Tuesday, December 25, 2018

රත්නම්ගේ වේදනාව





‘ඒ වෙලාවෙ ඇතිවුණු වේදනාවට මම කල්පනා කළා මේ අයව මරන්නේ කොහොමද කියලා. මම කාලයක් හමුදාවේත් හිටපු කෙනෙක්. ඒත් මම හිංසනයට ආසක්ත වුණ කෙනෙක් නෙවෙයි. ඒත් මම ඔවුන්ව මැරුවා.’ මේ කතාව කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ය.


ඔහු විස්තර කරන්නේ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සිව්දෙනෙකු පිළිබඳවය. චන්ද්‍රන් රත්නම් ගොඩනැගූ ‘ඒෂියන් ෆිල්ම් ලොකේෂන් සර්විසස්’ සමාගමේ සේවය කළ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සිව්දෙනෙකු ඔහුගෙන් වෙන්ව ‘ද ෆිල්ම් ටීම්’ නමින් සමාගමක් ආරම්භ කර තිබුණි. චන්ද්‍රන් රත්නම් කියන්නේ තවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමක් නොවී, තමන්ගේ සම්බන්ධතා, ශ්‍රමයට දැඩි අසාධාරණයක් රවීන්ද්‍ර රන්දෙණියලා සිදුකළ බවය.
‘මම ඒ කාලේ මේ ප්‍රශ්නය ගැන විවෘතව කතාකළේ නැහැ. එතකොට රවීන්ද්‍ර රන්දෙණියලාට ආණ්ඩුවේ බලය තිබුණා. ඒත් දැන් කතාකරන්න පුළුවන්.’
ඔහුට කියන්නට තිබෙන කතාව ලියා තැබිය හැකිනම් තමන් ඉතා සතුටු වෙන බව ඔහු කීය. මේ සටහන ඒ වෙනුවෙනි.

Sunday, October 14, 2018

ශ‍්‍රී ලංකාවේ ෆෙස්බුක් පාලනය අයර්ලන්තයේ සිට


ශ‍්‍රී ලාංකිකයන් ෆෙස්බුක් අඩවියෙහි පළකරන විවිධ අදහස් දැක්වීම් අතරින් ජනවාර්ගික ගැටුම්වලට හේතුවන අදහස් දැක්වීම් පාලනය කිරීම සඳහා ෆෙස්බුක් ආයතනයේ අයර්ලන්තයේ ඇති කාර්යාලයක් විසින් කණ්ඩායමක් යොදවා ඇති අතර එම කාර්යාලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දේශපාලන අදහස් දැක්වීම්ද පාලනය කරමින් සිටින බව වාර්තා වෙයි.
Add caption

( පහළ යූටියුබ් ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව ගැන විස්තර කරපු රිවීව් එකක් බලන්න පුලුවන්.... )



