හොස්ටල් එකේ. අපි එතකොට එකොළහේ සෙට් එක. හොස්ටල් පහසුකම් තිබුණෙ ඕලෙවල් වෙනතුරු විතරයි. ඉතින් එකොළහේ සෙට් එක තමයි හොස්ටල් එකේ ලොක්කෝ. ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙක. හොස්ටල් එකේ බැජ් විදියට තමයි කල්ලි තිබුණෙ. පොඩි උං ඉන්න ඕනෑ ලොකු උන්ට ඕනෑ විදියට. ඇතුලේ යන වලි ගැන සර්ලාට කේලම් කිව්වොත් කේලමෝ අල වෙනවා. ඉතින්, අපට චණ්ඩිපාට් දාන්න නිදහස තිබුණා.
අපේ සෙට් එකේ හයක්. අපි පොඩි උං කාලෙ ලොකු උං ඉස්සරහ බලු වුණාට, අපි එකොළහේදී මම තමයි ලොකුම කෙරුමා. පොඩි උංට වැඩිම පාට් දැම්මෙ මම. පණ්ඩිත පාට් දාන උන්ට රිදෙන්න දුන්නෙ මම. පොඩි උං මගේ ඉස්සරහදී ටිකක් බය පෙන්නුවා. මං නැති වෙලාවට මට හොරෙං මාව බලු කාඩ් එකට දානවා ඇති.
Showing posts with label අපරාධ. Show all posts
Showing posts with label අපරාධ. Show all posts
Sunday, June 24, 2018
Saturday, July 30, 2016
උතුරේ ජවිපෙ හඩ
මම කළින් කිව්ව උතුරේ බරපතල යුධ අපරාද වෙලා තියෙන බව මම පෞද්ගලිකව අහල තියෙන කතා වලින් දන්නව කියල. කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ජිනීව යන්න ඕන නෑ කිලෝමීටර් දෙසීයක් උතුරට ගියොත් ඕනතරම් මේ කතා අහන්න පුළුවන් කියල මම කිව්ව. හැබැයි මම ඒකෙන් කිව්වෙ ජාත්‍යන්තරේ මැදිහත් නොවී සිංහල අධිකරණයකින් යුධ අපරාධ ගැන හොයන්න පුළුවන් කියල නෙවෙයි.
Sunday, November 15, 2015
අඩෝ රන්ජා මෙන්න ෆිල්ම්
රන්ජා යන සුරතල්(?) නාමයෙන් හැඳින්වෙන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය කලාකාරයෙකි(?). කලාකාරයෙක්ට ගැඹුරු සමාජ දැනුමක් සහ මනුෂ්‍යත්වය ගැන උණුසුම් හැඟීමක් තිබිය යුතු ය. සමාජය ගෝත්‍රිකත්වය දෙසට නොව නවීනත්වය දෙසට ගෙන යා යුතු ය. රන්ජා අපරාධ නවත්වන්නට අපරාධකරුවන් එල්ලා මැරිය යුතුයැයි කියන කාලාකාරයෙක් යැයි හඳුන්වාගන්නා අයෙකි. දුනේෂ් ප්‍රියශාන්ත ගැන රන්ජා කියූ දේවල් මෙතෙක් අඩුගානේ හිතහොඳ එකායැ‘යි ගෞරවයක් ලද රන්ජන් ගැන අපුලක් ඇති කරන්නට සමත් විය.
![]() |
| වීරයන් සිව්දෙනෙක් - එක් අයෙකුට වීරයෙක් තවත් අයෙක්ට දුෂ්ඨයෙක් |
Thursday, October 15, 2015
එල්ලන්ඩ නියමිත උං
Monday, October 05, 2015
ජිනීවා ඔක්කොම බොරු....
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කළ යුතු බව කීවේ අන්තර්ජාතික ප්‍රජාව එසේ කළ යුතු බවට එල්ල කළ බලපෑමත් එක්ක.
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාවිල්ආරු සිදුවීමෙන් පසුව වියරුවෙන් මෙන් උතුරේ කැලිකරුවන් මර්ධනය කිරීමේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සිද්ධ වෙලා තියෙන බවට පැහැදිළි සාක්ෂි තියෙන නිසා. යුද්ධයේදී මානව හිමිකම් කඩනොවුණු බවට කෙරෙන තර්ක හුදු විශ්වාසයන් පමණයි. මැදිහත්ව තර්ක කරන ඕනෑම කෙනෙක්ට පැහැදිළි කරගන්න පුළුවන් යුද්ධයේදී අපරාධ සිදුවී ඇති බව.

Friday, September 25, 2015
මරලා දාන දඬුවම ඉල්ලන්නේ පිස්සෝ...
ලියන්න බැරිනම් බ්ලොග් එක දීපන් ළමයෙකුට
දින ගණනක් තිස්සේ පෝස්ට් එකක් නොළිවීම නිසා මිතුරෙකු ෆේස්බුක් හරහා මට එසේ එවා තිබුණි. යාපනයේ ගත කළ සතියත් ඉන්පසුව මඟහැරුණු වැඩ කටයුතු ආවරණය කරන්නට ගතවූ සතියත් නිසා බ්ලොග් එක වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නොවීය. මේ නිහඬතාවයෙන් පසුව ලියන ලිවීමකි.
මරණ දඬුවම
ස්ත්‍රී දූෂණ අඩු කරන්න මරණ දඬුවම ඕනෑයයි කට්ටිය හඬ නඟන්නට පටන්ගෙන තිබේ. ඇත්තටම මරන දඬුවම දීමෙන් මේ අපරාධ නැවැත්විය හැකිද? ඒ ගැන ඕනෑ තරම් වාද විවාද තිබිය හැකිය. අපට නම් මරණ දඬුවම වැනි ගෝත්‍රික දඬුවම් ක්‍රම හරහා සමාජය හදන්නට කරන යෝජනා ජෝක්ස්ම ය. ඊයේ පෙරේදා සංවාදයකදී විදර්ශන සහෝදරයා කී පරිදි පිස්සුවකි. සමාජය තියෙන්නේ කොතැනකද? මේ කතා කරන්නේ මොනවාද?

| මරණ දඬුවම ඉල්ලන ජනතා වීරයා |

Subscribe to:
Posts (Atom)