Thursday, October 20, 2016

පිස්සු හැදෙනවා ඕයි! 5 අලුත් ෆිල්ම්ස්

උඩුවා වැඩියෙන්ම කැමති රෙස්ලින් බලන්න. ඊළඟට ෆිල්ම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් තමයි හොයන්නෙ.

ෆිල්ම් එන්න කලින් ෆිල්ම් ටේලර් ආ විගස උඩුවා හොයාගෙන බලනවා. හැමදාම යූටියුබ් එකේ අප්ඩේට් එකේ ඉන්නවා. එහෙම බලාගෙන හිටපු උඩුවාට පහුගිය දවස් කිහිපයේ පිස්සු හැදිලා අායේ හැදෙන විදියේ දේවල් ටිකක් දැනගන්න ලැබුණා. ඒ මූවී ටේලර්ස් කිහිපයක්.

උඩුවා කැමතිම ඉන්දියානු නළුවෝ තුන්දෙනයි. ආමීර්, ධනුෂ් සහ විජේ සේදුපති. බටහිර ඉතින් ගොඩක් නළුවන්ගෙන් නෙවෙයිනේ ෆිල්ම් මනින්නේ. උඩුවා කැමතිම ෆිල්ම් සීරීස් කිහිපයක් තිබුණා. එක්ස්මෙන්, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ඒවා අතරින් ඉස්සරහින්ම ඉන්නවා.

ඉතින් ඕවා මේවා අස්සේ පහුගිය දවස් කිහිපයේ ආ ටේලර්ස් කිහිපයක් මේ.


1. ආමීර් ඛාන් - දංගල්

අමීර් එළියට දාන වැඩක් බිග් නිව්ස් එකක් වෙනවා. ඔහු හැමවෙලාවෙම ෆිල්ම් එළියට දාන්නේ නැහැ. අවුරුද්දකට එකක් වගේ. දංගල් කියන්නේ ආමීර්ගේ එන්න නියමිත ෆිල්ම් එක. ඒක මොනවගේ වෙයිද කියන කුතුහලය බොලිවුඩ් සිනමා ලෝකයේ ලොකුම කුතුහලය විදියට පහුගිය කාලයේ තිබුණා. මෙන්න කුතුහලය අවසාන කරමින් දංගල් ටේලර් එක 19 වැනිදා ආවා.


2. ෂාරුක් ඛාන් - ඩියර් සින්දගී

අමීර් ටේලර් එකක් එළියට දාන දවසෙම ෂාරුක් දැම්මොත් මොනව වෙයිද? වැඩේ කියන්නේ අමීර්ට ගහන්න ෂාරුක් ආලියා එක්කම එන එකයි. බයවෙන්න දෙයක් නෑ. ෂාරුක් කියන්නේ වර්ල්ඩ්වයිඩ් පොරක්. බොලිවුඩ් රජානේ. අමීර් කියන්නේ මිස්ටර් පර්ෆෙක්ට්. වැඩක් කළොත් පර්ෆෙක්ට්. අනික ෂාරුක්ගේ දුව වගේ ආලියා බාත් එක්ක රඟපාන්න ගියාම හිට් නොවෙන්නේ කොහොමද?? එකම දවසේ ආ ටේලර් දෙකෙන් ෂාරුක්ට හිට්ස් වැඩියි. ප්‍රධාන හේතුවක් වෙන්නැති ආලියා ඉන්න එක.


3. එක්ස්මෙන් - ලෝගන්

මේ තමයි වෙනස්ම එක්ස්මෙන් චිත්‍රපටිය. ඔව්. ලෝගන් වයසට ගිහින්. පුංචි දැරියක් එක්ක ලෝගන් චාරිකාවක් යනවා. එක්ස්මෙන් කියන්නේ ඇක්ෂන් ලෝකයක් වෙන්න එපැයි. එක මෑන් කෙනෙක් වෙනුවට මෙන්ලා ගොඩක්නේ. ඒත් ලෝගන් ෆිල්ම් එකේ ටේලර් එකේ ඇක්ෂන් නැහැ. ඒ මදිවාට ලෝගන් විතරයි ඉන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම වෙනස් එක්ස්මෙන් ෆිල්ම් එකක් වේවි. ටේලර් එක ආවේ 20 වැනිදා. සටහන ලියන්න පැයකට කලින්. ආ විගස උඩුවා බැලුවා. පිස්සු හැදුණා ඕයි.