ෆෙස්බුක් අඩවියෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හෝ චතුරිකා සිරිසේන වැනි ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප හෝ නම් සඳහන්වෙන ෆෙස්බුක් අදහස් දැක්වීම් ෆෙස්බුක් ආයතනයට මුදල් ගෙවා දැන්වීම් ලෙස පළකිරීම එම කණ්ඩායම විසින් අත්හිටුවා ඇත. ෆෙස්බුක් ආයතනයෙහි දැන්වීම් පළකරන ක‍්‍රමය වන්නේ යම් ෆෙස්බුක් පිටුවක් පළකරන පෝස්ටුවක් ඩොලර් කිහිපයක මුදලක් ගෙවා, වෙනත් ෆෙස්බුක් ගිණුම්වල නිව්ස් ෆීඞ් කොටසට දැන්වීම් ලෙස යැවීමයි. එලෙස පළකරන දැන්වීම්වල ජනවාර්ගි ක ගැටුම් ඇති නොවෙන අන්දමේ දේශපාලන අදහස් සටහන් වුවද එවැනි දැන්වීම්ද, ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අදාළ දැන්වීම්ද ප‍්‍රචාරය නොකිරීමට ෆෙස්බුක් ආයතනය කටයුතු කරයි. ඊට අමතරව දේශපාලන අදහස් රැගත් ෆෙස්බුක් පෝස්ට් තහනම් කළ අවස්ථා කිහිපයක්ද වාර්තා වී ඇත.
පසුගිය මාර්තු මාසයේදී තෙල්දෙණිය හා දිගන ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ෆෙස්බුක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට පිවිසීම අවහිර කර තිබුණි. ඉන්පසුව ෆෙස්බුක් ආයතනයේ නියෝජිතයන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා රජය අතර සාකච්ඡුාවක් පවත්වා තිබුණු අතර ශ‍්‍රී ලංකාවේ රජය පාර්ශ්වයෙන් ෆෙස්බුක්හි පළවෙන අදහස් දැක්වීම් පාලනය කිරිම සඳහා ශ‍්‍රී ලංකාවේ කාර්යාලයක් පිහිටුවන ලෙස දැඩිව ඉල්ලීම් කර තිබුණි. ෆෙස්බුක් ආයතනය එයට එකඟ වී නොතිබුණු අතර ඒ වෙනුවට අයර්ලන්තයේ ඩබ්ලින්හි තිබෙන ෆෙස්බුක් සමාගමේ කාර්යාලයකට ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් බඳවාගෙන, ලංකාවේ ෆෙස්බුක් ගිණුම් පිළිබඳ පරීක්ෂා කිරීම පවරා ඇත.
මේ වෙද්දි ෆෙස්බුක්හි සිදුවන අදහස් දැක්වීම් පිළිබඳව ලැබෙන පැමිණිලි සියල්ල එම කණ්ඩායම විසින් පරීක්ෂා කරනු ලබයි.
අනිද්දා සමඟ අදහස් දක්වමින් ෆෙස්බුක් ආයතනය සමඟ සම්බන්ධතා පවත්වා ඇති තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ ෆෙස්බුක් ගිණුම් පාලනය කිරීමේ කටයුතු ශ‍්‍රී ලංකාවේදී කිරීමට හෝ එයට ශ‍්‍රී ලංකා රජයේ මැදිහත්වීම් සිදුකිරීමට ෆෙස්බුක් ආයතනය එකඟ නොවූ බවයි. ජනාධිපතිවරයා විවේචනය කරන අදහස් දැක්වීම් පාලනය කිරීම මඟින් ශ‍්‍රී ලංකා රජය සමඟ ගැටුමක් ඇති කර නොගැනීමේ ප‍්‍රතිපත්තියක සිට ෆෙස්බුක් ආයතනය එම කටයුතු සිදු කරනවා විය හැකි බවය.
-  රේඛා නිලුක්ෂි හේරත්
( අනිද්දා පුවත්පතේ පළවුණ ප්‍රවෘත්තියක්.... පහළ ලින්ක් එකෙන් අනිද්දා වෙබ් එකට ගියොත් තවත් හෙළිදරව් රැසක් දකින්න පුලුවන්. ) 
http://www.anidda.lk/%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%86%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4/

Sunday, September 30, 2018

මනි රත්නම්ගෙ ෆිල්ම් එක....

මනි රත්නම්ගෙ අලුත්ම චිත්‍රපටිය ආවා. බැලුවා. හොඳයි. ඒත් අඩුපාඩු ටිකක් තියෙනවා.... කෙටි රිවීව් එකක් මේ වීඩියෝවෙන් බලන්ඩ පුලුවන්....









මනි රත්නම්, රෙහ්මාන්, සේදුපති, සිම්බු, අරවින්ද් සාමි, ජෝතිකා, ප්‍රකාශ් රාජ්, සේකර් ප්‍රසාද්, සන්තෝෂ් සිවන් ඇතුළු සිනමාවේ දැවැන්ත නම් තොගයක් එක්ක නිර්මාණය කරපු චෙක්ක චිවන්ත වානම් චිත්‍රපටියට ෆිල්ම් හෝල් හවුස්ෆුල් වෙන එක අහන්න දෙයක් නෙවෙයි.

