ප්‍රවේගය මාරම වැඩක්
කියලයි ගොඩක් අය ලිව්වේ. ඒ අතරින් චින්තන සහෝදරයා ලිව්ව සටහනට මම කැමතියි. (මාරම වැඩක් කියලා නෙවෙයි එයා කියන්නේ. කියවන්නකෝ ) ඔහු
වෙට්ට්‍රිමාරන් ගැනත් ධනුෂ් ගැනත් කතා කරනවා. බණකතාවෙන් ඈත් වෙලා රීමෙක් හරි සිනමාවක් හිට් වෙන එක හොඳයි. පොලතාවන් බලලා මට දැනුණු ඒත් ප්‍රවේගයේ
මට නොදැණුනු කෑල්ල. ප්‍රවේගයේ අඩුව මොකක්ද කියලා තේරුම් ගන්න ඒක උදව් වුණා.
ඔහු කියන එක් ඇත්ත.
පොලදාවන් එකට වඩා ප්‍රවේගයේ සහාය නළුවෝ ප්‍රබලයි. අමුතුවෙන් තර්ක කරන්න දෙයක්
නැහැ. හේමාල්ට නං ධනුෂ් ළඟට ළං වෙන්නවත් බැහැ. (හේමාල් පට්ට.. ඉන්දියාවේ ධනුෂ්
එක්ක නෙවෙයි ලංකාව එක්ක එපැයි සසඳන්න.)
ප්‍රවේගය ජනප්‍රියම බයිස්කෝප්
එක වෙන්නේ කොහොමද? පොලදාවන්ට වත් ඒ කාලයේ ජනප්‍රියම එක වෙන්න බැරි වුණා. ලංකාවේ
බයිස්කෝප් අඩු වීමත් තියෙන ඒවයේ තියෙන පට්ටම අවුලත් තමයි ඒකෙන් තේරෙන්නේ. ප්‍රවේගයේ
විශේෂ හොඳක් නෙවෙයි. (පොලදාවන් ආපු 2007 දී ලිස්ට් එකේ උඩින්ම තිබුණ පෝක්කිරි,
මෝසි, ක්‍රීඩම්, බිල්ලා, සිවාජි වගේ චිත්‍රපටි. පොලදාවන් තිබුණේ සෑහෙන පහල. හැබැයි
ධනුෂ් ඒ කාලේ දැන් වගේ ෆියුචර් තලයිවා නෙවෙයි. ෆිල්ම් එකක් හිට් වෙන්න තිබුණු ඉඩ
අඩුයි.)
ප්‍රවේගය ස්ක්‍රිප්ට්
එකේ කරන්න මහ ලොකු වැඩක් තිබුණේ නැහැ. ගෙඩි පිටින් සිංහලට දාන එකයි කරන්න තිබුණේ.
ස්වාධිනව කරන්න තිබුණු මියුසික් වගේ තැන් වලදී වැඩේ ෆේල්. හැබැයි මේක රීමෙක් එක නිසා සමහර වෙට්‍රිගේ වැඩේ දුර්වල තැන් ප්‍රවේගයේ ප්‍රබලව කරලත් තියෙනව.
කොහොම වුණත් ඒව අවුලක්
නැහැ.
ඒත් අවුලක් තියෙනවා.
ප්‍රවේගය හොඳට රස
විඳින්න පුළුවන්. ඇත්තටම මට දැනුණේ වෙන අවුලක්. අඩුවක්. සරලව කෙටියෙන් කිව්වොත්
සුදු පෘෂ්ඨිමත් හේමාල්ගේ කහපාට අපාචියයි කළු කේඩෑරි ධනුෂ්ගේ කළුපාට පල්සර් එකයි
තමා මට දැනුණ අවුල.
ඒ කියන්නේ මෙහෙමයි. වෙට්‍රිරාමන්
පොලදාවන් ෆිල්ම් ඒකේදී ටච් කරපු සාමාන්‍ය අපට සමීප කොල්ලා හේමාල් තුලින් දකින්න
ලැබුණේ නැහැ. ඒක හේමාල්ගේ පෙනුමේ අවුලක්මත් නෙවෙයි. පොලදාවන් එකේ ධනුෂ් අඳින
ඇඳුම්, කොණ්ඩය සහ පෙනුම වගේ දේවල් වලින් බයිලා පෞරුෂයක් වෙනුවට හෙනම නෝමල් ගතියක්
දකන්න ලැබෙන්නේ. හේමාල් අඳින පොෂ් ඇඳුම්, ඩීසන්ට් ඔෆිස් කිට් එක තුලින් වෙට්‍රිරාමන්
ධනුෂ්ගෙන් මවපු නෝමල් කොල්ලා මතු වෙලා නැහැ.
