Saturday, October 22, 2016

ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු

ඊයේ ගියා ෆ්‍රැන්ජිපානි මංගල දර්ශණයට! 

ඇත්ත. පිරිමි පිරිමි දෙන්නෙක් කිස් කරනව දකිනකොට බොහෝ දෙනෙක්ට අප්‍රිය ගතියක් දැනෙනව. 

ඒ ඔබ විරුද්ධ ලිංගිකයෙක්ව කිස් කරන්න කැමති නිසා. බහුතරය කැමති විරුද්ධ ලිංගිකයෙක්ට ආදරය කරන්න වෙන්න ඇති. 

යශෝ, ජෙහාන් සහ දසුන්



මතක තියාගන්න. කිස් කරන එකවත් සෙක්ස් කරන එකවත් විතරක් නෙවෙයි. බහුතර අප විරුද්ධ ලිංගිකයෙකුගෙන් බලාපොරොත්තු වන ෆැමිලි, ලව්, අෆෙක්ෂන්, ශෙයාරින්, කෙයාරින්, බෝල බෙයාරින් ආදී සියළු දේ සම ලිංගික කෙනෙකුගෙන් බලාපොරොත්තු වීමයි සම සෙනෙහස කියල කියන්නෙ.



අපි කතා කරන ෆ්‍රැන්ජිපානි ෆිල්ම් එකේම තැනක සමකාමී තරුණයෙක්ට යෙදෙන වචනය වෙන 'වලත්තකම' නිසා නෙවෙයි කෙනෙක් සමකාමී වෙන්නෙ. එතනින් එහා ගිය පුළුල් දෙයක්.


සමකාමී අය සුළුතරයක් වුණත් මේ ලෝකෙ ඉන්නව.
 

ඉතින් ඔබ ඔවුන්ට කියන්නෙ 'අපි අකැමති නිසා ඔයාල ආදරය නොකර ඉන්න' කියලද? නැත්නම් ‘අපි එකතුවෙලා එයාලටත් ආදරය කරන්න අයිතිය දෙන්න කියලා ඉල්ලමු‘  කියලාද?


විසාකේස නම් පුංචි මැජික්කරුවා තවත් දක්ෂ මිනිස්සු ටිකක් එක්ක එකතුවෙලා මේ ප්‍රශ්නෙ අපෙන් අහන්න උත්සාහ කරනවා.


මුලින්ම ඒ චිත්‍රපටිය ආදර කතාවක්. ආදරය කරන දෙන්නෙක් විවිධ සීමා වලට මුහුණ දෙනහැටි ඒකෙ තියෙනව.


අනික ඒක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාවක්. සුළුතරය නොයෙක් විදියට සීමා කරන හැටි ඒකෙ තියෙනවා. ( සුළුතර ජනවර්ග, ආබාධිතයන්, කුලයෙන් කොන් කළ අය, වැඩිහිටියන්)


දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තිය. ඔබට  නොවැදගත් වුණත් සමාජයේ කවලං වෙලා ඉන්න මිනිස්සු ටිකකට වැදගත්. සමකාමී සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම ඒ වගන්තියෙන් වැරැද්දක් කරලා තියෙනවා.


එවන් පසුබිමක විසා තමන්ගේ චිත්‍රපටිය අපි ඉස්සරහට ගේනව. 


ඉතින් මේ චිත්‍රපටය ප්‍රජාතන්ත්‍රවාදය ගැන උද්ඝෝෂනයක්.


ඊයේ චිත්‍රපටි සංස්ථාවෙ දෙවැනි වතාවට ෆ්‍රැන්ජිපානි බලන්න කලින් මම දිගු හුස්මක් ගත්ත. මේ චිත්‍රපටිය කරපු ටීම් එකේ මම නැතත් අපේ වැඩක් විදියට මට ෆ්‍රැන්ජිපානි දැනිලා තිබුණේ.


ෆිල්ම් එක පටන්ගන්න කලින් විසා කළ කතාවේදී මට සීතල හැඟීමක් ඇඟ පුරාවට යනවා දැනුනා. (අඩු වැඩි වශයෙන් මම උඩින් කිව්ව දේවල් තමා එයා කීවේ.)


