙකුත් රාජකීය පවුලකුත් මාධ්‍ය හරහා එළියට ආවා. මේ වීරයන්ගේ ප‍්‍රතිරූපය රකින්න රණවිරුවෝ කියලා අතුරු වීරයෝ ටිකක් සමාජගත වුණා. දුෂ්ටයොත් නිර්මාණය වුණා. ඒ අර රජ පවුලේ ආතල් කඩන අය.

මාතෘකාවට ආ යුතුයි. සටහන ලියැවෙන්නේ රජ පවුලේ අවසානය ගැනත් අලූතින් බිහිවුණු වීරයන් ගැනත් කියන්නට නෙවෙයි. මේ මාධ්‍ය වීරයන් හැරුණුකොට ඇත්ත සමජයේත් වීරයන් ඉන්න බව මතක් කරලා දෙන්නයි. ඒ වීරයන් විනාඩියෙන් විනාඩිය වෙළඳ දැන්වීම්වල පෙනී හිටින්නේ නැහැ. ඔහු ඔබ ගමනක් යන ති‍්‍රරෝද රියේ රියදුරා විය හැකියි. වැලිවේරිය දේවස්ථානය ඉදිරිපිටදී ත‍්‍රිරෝද රථයක් තුළ අපට වීරයෙක් මුණගැහුණා. මේ සටහන ඔහු වෙනුවෙන්.

Monday, August 03, 2015

රියල් වැඩකාරයා රාවයේ නන්දෙ අයියා..


නන්දසිරි ධර්මරත්න

'බ්ලැක් ඇන්ඩ් වයිට් පත්තරේක ලේයවුට් එකට සම්මාන දෙන්නෙ කොහොමද?'

Wednesday, July 22, 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)
…එක්ව කරන ප්‍රකාශනයකි.
Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.
මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.
කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.
(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)
1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.
2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.
3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.
4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.
Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.
6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.
7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.
Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.
9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.
10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

Friday, July 03, 2015

කටවහගං සුසිල් ප්‍රේම්ජයන්ත් පරයා...



(පරයා යනු පකයා යන්නට වඩා හොඳ සාහිත්‍යමය වචනයක්. පිට එකා යන්නට පරයා යෙදිය හැකියි.. මේක කුණුහරුපයක් කියලා කියනවනං කියන්න තියෙන්නේ හා..... කුණුහරුපයක් තමයි.. සුසිලට විතරක් නෙවෙයි අපටත් කුණුහරුප කියන්න පුළුවන් නේ.)

මේ සටහන මාධ්‍යවේදීන් දෙකේ කොළයට දමමින් සුසිල් කියූ කතාවට පිළිතුරු ලෙස ලියැවුණකි.  (එතැන සිටි මාධ්‍යෙව්දීන් කවුද, ඔවුන්ගේ අලය මොකක්ද කියලා හොයන්න ඕන නැහැ)

මේ සටහනේදී සුසිල්ට කිසිදු ගරු යෙදුමක් නැත. ඌ දේශපාලඥයා නම් වෘත්තිය තෝරාගත් එකෙකි, මම මාධ්‍යෙව්දියා නම් වෘත්තිය තෝරාගත් එකෙක්මි. 

අපි ප්‍රෙස් තියනවා, මාධ්‍ය නිවේදන දානවා. ඒව ඇති. (තව අහන්න එන්න ඕන නැහැ.) මින්පස්සේ දෙන්නෙ නැහැ කිසිදෙයක්. මගෙන් කුණුහරුප අහගන්න එපා කියා සුසිල් එතැනදී කියා තිබුණි.

(ගොන් හරකො උඹල දාන දාන එක ලියන්න නං ජර්නලිස්ට්ලා ඕන නැහැනේ. දෙන දෙන එව්ව කොපි කරල පල කරන්න පිටපත් ලියන ලිපිකරුවො ටිකක් ගන්න කියල උඹලගෙ ගජ යාළුවො වෙච්ච මාධ්‍ය හිමිකරුවන්ට කියපං)

සුසිල් එතැන මාධ්‍යවේදීන්ට සැර දමන්නේ ඔහුගෙන් කටු කන්නට ආ බල්ලන් පිරිසක් ගාණට මාධ්‍ය වෘත්තිකයන්ව දමමිනි.

