Sunday, October 18, 2015

සුජියාට ලියමි....



කීර්ති ලොකුලියන සහෝදරයාගේ කවියකට පිළිතුරකි..........


















සුජියො මට තේරෙනව

මේ තමයි ජීවිතේ

කරුමෙ නං නෙවෙයි බං

අපට දුන් ජීවිතේ



ළමයින්ට කියාපන්

පෝන් එක අතට ගෙන

පෝන් තියෙනා උන්ට

උපාසක සමාජෙට

හිනාවෙන පරයන්ට

කියාදෙන්නැයි කියා

අපට මේ ජීවිතේ - තොපි දුන්නු ජීවිතේ



උගන්නාපං උන්ට මේ වළෙන් ගොඩ එන්න

බුදුන්ටත් හැමිණෙන්ඩ කියාදීපං උන්ට

තනියෙන්ම බුදු නොවී සෙට් වෙලා බුදු වෙන්ඩ

අපෙ විහිළු ජීවිතත් අරන් නිවනට යන්න


කීර්ති සහෝදරයාගේ කවිය

සුජී ඔය ෆෝන් එක
දීපන්කො කීවාට
මං කොහොම දෙන්නද
ෆෝන් එක කාටවත්
මාත් ආසයිනෙ බං
උඹේ හඬ අහන්නට

අැගපතේ අමාරුව
නිසා බං හැන්දෑවෙ
වෙනද වගෙ මං ගැහැව්ව
වෙල් කසිය බාගයක්
ඉන් පස්සෙ වුන දෙයක්
මතකයක් නෑ බං
උඹ කතාකර බවක්
පොඩි දෝනි කිව්ව මට
කඹුරළා උඹ එවන
එකම එක දොයිතුවක්
මං ගත්තෙ නෑ බං
මගේ තනි වියදමට
ලොකු කෙල්ල ඒ සල්ලි
ගානටම මිම්මටම
ඉනේ ගහගෙන ඉන්නෙ
කෑව බීවත් හරියට
උඹ ගියේ අරාබියෙ
අපේ නැති බැරි කමට
පලු යන්න බැන්නත්
මං උඹට පින්දෙනව
මගේ නැහැ බොරුවක්
වෙනද වාගෙම තමයි
ඉඳල හිටලා කසිය ගැහැවත්
මං උඹේ සුජිය බං
කවුද අලුගුත්තේරුවෙක්
උඹේ අර කතාවම
රටවටේ අවුළාල
අම්මාට හැමිනෙන්න
අනේ බං මගෙ කුසුම‍ො
මේ ඉන්න පාහරයො
පට්ට ආතල් ගන්නෙ
අපේ දුප්පත්කමින්




ෆේස්බුක් වින්දනය

6 comments:

  1. http://sinhala.lankanewsweb.net/featured/cyber-wall

    ReplyDelete
  2. සුජියාට හිනා වෙන උන්දන්නේ නැතුව ඇති මේ රට දුවන්නේ සුජියලාගේ ගැණු රට ගිහින් කබුරලා එවන සල්ලි වලින් කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... අපි කොච්චර දේවල් දන්නෙ නැද්ද?

      Delete
  3. න්ං බුකියෙ නැති හින්ද මං දන්නෙ නෑ සුජියගෙ හරුපෙ. හැබැයි එක දේකටන මනාපයි.

    උගන්නාපං උන්ට මේ වළෙන් ගොඩ එන්න

    බුදුන්ටත් හැමිණෙන්ඩ කියාදීපං උන්ට

    තනියෙන්ම බුදු නොවී සෙට් වෙලා බුදු වෙන්ඩ

    අපෙ විහිළු ජීවිතත් අරන් නිවනට යන්න//

    අන්න ඒ ටිකට

    ReplyDelete
    Replies
    1. ඒ ටික තමයි මුලින් ලියැවුණේ....

      Delete
  4. වෙන කෙනෙක්ගෙ ජීවිතේ ගැන කිසිම දෙයක් නොදැන ඒකෙ කොනක් අල්ලගෙන ආතල් ගන්න විතරක් දන්න උන් ඉන්න සමාජයක් මේක..............

    ලස්සනයි............

    ReplyDelete