තවත් ලස්සන දෙයක් එයා කිව්ව. ටීම් එකට. " ඉදිරියේදී ගල්මුල් එයි. ඒවා ඉවසන්න. හොඳ ප්‍රතිචාර එයි. ප්‍රේක්ෂකයාව විශ්වාස කරන්න" 


විසා අඩු වියදමකින් අතිදක්ෂයො ටිකක් එක්ක මේ වැඩේ කරන්නෙ. දසුන්, භූමි, යශෝ, ජෙහාන් මේ නිර්මාණයට කැමති වීමත් විසාගේ සිහිනය සැබෑවක් කිරීමත් ගැන ඔවුන්ට ආදරේ හිමිවෙනවා.

අනික මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදය විවෘත වුණ වෙලාවක. සමරිසි ආදරය ගැන කෙළින්ම කතාකරන සිනමාපටයක් ජාතික තලයේ සිනමාහල්වල ප්‍රදර්ශණය කිරීම මේ අවකාශය උපරිමයෙන් පාවිච්චි කිරීමක්. ඒක හොඳ වැඩක්. මේක උදාහරණයක් සපයනව. සමකාමීන්ට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි අයට කෙළින් මේ ගැන කතාකරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ඔව්, ෆ්‍රැන්ජිපානි ඇවිත්!!! ඉතින් දැන් අපි කතාකරමු...... 


කුලරුවන් ගමගේ කැමරාකරණයෙන් සහ සිතුම් සමරජීව සංස්කරණයෙන් ලොකු දායකත්වයක් දෙනවා. ඒ දෙන්නාම තිරයෙන් පිටුපස ලොකු වැඩක් කරනවා. (මා නොදන්න තවත් තිරය පසුපස කට්ටිය ඇති) 


භූමි සුවිශේෂීයි. ඇය ඕනෑම කෙනෙකුගේ ආදරය ලබන කෙනෙක්. ඇගේ හඬ ඉතා ප්‍රභලයි. 

ඉතාම නිවුණු විදියට. ඇය සටන් කරනව

ඒ වගේම යශෝධා රසඳුනි. යශෝ මේ වගේ තේමාවක් තියෙන ෆිල්ම් එකක් භාරගනිද්දී චැලේන්ජ් එකක්. ඇය බයනැතිව අභියෝගයට මුහුණදුන්නා. වැඩිය මුණ නොගැසුනත් ඇය අපේ ආදරය ගෞරවය ලබන දක්ෂයෙක්. සුභපැතුම් යශෝ.


පසුබිම් කතා කියන්න සෙකියුරිටි සයිස් ඉඩක් ගියා..... 


ෆිල්ම් එක ගැන කම්කරු සයිස් එකෙන් කියන්න පුළුවන්. 


ඇත්තටම ෆ්‍රැන්ජිපානි කියන්නෙ හැමෝගෙම ආදරයට පාත්‍ර වුණ වැඩක්. ටීම් එකේ නිහතමානීකමත් ෆිල්ම් එක දුවන නිවුණු අනායාස ගතියත් ඒකට හේතුවක්.,  සාමාන්‍යයෙන් දකින ගැහැණු පිරිමි ආදර කතාවක රිද්මය ඇතුලෙම ෆ්‍රැන්ජිපානි රඳවල තියෙනව.ප්‍රේක්ෂකයාට දිරවන්න අමාරු තැනකට ගිහින් නැහැ.

එකිනෙකාට ආදරය කරන පිරිමි දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් පිරිමියෙක්ට ඔහු සමකාමී බව නොදැන තරුණියක් ආදරය කරනව. මේ තුන්දෙනා හොඳම යාළුවෝ විදියට ඉන්නවා. 

පිරිමි දෙන්නාගෙන් එක්කෙනෙක් (ජෙහාන් හෙවත් නලින්) හිතන්නේ සමකාමී බව එළිදරව් වුණොත් තමන්ගේ අනාගතය අවුල් වෙයි කියලා. ඔහු බයෙන් සමාජය ඇතුලේ කැමා වෙනවා. ‘මට කැපී පේන්න බැහැ.‘ ඔහු කියනවා. 

අනිකා (දසුන් හෙවත් බස්සා)  එක එකාට බයේ හැංගි හැංගි ඉන්න බැහැ කියලා හිතනවා. ඔහු හිතන්නේ සමකාමී බව එළිදරව් කරලා ජීවත්විය යුතුයි කියලා. කෙල්ල (යශෝ හෙවත් ඉස්සී) ආදරේ අනිකාට.

බස්සා කෙල්ලට අකැමති වෙද්දී ඉස්සී ඔහු එක්ක තරහා වෙනවා. නලින් ඉස්සීව බඳිනවා. එතැනින් පස්සේ ආදර ත්‍රි කෝණය හැළහැප්පීම් මැද්දේ ගිහින් තුන්දෙනා එක්තරා සාමකාමී තැනක යළි නවතිනවා. මේක ඛේදාන්තයක් නෙවෙයි.!

