Thursday, October 15, 2015

එල්ලන්ඩ නියමිත උං

මං පොලේ ගැහුවෙ 
මගෙ පොඩි එකා
වැරදියිද? හා......

මගෙ ගෑණි මුහුදට දානකොට
ඇයි තොපිට රිදෙන්නෙ?

කූඩුවේ හිර කෙරුවෙ
මගේ මහ එකා
බොලව් තොපි මොකද
කලබල වෙන්නේ?

මගේ කෙල්ලට යකෝ
බිම දාං මං ගැහුවෙ

තමන්ගේ උන්ට
ආදරය නොකළ අපට
ආදරය කරන්නට
ඉඩ නොදුන්නේ කවුද?

තමන්ගේ උන්ට විතරක් 
ආදරේ කරපු උං

එල්ලපල්ලා උන්ව....






2 comments:

  1. මරු කවිය උඩුවෝ.බලාගෙන ගියාම උන්ට පවුල පිලිබඳ හැඟීමක් අපිටත් වඩා තියෙනවා වගේනේ.

    ReplyDelete