චිත්‍රපටිය ඇවිල්ලා දවස් දෙකකට පස්සේත්, 29 වැනි සෙනසුරාදා දෙහිවල කොන්කෝඩ් එකට ගිය අපට ෂෝ එක හවුස්ෆුල් නිසා මඟහැරුණා. එහෙමම කඩාගෙන මරදාන සිනෙසිටියට ගිහිල්ලා රෑ නවයෙ දර්ශනය බලන්න තමයි අමාරුවෙන් හෝල් එකට රිංගගත්තෙ. දැක්ක විදියට සිනෙසිටියෙත් හවුස් ෆුල්. සාමාන්‍යයෙන් සිනමාහල්වලට නොයන රසිකයෙක්ට වුණත් චෙක්ක චිවන්ත වානම් බලන්න නම් අනිවාර්යයෙන් හෝල් එකකට යන එක වටිනවා. හෝල් එක ඇතුලෙ එනර්ජි එක, චියර්ස් එක්ක චිත්‍රපටිය උපරිමයෙන් ෆීල් වෙනවා.

රොමෑන්ටික් චිත්‍රපටි, රාවන් වගේ චිත්‍රපටි කරපු මනි රත්නම් නැවතත් මෙවර යන්නේ නාගරික ගැන්ග්ස්ටර්ලාගේ චිත්‍රපටියකට. තලපති චිත්‍රපටිය මහාභාරතයේ චරිත වර්ථමානයට ගැලපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීමක්. චෙක්ක චිවන්ත වානම් කියන්නෙ පොන්නියින් සෙල්වන් කියන 1950 දෙමළ ඓතිහාසික කතාවෙ ආභාෂයෙන් හදපු චිත්‍රපටියක්. පරණ කතාව ලංකාවත් යටත් කරගත්තු චෝල රජ කෙනෙක් සහ දරුවන් පිළිබද කතාවක්. චිත්‍රපටිය දැවැන්ත අපරාධකාරී ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් තිදෙනා අතර කතාවක්.

අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ මෙතෙක් අප බලපු චිත්‍රපටි අතරින් හොඳම එක. චිත්‍රපටියේ ඉන්න, ඉහළින් කීව විශිෂ්ඨයන් එකතුවුණාම කොහොමත් වටිනා චිත්‍රපටියක් නිර්මාණය වෙනවා. එහෙත් මනි රත්නම්ගේ සහ සන්තෝෂ් සිවන්ගේ රූප මායාවල් එක්ක ගත්තාම මේකේ යම් යම් අඩුවක් තියෙනවා. මොකද මේ චිත්‍රපටියේදී රූපරාමුවල රැඳී ඉන්න මනි රත්නම් උත්සාහ කරන්නෙ නැහැ. ඒ වෙනුවට වේගයෙන් රූපයෙන් රූපයට මාරු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා.

චෙක්ක චිවන්ත වානම් කියන්නෙ එපිසෝඩ් අටක විතර සීරීස් එකක් විදියට කරන්න තිබුණු සංකල්පයක්. හිතන්න. මේ චිත්‍රපටියට ප්‍රධාන චරිත හතරක් තියෙනවා. නළුවෝ හතරදෙනෙක්. මේ හතරදෙනාටම සමව සලකන්න වෙනවා. තව කාන්තා චරිත, ප්‍රකාශ් රාජ්ගේ සේනාපති චරිතය වගේ ඒවා හමුවෙනවා. මේ සියළු චරිත එක්ක පැය දෙකහමාරක් ඇතුලෙ කතාවක් කියන්නත් සිද්ධවෙනවා. අපි චිත්‍රපටියක් බලද්දී ඒකෙ ඉන්න චරිත විසින් ගන්න තීරණ එක්ක අපි ගැටගැහෙන්න ඕන. එහෙත් මේ වගේ චරිත ගොඩක් ඉන්නවානම් එක චරිතයක් එක්ක අපට මුහුවෙන්න ලැබෙන්නෙ බොහොම පොඩි වෙලාවක්. සමහර වෙලාවට එක ඩයලොග් එකකින් අපට චරිතයක් එක්ක මුහුවෙන්න වෙනවා.