සමකාමී බව හංගාගෙන ඉඳීමෙන් ප්‍රශ්ණ අඩුවෙනවාට වඩා වැඩිවෙන්න ඉඩතියෙන බවයි කියන්නේ.  


සිනමාහල් ෆ්‍රැන්ජිපානි නිසා ආදරයෙන් පිරෙනව. 


ඉක්මනින් සිනමාහලක ඔබේ අසුන වෙන්කරවාගන්න. 

ආදරයේ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්න.

මේ බ්ලොග් අඩවිය සම සෙනෙහස් ප්‍රජාව ගැන කතාකරන බ්ලොග් එකක්! මේකත් කියවන්න. තහනම් ගහ

මේ මම මීට කලින් ලියූ පෝස්ට් එකක්. මම සමකාමියෙක් 

18 comments:

  1. මට හිතෙනවා මේ චිත්‍රපටිය සාර්ථක වෙයි කියලා. මේ සම්බන්දව ලියවුනු ලිපි කාලයක සිට ෆලෝ කරමින් සිටියා. බයකුත් තිබුනා රිලීස් කරන්න දෙයිද නැද්ද කියලා. විසාකේසලා, ආරියවංශලා, ශමීරලා, මලිත්ලා එක්ක සිංහල සිනමාව නව දිශාවකට ඇතුල්වෙයි කියා මට හිතෙනවා. ඒක කොහොමවත් නවත්වන්න බැහැ.

    ප්‍රේමය නම්, දැකලා පුරුදු කෙනෙක් වගේ නිර්මාණ එලියට එනකොට මේ පරපුර ගැන විද්වත් කතකාවක් ජාතික තලයේ ඇතිවේවි. ඒ දිනය එනතුරු බොහෝ කාලයක් සිට බලා ඉන්නා වැඩිහිටියෙක් ලෙස මට ඇත්තේ ඔවුන් ගැන සියුම් ආඩම්බරයකි. ඔවුන් සියල්ලන්ටම හද පතුලෙන්ම සුබ පතන්නෙමු. මුවහත් තාරුන්‍යට, මොටවූ රසිකත්වය ගොඩ නැගීමට ජවය හා ශක්තිය පතමි. මේ පෙරලීම රූපවාහිනිය තුලද සිදුවිය යුතුමය. එය හෙමින් හෙමින් සිදුවන බවක්ද පෙනෙන්නට තිබේ. ලක්මින අමරදේවගේ ඒ ලෙවල් ඉවරයි තුලින් පටන් ගෙන ඉතාමත් සෙමින් වුවත් ගමනක් ආරම්භ වී ඇත. මෙවැනි නිර්මාණ කිහිපයක් නැරඹුවෙමි.

    ලක්මිණ අමරදේවගේ...A/Lඉවරයි,.. විභාග ෆේල්
    සුරංග ලක්මාල්ගේ...කොළඹ අපි ආවා
    සුමිත් රත්නායක.....මද්දහන
    ඔක්ෂාන් විජේරත්න...ගොළු තාත්තා
    සිවගුරුනාදන්ගේ...බොහොමියානුවා
    සරත් ධර්මසිරි....සත්පතිනි.............ඉන් කිහිපයක්.

    ReplyDelete
    Replies
    1. වේදිකාවත් අමතක නොකරන්න

      Delete
    2. මේ වගේ නිර්මාණ කිහිපයක්ම මම බැලුවා....
      වේදිකාව ගැන නම් වැඩි අවබෝධයක් නැහැ.
      හැබැයි සිනමාවේ හොඳ තැන් තියෙනවා..
      ඩෙනිස් පෙරේරාගේ ත්‍රීවීලර් ඩයරීස්, උදය ධර්මවර්ධන සහ චින්තනගේ ෆිල්ම්, නිනෝ ලයිව් වගේ ෆිල්ම් සෙට් එකක් තියෙනවා ඉදිරියේදී එන්න...
      මම හිතනවා සත්‍යජිත් මාඉටිපේ තවත් නිර්මාණයක් කරාවි කියලා...
      සිනමාවට හොඳ අනාගතයක් තියෙනවා වාගෙයි

      Delete
    3. ඔව් චාමර. වේදිකාව සම්බන්දවත් නිරතුරු කතාබහක යෙදෙන්න ඕන. කරුමෙට මේවා බලාගන්න විදිහක් නැහැ.

