Friday, October 07, 2016

නිහඬ උසාවිය රාවයට බයද? රාවය අධිකරණයට බයද?





උඩ තියෙන ෆිල්ම් එක තුන්වතාවක් බැලුවා මම. විවිධ අවස්ථාවල කළ ප්‍රදර්ශණයන් හොයාගෙන ගිහින් බැලුවේ. ඉදිරියටත් කිහිප වතාවක්ම බලන්නයි ඉන්නේ. 

මේක විතරක් නෙවෙයි.. නෝ ෆයර් සෝන්, ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්, සිටිසන්ෆෝ, ස්පොට්ලයිට් වගේ මම නිතර බලන ෆිල්ම් සෙට් එකක් තියෙනවා.... 


මේ ෆිල්ම් එක බලන හැම වතාවකම මගේ රෝම කූප ඇතුලෙන්ම එනවා හැඟීමක්. ඒ ෆිල්ම් සමහර ඒවා වාර්තා චිත්‍රපටි. නැත්නම් සැබෑ සිදුවීම් ඇසුරින් හදපු චිත්‍රපටි. 

ඒ ෆිල්ම් බලද්දී එන ෆීලින් එක මාව මේ රැකියාව ඇතුලේ තියාගෙන ඉන්න හේතුවෙනවා. තවත් උනන්දුවෙන් වැඩ කරන්න හිතෙන්නේ ඒක දකිද්දී...

සයිලන්ස් ඉන් ද කෝට්ස් බලද්දී එන්නේ සෑහෙන ආත්මීය බැඳීමක් එක්ක හැඟීමක්.... 

ඒවා කෙසේ වෙතත් දැන් ෆිල්ම් එක පෙන්වන්න එපා කියලා තාවකාලිකව අතුරු තහනම් නියෝගයක් දීලා තියෙන්නේ. 

දැන් බොහෝ දෙනෙක් ෆිල්ම් එක ගැනත් එයට පසුබිම් වූ රාවයේ හෙළිදරව් ගැනත් (සමහරු ස්වර්ණවාහිණියේ හෙළිදරව් ගැනත්) කතාකරනවා.

ඒක හොඳයි.... මොකද එහෙම තහනමක් දුන්නාම හොරෙන් හරි කට්ටිය ෆිල්ම් එක බලනවා. දැන් සිනමාව කියන්නේ තහනම් කරලා හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ෆිල්ම් එකක් තියා මිනිහෙක්ගේ අදහස් වුණත් එහෙම හංගන්න බැහැ. මිනිහෙක්වවත් හංගන්න බැහැ. ඇත්තටම ලෙනින් රත්නායක මේ වෙලාවේ මෝඩ පියවරයක් ගත්තේ. 

ලෙනින් රත්නායක මිලියන හයසීයක වන්දියක් ඉල්ලලා ප්‍රසන්න විතානගේට එන්තරාවාසි යවලා තිබුනේ මාස ගාණකට කලින්. ඒත් ප්‍රසන්න උත්තර දීලා තිබුණා ෆිල්ම් එකේ තියෙන හැම කරුණක්ම සත්‍ය බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් කියලා. ඒ වගේම නඩු පැවරුවොත් ඒකට වන්දි ඉල්ලනවා කියලා ප්‍රසන්න දැනුම් දීලා තිබුණා.

ඒකෙන් ඒ වෙලාවේ ලෙනින් ලොක්කා කටවහගන්න තරම් බයවෙලා තිබුණා..... ඒ වෙලාවේ හිතන්න ඇති නඩු දාලා ෆිල්ම් එක ප්‍රසිද්ධ කරන්න ඕන නැහැ කියලා. දැන් ෆිල්ම් හෝල් එකක පෙන්වද්දී පොර බයවෙන්න ඇති. පොර දන්නෙ නැද්ද දන්නෑනේ රීගල් එකේ දවසකට එක දර්ශනවාරයක් පෙන්වන්න විතරයි ෆිල්ම් එක දාලා තිබුනේ කියලා. 

ටික දවසක් බලලා යම් පිරිසක් අතරේ විතරක් කතාබහට ලක්වෙන්න තිබුණු ෆිල්ම් එකක් සමස්ථ සමාජයේම කතාබහට ලක්වෙන තත්වයට ආවා.

