ජාතිවාදී බෝම්බය
පිපිරෙයිද?
චාවකච්චේරියේ බෝම්බ
කට්ටලය හමුවී පැය කිහිපයක් යන විට ගින්න අවුලුවන්නට පිරිස් ඉදිරියට පැමිණ
සිටීම පුදුම සිදුවීමක්. සියල්ලට කලින් නාමල් රාජපක්ෂ මේ ගැන ට්විටර් සටහනක් තියලත්
හමාරයි. ලියුම්කරු ට්විටර් පණිවිඩය දැක ඒ මොහොතේම යාපනයේ මාධ්‍ය සහෝදරවරුන්ගෙන්
විමසද්දී ඔවුන්ගේ මාධ්‍ය ආයතනවත් මේ ගැන දැනගෙන තිබී නැහැ. ජීඑල් පීරිස් වහාම ප්‍රකාශයක්
කරමින් කියන්නේ පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙනඒමේ සූදානමක් තිබුණු බවට තොරතුරු
ලැබී තිබෙන බවයි. මාධ්‍ය වලටත් කලින් මේ අයට තොරතුරු ලැබුණේ කොහොමද?
හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ජැකට් එක හා ක්ලේමෝ හතර ඔතා තිබී ඇත්තේ 2008 වර්ෂයේ
ලංකාදීප පුවත්පතකයි. යාපනය මාධ්‍යෙව්දීන් කියන්නේ බෝම්බ තබා එදිනෙදා දෙයක්
ඔතන්නටවත් යාපනයේදී සිංහල පුවත්පත් පාවිච්චි නොවන බවයි. යාපනයේ ජනතාව අතර සිංහල
පුවත්පත් ඉතා විරලයි. මේ නිවස වටලා ඇත්තේ ගංජා ඇතිබවට ලැබුණු තොරතුරක් මත. ගංජා
වෙනුවට හමුවෙලා තියෙන්නේ බෝම්බ. මේ කතාවේ සැකසහිත තැන් ගොඩක් තියෙන්නේ
සංවිධානාත්මක විදියට බෝම්බ තබන්නට උත්සාහයක් යාපනයේ නැතිවීමත් එවැන්නක් මවා
පෙන්වන්නට කාට හෝ අවශ්‍ය වී ඇති බව පෙනෙන්න තිබීමත් නිසා.