      උඩුවා මේ නව නිර්මාණ පිලිබඳ දක්වන උනන්දුවත්, ඒ පිලිබඳ සටහන් තබමින් බ්ලොග්ස් තුලින් දක්වන දායකත්වයත් අප කවුරුත් අගය කල යුතුයි.

      Delete
    4. උඩුවෝ.....මම මේ වෙන බ්ලොග් එකක දාපු කමෙන්ට් එකක්. මෙතනට ගෙනත් දැම්මේ පොඩ්ඩක් අදාල නිසා.

      ////////මම නිර්මාණයකදි වඩාත් රස විඳින්නේ රඟපෑම් කියන කොටස. ඕනෑම ගොබ්බ ප්‍රඩක්ශන් එකක වුනත් හොඳ රංගන ශිල්පීන්ගෙ වැඩ දකින්න පුලුවන්. දසුන්ලා ඉතාම නිදහස්ව චරිත තුල ජීවත්වීමට ගන්නා උත්සාහය මට නම් රස විඳීමට කිසිම බාධාවක් නොවේ. දසුන්ට සමහරක් වචන හසුරුවීමේ අපහසුතාවයක් තියෙනවා. එය රංගනයට අඩුපාඩුවක් නොවේ. තටම තටම රඟපාන බව ප්‍රෙක්ශකයාට පෙන්වමින් සාම්ප්‍රදායික නාඩගම් ශිල්පීන්ගෙන් එහා ගිය නිදහස් රංගනයක මේ නව පරපුර තම කටයුත්ත කරගෙන යන්න උත්සාහ කරනවා. විචා... මෙන්න මේ කියනා නව පරපුරේ ශිල්පීන් දෙස අවධානයෙන් ඉන්න.
      හිමාලි සයුරංගි
      සමනලී ෆොන්සෙකා
      සුලෝචනා වීරසිංහ
      සමාධි ලක්සිරි
      නදී පේලිආරච්චි
      ප්‍රියංකා සමරවීර
      ප්‍රසාදනී අතපත්තු
      ශලිනි තාරකා
      උමාලි තිලකරත්න
      ගංගා බංඩාරනායක
      අනුරුද්ධිකා පාදුක්ක ආදී වශයෙන් තව බොහෝ අය.

      ප්‍රියන්ත සිරිකුමාර
      රොශාන් රවීන්ද්‍ර
      සම්පත් ජයවීර
      දසුන් පතිරන
      එරංග ජීවන්ත
      කළණ ගුණසෙකර
      ජගත් මණුවර්ණ
      ජයන්ත මුතුතන්ත්‍රි
      ධර්මප්‍රිය ඩයස්
      බිමල් ජයකොඩි
      සරත් කොතලාවල
      ජෙහාන් ශ්‍රීකන්ත්
      දර්ශන් ධර්මරාජ්
      දිමුතු චින්තක
      මධුර ප්‍රභාශ්වර
      ගාමිනි ජයරත්න
      හේමන්ත ඊරියගම
      සජිත අනුත්තර
      ආනන්ද කුමාර උන්නැහේ
      සුමිත් රත්නායක
      ආදී වශයෙන් දිග ලිස්ට් එකක්. මට මේ සියල්ලක් දෙනා පිලිබඳ වෙන් වෙන්ව ගත හැකි විවිධවු රංගන හැකියාවන් පේනවා. ඒ මම රඟපෑම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනා නිසා වෙන්න ඇති. මොවුන් හැබෑ දක්ශයෝ...අනාගතය තමයි මේ. චාමික හත්තලවත්ත, උද්දික ප්‍රේමරත්න අමතක වුනා, ඒ වගේම තමයි ඉංග්‍රීසි වේදිකාවෙන් ආපු ශ්‍යාම් ප්‍රනාන්දු, බිම්සරා ප්‍රේමරත්න වගේ අය, තරුනයෙක්ම නොවුනත් දයාදේව එදිරිසිංහ මගේ ලෝකයේ පොරවල්./////////////////

      Delete
    5. what about Thumindu Dodanthenna, Sachini Ayendra and Rithika Kodithuwakku