වත්මනෙහි ලංකාවේ හැම වෘත්තියක්ම දූෂණය වී තිබේ. එවන් තත්වයක මාධ්‍ය වෘත්තියේ පමණක් සුපිරි වෘත්තිකයන් පිරිසක් බලාපොරොත්තු විය නොහැකිය.  (වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය විතරක් නෙවෙයි පැවිදි අයත් අන්තිම දූෂිතයි. මෙහෙම කියනනේ සටහන ඉවර වෙලා කට්ටිය මාධ්‍යවේදීන්ගේ අලේ ගැන ප්‍රශ්ණ කරලා මාධ්‍යවේදී මුව හමට තලලා සුසිල්ව අමතක කරන්න ඉඩ තියෙන නිසා )

ලංකාවේ මාධ්‍ය වේදියාට ලැබී තිබෙණ තැන කුමක්ද? අපි තොරතුරු සොයමින් හිඟා කන බල්ලන් නොවේ. අපි දේශපාලඥයන්ව හො වෙනත් කෙනෙක්ව ප්‍රශ්ණ කරන්නේ අපේ ඇම්මක් සුව කරගන්නට නොවේ. අපේ රස්සාව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සන්තර්පණය කිරීමයි. (ඒක සිද්ධ වෙන විදිය ගැන විවේචන ඕන තරම්. කුණු වෙලා ගඳගහන ලංකාවේ හැම වෘත්තියකම ඒ වගේ ප්‍රශ්ණ තියෙනවා. ඒත් මම කියන්න යන්නේ අපි කරන්නේ දෙකයි පණහේ රස්සාවක් නොවන වග)

මෙවන් සිදුවීම් ඕන තරම් සිදුවී ඇත. මර්වින් සිල්වාද මාධ්‍යවේදීන්ට කිහිප වරක්ම සද්දය දමා තිබුණි. රන්ජන් වරක් රාජපක්ෂලා සම්බන්ධයෙන් සෝමා එදිරිසිංහගෙන් හෝ බුද්ධික කුලසේකරගෙන් ඇසිය යුත්තක් ධම්මික යටිකිඳගෙන් අසමින් පොර විය. සමාජයටද මාධ්‍යවේදීයා කටු කන බල්ලන් පිරිසකි. මාධ්‍ය හිමිකරුවා සහ මාධ්‍යවේදියා යනු දෙදෙනෙකි. බොහො තැන්වලින් තැලෙන්නේ මාධ්‍යවේදීන්ය.

මට කියන්ට ඇත්තේ මෙයයි.

අපි දේශපාලඥයන්ට වඩා පහත් වෘත්තියක් කරන, උන් වරෙන් කියන විට එන පළයන් කියන වට යන පිරිසක් වෙන්නට කැමති නැත. ඇමතිතුමා කියමින් විස්සට තිහට නැවෙන්නට අපට අවැසි නැත. දේශපාලඥයා සේම අපි ගරුත්වයක් ඇති වෘත්තියක් කරන්නෙමු. (දේශපාලඥයා මොනවද කරන්නේ?)

මාධ්‍යවේදී සහෝදරයන්ටද යමක් කිව යුතුය.

එතැන සුසිල් එසේ කෑ ගසන විට ඔයා කවුද අපට කුණුහරුප කියන්න? වගේ සද්දයක් දමන්නට අපට හැකි විය යුතුය. (ඒක එච්චරම ප්‍රායෝගික නෑ. අයිවන් මහත්තයගෙ රාවයේ ඉඳන් මට එහෙම කියන්න පුළුවන් වුණත් වෙන ආයතනයක කෙනෙක් එහෙම කීවොත් උඩින් පණිවිඩේ ගිහින් ජොබ් එකටත් කෙළවයි)
අපේ වෘත්තියට හිමිවිය යුතු ගරුත්වය දිනාගැනීම එතරම් පහසු නැත. එහෙත් මේ හිඟන පඩියක් ලබන හැම තැනින්ම බලු වන අපේ වෘත්තියට මීට වඩා ගරුත්වයක් දිනාගත යුතුය. මීට වඩා තත්වයක් ලබාගත යුතුය.  

(එ්කට අපේ පැත්තෙන් වෙන්න ඕන දේවලුත් තියෙනවා. අපි දැනගන්න ඕන අපේ කොලටි එක හදාගන්න)

සුසිල්ලාගන් මෙවැනි කතන්දර අප ඇසිය යුතු නැත. අප නැතුව ඕකුන්ට බැරිය. පර දේශපාලඥයන්ට මාධ්‍යවේදීන් දෙවැනි විය යුතු නැත.



