Wednesday, November 11, 2015

මෝටර් බයිසිකල්!! අජියා!! ශමීර!!

මෝටර් බයිසිකල් චිත්‍රපටියෙන්
අනුමාන කරපු විදියට කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම ශ්‍රී ලාංකික චිත්‍රපටිය විදියට ශමීරගේ මෝටර් බයිසිකල් සම්මානය ගත්ත. සාක් උළෙලේදීත් ශමීරට සම්මානය ගන්න පුලුවන් වුණා. සුභ පතල ඉන්න ඕන...... සුභපැතුම් ශමීර!!!


ශමීර රංගන නාඔටුන්න

මෝටර් බයිසිකල් කියන්නේ කාෂ්ඨක කොළඹ වත්තක ඉපදුණු ගායකයෙක් වෙන්න හීන දකින දුප්පත් කොල්ලෙක්ගේ කතාවක්...!!!  ඒක කලාව එක්ක එකතු වෙන්න හීන දකින අවාසනාවන්තයෙකුගේ කතාවක්.... ලස්සන මධ්‍යම පාන්තික යැයි කිවහැකි තරුණියක් එක්ක පෙමින් බැඳිලා විවාහ වෙන්න පතන තරුණයෙකුගේ කතාවක්... ඒක උපතින් ධනවත් පවුලක නොඉපදිච්ච අපේ රටේ බහුතරයක් කතාවලින් උරාගත් තවත් එක් කතාවක්....



ෆිල්ම් එකේ මුලින් කාෂ්ඨක කොළඹ ලස්සනට අල්ලාගෙන තිබුණා... ඒ සීන් කොළඹ පාරවල් වල යද්දී ඇහැත් එක්ක අපේ ඔළුවෙත් රැඳුනු ඒවා...

හීන!!

තරුණයා හීන දකින්නේ බයික් එකක් ගන්න.. ඔහු කඩේකට ගිහින් බ්රෑන්ඩ්නිව් බයික් එකක ගාණ අහනවා.. එච්චර සල්ලි නෑ.. ගෙවන්න ගන්න නං ස්ථීර රස්සාවක් ඕන. නැත්තං බැංකු ලෝන් එකක්වත් නෑ.. සිංදු කියන තරුණයා වගේම මීඩියාකාරයෝ කියන අපේ එවුන්ටත් ඕක තමයි අවුල.. ලෝන් නෑ අපේ පේෂීට් වලට... 

ගන්න වෙන්නෙ පරණ බයික් කට්ටක්.. අම්මගෙ මාලෙ උගස් කරල...

මට මතක් වෙනව ප්‍රවේගය!! 

ප්‍රවේගයෙන්

ප්‍රවේගයෙ හේමාල් අඳින්නෙම ඔඩෙල් එකෙන් අරන් ටැග් එක කඩපු ගමන් වගේ ඇඳුම්.. එකපාර සල්ලි දීල ඌ ගන්නවා අපාචි බයික් එකක්..  කිට මරන් ඔෆිස් යනව... ඒ වෙලාවෙ මං ලිව්ව අපේ තාරුණ්‍යයට සෙට් වෙලා තියෙන කරුම වල්මත් ගතිය ප්‍රවේගය ටච් කරල නෑ කියල.. පොලදාවන් එකේ ධනුෂ් ටච් කළා කියලා... ( කලින් පෝස්ට් එක )

ඒත් මෝටර් බයිසිකල් එකේ දසුන් ඇතුලෙන් ඒ වල්මත් ගතිය එනව.. ඔඩෙල් ඇඳුම් කොහෙද? කෙල්ල බලන්න යන්න හෝදල වනපු ඩෙනිම කවුද උස්සල... බයික් කට්ටෙන් පාරට බහිද්දි ඉඳුල් බාල්දියක් ඇඟට වදිනව.... 

බයික් කට්ට
යමක් කමක් තියෙන පවුලක පෙම්වතිය ඔහුට හීනයක්ම විතරක් වෙනවා.. ඒක පෞද්ගලිකව මාත් විඳපු රිදෙන අත්දැකීමක්... අනාගතය මං දකින මියුසික් (මීඩියා) හීනේ එක්ක යනවද? නැත්තන් ඇය වෙනුවෙන් මධ්‍යම පාන්තික රේස් එකට වැටෙනවද?

මං දෙක තෝරගත්ත.. ෆිල්ම් එකේ කොල්ලත් තෝරගත්තෙ දෙක.........

තවත් ඉස්සරහට මේ ෆිල්ම් එක ගැන කතා කරමු... ගොඩක් අය තවම බැලුවෙත් නෑ.. ෆිල්ම් ෆෙස්ටිවල් එකේදිම සිය ගාණකට හැරිල ආයෙ යන්න වුණා... 