ලෙනින් රත්නායක කාන්තාවන් දෙන්නෙක් තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරලා ලිංගික සංසර්ගයට පොළඹවාගත්තා. ඒක දැනගත් මුල් අවස්ථාවේ ඉඳන්ම රාවය දිගින් දිගටම ඒකට විරුද්ධව සටන් කළා. 1999 ඉඳන් මේ වෙනකන් රාවය මේකට විරුද්ධව සටන් කලා. ඒත් අද වෙනකන් ලෙනින් රත්නායක රාවයට නඩු පවරලා නැහැ. 

හැබැයි ප්‍රසන්නගේ ෆිල්ම් එකටත් මේ සිදුවීම ගැනම ස්වර්ණවාහිනියේ 2012 දී ගිය වාර්තා වැඩසටහනකටත් ලෙනින් රත්නායක නඩු පවරලා තියෙනවා.

රාවයට නඩු පැවරුවේ නැත්තේ මිනිස්සු අතරට යන්නෙ නැහැ කියලා හිතපු නිසාද? නැත්නම් රාවයට බය වුණ නිසාද?

මේ සිදුවීමේ අනිත් කොටස ලෙනින් රත්නායකට නඩු නොපවරා බේරගත්ත සරත් නන්ද සිල්වා කියන හිටපු නීතිපතිවරයාව චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් අගවිනිසුරු ලෙස පත්කිරීම. ඒ සිදුවීම එක්ක එක් කාන්තාවකට වුණ අසාධාරණයකින් පටන්ගත්ත සිදුවීමක් සමස්ථ අධිකරණයේ නායකයාට එරෙහිව ගෙනියන සටනක් බවට පත්වුණා. නිතැතින්ම එය සමස්ථ අධිකරණය එක්ක කරන සටනක් බවට පත්වෙන්න ඇති.



ඒවා කොහොම වුණත් සරත් නන්ද සිල්වාත් ලෙනින් රත්නායකත් උපද්‍රවයක් නැතිව විශ්‍රාම යනතුරු සේවය කළා.............. . . . . . .

රාවය අනෙක් රාජ්‍ය ආයතන ගැනත් අධිකරණය ගැනත් ඇහැගහගෙන ඉන්න පත්තරයක්... 

මේ චිත්‍රපටිය ගැන නෙවෙයි රාවය ගැන කියන්නයි සටහන ලියුවේ.... මම මේ චිත්‍රපටිය ගැන කතාවෙන් වෙන තැනකට ගිහින් පොඩි කාරණයක් විතරක් ලියා තියන්නං....

වික්ටර් අයිවන්, උවිඳු කුරුකුලසූරිය, ආනන්ද ජයසේකර වගේ අය ඒ කාලයේත් ජනරංජන, සංජීව, ලසන්ත වැනි අය මේ කාලයේත් පුද්ගලයන් විදියට මැදිහත් වෙමින් රාවයේ මාධ්‍ය වේදීන් කණ්ඩායමක් විදියට නිතර අධිකරණය දිහා ඇහැගහගෙන හිටියා.  

තිළිණ ගමගේ සිද්ධිය

අධිකරණයෙන් දෙන තීන්දු වගේම අධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් රාවයෙන් ප්‍රශ්ණ කළ අවස්ථා බොහෝයි. තිළිණ ගමගේ, කණිෂ්ක විජේරත්න, ශිරාන් ගුණරත්න වැනි අයව වර්ථමානයේත් උපාලි අබේරත්න, ලෙනින් රත්නායක, සරත් නන්ද සිල්වා වැනි අය එවන් ප්‍රශ්ණ කිරීම් සහිත ගමනක කොටස් විතරයි. 

කෙනෙක් කියනවා අධිකරණය තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි, අධිකරණයෙන් වැඩක් නැහැ. අධිකරණය ඵලවිරහිත බව පෙන්වන වාර්තා තමයි මේ... කියලයි.

ඇත්තටම රාවයට අධිකරණය අවිශ්වාසද?

නැහැ, අපට අධිකරණය විශ්වාසයි. අපි අධිකරණය විශ්වාස කරනවා. නීතිය විශ්වාස කරනවා. ඒ විශ්වාසය නිසාම තමයි ඒ දිහා ඇහැ ගහගෙන ඉන්නේ. එහි පාරිශුද්ධභාවය පිළිබඳව වධ වෙන්නේ. රාවය අධිකරණය එක්ක හැප්පෙනවා නෙවෙයි. අධිකරණයේ නම කැත කරන බහිරවයන්ට එරෙහිවයි අපි සටන් කරන්නේ. ඒ නිසා උසාවිය නිහඬයි කියන චිත්‍රපටයට පාදක වුණ රාවය වාර්තා උසාවියේ නිහඬ තැන් පෙන්වමින් ඒවා හඬනංවන්න ගත්ත උත්සාහයක්. ඒක නොනිමි අරගලයක්. 