Friday, June 05, 2015

දැන් ඉන්න උන් වික්ටර් අයිවන්ව දන්නැද්ද? (1)


වික්ටර් අයිවන් මහතා ගැන සටහනක් ලියන්නට ටික දිනක පටන් සිතා සිටියෙමි. එය ටිකක් කල්පනා කොට හෙමිහිට ලියන්නට සිතා හිටියත් ඒ සඳහා විවේකයක් සොයාගැනීමට මෙතෙක් නොහැකි විය. එහෙත් හෙට උදෑසන 9.30ට ජාතික පුස්තකාලයේදී වික්ටර් අයිවන් මහතාගේ තිස් වසරක මෙහෙවර ගැන විද්වතුන් කිහිපදෙනෙකු විසින් ලියූ පොත එළිදක්වන නිසා අද කුමක් හෝලිවිය යුතුයැයි සිතුවෙමි.

එහි ප්‍රතිඵලය ලෙස කල්පනා කොට සංයමයෙන් ලියූ සටහනක් වෙනුවට සුපුරුදු ලෙසම සටහනක් හදිසියේ ටයිප් කොට අප්ලෝඩ් කර තවත් වැඩකට දිව යන්නට සිදුවිය.

සාර්ථක ගමනක් යන කිසිවෙකුට පරමාදර්ශී චරිත හෝ වීරයන් සිටිය යුතු නැත. කාවවත් අනුගමනය කළ යුතු නැත. ඒ නිසා අයිවන් මට වීරයෙක් හො පරමාදර්ශී චරිතයක් නොවේ. (මං සාර්ථක ගමනක් යනව කියල නෙවෙයි කියන්නේ... කාගෙවත් අනුගාමිකයෙක් නොවිය යුතුයි කියල) එහෙත් මාධ්‍යවේදියෙක් ලෙස මා වඩාත් ආභාෂය ලබන්නට කැමති පුද්ගලයන් අතරින් ප්‍රමුඛතමයා ඔහු යැයි කිව හැකිය. (ජනරංජන, ලසන්ත රුහුණගේ, විමලනාත්, ටිරන් කුමාර වගේ රාවයේ අයගෙත් බිඟුන්, ශාලික වගේ යාළුවන්ගෙත් අභාෂය තමා අයිවන් හැරුණහම මට වැඩිපුරම ඇත්තේ) ඒ නිසා මට අයිවන්ව වැදගත්ය.
රාවයේ මම අවුරුදු එකහමාරකි. පසුගිය මැය මාසයේ විශ්‍රාම ගැනීම සඳහා රාවයෙන් වික්ටර් අයිවන් මහතා යනතෙක් නතිපතා ඔහුව ළඟින්ම දුටුවෙමි. එහෙත් මම ඔහු සමඟ කතා කර ඇත්තේ දෙවරක් පමණි. පිළිවෙලට හැඳ දුම්වැටිය දල්වාගෙන සෑම පුවත්පතක්ම කියවමින් කල්පනා කර පරණ පත්තර පිටු පෙරලමින් තොරතුරු ටික එකතු කොට ළඟ තබාගෙන අපිළිවෙල අත්අකුරු වලින් පිළිවෙලට ලියන දේවල් පමණක් අකුරක් නෑර කියවීමි. ඔහු සමඟ කතා කරන්නට ඕනෑ තරම් දේ වීය. නමුත් මට තිබූ ප්‍රධාන ප්‍රශ්ණය ඔහුව ආමණ්ත්‍රණය කරන්නේ කෙසේද යන්නයි.

රාවයේ ලොක්කන් හෝ සර්ලා නොවීය. හැමෝම ඔහුව ඇමතුවේ අතුල අයියා යනුවෙනි.

අමාරුවෙන් හිත හදාගෙන කර්තෘ මණ්ඩලයේ අනිත් අයට අයියා කීවත් අවුරුදු දහනවයක කොල්ලෙක් ලංකා ඉතිහාසයේ දැවැන්තම මාධ්‍යෙව්දියාට අයියා කීම නුසුදුසු යැයි මම සිතීමි. සර් කියනවාට ඔහු කැමති නොවීය. ඉඳහිට ටිරන් අයියා සමඟ කතාවට වැටෙන අතුල අයියා දේශපාලනය ගැන ඔහුගේ අදහස් කියයි. කේන්දර නොබැලුවත් ඔහුගේ අනාවැකි වරදින්නේම නැත. මම උනන්දුවෙන් අසා සිටිමි. ඔහු ඒ බව දනියි.