      Delete
  2. ෆ්‍රැන්ජිපානි ලංකාවෙ මහජන ප්‍රදර්ශනයට ඉඩ ලැබෙයි කියල මටනම් හිතුනෙම නෑ. ඒ හින්ද ඒ ලැබුණු අවසරයම ඉදිරි පියවරක්.තරිඳු කියනව වගෙ මෙතනින් එහාට යන්නෙ කොහොමද කියලයි දැන් කතිකාවක් ඇතිවෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.... සමකාමී අය වගේම සමකාමීන්ගේ හිතවතුන්... සහාය දක්වන්නන් එකතු වෙන්න ඕන

      Delete
    2. /////මෙතනින් එහාට යන්නෙ කොහොමද කියලයි දැන් කතිකාවක් ඇතිවෙන්න ඕන..//////////

      රවී.....මෙන්න මේ කතාව ඉතා වැදගත්. මගේ පෞද්ගලික අදහස තමයි කලාවේ ඉදිරිය තීරනය කිරීම සඳහා රජයේ උදව් නෙමේ රජයේ මැදිහත්වීම අවම කල යුතු බවයි. ඒ ප්‍රමානවත්. මොකද මේ රජය සහ අපේ මාතෘකාව එකාට එකා වහකදුරු වෙනවානම් තමයි, ඉදිරිගාමි, වඩා නිදහස් නිර්මාණ කරුවෙක් බිහිවෙන්නේ සහ අඩුම ගානේ හිතන්න පුලුවන් මැදිහත් පුරවැසියන් පිරිසක් බිහිවන්නේ. නැද්ද මං අහන්නේ..

      මියුසික් කියන ආර්ට් එක ගත්තාම රජයක් ගැන කතාවක් ඇත්තෙම නැහැ. හොඳ සහ නරක සියල්ල වෙනවා. ඒත් කවුරුත් මහ ලොකු ප්‍රශ්න කිරීම් නැහැ. හොඳ මොකක්ද නරක මොකක්ද කියලා මිනිස්සු තීරනය කරයි.

      උඹ කියනවා වගේ මේ කතිකාව මීට වඩා ඉදිරියට යායුතුයි. පතිරාජලා, වසන්තලා නවත්තපු තැනින් නෙමේ පටන්ගන්න ඕන...ඔවුන් පටන්ගත්ත තැනින් තමයි අලුත් අය පටන් ගන්න ඕන. මොකද පහු පහු වෙනකොට ප්‍රවීනයෝ කරපු නිර්මාණ පිලිබඳ මට එතරම් ගෝ එකක් නැහැ. ඒත් අමරදේව මාස්ටර් එහෙම උමාරියාලත් එක්ක කරපු නිර්මාණ ඉහලින්ම තියෙනවා.

      මචෝ... මේක මගේ පෞද්ගලික අදහස.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. doopath manasikathwayak tiyagena jeewath wena minissu inna mage lankawa wage rataka anawabodaya lingikathwaya gana kuhaka kamin kata karana e gana wiurthawa katha nokarana e sambandawa adyapanaya adu minissunge kuruwal olu walata kata karanna .....balanna nemei kiyawanna puluwan film ekak genawata godak pin math eka releas wenakam hitiye balanna yanna godak sathutu hithuna dakkama.........

    ReplyDelete
    Replies
    1. දැන් මේක දූපතක් නෙවෙයි. ගන්න ඕන හැම නරක දෙයක්ම එහෙන් ගන්නවා. හොඳ ගන්නෙ නැහැ.
      දැන් බලන්නකො. ෆෙංෂුයි ගත්තාය කියන්නේ චීනෙන්නේ

      Delete
  5. මේ සමරිසි බවට කැමති අයට ඒක සතුටක් වගේම
    තමත්ගේ ජෙන්ඩර් එකේම සම රිසිඅය දිහා උපෙක්ශාවෙන් බලන්න
    උඹට පුලුවන් උනත් ඒක මට ටිකක් අප්සටි,අමාරුයි වගේ බං :/

    ReplyDelete
    Replies
    1. මටත් ඒ තරම් පහසු නැහැ. තේරුම් ගැනීමයි වැදගත්

      Delete
  6. මාතෘකාව අලුත් වගේම විවාදාත්මක නිසා මෙහෙම දෙයක් ලංකාවේ සිද්ද වෙච්චි එක අගය කරන්න ඕනි වගේම චිත්‍රපටයක් විදිහට එතරම් හොද නෑ කියනෙකත් කියන්න කැමති.

    ReplyDelete
    Replies
    1. මට නම් ෆිල්ම් එකත් හොඳයි

      Delete
  7. සංකල්පය හොඳයි.... ඒත් ෆිල්ම් එක බලලම ඉන්නම්කෝ....

    ReplyDelete