අපට තියෙන්නේ අධිකරණය ගැන අවිශ්වාසයෙන් යුතු එළඹීමක් නෙවෙයි. 

අධිකරණය විතරක් නෙවෙයි සමස්ථ රාජ්‍යයයේ ආයතන වලට අපේ විවේචන එන්නේ ඒවා යහපත්ව පාලනය කරන තැනකට ගෙන ඒමේ අරමුණින්..... 


එහෙම නැත්නම් ඒ ආයතන පද්ධතිය පෙරළලා සමාජවාදයක් ගේන්න වගේ අරමුණකින් නෙවෙයි. රාවය කවදාවත් ඒ වගේ පත්තරයක් වෙලා තිබුණෙත් නැහැ. ඉදිරියේ වෙන්නෙත් නැහැ. මට හෝ කාට හෝ විවේචන තිබුණත් නැතත් මොනවා කිව්වත් රාවය පටන්ගත්තේත් දැන් පවතින්නේත් මේ ක්‍රමයේ තියෙන ගඳගහන දුර්වල තැන් නිරීක්ෂණය කරමින් ඒවා වඩාත් යහපත් තැනකට ගෙන ඒම වෙනුවෙන්. 


මේක ආණ්ඩු විරෝධි පත්තරයක් නෙවෙයි... ආණ්ඩු හදන පත්තරයකුත් නෙවෙයි..... දේශපාලන පක්ෂයක් වගේ දේශපාලන අදහස් තියෙන තැනකුත් නෙවෙයි.... 

දැන් රාවයට අවුරුදු තිහයි. තව අවුරුදු ගාණක් රාවය පවතීවි. 



ලොකු වෙනස්කම් වලට රාවය මැදිහත් වේවි.... 

15 comments:

  1. තාජුඩීන් ගේ ඇටේ සයිටම් එකෙන් උත්තානය වීම ගැන රාවය ඉන්වෙස්ටිගේසන් එහෙම කොරයි නේද?

    ReplyDelete
  2. ඔබගේ ලිපියක් මේ පාර රාවයේ හෙඩ්ලයින් එක. මම අවුරුදු බර ගණනක රාවය පාඨකයෙක්.

    ReplyDelete
  3. මේක බලන්න විදිහක් නැතෙයි ? මේවා ලියල අපිව කුලප්පු කරනව නම් බලන්නත් විදිහක් තිබුනානම් හොදා ....

    ReplyDelete
  4. නියමයි.මේක කියෙව්වාම ඇත්තටම කම්පනයක් ඇති වුනා. පත්තරකාරයෙක්ගෙන් අපි බලාපොරොත්තුවෙන, පණිවිඩය, කම්පනය අඩු නැතුවම තියනවා. පත්තරකාරයා කියන එක කැත වගේ නං , ඒකෙ glorified version එක - "පුවත්පත් කලාවේදියා" කියල දා ගන්න.

    සාමාන්‍යයෙන් විවේචන නොම-ඉවසන " අපි තමයි දන්නෙ, අපි කියනවා, උඹලා අහපල්ලා" සම්ප්‍රධායික පුවත්පත් කලාවෙන්, ඔබ්බට යාම ගැනත්, සරල භාෂා ශෛල්‍ය ගැනත් මගේ ප්‍රණාමය.

    යකඩෝ , සාරසා මෙතනටත් ඇවිත් තප්පුලලා ගිහින් නෙව? :)

    ReplyDelete
    Replies
    1. //යකඩෝ , සාරසා මෙතනටත් ඇවිත් තප්පුලලා ගිහින් නෙව? :) //

      විරුද්ද මතයක් ඉවසන්න බැරි නම් උඩුවා හරි ජර්නලිස්ට් කෙනෙක් නෙවෙයි..... ඒ හන්දා ඔහේ කලබොල වෙන්න එපා හිටන්!

      Delete
    2. // හරියට නෙතිය සහ සාමය ආරක්සා වෙන්නේ පොලිසියෙන් වත් අදිකරනයෙන් වත් නෙවෙයි...//
      මට නං විස්වාස කොරන්න අමාරුයි හිටං.