සමහර තැන්වල සාර්ථකයි. වර්ධාන් එක්ක  ප්‍රේක්ෂකයා ගැටගැහෙනවා. වර්ධාන් ඩයලොග් දෙක තුනකින් තමන් කළ දේවල් කළේ ඇයි කියලා කියනවා. ඊතිව හඳුන්වාදෙන සීන් එක උපරිමයි. එතැනින් පස්සෙ බලන අපි ඊතිට ලව් කරන්න ගන්නවා. ඒත් අනෙක් චරිත සියල්ලටම සමීප වෙන්න අසීරුයි. රසූල්ට පවා අපි ආදරය කරන්නෙ ඒ චරිතය කරන විජේ සේදුපති නිසා නෙවෙයි. චිත්‍රපටිය බලද්දී කාටහරි අඩුවක් දැනුණොත් ඒ අසාර්ථක තැන් ටික ගැන තමයි.

එක පැත්තකින් මනි රත්නම්ම අපට පෙන්වලා දුන්න දැවැන්ත කාන්තා චරිත මේ චිත්‍රපටියෙදී මුණගැහෙන්නෙ නෑ.

අනෙක බොහෝ අවස්ථා එක්ක අපට ඉමෝෂනලි කනෙක්ට් වෙන්න බැහැ. චිත්‍රපටියේ තියෙන මරණ අතරින් එකක් හැර අනෙක් එකක්වත් අපව ෂොක් කරන්නෙ නැහැ. ඒත් එකම එක මරණයක් විතරක් උපරිමයෙන් ඩිලිවර් කරලා තියෙනවා. චිත්‍රපටිය නොබලපු අයට ස්පොයිලර් නිසා ඒක කියන්න බැහැ. ඒ මරණය ලස්සන රොමෑන්ටික් දර්ශනයක් මැද්දෙ එකපාරම එන ස්නයිපර් පහරකින් එන බව කියන්න පුලුවන්. සන්තෝෂ් සිවන්ගෙ සුන්දර රූපරාමු මැද්දට ඒ ෂොකින් සීන් එක එනවා. ඒ හැරුණුකොට චිත්‍රපටියෙ සිද්ධවෙන මරණ හැටහුටහමාරම වේගයෙන් සිද්ධවෙනවා. කවුරුවත් හරිහැටි අඬන්නෙවත් නැහැ. තවත් සමහර චරිත අතුරුදන් වෙනවා. ඔහේ අත්හැරලා දානවා.

අරුන් විජේ ඩිලිවර් කරන මර්ඩර් ටික හැර අනෙක් ගොඩක් මර්ඩර්ස් වලදී මරණ කෙනාගෙන් වුණත් ලොකු ෆීලින් එකක් මැවෙන්නෙ නැහැ.  
චිත්‍රපටියෙ ස්කෝර් කරනවා තුන්දෙනෙක්. ඒ තමයි සහෝදරයො තුන්දෙනා. හොඳට කල්පනා කළොත් වැඩිපුරම ස්කෝ කරන්නෙ සිම්බු. සිම්බු එක්ක තමයි හෝල් එකේ හිටපු ප්‍රේක්ෂකයො වැඩිපුරම බැඳුනෙ. දෙවැනියා අරවින්ද් සාමි. මේ චිත්‍රපටිය නැවත සිනමාවට ආපු අරවින්ද්සාමිට නියම වටිනාකම දුන්න චිත්‍රපටියක්. අරුන් විජේගෙ ඇතුලෙ තියෙන අපූරු ටැලන්ට් එක මේ චිත්‍රපටියෙන් මතු වෙනවා.

අන්තිමට ඉතින් සුපුරුදු ලෙස, විජේ සේදුපති...... උඹ නම් මාරයි. 

රෙහ්මාන්... ඔබ දෙවියෙක්.

