Monday, May 11, 2015

සුන්දරම මොහොත


මොහොතකට පෙර ගැයූ මා පිබිදවූ වදන්
සිසිල් ගිනිසිලුව නිදි මඳ සිනහවක් අරන්
මෙතෙක් කල් බලා සිටි සුන්දරම ඒ වදන්
යළි යළිත් කියවමින් මගේ හිත අවදියෙන්


ඇයද පෙම් කරන වග හරිහැටිම නොම දැනන්
වේදනා වින්ද හද සදහටම සුව කරන්
නිදිවරමි ඈ ළඟින් මුව අයා පුදුමයෙන්
මැවූ සොඳුරුම සිහින අත්විඳින්නෙමි ඉතින්

ආදරේ කියූ දින රැයෙහි මා ලඟ ඉඳන්
බස් රියක පෙම් මුල්ලෙ නිදන්නී නෙතු පියන්
නිදන සොඳුරිය දෙසම බලා සිටිනා තරම්
සොඳුරුතම මතකයන් සොයන්නෙමි හෙට ඉඳන්
                                                                                       2015-05-05

No comments:

Post a Comment