      //ඒක සිද්ද වෙන්නේ මිනිසුන් විනයකට අනුව ජීවත් වීමට ඉගෙනගැනීමෙන් පමනයි!//
      ඒක එහෙම වෙයිද හිටං?

      දැං කව්දැ ඔය මිනිස්සුන්ට "විනයකට අනුව ජීවත් වෙන්න" කියල දෙන්නෙ? බඩුකාර හාමුදුරුවොද,බෝතල් වලින් කප්පං ඉල්ලල නොදුන්නාම පොලිස් ගැන්සිය මෙහෙයවපු ඒ, එස්.පී ද? මිනීමරුවො බලන්න , රෙද්ද කරට අරගෙන දුවපු රටේ ආරක්ෂක ලේඛම්ද, නැහ්නං හැම දේටම " යහපාලනේ සැපද" විරුද්ධ මතය ප්‍රකාශ කරන බයියොද? :)

      Delete
  5. ඒ දවස් වල රාවයේ මේක ගිය එක මව ලොකු කම්පනයකට පත් කලා . ඒ විතරක් නෙමෙයි සරත් නන්ද සිල්වා අගවිනිසුරු වුනු එකාත් මාව ලොකු කම්පනයකට පත් කලා . මේ දෙදෙනාම ඇත්තටම ඉන්න ඕනේ නිදහසේ නෙමෙයි. ඇතුලේ. දැන් සරසා වගේ උගත් අය තාජුදීන් ගේ ඇටේ ගැන කතා කරන්නේ රටේ අධිකරණය ගැන හා දේශපාලකයන් ගැන දන්නා නිසා. අර ගැහැණියට වුනු අසාධාරණය ගැනවත් හැඟීමක් නැතිව එහෙම කතා අක්රනන් පුළුවන් මේ රජයත් අර චන්ද්‍රිකා සරත්ව උඩට ගත්ත වගේ කරනවයි කියන එක සරසා හොඳින් දන්නා නිසා. මේ සයිකල් එක කඩන්න තමයි ඕනේ. අධිකරණය බේරා ගැනීමට සටනක් කරන්න වෙලා තියෙන්නේ එහම අධිකරණයෙන්මයි.

    ReplyDelete
  6. // දැන් සරසා වගේ උගත් අය තාජුදීන් ගේ ඇටේ ගැන කතා කරන්නේ රටේ අධිකරණය ගැන හා දේශපාලකයන් ගැන දන්නා නිසා. //

    අදිකරනේ නීතිය සහ හාමය ගැන කෑගැහුව ඔහෙලා ම නේද දැන් අදිකරනෙ විවේචනේ කොරන්නේ?

    අදිකරනේ ඔනැවට වඩා සක්තිමත් වුනාම ( ඔහෙලගේ යහපාලන මෙතඩ් එකට ) විනිශ්ච්ය කාරයෝ පිස්සු කෙලින එක වලක්වන්න බැහැ.. හැබැයි ඔහෙලා අදිකරනේ සක්තිමත් කොරන හන්දා ඊට විරුද්ද වෙන්නත් බැහැ...

    හරියට නෙතිය සහ සාමය ආරක්සා වෙන්නේ පොලිසියෙන් වත් අදිකරනයෙන් වත් නෙවෙයි...

    ඒක සිද්ද වෙන්නේ මිනිසුන් විනයකට අනුව ජීවත් වීමට ඉගෙනගැනීමෙන් පමනයි!

    ReplyDelete
    Replies
    1. අමතක කොරන්න එපා උත්තානය වන තාජුඩීන් වහන්සේ ගේ ඇටේ සයිටම් එකට ගෙනෙහින් තියෙන්නේ සයිටම් එකේ ගරු උපකුලපති, හිටපු කොලඹ ප්‍රදාන අදිකරණ වෛද්ය නිලදාරියා විසින්!

      Delete
  7. චිත්‍රපටියට අතුරු තහනම් නියෝගය ආශීර්වාදයක් වෙලා තියෙන්නේ.නොමිලේම හොඳ ප්‍රචාරයක් ලැබිලා තියෙන්නේ.
    මම බැලුවේ මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න ප්‍රසන්න විතානගේ පාදක කර ගත්තු වික්ටර් අයිවන් ගේ "නොනිමි අරගලය" කෘතිය මිලදී ගන්නයි.

    ReplyDelete
  8. කලකට පසු හොඳ ලිපියක්...