4.ධනුෂ් - කොඩි

 ඊළඟට සති දෙකකට කලින් ආ ධනුෂ්ගේ කොඩි ෆිල්ම් එක. ඔව්, ධනුෂ් සහ වෙට්ට්‍රිමාරන් ආපහු එක් වෙනවා. ඒ වගේම පළවෙනි වතාවට ධනුෂ් ඩබල් ඇක්ටින්. ධනුෂ් ආයෙමත් බෑඩෑස් චරිතයකින් එන බවයි පෙනෙන්නේ. මේක ලොකු තිරය ඉදිරිපිට මැජික් එකක් වේවි.


5. පයිරේට්ස් - ඩෙඩ් මෑන් ටෙල් නෝ ටේල්ස්

මේක සිනමා ලෝකයේ ලොකුම නිව්ස් එකක් වුණා සති දෙකකට විතර කලින්. ජැක් ස්පැරෝ ආයෙමත් එනවා. පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් අළුත් ෆිල්ම් එකත් එක්ක.



6. බ්‍රොක් ලෙස්නර් සමඟ ගෝල්ඩ්බර්ග්

ෆිල්ම් නොවුණත් අවසානයට තවත් එකක් කිව යුතුයි. රෙස්ලින් වළල්ලට බ්‍රොක් ලෙස්නර් සහ ගෝල්ඩ්බර්ග් අතර තරඟයක් පැමිණීම. බ්‍රොක් ලෙස්නර්ගේ අභියෝගයට විශ්‍රාම ගෙන හිටපු ගෝල්ඩ්බර්ග් පිළිතුරු දුන්නා. මේ වීඩියෝව ගෝල්ඩ්බර්ග් වසර 12කට පස්සේ පිටියට පිවිස අභියෝගය භාරගත් අවසානය. බලන්න ප්‍රේක්ෂකාගාරයෙන් නැඟෙන ඔල්වරසන්. විඳින්න ඉලෙක්ට්‍රිසිටිය.


උඩුවා රසවිඳින දේවල් වලින් තමයි ඔහුව සම්පූර්ණ වෙන්නේ. ලෝකයේ රසවිඳින්න පුළුවන් දේවල් කොච්චර තියෙනවාද. මේ පෙන්වපු දේවල් උඩුවාගේ රෝමකූප කෙලින් කළා. ඇඟ හීගඩු පිප්පුවා.

32 comments:

  1. මං නං දැන් චිත්‍රපට බලන්නේ වැරදීමකින් විතරයි. ඒ කියන්නේ හාවා හඳ දකිනවා වගේ!

    නමුත් සති දෙකකට ඵෙර එකම සතියක් තුළ චිත්‍රපට දෙකක් ම බැලුවා, සුහද කොකා සහ ඇඩ්‍රස් නෑ. දෙකම යුටියුබයේ තිබී වැරදීමකින් දුටු ඒවා (අර recommended for you කියලා එන්නේ)

    ReplyDelete
    Replies
    1. මට චිත්‍රපටි සම්බන්ධ ගොඩක් දේවල් රෙකමන්ඩඩ් කියලා එනවා....
      මේවත් එහෙම ආපු ඒවා.. අප්ලෝඩ් වුණ ගමන් මැසේජ් එක එනවා. ඉතින් බලනවා.

      Delete
  2. චිත්‍රපට ගැන හිතත්දී මතක් වුනේ - මෙන්න මේ වැඩේට මොකද වුනේ?

    https://uduwaage.blogspot.com/2016/03/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකුගේ උදව් නිසා ෆිල්ම් එක අවසාන අදියරේ තියෙන්නේ. ඉදිරි මාස කිහිපය ඇතුලත කොළඹදී මංගල දර්ශණයක් පවත්වන්න හිතාගෙන ඉන්නවා.

      Delete
  3. ජැක් ස්පැරෝ ආයෙමත් එනවා//// wow

    ReplyDelete
    Replies
    1. ඒක ලොකු වාව් එකක් තමයි.

      Delete
  4. I am waiting for Matrix 4, Avatar 2, ho gana pokuna 2

    ReplyDelete
    Replies
    1. මෙට්රික්ස් සහ ඉන්පෙක්ෂන් මාත් බලන් ඉන්න දෙකක්

      Delete
  5. ජැක් ස්පැරෝ ආපහු එන එකනම් මරු...

