Thursday, June 21, 2018

නීතීඥ සංගමයත් සාධුලාට බයද?

‘හාමුදුරුවරු සිරගත කරනවා. පොලිස්පතිවරයාගේ නීතිය නැවීමේ ක‍්‍රමය යටතේ ඉදිරිපත්වෙන බී වාර්තා ගැන පුදුම හිතෙනවා. බටහිර ජාතීන් සතුටු කරන්නට මේ නඩු තීන්දුව දීලා තියෙනවා. ඒ පසුපස ප‍්‍රබල ඇමතිවරුන් දෙන්නෙක් ඉන්නවා’





ඥාණසාර හිමියන් සිරගත කිරීමෙන් පසුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් හිමියන් දැක්වුවේ මෙවැනි අදහසකි. ඥාණසාර හිමියන්ව සිරගත කිරීමේ තීන්දුව ප‍්‍රතික්ෂේප කරමින් ප‍්‍රසිද්ධ මාධ්‍ය හරහා අදහස් පළ කළ කිහිපදෙනෙක්ම විය. එමෙන්ම ඒ තීන්දුව බටහිර ජාතීන්ට අවනත වීමක් ලෙස හැඳින්වූ අයද සිටියි. ඒ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරමින් කෙරුණු ප‍්‍රසිද්ධ උද්ඝෝෂණද බොහෝය.

මාගල්කන්දේ සුදත්ත නම් භික්ෂුව මෙය හැඳින්වුවේ භික්ෂු දඩයමක කොටසක් බවයි. ඥාණසාර හිමියන්ව සිරගත කිරීම පසුපස කුමන්ත‍්‍රණයක් ඇතැයි ඒ හිමියන් හඳුන්වා තිබුණි. එහිමියන් ඥාණසාර හිමියන්ගේ සමීපතමයෙකි.

බොහෝ භික්ෂූන් විසින් කියා තිබුණේිසුද්දාගේ නීතියට’ භික්ෂූන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් නැති බවයි. එවැනි ප‍්‍රකාශ මාධ්‍ය හරහාද පළ වී තිබුණි.

ජුුනි 19 වැනිදා පුවත්පත් රැසක ප‍්‍රධාන ප‍්‍රවෘත්ති දෙකක් එකවර පළවිය. එකක් ඥාණසාර හිමියන්ව සිරගත කිරීමට විරෝධය කරමින් භික්ෂූන් විසින් දැක්වූ විරෝධතාවයන් පිළිබඳවය. අනෙක් පුවත වන්නේ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන නඩුව පිළිබඳවය. ලංකාවේ අධිකරණ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශයක් පිළිබඳව නඩුව ක‍්‍රියාත්මක වෙයි. එම නඩුව හරහා මේ වනවිට සාකච්ඡාවට ලක්ව ඇත්තේ රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාසයක් කර ඇති බවයි.

රන්ජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශය අධිකරණයට අපහාසයක් යැයි කියමින් වහා ක‍්‍රියාත්මක වූ නීතීඥ සංගමය ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට විරුද්ධ වන පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ නැත. අධිකරණය සම්බන්ධයෙන් කොතෙකුත් අදහස් දක්වන ඒකාබද්ධ විපක්ෂය පිළිබඳව සැලකිලිමත් වන්නේ නැත. අධිකරණයට අපහාසයක්යැයි නීතීඥ සංගමයට පෙනුණේ රන්ජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශය පමණි.

නීතියේ ආධිපත්‍යය යන්නෙන් කාරණා කිහිපයක් ගැන සාකච්ඡුාවට ලක්වේ. එක් අතකින් රටේ සියලූම ජනතාවට ඉහළින් අධිකරණය සිටිය යුතුය. අධිකරණයට ඉහළින් එක් පුද්ගලයෙක් හො සිටියහොත් නීතියේ ආධිපත්‍යය නැතිව යන බව පිිළිගැනෙයි. ලංකාවේ ලක්ෂ ගණනාවක භික්ෂූන්ව නීතියට ඉහළින් තබන්නේ නම් එය රටේ නීතියේ ආධිපත්‍යය බිඳී යාමකි. අධිකරණය ස්වාධීනව පවතින්නට නම් සම්පූර්ණ කළ යුතු පළමු කොන්දේසිය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වීමයි. අධිකරණයට අපහාස කිරීම බරපතල වැරැුද්දක් වන්නේ නීතියේ ආධිපත්‍යය අධිකරණය හෑල්ලූවට ලක්වෙන තත්වයකදී ආරක්ෂා නොවෙන නිසාය. අධිකරණයට ඉහළම ගෞරවය ලබාදිය යුතුය. රටක නීතිය ආරක්ෂා වෙන්නේ එවැනි පසුබිමකය.



අධිකරණය ප‍්‍රතික්ෂේප කරමින් භික්ෂු සමාජයක්ම කටයුතු කරන්නේ නම් එය රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයට වඩා බරපතල තත්වයකි. අධිකරණයට ගෞරවය ආරක්ෂා කරගැනීමට නම් ආගමේ නාමයෙන් අධිකරණයට කෙරෙන අපහාසයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම වැදගත්ය. 

නීතීඥ සංගමයට මේවා නොපෙනෙන්නේ මන්දැයි අප දන්නේ නැත. මේ සටහන ලියැවෙන මොහොත  තෙක්ම ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ඒ ගැන ප‍්‍රකාශයක්වත් සිදුකර නැත. සිදුකළ එකම ප්‍රකාශය වන්නේ ඥාණසාර හිමි මෙන් තවත් හිමිවරුන් ජම්පර් අඳින බව පමණි.  

කොහොමත් නීතීඥ සංගමයේ න්‍යායපත‍්‍ර ගැන ඇති චෝදනා බොහෝය. ඒවා ඇත්තනම් ඉදිරියේදීත් නීතීඥ සංගමය එවැනි ප‍්‍රකාශයක් නොකරනු ඇත. 

No comments:

Post a Comment