    ReplyDelete
  9. සමස්ථ,වර්ථමාන කියල ආයෙ ලියන්න එපා. අනවශ්‍ය මහප්‍රාණ, එතැනට යෙදෙන්නෙ අල්පප්‍රාණ අකුරු. සමස්ත,වර්තමාන. ඔබ පුවත්පත් කලාවේදියෙක් නිසා විශේෂයෙන් කීවේ.

    ReplyDelete
  10. මේ වෙලාවේ මේ රටේ අදිකරණය ගැන රටේ විශ්වාසය ඇති කරවන්ට ඕනිනම් පොයින්ට් තුනක් තියෙනව.

    01. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට කොහෙන්ද මිනිස් අවයව කොටස්?
    02. ලෙනින් රත්නායක කියන මනුස්සයාගේ කේස් එක ආයෙ මුල ඉඳල විභාග කරන්ට ඕනි.
    03. සරත් n සිල්ව කිව්වා මහින්ද ට එරෙහිව සුනාමි මුදල් සම්බන්ද අදිකරණ තීන්දුව වැරදියි කියල. ඒහෙනම් ඒ ප්‍රකාශයම ඇති මහින්දව වරදකරු කරන්නත් සරත් n සිල්වා පුද්ගලයෙකුට පක්ෂව තීන්දුවක් දීම සම්බන්දයෙන් වැරදි කරු කරන්ට.

    ඒත් දැනට ඉන්න නීති පතිත් මහින්ද වාදියෙක් වගේම හොර තක්කඩියෙක් නිසා මේ වගේ කාරණා පුවත්පත් මගින් ජනතාව අතරට යවල ජනතාව මගින්ම අබියෝගයට පත්කරන එක තමයි හොඳම දේ.

    ඔය මහලොකුවට කියවන තජුඩින් ලසන්ත කේස් එකත් දේශපාලන සංදර්ශන විතරයි.

    රාවයට ජය වේවා..!! 👍🏽

    ReplyDelete
  11. ඔය එකක්වත් නෙමෙයි මම නම් දකින්නේ. රාවයට වඩා ඔතන් කැපී පේන්නේ වික්ටර් අයිවන් කියන පුද්ගල සාධකය. නිකමට හිතහන් වික්ටර් අයිවන් කෙනෙක් උන්නේ නැත්නම් මේ රටේ තත්වය. අම්මට හැමනිලාම තිය්‍රයි. මගේ ජීවිතයෙදි මම මාද්දිය කාරයො තුන් දෙනයි දැක්කෙ. දෙන්නෙක් මරලා දැම්ම බල්ලො වගේ. රෝහණ කුමාර සහ ලසන්ත. අනිකා වික්ටර්.

    ReplyDelete
  12. බෙලි කපන, එල්ලන, ගිණි තියන, වතුරේ ගිල්වන ඔය සිය ගණන් වීඩියෝ මම බලලා තියෙනවා ඒවා නිකන් මූවිස් වගේ. ඒවා හදන්නේ, ඒවායේේ වැඩ කරන්නෙත් ප්‍රොෆෙෂනල් අයිසිස් මීඩියා ඔෆිසර්ලා තමයි.

    ඔය ඉස්ප්‍රියා වෙනුවෙන් කඳුළු හලන උන් දැනගන්න ඕනේ ඉස්ප්‍රියා සහ අයිසිස් මීඩියා ඔෆිසර්ලයි අතරේ වෙනසක් නැහැ කියලා. දෙගොල්ලම කළේ/කරන්නේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය හා ඒ වෙනුවෙන් පෙනී සිටීම. උන්ට සාධාරණ අවසානයක් ලැබෙන්න ඕනෑ කියලා එකක් නෑ.

    අනික දෙපැත්තෙන්ම වෙන දෙයක්නේ ඕක. යුද්ධේ කියන දේ තේරුම් ගන්න බැරිකමයි ඔය. අවි ආයුධවලින් කරන ලේ ගලන යුද්ධ ගත්තාම ධාර්මික යුද්ධ කියලා ජාතියක් නෑ. උන් අපේ ගම් පවුල් පිටින් කපලා කොටලා දානවා.. අපේ උනුත් ඒවයේ ඇරියස් අල්ලනවා. ඕවයේ යතාර්තය ගැන දැනගන්න ඇක්ටිව් සර්ව් කරපු ඥාතියො මිත්‍රයො එහෙම ඇතිනේ. අහලා බලන්න. ඕක තේරුම් ගන්න ඕනෑ ඔය මොනිටර් පිටිපස්සට වෙලා කොටන බූරු හැත්ත.

    ReplyDelete