සේකර් ප්‍රසාද්... උඹ චිත්‍රපටි කපනවා කැපිල්ලක්!! තනි ඇහැට කඳුලක් එන විදියට.
සන්තෝෂ් සිවන්... උඹ කැමරාකාරයෙක් වුණාට කවියෙක්. සිත්තරෙක්.
මේ හැම දක්ෂයාම එකතුවෙද්දී ප්‍රොජෙක්ට් එක ෆිල්ම් හෝල් පුරවන්න සමත් වෙනවා.

Tuesday, September 18, 2018

මගේ සන්නා වර්ණනාව

උසස්පෙළ ඉවරවෙලා මම ගමේ ගියා. මාසයක් දෙකක් ගමේ කොල්ලො එක්ක රවුම් ගහන්න පටන්ගත්තා. රවුම් කියන්නෙ යාලුවො සෙට් එක එක්ක පිස්සුම කෙළින්න පටන්ගත්තා. ඒත් හිත ඇතුලෙන් අවුලක් තිබුණා. ගමේ ඇවිත් රවුම් ගහලා මමත් සාමාන්‍ය කොල්ලෙක් වෙයිද? පොඩිකාලෙ ඉදන්ම මට සාමාන්‍ය එකෙක් වෙන්න ඕනවුණේ නැහැ. ගමේ එකෙක් වෙන්න ඕනවුණේත් නෑ. ටික දවසකින් පස්සෙ එක් දවසක මම ආයෙමත් වහාම කොළඹ එන්න පිටත්වුණා.



Friday, September 14, 2018

විශ්වරූපම් 2



ජානුස් කියන්නේ රෝමානු විශ්වාසයන්හි එන ඔලු දෙකේ දෙවිකෙනෙක්.
අතීතය සහ අනාගතය එකවර දැකිය හැකි බව කියනවා.
ජනවාරි මාසයට ඒ නම ලැබෙන්නට හේතුව ජානුස් බවත් කියනවා.
ජානුස් දෙවියන් නියෝජනය කරන බොහෝ දේ අතර ‘ද්වීමාන’ බව තියනවා.
ද්විත්ව බව, ද්විඝට්ටනය, දෙපත් නයා, ද්විරූප බව හෝ ඕනෑම වචනයකින් අපේ
හිසට එන හැඟීම් ජානුස් නියෝජනය කරනවා. හොඳ - නරක යන්න නිරූපණය
කරන්නේත් ජානුස්.

Sunday, July 08, 2018

බස් වල යනවානම් කියවන්න ( Bus Passenger's Rights )


වසරකට සැරයක් බස් ගාස්තු සංවාදය මතුවෙනවා. අඩුම තරමේ වසර දෙකකට වතාවක් වත් බස් මිල වැඩිවෙනවා. යහපාලන ආණ්ඩුව ආ විගස බස් ගාස්තුවේ යම් අඩුවක් වුණත් කෙටි කාලයකින් බස් ගාස්තුව යළි වැඩි වුණේ වාර්ෂිකව බස් ගාස්තුව පිළිබඳ සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්තිය නිසා. තෙල් මිල වැඩිවුණ අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවූ ප්‍රමාණය මදි කියලා බස් සංගම් විරෝධතාවය දැක්වුවේ බස් වර්ජනයකට යන බව තර්ජනය කරමින්. ඔවුන්ට ඒ සඳහා පැහැදිළි අයිතියක් තියෙනවා. බස් කර්මාන්තය මහා ලාභ ලබන ව්‍යාපාරයක් නොවන බවත් අපි දන්නවා. බස් ගාස්තුවේ 12.5ක වැඩිවීමක් වෙලා තියෙන්නෙ ඔය සියල්ලම අනුව.

Saturday, July 07, 2018

ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණයට එයිද?

මේ සතියේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය මීළඟ ජනාධිපතිවරණය ගැන අලුත් කතාවක් ගෙනාවා. ඒ මාතෘකාව අල්ලලා අපි කාලයක් තිස්සෙ හිත හිත හිටපු වැඩක් පුංචියට පටන්ගත්තා. යූටියුබ් චැනල් එකක්. පුංචි සහ සරල එකක්. සමහරවිට ටික දවසකින් නවතීවි.