ධනුෂ් දෙමළ සිනමාවේ
අනාගතය වෙන්නේ එයාගේ රංගනයේ තියෙන වෙනස් පෞරුෂය නිසා. පොලතාවන් එකේ එයාගේ පෞරුෂය තමයි එහෙම එකක්
නැතිකම. ආදුකාලම්, කාදල් කොන්දන් වගේ තැන්වලත් එහෙමයි.
(ධනුෂ්ගේ රංගන හැකියාව ඒක. ධනුෂ්ගේ පර්සනැලිටි බලන්න ඕනනං
මරියාන් වගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්. නැත්තන් ජුලි 17 එන්න තියෙන මාරි ෆිල්ම්එකේ පූර්ව පටය බලනන පුළුවන්)
වාසනා අක්කා ලියලා
තිබුණා හේමාල්ගේ චරිතයෙන් ආවේ වීරයා නෙවෙයි කියලා. එයා කියන්නේ ප්‍රවේගයේ හේමාල්
ෆයිට් කරන්නේ තමන්ගේ බයික් එක හොයාගන්න විතරයි. එයාගේ ෆයිට් එක ආත්ම මූලිකයි.
ඒත්ඇත්ත වීරයා සටන් කරන්න ඕන සමාජ අසාධාරණයට එරෙහිව කියලා. (ඒ ලිපිය හොඳ රසවත්
ලිපියක්. කියවන්න)
ඇත්තටම ඒක ප්‍රවේගයට නෙවෙයි වෙට්‍රිමාරන්ගේ ඔරිජිනල් ස්ක්‍රිප්ට්
එකට ආපු විවේචනයක්. (පොලදාවන් කියන්නෙත් ඔරිජිනල්ම නෙවෙයි. ඒක 1948 ආපු බයිසිකල්
තීව්ස් කියන ඉතාලි චිත්‍රපටිය ඇසුරින් ලියපු එකක්.)
ඒත් ඇත්තටම අපි කලාවෙන් වීරයෝ
හොයන්න ඕන නැහැ. බයිස්කෝප් සිනමාවෙන් වුණත් සිහින කුමාරයෝ හොයන්න ඕන නැහැ. ෆ්ලැට්
එකක ඉන්න පහල මධ්‍යම පාන්තික කොල්ලෙක්ගේ චරිතයෙන් අර ක්ලීන් එකට අඳින පට්ට කොල්ලා
මවන්න යන්න බැහැ. හේමාල්ගෙන් කරන්න හදල තියෙන්නෙත් ඒක. ( ඒ කාලේ ගාමිණීල සරම
ඇඳගත්ත ලංකාවේ නෝමල් තරුණයාව සිනමාවේ මැවුවා.)
ලංකාවේ ජනප්‍රිය සිනමාවේ හැදෙන්න ඕන අවුලක් ඒක. රන්ජන්ගේ අවුලත් චරිතෙට ගැලපෙන් ඉදිරිපත් කිරීම කරන එක වෙනුවට හැම චරිතෙන්ම පෞරුෂය පෙන්නන්න යන එක. අපේ කොල්ලෝ හෙනම පරමාදර්ශී ප්‍රතිපත්තිගරුක කොල්ලොත් නෙවෙයි. හෙනම ලස්සන හැන්ඩ්සම් කොල්ලොත් නෙවෙයි.
ලංකාවේ ජනප්‍රිය සිනමාවේ හැදෙන්න ඕන අවුලක් ඒක. රන්ජන්ගේ අවුලත් චරිතෙට ගැලපෙන් ඉදිරිපත් කිරීම කරන එක වෙනුවට හැම චරිතෙන්ම පෞරුෂය පෙන්නන්න යන එක. අපේ කොල්ලෝ හෙනම පරමාදර්ශී ප්‍රතිපත්තිගරුක කොල්ලොත් නෙවෙයි. හෙනම ලස්සන හැන්ඩ්සම් කොල්ලොත් නෙවෙයි.
(ධනුෂ් ගැනත් ධනුෂ්-වෙට්‍රිමාරන් සුසංයෝගය ගැන වෙනම ලියන්න
ඕන. මේ සුසංයෝගය සිනමා සම්මාන උළෙලවල් හෙල්ලුවා. ළඟදී නැෂනල් ෆිල්ම් අවෝඩ් එකත් ලැබුණා
මේ දෙන්නා නිෂ්පාදනය කරපු කාක මුට්ටෙයි ෆිල්ම් එකට. ඊට කලින් ආදුකාලම් ෆිල්ම් එකට
ධනුෂ් හොඳම නළුවා ගත්තා. නැෂනල් ෆිල්ම් අවෝඩ් එකේ හොඳම නළුවා ගත්ත ලාබාලතමයා
විදියට. මේ දෙන්නා ආයෙමත් එකට ෆිල්ම් එකක් කරන්නලු ලෑස්තිය.)
