Wednesday, June 10, 2015

රනිල් දුමින්ද වෙලේ සුදා ඔක්කොම රෙනෝ....


ගෙදර යන්නට පෙර ක්ෂණිකව ටයිප් කොට අප්ලෝඩ් කර යන්නට සිතුණු අදහසකි.

රෙනෝ සිල්වා ධාතු පෙන්නමින් තමන්ගේම චැනල් එකේ ඒවා පබ්ලිෂ් කරමින් ප්‍රතිරූපය නංවාගනියි. ඒ අතර ෂේප් එකේ රනිල්ටද බැක් එක දෙයි. රනිල් සහ රෙනෝ නිතර හමුවෙයි. දුමින්දවද හිරු හරහා නෝමල් චරිතයක් බවට පත් කරනු ළමයි.

වෙලේ සුදාව අල්ලා කල්පයක් ගත වී ගොස් ඇති නමුත් සුදා දුමින්ද ගැන කියා කාලයක් ගතවී ඇති නමුත් දුමින්දව අත්අඩංගුවට පත් නොවෙයි. භාරත නඩුවද පේන මානයක නොවෙයි. ඒ නිසා එතනින් එහාට කතා කළොත් ශ්‍රී නාමයට අපහාස කළායැයි අපව අත්අඩංගුවටද ගන්න ඉඩ තිබෙයි.
හිරු පත්තරයක්ද පටන් ගන්නට සැරසෙයි. රනිල් සහ රෙනෝගේ ඩීල් එක තවත් පුළුල් වෙයි. කිලී සහ ටිරාන් පසු කරමින් රෙනෝ ගොඩ යයි.

රෙනෝ ගම්පහින් ඡන්දය ඉල්ලන්නට සැරසෙයි. ටීවි එකේ ධාතු වන්දනා නිසා අමුතු ප්‍රතිපත්ති දේශපාලනයක් අවශ්‍ය නොවෙයි. ලිස්ට් එකේ එකටම ඕනනම් ආ හැකියි.

දුමින්ද ගැන යූඇන්පියේ සද්ද වැසෙයි. වෙලේ සුදා දුන් සාක්ෂිද බොරු බව දැන් පොලීසිය කියයි.

(භාරතව වැදගත් ඡන්ද වලට පමණක් නිසා මරාගෙන මැරෙන සටන් හිරුණිකාගෙන්වත් නොඑයි. ප්‍රසන්නත් මහ ඡන්දය එනතුරු ඉඳියි.)

ඇයි මර්වින්? මර්වින් රාජිතගේ මිතුරා බව රට්ටු කියයි. රාජිත මෛත්‍රීෙග් මිතුරා බව රට්ටු දනියි. මර්වින් ගැන රට්ටුන්ගේ සද්ද වැසෙයි.

ආණ්ඩු පෙල්ලුවා යැයි කියන වෙබ් වීරයන්, සමාජ සංවිධාන වීරයන් ජනාධිපති, අගමැති හමුවන්නට ගොස් තේකක් බී ඔවුන් කියන දෙයක් අසා නැවත පැමි‍ණෙයි. ප්‍රගීත්ලා, ලසන්තලා ගැනත් දුමින්දලා, මර්වින්ලා ගැනත් අසන්නට අමතක වෙයි. නැවත පැමිණ වැටී සිටින මහින්දටම ගසයි. (ගහන්න ඕන තමයි ඒත්)

අපිත් කොණකට වී බයිලයක් ගසා ඔහේ ඉඳියි. යහපාලනේ උදා වී යයි සමහරු කියයි. 
මේකද යහපාලනේ? සමහරු අසයි...

10 comments:

  1. තේරුනේ... දැන් තමයි...

    ReplyDelete
  2. //ආණ්ඩු පෙල්ලුවා යැයි කියන වෙබ් වීරයන්, සමාජ සංවිධාන වීරයන් ජනාධිපති, අගමැති හමුවන්නට ගොස් තේකක් බී ඔවුන් කියන දෙයක් අසා නැවත පැමි‍ණෙයි. ප්‍රගීත්ලා, ලසන්තලා ගැනත් දුමින්දලා, මර්වින්ලා ගැනත් අසන්නට අමතක වෙයි. නැවත පැමිණ වැටී සිටින මහින්දටම ගසයි. (ගහන්න ඕන තමයි ඒත්)//

    සබාවේ සිනා...

    ReplyDelete
  3. ප්‍රගීත් ට ගේම දුන්නු එකා ට බලශක්තිය ලැබුනේ කොහොමද කියා අසන්නට අමතක වෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එකතු වෙන්න ඕන ඒ වාක්‍යයත්

      Delete
  4. අන්තිමේ ඔක්කොම එකයි..

    ReplyDelete
  5. නරක දෙකකින් අඩු නරක එක තෝරා ගැනීම හැර වෙනත් විකල්පයක් දැනට නැත.

    ReplyDelete
  6. ආණ්ඩු පෙල්ලුවා යැයි කියන වෙබ් වීරයන්, සමාජ සංවිධාන වීරයන් ජනාධිපති, අගමැති හමුවන්නට ගොස් තේකක් බී ඔවුන් කියන දෙයක් අසා නැවත පැමි‍ණෙයි. ප්‍රගීත්ලා, ලසන්තලා ගැනත් දුමින්දලා, මර්වින්ලා ගැනත් අසන්නට අමතක වෙයි. නැවත පැමිණ වැටී සිටින මහින්දටම ගසයි. (ගහන්න ඕන තමයි ඒත්)//

    ඒත් රනිල්ට ඉන්න පුළුවන් ටික දවසයි නෙව. 01/8 වෙනිදා ඉඳල මහ ඡන්දෙ වෙනකල් රනිල්ට ලැබුනෙ පරීක්ෂණයකට මුහුණ දෙන්න. 2015-2020 කාලයට රනිල් හොඳද කියන පරීක්ෂණය තමයි ඒ. ඒක පාස්වීම හෝ ෆේල්වීම එයාගෙ වැඩක්.

    //මේකද යහපාලනේ? සමහරු අසයි...//
    සමහරු අහනව තමයි. අපි කියනව ඔව් කියල. අවුල් අනන්තවත් තියනව. හැබැයි යම බයියන්ගෙ පාලනය පෙරලා දැමුව එක ගැන නං අපේ කිසි කහටක් නෑ!

    ReplyDelete
  7. එක එකාට කඩේ යන උන්ට මාධ්‍යවේදියෝ කියන එක තමයි ළොකුම වැරද්ද... එයාලට කියන්නේ මාකටියර්ස්ලා කියලා... නැත්නම් සේල්ස් රෙප්ලා කිව්වත් අවුලක් නෑ...

    ReplyDelete