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම සීරීස් එකක්

      Delete
  6. ෆිල්ම් ටික නං මරු ... ඒත් ඇත්ත රෙස්ලිං සෙල්ලං කරල තියන හින්දද මන්ද මට ඔය හොර රෙස්ලිං දැක්කම කේන්ති යනව ....

    ReplyDelete
    Replies
    1. මං ෆේ්ක් වලට ආසයි....

      Delete
  7. ජැක් ස්පැරෝ ගේ ෆිල්ම් නම් නියමයි.
    "ඛාන්" සෙට් එකේ නම් "අමීර් ඛාන්"තමයි කැමතිම.මෙව්වා මෙහෙත් පෙන්වයිනේ.

    ReplyDelete
    Replies
    1. හැම එකක්ම මෙහේ පෙන්නයි

      Delete
  8. පයිරට්ස් ඔෆ් ද කැරිබියන්ස්වල නම් කැමති ඩෙප් ගේ රඟපෑම් විතරයි.

    එක්ස්මෙන් නම් ඉතින් කොමික් පොත් කියවන්න පටන් ගත්ත කාලෙ ඉඳම්ම ෆේවරිට්.
    එක්ස්මෙන් ගෙන් වුල්වරීන් ස්පින් ඕෆ් කතා හුඟාක් තියනවා, ඇමරිකාව, කැනඩාව, ජපානය,වර්තමානය,අනාගතය, අතීතය .... හැමතැනම !

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා.. හැබැයි කොමික් කියවලා නැහැ

      Delete
  9. Ten 1, Ten 2, චැනල් දෙකේ යන WWE මැච් බලනවා ඉඩ ලැබෙන වෙලාවට. නමුත් හුඟක් ඒවගේ කරන්නේ ඩ්‍රිල් නිසා, කම්මැලියි බලන්න.

    හින්දි චිත්‍රපටි දැන්නම් බලන්නේ බොහොම තෝරලා.

    ඉංග්‍රීසි චිත්‍රපටි ජාලයෙන් පරීක්ෂා කරලා, බාගෙන බලනවා.

    ReplyDelete
    Replies
    1. මම රෙස්ලින් බලන්නේ ෆේ්ක් කියලා දැනගෙන... මට ඒක ඩ්‍රිල් වුණත් ත්‍රිල් එකක් තියෙනවා.

      Delete
  10. X-MEN , PIRATES OF THE CARREBIAN , අමීර්ගෙ දංගල් තුනම බලන්න ඕනෙ අනිවාර්යයෙන්ම.

    ReplyDelete
    Replies
    1. ලොකු තිරයෙන් බලන්න

      Delete
    2. අන්න ඒක තමයි ප්‍රශ්ණෙ, අපි ටොරන්ට් කාරයොනෙ.

      Delete
  11. උඹ රෙස්ලින් බලනවා කියන එක හේ හෙහ් හිතාගන්ඩ බැ

    ReplyDelete
    Replies
    1. මම රෙස්ලින් වරද්දන්නෙ නෑ.....

      Delete
  12. "උසාවිය නිහඬයි" බලන්නත් පුළුවන් වේවිනේ දැන්.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ජයග්‍රහණයක්

      Delete
  13. Wrestling බලන විප්ලවවාදීයා. එක අතකට මේක කිව්වා එකත් හොදයි බොරුවට සම්භාව්‍ය වෙන්න try කරන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. මම විප්ලවවාදියෙක් නෙවෙයි.
      විප්ලවවාදීන් තරං කුහක නැහැ මං. ඒ නිසා ඕන දෙයක් කියන්න පුළුවන්

      Delete
  14. උඩුව හින්දි සින්දු බලන්නේ කොහොමද? ඒවා වල සබ් තියනවද?

    ReplyDelete
    Replies
    1. සිංදු නං අහන්නෙ මියුසික් නිසා. ෆිල්ම් බලද්දි සබ් තියෙනව. දැන් බලලම ටිකක් හින්දි තේරෙනව

      Delete
  15. උඹත් රෙස්ලින් බලනවද බං
    හයියෝ...... සිරිසේන
    ජය ජය

    ReplyDelete
    Replies
    1. බලනව නෙවෙයි කනව!!! 
      ජය

      Delete
  16. පයිරට්ස් ඔෆ් ද කැරිබියන් 5 එකේ will turner ආයෙත් ඉන්නව. captain salazar කියල හොල්මන් පොරක් තමයි villain!

    ReplyDelete