Saturday, September 03, 2016

මායා බලල රංජන්ට විසිල් ගහන්න යං



මායා ඇමතියාගෙ ගෝලයන්ට නෙලද්දි හෝල් එකේ පිටිපස්සෙන් විසිල් සද්දයක් ඇහෙන්න ගත්ත. ලංකාවෙ හෝල් වල සෑහෙන්න ෆිල්ම් බලපු මට ඒ වගේ ඔරිජිනල් විසිල් ඇහුණෙ පළවෙනි වතාවට.
ඒ විසිල් රන්ජන්ගෙ රඟපෑමට වෙන්න ඕන.



භාගයක්ම පිරුණ මහරගම අනූෂා හෝල් එකේ මං හිටියෙ...
මායා ගැන කියන්න කලින්, ෆිල්ම් එක ගැන ලියන්න කලින් බලපු තැන ගැන ලියන්න හිතෙනව...

අනූෂා කියන්නෙ ලෙජන්ඩරි හෝල් එකක්.. ලොකුම ලොකු හෝල් එකේ පරණ පුටු ජරබර ගානකොට කිරි කිරි ගාල පරණ ෆෑන් කැරකෙන සද්දෙ ඇහුණ.

දන්සැලකට බෙග්ගෙ සින්දු දාන්නවත් ගන්න හොඳ නැති පරණ බෆල් වලින්

භාගෙට ඇරුණු දොරවල් වලින් හෝල් එක අඳුරු නොවෙද්දි.. සීල් නොකරපු හෝල් එකෙන් පාරෙ යන වාහනවල සද්දයත් ඇහුණා.
මායා හොල්මං ෆිල්ම් එකක් වුණාට ඊට වඩා හොල්මන් හෝල් එකේ තිබුණෙ.

මායා කියන්නෙ හෝල් පුරවන්න පුළුවන් ෆිල්ම් එකක්. ඒත් මේ හෝල් වලටද කියන එකයි ප්‍රශ්නෙ.

රන්ජන්ගෙ ඇක්ටින් මායා ගැන බලාපොරොත්තු තියන්න ප්‍රධාන හේතුවක්. කවුරු මොනව කිව්වත් රන්ජන් තමන් කරන චරිතයක් වෙනුවෙන් අවංකවම මහන්සි වෙනව. ඒ වගේම සම්භාව්‍ය එවුන්ට අනුව බොළඳ විදියට වුණත් රන්ජන් තමන්ගෙ ෆිල්ම් ඇතුලට සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන විදියට පොලිටික්ස් ගේනව.

මායා ඇතුලෙ එල්ජීබීටී ගැන කතා වෙන්නෙත් ඒ වගේ. ජනප්‍රියම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ලංකාවෙ ජනප්‍රියම සිනමා නළුව විදියට රන්ජන් මේ චරිතෙ කිරීම වැදගත්. ඉතාම සංවේදී විදියට මායා (රංජන්) ඉල්ලනව අපි වගේ අය ඉපදෙන්නෙ අපේ වැරැද්දක් හින්ද නෙවෙයි හෝමෝන වල වැරැද්දක් හින්ද. අපව ප්‍රතික්ෂේප කරන්න එපා කියල. මායා (රංජන්) කියනව ලෝකයේ ඉහළ තැන්වල ඉන්න ලිංගිකව වෙනස් (සමකාමී, විෂම ලිංගික, ලිංගික විපර්‍යාසයට ලක්වුණ) අය ගැන.

රන්ජන්ගෙ නියම ස්වභාවය ඇවිල්ල ගෑණු ඇඳුම් ඇඳන් දඟලනව කියල ගීතා දේශපාලන වේදිකාවෙ කෑගහද්දි සමාජ මාද්‍ය ඇතුලෙත් රන්ජන්ට අකැමති අය මේක අල්ලන් පහර දෙනව.

(කමල් හසන්, රැජිණි, සරත් කුමාර්, ෂාරුක්, ආමීර්, ධනුෂ් ඇතුලු ප්‍රසිද්ධ නළුවො ගොඩක් කාන්තාවො වගේ ඇඳල තියෙන නිසා රන්ජන්ට මේක අල්ලන් මඩ ගහන එක මොංගල් ගතියක් කියල අතාරින්න පුළුවන්.)

මිත්‍යා විශ්වාස ප්‍රමෝට් වුණත් මේ ෆිල්ම් එක ඇතුලෙ ලිංගිකව වෙනස් අය ගැන කතා කිරීම වැදගත්.

මායාව දෙමාපියන් පාරට ඇදල දැම්මාට පස්සෙ ඇයව හදාගන්නේ දෙමළ මනුස්සයෙක් විසින්. ඒ මනුස්සයාගෙ භාෂාව නොතේරුණත් තමන්ගෙ බඩගින්න ඔහුට තේරුණ බව කියනව. කාංචනා චිත්‍රපටියෙ ඒ චරිතය කරන කෙනා හින්දි මනුස්සයෙක්. මහජාතියෙ චරිතයක් සිංහල ෆිල්ම් එකේදි සුළුජාතිය බවට පත්වෙනවා.

හොඳ ලක්ෂණ ගොඩක් තිබුණත් අන්තිමේදි කාලි අම්ම පොර වෙනව. මිත්‍යාව ඉස්සරහට එනව.

අවුලක් නෑ.. මේක මිනිස්සුන්ට රහ විඳින්න කරපු නිර්මාණයක්. ඇත්තටම ටිකට් එකක් අරන් ගිහින් මේකෙ රහ විඳින්න පුළුවන්.

