Thursday, June 21, 2018

සී.අයි.ඩීය 'ලක්බිම'ට



ලක්බිම පත්තරේ පළවුණ මේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරන්න කියලා ඒ ප්‍රවෘත්තිය ලියපු මාධ්‍යවේදීන්ගෙයි, අනුමත කරපු කර්තෘවරයාගෙයි තොරතුරු ඉල්ලලා සී.අයි.ඩී.ය ලක්බිම පත්තරයට ලියුමක් යවලා තිබුණා....

ඒ ප්‍රවෘත්තිය මැයි 25 වැනිදා තමයි පළ කරලා තියෙන්නෙ.


මේ තියෙන්නෙ අදාල ලියුම.... 




මේ වගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙන වුවමනාව මොකක්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ වසර ගණනාවක් මාධ්‍යවල කටයුතු කරපු මේ මාධ්‍යවේදීන් සැක බවද? මේ ප්‍රවෘත්තිය පළ කිරීම වැරැද්දක් බවද.

මේ වගේ ප්‍රවෘත්තියක් පළ කිරීමේදී ඒ තොරතුරු ලැබෙන්නෙ කුමන හෝ ප්‍රබල පුද්ගලයෙකුගෙන් තමයි. ඒ පුද්ගලයා ඒ තොරතුරු සමාජය විසින් දැනගැනීම වැදගත් කියලා විශ්වාස කරනවානම් ඒ තොරතුර දෙනවා. මාධ්‍යවේදියාට ඒ තොරතුර දෙන්නේ මාධ්‍යවේදියා විසින් තමන්ගෙ අනන්‍යතාවය ආරක්ෂා කරනවාය කියන දැඩි විශ්වාසය මත. මාධ්‍යවේදීන් විදියට අපි දේවත්වයෙන් ඒ විශ්වාසය සලකනවා. මාව හිරේ දැම්මත් මට තොරතුර දුන්න කෙනාව නොකියා ඉන්නට හොඳ මාධ්‍යවේදියෙක් නම් මම සමත් වෙන්න ඕනෑ. ඇත්තටම හිතවතෙක් එක්කවත් සෝස් එක කියන්න බැහැ. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාල පුවත ගැන කිසිසේත්ම සෝස් එක දැනගන්න බැහැ.

ලක්බිම කර්තෘ සම්පත් දේශප්‍රිය කී විදියට මේ ලිපියට පිළිතුරු දෙන්නේ කොහොමද කියන එක තවමත් තීරණය කරලා නැහැ.

එහෙත් පත්තරවල පළවෙන ප්‍රවෘත්ති ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න තියෙන අයිතිය මොන තරම්ද කියන එක වැදගත් ප්‍රශ්ණයක්. දිවයිනේ සමන් ගමගේ ලියපු ලිපි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්ණ කළා.

සමහරවිට බරපතල අපරාධකරුවෙක්ව ඉන්ටවීව් කරලා පත්තරයේ ප්‍රවෘත්තියක් පළවෙන්න පුලුවන්. ඉන්පස්සෙ ඒ ඉන්ටවීව් එක කරපු මාධ්‍යවේදියාව ප්‍රශ්ණ කරන්න පුලුවන් මොන සීමාව ඇතුලේද. යම් අපරාධයක් ගැන මෙතෙක් හෙළි නොවූ කරුණු හෙළිකරලා මාධ්‍යවේදියෙක් ලිපියක් ලීවොත් ඒ මාධ්‍යවේදියාගෙන් ඒ තොරතුරු ලබාගත් විදිය ගැන මොන තරම් ප්‍රශ්ණ කරන්න පුලුවන්ද.

ඕවා මාධ්‍ය ලෝකයේ තියෙන බරපතල සංවාදයකට ලක්වුණ ප්‍රශ්ණ. මාධ්‍ය ලෝකයේත් මේවා ගැන විවිධ සංවාද තියෙනවා.

ලක්බිමේ පළ වූ මේ ප්‍රවෘත්තිය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කරන්න තරම් ප්‍රවෘත්තියක් නෙවෙයි. අපට හොඳින්ම තොරතුරු ලැබිලා තියෙන විදියට මේ ප්‍රවෘත්තිය ගැන පරීක්ෂා කිරීමේ ඇත්තම හේතුව දේශපාලන හේතුවක්. දේශපාලන හේතු මත මාධ්‍යවේදීන්ව අපරාධ විමර්ශණ ආයතන විසින් ප්‍රශ්ණ කිරිම නම් ගැටලුවක්....

No comments:

Post a Comment