අජිත් කුමාරසිරි

සරලම ලයින් එකෙන් ලියන බ්ලොග් එකේ ෆිල්ම් එක ගැන විචාරයක ගැඹුරින් කතා කරන්න කැමති නැතත් පොඩියට කියන්න ඕන මට ෆිල්ම් එකේ වැඩියෙන්ම දැණුනේ අජිත් කුමාරසිරිගේ මියුසික් බව. අජිත්ගේ ආදරණීය (ගොරහැඬි) කටහඬ අවසානය තීව්‍ර කරනවා.... අජිත් අයියා ලොකු කාර්යයක් කරනවා... 














32 comments:

  1. ඉස්සෙල්ලම වතාවටද කොහේ බ්ලොග් එකට ගොඩ උනේ.. ඉස්සෙල්ලම ඇහැ ගියේ මේකට.. "මළා වගේ ඉඳපන් එතකොට ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්" ඒක නම් පට්ට කතාවක්.. පිචර් එක ගැන දැනුවත් කරාට ස්තුතියි.. බලන්න ඕන කියල හිතුන.. එත් ඉතින් පිටරට ඉන්න අපිට ඔන්ලයින් පිහිට තමා..

    ReplyDelete
    Replies
    1. තවම ලංකාවේ රිලීස් වෙලත් නැති හින්ද ඔන්ලයින් බලන්න ටික කාලයක් ඉවසන්න වේවි... (කණගාටුයි)

      මළා වගේ ඉඳපන් කෑල්ල මගේ නෙවෙයි චමිල ප්‍රියංක අයියාගේ මෙය තුවක්කුවක් නොවේ නාට්‍යෙයන්

      Delete
  2. යමක් කමක් තියෙන පවුලක පෙම්වතිය ඔහුට හීනයක්ම විතරක් වෙනවා.. ඒක පෞද්ගලිකව මාත් විඳපු රිදෙන අත්දැකීමක්... අනාගතය මං දකින මියුසික් (මීඩියා) හීනේ එක්ක යනවද? නැත්තන් ඇය වෙනුවෙන් මධ්‍යම පාන්තික රේස් එකට වැටෙනවද?

    මං දෙක තෝරගත්ත.. ෆිල්ම් එකේ කොල්ලත් තෝරගත්තෙ දෙක......... ''



    දෙක තෝරලා එක වෙන්නත් බැරි නෑ බන් විමලයා වගේ...

    ReplyDelete
    Replies
    1. එක තේරුවනං කෙළවිලා යනව...
      විමලෙ වගේ නොවී ඉන්න තමා ට්‍රයි එක

      Delete
  3. මේ නම අප්සෙට් නේද?
    එක්කෝ මොටර් බයිසිකලේ විය යුතුයි, නැතිනම් මොටර් බයිසිකල් එක (හෝ එැවැනි නාම පදයක්) විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒ නමම මරු යෙදුමක් කියල මට හිතෙන්නේ...

      Delete
    2. භාෂාවත් වෙනස් වෙන්න ඕන...

      Delete
    3. මම තාම ෆිල්ම් එක බලල නැහැ
      හැබැයි ඒ වගේ කතා තියෙන්නේ එකයිද?
      ඒක නිසා මෝටර් බයිසිකල් ගැලපෙනව (හිටං)

      Delete
  4. උඩ්ඩෝ තරහා වෙන්න එපා මේ කොමෙන්ට් එකට...

    හීනේ කතාව ඇත්ත..

    ඒත් මේ වගේ පොන්න කොල්ලෝ තාම ඉන්නවද.. (සින්දුවේ ඉන්නවා වගේ..)

    ReplyDelete
    Replies
    1. උට සෙට් වෙන්නේ මාර අවුලක්... ෆිල්ම් එක බලද්දී තේරෙයි.... උට අඬන්න සිද්ධ වෙන විදියට තමා ඔක්කොම හැඩගැහෙන්නේ...
      කෙල්ලෙක් දාල යන එකට වඩා තද වේදනාවක් අසරණභාවයක් නිසා පොර අඩන්නේ

      Delete
  5. තවම බලන්න ලැබුණෙ නැහැ.... අවුළුවල දැම්ම නේ... ඉතින් බලන්නම වෙනවා..

    අජිත්ගෙ හඬ ගැන මම දවසක් ලිපියක ලිව්වා මතකයි ‘‘වැලි කඩදාසියකින් හිත පිරිමදිනව වගේ‘‘ කියල...

