Monday, October 26, 2015

මීඩියා මර්ධනේ

යූඅඇන්පී එකට ජනමාධ්‍ය පාලනය කරන්න ඕන. ඒකට මහින්ද වගේ සුදු වෑන් එවලා තග දාන ක්‍රමයක් වෙනුවට යූඇන්පිය පාවිච්චි කරන්නේ වෙනත් ක්‍රමයක්.

එයාලා උත්සාහ කළා ලංකාවේ ප්‍රධානම ජනමාධ්‍ය වෘත්තීය සමිතිය (වෘත්තීය සමිතියක් විදියට ලියාපදිංචි කරලා තියෙන්නේ ඒක විතරයි) බලය අල්ලන්න. ඒක ගොඩක් පැතිවලින් වාසියි. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුණා.

ඉන් පස්සේ උත්සාහ කළේ අළුත් වෘත්තීය සමිතියක් හදන්න. ඒත් අළුත් එකක් හැදුවොත් ඒකට නිල පිළිගැනීමක් නැතිවෙනවා. ඒ නිසා කළේ  2012 දී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට නම වෙනස් කරගත්ත වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පරණ නම උස්සනන්න උත්සාහ කරපු එක. ඉන්පස්සේ නිල පිළිගැනීම ලැබෙනවා.

ඉන්පස්සේ කරන්න තියෙන්නේ මාධ්‍යවේදීන්ව පාලනය කරන්න යූඇන්පීය ගන්න උත්සාහයන් සාධාරණීකරනය කරන එක. අනිත් පැත්තෙන් ඉඳහිට මහින්දලා කරපු මිනීමැරුමක් අතුරුදන් කිරීමක් අල්ලගෙන සංදර්ශණයක් කරලා යූඇන්පියට වක්‍රාකාර සපෝර්ට් එකක් දෙන එක. (මහින්ද එල්ටීටීඊ බිල්ලෙක් නඩත්තු කළා වගේ මහින්ද බිල්ලෙක්වත් යූඇන්පියට ඕන.)

මේ අළුත් සංගමයේ කට්ටිය මාධය ආයතන වලට ගිහින් කෙළින්ම කියලා තියෙනවා ආණ්ඩුවේ සපෝර්ට් එක ලැබෙන්නේ අපට, අපි එක්ක එකතු වෙන්න කියලා.

අපේ මාධ්‍ය අයියලත් මොකක්හරි වාසියක් ලැබෙනවානං ඕන තැනක ලගින නිසා සංගමයට සාමාජිකයෝ කණ්ඩායමයකුත් හදාගන්න ලැබුණා.

මේ සංගමය එළියට ආවේ පුවත්පත් මණ්ඩලයෙන්. පුවත්පත් මණ්ඩලය මොකක්ද කියලා ගොඩක් මීඩියා අයියලත් දන්නෙ නැහැ. (මොකද එයාලා තමන්ගේ වෘත්තීය පරිසරය ගැන සැලකිලිමත් නෑ.) ඒ තමයි මීඩියා දඬුකඳේ ගහන කැලෑ උසාවිය. කියවන්නක

මේ සංගමය පිළිගන්නේ පුවත්පත් මණ්ඩලය කියන ගෝත්‍රික ආයතනය. අපට තියෙද්දී පුවත්පත් ආයතනය කියන ස්වාධීන ආයතනයක්. මාධ්‍යවේදියෝ ගොඩක් මේ සිද්ධිය දකින්නේ නිකන් වෘත්තීය සමිති දෙකක් අතර සිද්ධියක්... පුද්ගලයන් අතර සිද්ධියක් කියලා විතරයි. ඒත් මේක මාධ්‍ය ස්වාධිනත්වය සම්බන්ධ සිද්ධියක්. ( කොළඹ ප්‍රකාශනය. මේකෙන් තමයි ස්වාධිනත්වය දුන් ආයතනය පිහිටෙව්වේ)

වැදගත්ම කතාව මේකයි. 

මේ යූඇන්පී මෙහෙයුම වෙනුවෙන් එළිපිට පෙනී ඉන්න මාධ්‍ය ආයතන දෙකක් තියෙනවා. එකක් කොහොමත් ආණ්ඩුවේ වෙච්ච සිළුමිණ සහ ආණ්ඩු විරෝධී ජාතිවාදී ස්වරූපයක් පෙන්වන දිවයින. සංගමයේ වැඩි බලයක් තියෙන්නේ දිවයින සම්බන්ධ අයට.

යූඇන්පියත් එක්ක විමල් වීරවංශ, ගම්මන්පිලලාගේ මතවාදී ප්‍රකාශණයක් වෙච්ච දිවයිනට තියෙන ගණුදෙනුව මොකක්ද?

මේ තමයි සෙල්ලම. මහින්ද රාජපක්ෂට බලයේ ඉන්න. මිනිස්සුන්ව සූරාකන්න කොටි අවශ්‍ය වුණා. කොටි බිල්ලා තියාගැනීමට මහින්ද විවිධ දේවල් කළා. ඒ වගේ මේ යහපාලන ආණ්ඩුවට මිනිස්සුන්ව දිගටම සූරා කන්න නම් ජාතිවාදී මහින්ද බිල්ලා දිගටම තියාගන්න ඕන. ජර්නලිස්ට්ලව මර්ධනය කරන පුවත්පත් මණ්ඩලයට දිවයින බය නැත්තේ මේ එකඟතාවය නිසා. 

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අයට කියන්න තියෙන්නේ සිහියෙන් ඉන්න කියලා. මේ ඩීල් එකත් එක්ක සැබෑ ජනතා ප්‍රශ්ණ වෙනුවට බොරු ප්‍රශ්ණ මාධ්‍ය වලින් මතු කරයි. සැබෑ ප්‍රශ්ණ ගැන කියන මාධ්‍යවේදීන්ව කලින් වගේ සුදු වෑන් එකෙන් නෙවෙයි පුවත්පත් මණ්ඩලෙන්ම නඩු අහලා මර්ධනය කරයි.

 

 

2 comments:

  1. රනිල් ආයේත් වරද්ද ගෙන, උඩුවාට උගුඩුවා කියලා,

    නාලක ගුණවර්ධන නිතර ලියනවා දකුණු ආසියාතිකයන් හැම දෙයක ම කොන්සිපිරසි හොයනවා, දකිනවා කියලා, මෙම කොන්ස්පිරසි තියරියම බදා ගෙන දඟලන අයගේ ක්‍රියේටිවිටි බහිනවා, මටත් එහෙම වෙලා තියනවා.

    මම ඔබගේ ලියන ස්ටයිල් එකට සහ මාතෘකා වලට කැමතියි, ඒත් මේ කුණු වලෙන් පිට ඉන්වෙස්ටිගේටිව් යමක් තමා කියවන්න කැමති.

    ReplyDelete
    Replies
    1. කන්ස්පිරසි හොයනව නෙවෙයි එහෙම ඒව තියෙනවා...... මට ක්‍රියේටිවිටි බැස්සත් ඇහැට පෙනෙන දේ කියන්න වෙනවා... ඒකයි මේ දේවල් දිගටම ලියන්න වෙන්නේ.

      මගේ ආසාවත් කුණුවලෙන් පිට දෙයක් ලියන්න තමයි... ඒත් මොනව කරන්නද?
      අපි ඉන්නේ කුණුවලකනේ.......................

      Delete