ලංකාවට හරියන්නෙ දෙමළ හින්දි කොපි නෙවෙයි, ලාංකික සිනමාවක්. මේක 70 දශකයෙ සහ 80 මුල් දශකයෙ තිබුණා. සමහර ඒවා හින්දි කොපි වුණත්, ඒවයෙ ගොඩක් දේවල් ලාංකිකකරණය වෙලා තිබ්බ හින්ද අපේ රසිකයො වැළඳ ගත්තා. ඒත් පස්සෙ පස්සෙ අමු අමුවෙ හින්දි, දෙමළ කොපි කරන්න ගත්ත බාල ගනයෙ චිත්‍රපටි නිසා රසිකයො ඈත් වුණා. දැන් ඔය ලංකාවෙ සිනමාව ඉදිරියට යන්න නම් නැවතත් අපේ ලාංකීය ගතිය තියෙන සිනමාවක් අවශ්‍යයි. අද ගොඩක් තරුණ තරුණියො අන්තර්ජාලය සමග බද්ධ වෙලා සිතුම් පැතුම් වෙනස් වෙලා නිසා හොලිවුඩ් චිත්‍රපටි ක්‍රමය ලාංකික ආකාරයෙන් යොදා ගත්තත් රසිකයො ආකර්ශණය වෙයි. ඒකෙන් කියන්නෙ නෑ දැවැන්ත මුදලක් යටකරන නිර්මාණ කරන්න ඕනෙ කියල, හොලිවුඩ්වලත් තියෙනවා අඩු මුදලින් නිපදවන නිර්මාණාත්මක අතින පොහොසත් චිත්‍රපටි. මම කියන්නෙ ඔය හින්දි දෙමළ චිත්‍රපටිවල තියෙන සම්ප්‍රදායික පෙම් කතා, දෙන්නගෙන් එක්කෙනෙක් පෝසත් අනිත් එක්කෙනා දුප්පත්, මැද්දට දුෂ්ඨයෙක් එන කතා, මල් ගස් වටේ දුව දුව සින්දු කියන ඒවා, අද කාලෙට ඔබින්නෙ නෑ. ඔය super 6 කරපු නිෂ්පාදකය පසුගිය කාලෙ චිත්‍රපටිය බංකොලොත්වෙලා නන්නත්තාර වෙලා හිටිය කියල කතාවක් තිබුණා. එක ආපු කාලෙ කිව්වෙ දැවැන්ත නිර්මාණයක්, ලංකාවෙ සිනමාවෙ පෙරලියක් කියලා, නමුත් මම බැලුවෙ Trailer එක විතරයි, චිත්‍රපටිය අමු ඉන්දියන් කුණු ගොඩක් කියල හිතුණා. හැබැයි camera movements නම් හොඳයි, ඒත් නිර්මාණාත්මක අතින් බංකොලොත්. ඔය ප්‍රවේගයෙ අධ්‍යක්ෂ මෙහෙම කියනවා ලක්බිමට...
ReplyDelete"ප්‍රවේගය රූගත කළේ මාලිගාවත්ත, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ. එතැනදිත් හේමාල් සහ ගජිනි අතර සටන් ජවනිකාවක් රූගත කරලා. වටා පිටාවේ සෙනග පිරිලා ජවනිකාව නරඹනවාලු. ඒ සෙනග අතර හිටපු වයස අවුරුදු 70 ක විතර මනුස්සයෙක් ජවනිකාව අවසන් වූ පසු එතැනට ඇවිත් පුදුමාකාර සතුටකින් හේමාල්ට සුබ පැතුවාලු.
“මෙයා ගහ ගන්නව දැක්කාම මට මගේ අතීතේ මතක් වුණා.”
“හේමාල් නළුවකු වන්නට කලින් වුණත් ඔහු පාරේ යන වෙලාවක ඔහුව දකින ගෑනු ළමයි තුන්හතර වතාවක් මේ තරුණයා දිහා හැරිලා බලනවා. ඔය ගුණාංගය විජය කුමාරතුංගටත් තිබුණා. හේමාල්ව දැකපු මුල්ම අවස්ථාවේදීමයි මම හිතුවේ මෙයා නම් නළුවකුටම උචිත කෙනෙක් කියලා. අද ගොඩක් මාධ්‍යවල මම දකිනවා ඊළඟට හේමාල් යුගයක් එන බව. මගේ තේරීම නිවැරදි බව ලොකු සතුටක් අද මට තියෙනවා.”
