Monday, May 11, 2015

වැලි මුවෙකුගේ ආයාචනය

පිනි මුවැත්තිය
ඇයි බියෙන් සසලව
ඈත්වී යන්නෙ කිම

මා වැලි මුවෙක්
නුඹ පිනි මුවැත්තියක් හින්දාද?

නුඹේ ප්‍රේමය ඇතත්
මගේ පෙම නැතැයි සිතුවාද?

බයවුනේ පෙම් කරන්නද?
දරාගත නොහැකියැයි
නුඹ හිතන ප්‍රේමයටද?

බයවුණේ ලෝකයටද?
ඇනුම්පද අවලාද
අප දෙසට විසි කරන

බයවුණේ මටද නුඹ
වැලි මුවෙක් සමඟ පෙම
දුකක් යැයි සිතුවාද?

මා නුඹට ළං වෙද්දී
මුවැත්තිය සසල වෙනු කිම

පෙම් කරද්දීම මට
ඈත් වෙන්නේ ඇයිද?
දරාගත නොහැක මට

බැරිය මට නවතන්න
එහෙත් හැක අයදින්න
එපා ඈතට යන්න
එපා තව බය වෙන්න
ප්‍රේමයට ඉඩ දෙන්න


පිනි මුවැත්තිය සමඟ
දීගයට බිය නොවන
ලෝකයට බය නොවන
පුංචි වැලි මුවෙක් මම
                                                                                             2015-04-27

No comments:

Post a Comment