මේක ලංකාවෙ විතරක් නෙවෙයි ඉන්දියානු සිනමාවටත් ගැලපෙන නිර්මාණයක්. ඇත්තටම සදේශ් කුමාර් බය නැතිව වියදම් කිරීමට වඩා වැඩ කරපු කණ්ඩායම වැඩේ වෙනුවෙන් මහන්සි වීම නිර්මාණයේ සාර්ථකත්වයට හේතුවයි. තමන්ට අවශ්‍ය කෑල්ල එනතුරු ෂොට් කීයක් වුණත් ගන්න ලෑස්ති වීම සාර්ථකත්වයට හේතුවයි. ඩොනල්ඩ්ගේ සිනමා මැදිහත්වීම ප්‍රශංසනීයයි.

සුපර්ස්ටාර් රන්ජන්ට විසිල් ගහන්න මායා බලන්න යන්න.....

12 comments:

  1. පොර වෙන්නට උත්සාහ නොකරන විචාරයක්. බොහොම ස්තූතියි උඩුවා.

    ReplyDelete
  2. ඇත්තටම තමංගෙ පාණ්ඩිත්වය පෙන්නන්නට ලියන විචාර මධ්‍යයේ අපි කාටත් තේරෙන භාෂාවෙන් ලියපු සරල විචාරයක්. කොටින්ම ෆිල්ම් එක බලන්ට හිතෙන විචාරයක්.

    අපේ විචාරක ඔස්තාර්ල ලියන සමහර විචාර කියෙව්වම ෆිල්ම් එක බලන්ට එපා වෙනව විතරක් නෙවෙයි ආය ෆිල්ම් හෝල් එකකට වැස්සකටවත් ගොඩ වෙන්නෙත් නෑ....:)

    ReplyDelete
  3. මාත් යන්න ඕන විෂිල් එකක් ගහන්න... මම රමණ යකාගේ සෝ වලට පට්ට ලැයික්... එන්ටර්ටේන්මන්ට් සුපිරියටම තියෙනවා..

    ලොක්කා මේ මාසේ අන්තීමට වගේ සෙට් වෙමු... නැත්නම් අවුරුද්දත් ඉවර වෙන්න යන්නේ..

    ReplyDelete
  4. මේකෙ කොටස් ටීවී එකේ යද්දිම මට නං හිතුන රංජන්ට මෙවැනි කෑමක් සෙට්වෙන්න නියමිත බව. එක පැත්තකින් ලාංකීය සමාජය ලෑස්ති නෑ මේ අය පිලිගන්න. අනිත් පැත්තට රනිල් ඇතුළු ආණ්ඩුවෙ ප්‍රබලයන්ට එල්ල වෙච්ච ලිංගික විවේචනයත් එක හේතුවක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //ලාංකීය සමාජය ලෑස්ති නෑ මේ අය පිලිගන්න//

      ලාංකීය සමාජය සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ, ගණිකාවන් ඉන්නවාය කියල පිළිගන්න ලෑස්ති නෑ, ඒ අයටත් අයිතීන් තියෙනව කියල පිළිගන්න ලෑස්ති නෑ, ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සුන්ව පිළිගන්න ලෑස්ති නෑ, ඒ අයගෙ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ, පෙරහැරේ අලි ගෙනියන එක නවත්තන්න ලෑස්ති නෑ, ඒ ගෙනියන අලින්ට *කන්ඩ තියෙන ස්වභාවික අයිතිය පිළිගන්න ලෑස්ති නෑ, දෙමළ, මුස්ලිම්, සිංහල කාගේවත් අයිතීන් පිළි ගන්න සූදානම් නෑ, අනෙකාගේ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ, තමන්ගෙ ජාතියට හැර වෙනත් ජාතියක මිනිස්සුන්ටත් මේ රට අයිති බව පිළිගන්න ලෑස්ති නෑ, ළමා අයිතිවාසකම් පිළිගන්න ලෑස්ති නෑ, සිවුරුකරුවන්ගේ ස්වභාවික මිනිස් අවශ්‍යතා පිළිගන්න ලෑස්ති නෑ, අපරාධකරුවන්ටත් අයිතීන් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ, ලංකාවෙ හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැති බව පිළිගන්න ලෑස්ති නෑ, හරිහමන් රාජ්‍යය සේවයක් නැතිය කියන එක පිළිගන්න ලෑස්ති නෑ, සමාජයක් විදියට අපි අතීතයේ ජීවත්වෙන වර්තමානයක් නැති මිනිස්සු කොටසක්ය කියන එක පිළිගන්න ලෑස්ති නෑ..

      ලංකාවෙ අපි පිළිගන්න ලෑස්ති කාවද..මොනවද..කවදද බං?

      අපි තරම් ඉන්න තැනින් වෙනස් තැනකට පය තියන්න බය මිනිස්සු තවත් මේ ලෝකයෙ ඉන්නවද කියලත් සැකයි මචන්..

      අවංකවම.. !

      Delete
    2. මේක නම් සුපිරි කතාව.

      මෙන්න සංජය ශ්‍රීකාන්ත් ට මල් මිටක් මේ අගනා කතාවට

      Delete
    3. Sanjaya,

      +++++++++++++++++++

      Delete
    4. Sanjaya Srikanth - respect bro

      Delete
  5. බලන්න ආසාවෙන් ඉන්නේ නමුත් මේ මැදපෙරදිග කාන්තාරේ ඉන්න අපිට ලංකාවේ ගොඩක් ෆිල්ම් මිස් වෙනවා මක්ක කරන්නද

    ReplyDelete