![]() |
| ඡායාරූපය සංකේතයක් පමණි |
Showing posts with label සංස්කෘතිය. Show all posts
Showing posts with label සංස්කෘතිය. Show all posts
Tuesday, June 19, 2018
ලිංගිකව එක්වූ බාලවයස්කාරයන්..... ( Photos )
ගිය සතියේ අනුරාධපුරයේදී නවයොවුන් තරුණියක් එක්ක ලිංගික ඇසුරක් පවත්වපු තරුණයෙක්ට ඒ දැරියවම විවාහ කරදෙන්න තරුණියගෙ පවුලම මැදිහත් වුණ සිදුවීමක් වාර්තාවෙලා තිබුණා. ඇයට දැරියක් යැයි කීවත් ඇයට වයස අවුරුදු 18යි. ඒ තරුණයාට වයස අවුරුදු විස්සක් ඇති. මේ දෙන්නා නිවසේදී හොරෙන් ලිංගිකව එක්වෙලා. තරුණයා මේ ඇසුර තරුණයා වීඩියෝ කරලා තියෙනවාලු. පොලීසියට ලැබුණු 'ඔත්තුවක්' නිසා මේ තරුණයා සහ තරුණිය සිටි නිවසට ඇතුලුවෙලා. තරුණයාව අත්අඩංගුවට අරන් මොකක්හරි චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම් කරලා. මේ මුලු සිදුවීම් මාලාවම හරි විකෘතියි. අපේ සමාජයේම විකෘති බව සිදුවීම් මාලාව ඇතුලේ තියෙනවා.
Saturday, October 22, 2016
ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු
ඊයේ ගියා ෆ්‍රැන්ජිපානි මංගල දර්ශණයට!
ඒ ඔබ විරුද්ධ ලිංගිකයෙක්ව කිස් කරන්න කැමති නිසා. බහුතරය කැමති විරුද්ධ ලිංගිකයෙක්ට ආදරය කරන්න වෙන්න ඇති.
![]() |
| යශෝ, ජෙහාන් සහ දසුන් |
මතක තියාගන්න. කිස් කරන එකවත් සෙක්ස් කරන එකවත් විතරක්
නෙවෙයි. බහුතර අප විරුද්ධ ලිංගිකයෙකුගෙන් බලාපොරොත්තු වන ෆැමිලි, ලව්,
අෆෙක්ෂන්, ශෙයාරින්, කෙයාරින්, බෝල බෙයාරින් ආදී සියළු දේ සම ලිංගික
කෙනෙකුගෙන් බලාපොරොත්තු වීමයි සම සෙනෙහස කියල කියන්නෙ.
Monday, April 11, 2016
අවුුරුද්ද
අවන්ත ආටිගල ලියලා
තිබුණා කොටුවේ වෙලෙන්දෙක් බීම වල මිල නොදන්න අහිසංක ගැමියෙක් බීම එකක් ඉල්ලූ වෙලාවක රෙඩ් බුල් එකක්
පොවලා ඔහුව රවට්ටපු සිදුවීමක් ගැන. ඒක ඇත්තටම පිටකොටුවේ වෙළෙන්දෙක් විසින් ගැමියෙක්ව
සූරා කෑමක් තමයි. ඒත් ලංකාව කියන්නේ සූරාකෑම ආයතනගත වුණ රටක්. කොටුවේ වෙළෙන්දා
කියන්නේ කවුද? මේ ක්‍රමය ඇතුලේ පුංචිම සූරාකෑමක් කරන කෙනෙක්. මේ ගැමියා පිටකොටුවට
ඇවිත් රෙඩ් බුල් එකක් බොන්නේ කොළඹට ආපු බස්කුලිය, කොළඹ විවිධ දේවල් මිලදී ගන්නකොට
වගේම අවුරුද්ද පුරාම රාජ්‍යයේ සහ ධනපතියන්ගේ සූරාකෑමට හා තමන්ගේම සගයන්ගේ සූරාකෑමට යම් තරමකට ලක්වෙලා. මේ ගැමියාව සූරාකන තවත් ලුම්පන් මිනිහෙක්ව අපට පෙනෙනකොට ධනපතියාව එහෙම පෙනෙන්නේ නෑ. ධනපතියා අපි ඉස්සරහට එන්නේ පුනර්ජීව වගේ අරමුදලකින් දේවදූතයෝ විදියට. රාජ්‍යෙය් නියෝජිතයෝ එන්නේ යුද්ධෙන් රට බේරාගත්ත වීරයෝ වගේ මූණු දාගෙන. අපි නිරාවරණය කරන්න ඕන ඔය මූණු... (ඒ වැඩේදී මට වඩා ප්‍රබල දායකත්වයක් අවන්තගෙන් ලැබෙනවා )
ගැමියාම රවට්ටපු කොටුවේ කඩේ කොල්ලා ස්වර්ග සුව විඳන්නෙක් නෙවෙයි.
Subscribe to:
Posts (Atom)