මේවා මොන අතිශෝක්ති කතාද?? කෙල්ලො හැරිලා හේමාල් දිහා බලපු පලියට, විජේට සමාන නළුවෙක් වෙනවද?? හේමාල් යුගයක් ඉදිරියෙදි එයිලු.. නළුවෙක් කියන්නෙ කඩවසම්බව පමණද ?? අනික අර සටන් ජවනිකාව. සටන් ජවනිකා ගන්නෙ කඩින් කඩ, ගොඩක් ඒවා camera tricks. බලන් ඉන්න මිනිස්සු විඩාවට පත් කරනවා..මොකද එකම දේ වාර ගණනක් කරන නිසා..
නළුවන්ගේ යුගයක් නෙවෙයි අපට ඕන හොඳ සිනමාවක්. මම ගරු කරන ප්‍රවීණයෙක් මේ සටහන දැකලා මාව දිරිගන්වන්න කතා කළා. ඔහු කීවේ ලංකාවේ හොඳ සිනමාව දුවන්නට නම් ජනප්‍රිය සිනමාවත් අවශ්‍ය බවයි. හොඳ චිත්‍රපටි කර්මාන්තයක් අවශ්‍ය බවයි.
ReplyDeleteඅපට දැන් ඕන විජේල, ගාමිණීල නෙවෙයි. හොඳ සිනමාවක්. ජනප්‍රිය සහ ගුණාත්මක දෙවිදියේම චිත්‍රපටි තියෙන.
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteප්‍රවේගය Production එකක් විදියට ඉහලින් තිබුණත් නිර්මාණාත්මක අතින් මුල් දෙමළ චිත්‍රපටියට වඩා පහල තැනක තියෙන්නේ. තමිල්නාඩුවේ කතාවක් ලංකාවට ගේන්නේ කොහොමද කියන එක ගැන තිර රචකයන්ට හා ලංකාවේ අධ්‍යක්ෂකට අවබෝධයක් තිබිලා නෑ. චිත්‍රපටය වාණිජමය අතින් සාර්ථක වුනොත් තාවකාලිකව අපේ සිනමාවට හොඳක් වුණත් හැමදාම මේ වගේ remake වලින් ගොඩයන්න හිතුවොත් අමාරුවේ වැටෙනවා. මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ වෙට්ට්‍රිමාරන් කියන්නේ ඉංග්‍රිසි සාහිත්‍ය පිළිබඳ උපාධිධාරියෙක් වගේම ප්‍රවීණ සිනමාවේදී බාලු මහේන්ද්‍රා ගෙන් සිනමාව ඉගෙන ගත් කෙනෙක්. ඒ හරය නැතිව පිට පොත්ත විතරක් අරගෙන අපේ සිනමාවක් ගොඩ නගාගන්න බෑ.
ReplyDeleteඔව්, ජනප්‍රිය සිනමාව හුදු ජනප්‍රිය සිනමාවම වෙන්න නොදී එයින් යමක් කළ යුතුයි.
Delete;තාම බලන්න බැරි උනා.බලලම කියමි
ReplyDeleteඋබෙ අදහස් අහුවම ගොඩක් සතුටු හිතුනා. අපිම වගෙ දැනෙනකොට ඒ ෆිල්ම් එක බලන්ට ආසයි. ශමීරගෙ මෝටර්බයිසිකල ෆිල්ම් එකෙන් ඒ වගෙ අපෙ රටෙ අපි ගැනම කියන අපට වදින සිනෙමා ශෛලියක් එලියට ගෙනල්ලා තියෙනවා.ඒ නිසා ඒක ප්‍රොමොට්කරලා ප්‍රොබෝදයක් ඇතිකරන්න! (ප්‍රවීනයා චින්තන අයියා නේද?)
ReplyDeleteEla....
Deleteමා ගරු කරන ප්‍රවීණයා යැයි චින්තන අයියාව හඳුන්වන්න තව කාලයක් යයි. චින්තන එක්ක මගේ ලොකු සම්බන්ධයක් නැහැ. මෙතන කීවේ වෙන කෙනෙක් ගැන.
Deleteමෙහෙම කියන්නෙ කොහොමද?"පොලදාවන් කියන්නෙත් ඔරිජිනල්ම නෙවෙයි. ඒක 1948 ආපු බයිසිකල් තීව්ස් කියන ඉතාලි චිත්‍රපටිය ඇසුරින් ලියපු එකක්".
ReplyDeleteමේ දෙකේ කතා දෙකක් නෙ
මේකනෙ කේස් එක. බලන්න ගියාට ෆයිට් යනකොට හේමාල් ගුටිකනව බලන්න දුක නිසා ෆිල්ම් එකෙන් බාගයක්ම මම හිටියෙ ඇස් වහගෙන. :)
ReplyDeleteඅර උඩුවා කියන අවුලනම් මටත් පෙනුනා. බයික්කෙ ගන්න තියා අතේ කීයක්වත් නැති හේමාල් කිටමරලා යන හැටි ගලපගන්න බෑ කොහොමවත්.