මේ හිතට ආ පෞද්ගලික දේවල් කිහිපයකි. සටහන ලියන්නට හිතුවේ උඩ තියෙන මාතෘකාව තේමා කරගනිමින්ය. ටයිප් කරන පරපුරේ බොහෝ අය අයිවන්ව හරියට දන්නේ නැත. අයිවන් යනු කවුද? කෙටියෙන් මෙසේ කියමි.

අයිවන් යනු රාවයයි. රාවය යනු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

ජේවීපියත් එජාප ආණ්ඩුවත් තරඟයට මෙන් මිනී මරණ කාලයක අයිවන් රාවය බිහිකළේ ආයුධ වෙනුවට පෑනෙන් සටන් කිරීම සඳහාය. ඒ වසර තිහකට පෙරයි. තවමත් රාවය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරමින් සිටියි. ඒ හරියන උපක්‍රම මෙන්ම වරදින උපක්‍රමද භාවිතා කරමින්ය.

ජේආර්ගේ, ප්‍රේමදාසගේ කාලයේ සටන් කළ වික්ටර් අයිවන් මහතා 94දී එජාප ආණ්ඩුව පෙරලුවේය.. පොදු පෙරමුණු ආණ්ඩුව හදන්නට වැඩිම දායකත්වයක් දුන්නේ ඔහුය.ඡන්දයෙන් පසු ඔහු චන්ද්‍රිකා දුන් කිසිම තනතුරක් ගත්තේ නැත. කිසිම වරප්‍රසාදයක් ගත්තේ නැත. රත්මලාන ආසන සංවිධායකකම හෝ ජනාධිපති මාධ්‍ය උපදේශකකම ඉල්ලුවේ නැත. ලේක්හවුස් සභාපතිකම දුන්නද එයට පයින් ගැසීය. (කර්තෘ මණ්ඩල උපදේශකකම ගත්තෙත් නැහැ හොඳේ)

බලයට ආ චන්ද්‍රිකා පිස්සු කෙලින බව ඔහු දිටීය ඉන්පසු ඔහු චන්ද්‍රිකාට පන්න පන්නා ගැසීය. මහින්ද වෙනුවෙන් යුද්දය සමයේ පෙනීසිටි අයිවන් පහුගිය ජුනි මාසයේ එක්වරම ගෝඨාභයගේ සෙවණැල්ල ලියමින් යූටර්න් එකක් ගැසීය. එය මහින්ද ආණ්ඩුවේ අවසානය විය. (හෙවණැල්ල මෙතැනින් කියවන්න)
අයිවන් ලියන දේවල් මිනිස්සු පිළිගත්හ. එය රටක ආණ්ඩු පෙරලන්නට තරම් බලවත් වීය.
94 චන්ද්‍රකා ගැන අත්හදා බැලීමෙන් පසු ඔහු පාඩමක් ඉගෙනගත්තේය. ඔහු වත්මන් මොහොතට වඩා වැදගත් වෙන්නේ ඒ පාඩම නිසාය. ඒ දේශපාලයන් විශ්වාස නොකළ යුතු බවයි. දේශපාලනය පමණක් විශ්වාස කළ යුතු බවයි. 

ඔබ දේශපාලනය කරන්න, කළ යුතුමයි.... එහෙත් දේශපාලඥයන් විශ්වාස නොකරන්න.. 

වෙලාවේ ප්‍රශ්ණය නිසා තවතවත් දිගට ලියන්නට අමාරුය. (මොනව ලියවුණාද දන්නෑ. සරත් සිල්වා, පෑන අහිංසකද? සාපරාධී අපහාස නීතිය ගැන ලියන්න බැරිවුණා. අයිවන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියල ඔප්පු කරන්නත් බැරිවුණා.) මේ සටහන මෙතැනින් නවත්වා හොඳින් කල්පනා කොට ඔහු ගැන තවත් සටහනක් ලියමි.

පළමු සටහන් අවසන් කරන්නට මෙසේ කියමි. සමාජය තුල වික්ටර් අයිවන් ගැන විවේචනද තිබේ. මා තුලද ඔහු දරණ ඇතැම් ස්ථාවරයන් ගැන විවේචන ඇත. එහෙත් ඔහුගෙන් අපි හැමෝම ඉගෙනගත යුතුය. රාවයේ කර්තෘ මණ්ඩලයේ සිටින අපට වගකීමක් තිබේ. ඒ ඔහු ලද අත්දැකීම් වලින් ඉගෙන ඔහු පටන්ගත් දෙය වඩාත් නිවැරදිව ඉදිරියට කරගෙන යෑමය.