    ReplyDelete
    Replies
    1. අනිවා බලන්න ඕන... ඉක්මනට රිලීස් කළොත් හොඳයි

      Delete
  6. බලන්නම ඔනේ
    පොස්ට් එක එල ද බ්‍රා

    ReplyDelete
  7. තාම බැලුවේ නෑ .....ඔන්ලයින් බලන්න තවත් කාලයක් ඉන්න වෙයි නේ.....

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා මොකක්ද එකට මොකක්ද එක කිව්වලුනේ....

      Delete
  8. කාලෙකට කලින් කාර් එකක් ගන්න තිබ්බ ආසාව ඉෂ්ට කරන්න අම්ම මාලෙ දුන්න උකස් කරන්න.... හ්ම්ම්ම්.. මම ඒක තියල 80,000ක් අරන් ford cortina එකක් ගත්ත. අදත් ඒක තියනව. හැබැයි කොට උඩ . මළත් විකුණන් නෑ... අම්මගෙ ආදරේ එහෙමයි බං.. උඹේ ටෙම්ප්ලේට් එක නිසා මම හිතුවේ මොනිටරේට කෙළවෙන්න එනව කියල. ඒකත් මරු.

    ReplyDelete
    Replies
    1. වෙනසක් කරන්න හිතුවා....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේක කියෙව්වට පස්සේ කොහොම හරි බලන්න ඕනේ කියල හිතුන. මේ පැත්තේ උළෙල වල් වලටත් එයිනේ නේද? නැත්නම් අපට මෙහාට ගෙන්වන්න බැරිද ෆිල්ම් එක?
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1516-2015-11-12-23-43-19

    ReplyDelete
  11. ප්‍රවේගය චිත්‍රපටයේ ඉන්න තරුණයාව සහ මෝටර් බයිසිකල් චිත්‍රපාටයේ ඉන්න තරුණයා කියන දෙන්නෙගෙන් එක්කෙනෙක් ගැන නිර්මාණයක් බලන්න තෝරගන්න වුනොත් මම තෝරගන්නේ දෙවනි තරුණයා ඉන්න චිත්‍රපටය බලන්න. ප්‍රවේගය බැලුවේ නෑ. මේ චිත්‍රපටය බලන්න ආසාවක් ආවා. අවස්ථාවක් ලැබුනොත් බලමු.

    ReplyDelete
    Replies
    1. බලන්නම වෙයි...
      තරුණයෙකුගේ මහන්සිය

      Delete
  12. අගනගරෙන් ඈත ඉන්න අයට අසාදාරනයක් වෙනව. ආසාව තිබුනත් බලන්න විදිහක් නෑ උඩුවා...film festival එක බලන්න ආසාවෙන් හිටියත් බැරි උනා

    ReplyDelete
    Replies
    1. ඒක නං අවුලක් තමයි
      මහින්ද මහත්තයා හිටියනං හම්බන්තොටට වැඩේ ඇදගන්න තිබුණ

      Delete
  13. ඔබෙ මේ බ්ලොග් එක මාරයි.ගැබුරුම දේවල අපිටත් තේරෙන විදියට ලියන්ට ඉගෙන ගත්තෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. උඹල කියන දේ තේරෙන නිසා වෙන්න ඇති...
      ගැඹුරු සංවාද කරන්න ඕන තරම් අය ඉන්නවා... ඒවයේ ප්‍රතිඵල සරලව එළියට දාන්න කට්ටිය නෑනෙ

      Delete
  14. මේක මරු උඩුවා.
    ප්ලොට් සමරි එකක් කියෙව්වා උපේක්ෂා නුවන්ශ්‍රීනි අක්කා ලිව්ව ස්ටේටස් එකකින්.
    එදා ඉඳන් මේක බලන්න පෙරේතකමේ. දැන් ඒක තවත් වැඩිවුනා.

    ReplyDelete
  15. මේක දැක්කේ අදනේ....

    අනේ ෆෙස්ටිවල් එක මිස් උනා අය්යෝ.... මේ නළුවා මම කැමති කෙනෙක්. ඔහු තුල ලොකු ප්‍රතිභාවක් තියෙනවා.

    ReplyDelete
  16. හෙට බලනවා. හොඳ ෆිල්ම් එකක් කියල ආරංචියි. උඩුවාගේ සටහන දැක්කම ඒක එහෙමමයි කියල හිතෙනවා.

    ReplyDelete
  17. හෙට බලනවා. හොඳ ෆිල්ම් එකක් කියල ආරංචියි. උඩුවාගේ සටහන දැක්කම ඒක එහෙමමයි කියල හිතෙනවා.

    ReplyDelete