අප සිටින්නේ වීරයන් අවැසි සමාජයක. මේ මොහොතේ වීරයන් ඕනෑ තරම් ඉන්නවා. වීරයෙක් වෙන එක ලේසියි. වීරයෙක් නැතිව අපටත් බැහැ. මොකක් හෝ ක්ෂේත‍්‍රයක වීරයෙක්් අනුයන්න අපි බලාගෙන ඉන්නවා.
දේශපාලනයේ, කලාවේ, සිනමාවේ වගේම ක‍්‍රීඩාවෙන් වීරයෝ
බිහිවෙනවා. මාධ්‍ය හරහා ඒ වීරයන්ගේ ප‍්‍රතිරූප මවනවා. වීරයෝ ඉන්න තැන
දුෂ්ටයොත් ඕනෑමයි. දුෂ්ටයන්ගේ ප‍්‍රතිරූපය
මවන්නෙත් මාධ්‍ය හරහාම තමයි.
දෙමළ මිනිසුන්ගේ වේදිකාව මතින් පැනනැඟුණු
යුද්ධයක් විසින් අපේ සමාජයට වීරයන් සහ දුෂ්ඨයන් නිර්මාණය කරලා දුන්නා. රටම
අප්පච්චි කෙනෙකුගේ ප‍්‍රතිරූපයකුත් අප්පච්චිගේ වීර මල්ලියෙකුත් රාජකීය පවුලකුත්
මාධ්‍ය හරහා එළියට ආවා. මේ වීරයන්ගේ ප‍්‍රතිරූපය රකින්න රණවිරුවෝ කියලා අතුරු
වීරයෝ ටිකක් සමාජගත වුණා. දුෂ්ටයොත් නිර්මාණය වුණා. ඒ අර රජ පවුලේ ආතල් කඩන අය.
මාතෘකාවට ආ යුතුයි. සටහන ලියැවෙන්නේ රජ
පවුලේ අවසානය ගැනත් අලූතින් බිහිවුණු වීරයන් ගැනත් කියන්නට නෙවෙයි. මේ මාධ්‍ය
වීරයන් හැරුණුකොට ඇත්ත සමජයේත් වීරයන් ඉන්න බව මතක් කරලා දෙන්නයි. ඒ වීරයන්
විනාඩියෙන් විනාඩිය වෙළඳ දැන්වීම්වල පෙනී හිටින්නේ නැහැ. ඔහු ඔබ ගමනක් යන ති‍්‍රරෝද
රියේ රියදුරා විය හැකියි. වැලිවේරිය දේවස්ථානය ඉදිරිපිටදී ත‍්‍රිරෝද රථයක් තුළ අපට
වීරයෙක් මුණගැහුණා. මේ සටහන ඔහු වෙනුවෙන්.