Monday, December 14, 2015

ජඩම පන්තිය ..


 ක්ලබ් මාෆියා ආට්ස්.. බෝඩ් ලෑල්ල මකන්න ගුරුවරුන්ට ඕන වුණෙත් නෑ
පාල කියන්නේ තිරසට. මිනිහට ප්ලූටෝ කියලත් කිව්වා. බුලත් විටක් කාගෙන පන්තියේ පිටිපස්සේ පේළියේ කපුගේගේ සින්දුවක් කියාගෙන ඉන්නේ පාල. පහුගිය දවසක බස් එකේදී එකපාරම පාල මුණගැහුණා... 

'අඩෝ £^%&"W^%&' ආමන්ත්‍රනෙන්ම තේරුණා ඉස්කෝලේ සෙට් එකේ පොරක් කියලා. බලද්දී පාල. මිනිහ වගේ දෙකක් විතර සයිස් කෙල්ලෙක්ව තුරුල් කරගෙන ඉන්නවා. මේකා අපට හොරෙන් බැඳලාවත්ද?




ප්‍රියා අපි සපත්තු පිහදාන්න ගන්න මේස රෙද්ද කරේ දාගෙන - පන්තියට කැරම් බෝඩ් එක ගෙනාවේ මූ
වාර විභාගෙ ළංවෙද්දී
බස් එකේදී පාල ඉස්කෝලේ ඒලෙවල් පන්තියේ මතකය ඇවිස්සුවා. වැඩි ඈතක් නෙවෙයි අවුරුදු දෙකකට කලින්... ඩී.එස්. එකේ 2013 ඒලෙවල් ආර්ට් පන්තිය. අවුරුදු දෙකකට කලින් ඉස්කෝලයේ හිටපු මම දැන් ඉන්නේ මොන තරම් වෙනස් ලෝකයකද?

ඉස්කෝලේ තිබුණ ජඩම පන්තිය අපේ පන්තිය. මං හිතන්නේ පිස්සු කෙළින එකේ උපරිම සීමාවත් ඉක්මවලා අපි අයාලේ ගියා.....

ඒලෙවල් ආට්, සයන්ස්, කොමස් සෙක්ෂන් වල අය අපේ පන්තිය හැඳින්වුවේ ක්ලබ් එක කියලා... සමහරු ලැයිම කියලත් කිව්වා... ඉස්කෝලේ තිබුණ ලොකුම සූදුපොල තිබුනේ අපේ පන්තියේ... 


හෙනම අමාරුවෙන් ගෘප් ෆොටෝවක් ගන්න පන්තියෙන් බාගයක් එකතු කරගත් වෙලාවක්
බුලත් විටක්, මාවා පාරක් ගන්න ඕනම කෙනෙක් ආවේ ක්ලබ් එකට.. පන්තියේ කොණක කැරම් පොලක් තිබ්බා... ටීම් එකක් හදාගෙන ඇවිත් කැරම් ගහන්න පුළුවන්.... තවත් කෙළවරක පාලලා ඇතුළු අපි සෙට් එකක් සිංදු කියනවා.... පන්තියේ පාවිචිචි වුණේ අමුම තිත්ත කුණුහරුප මිශ්‍ර වෙච්ච වචන මාලාවක්..

මායි පසියයි
මේ පන්තියේ ඉන්න උන්ව හදන්න ඉස්කෝලෙන් නොගත් උත්සාහයක් නෑ... දවසක් පන්තියම එළියට දාලා හිටවලා තිබ්බා... එළියේ හිටගෙන ඉන්න ගමන් සෙට් එකම සිංදු කිව්වා....

උදේට පටන් ගන්නේ දහයේ ඔට්ටු වලින්
අපේ පන්තියට ගුරුවරු ආවේ අඩුවෙන්... අපට හිටපු ගුරුවරු අපටත් වඩා කම්මැලියි... වැරදිලාවත් ගුරුවරෙයක් ආවොත් අපි යනවා එක්කෝ ප්‍රයිමරියේ පොඩි උන්ගෙ අම්මලාවයි මැඩම්ලවයි බලන්න... නැත්තන් විටක් කාලා කැන්ටිමේ අක්කලාව ටෝක් කරන්න.

දැන් පොර ටෝක් දුන්නත් මාත් ඒ කාළේ ගුරුවරුන්ගෙන් බ්ලැක්ලිස්ට් වෙච්ච ඩීඑස් එකේ ක්ලබ් මාෆියා ආර්ට්ස් එකේ සාඩම්බර සාමාජිකයෙක්... 

 අපේ සෙට් එක ඓතිහාසික විදියට ගුරුවරුන්ගෙන් බ්ලැක්ලිස්ට් වුණත් පංතියෙ අවුරුදු ගාණකට පස්සෙ අපේ බැජ් එකේ තුනක්ම කැම්පස් ගියා. ඒකෙන් එක්කෙනෙක් කොළඹ නීති පීඨයේ.

මේ වාරයක කෙළවරක් නෙවෙයි! සාමාන්‍යෙයන් පන්තියේ ඉන්නේ දෙතුන්දෙනයි
ඉස්කෝලේ අන්තිම දවස

 මට මතක් වෙන්නේ ගිරවුන්ගේ කතාව. අපේ පන්තියේ ඉඳපු ගිරව් වැටිලා තියෙන්නේ විවිධ තැන් වලට. මං රාවයට වැටුණ.

අපත පන්තියේ එවුන් තාම සෙට් වෙනව.. ෆේස්බුක් ගෘප් වල එහෙම....

පන්තියෙන් එළියට ගිහින් ශිෂ්ඨ සමාජයෙ හිටියත් ඉඳහිට හෝ පන්තියේ එවුං සෙට් වෙලා තමන්ගේ අශිෂ්ඨත්වය හොඳට ෆීල් කරනවා... 

මං හිතන්නේ අපේ ඉස්කෝලේ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් ඒලෙවල් පන්ති මේ වගේ තමයි.. 

මං දන්න පොටෝ ජිමික්ම පන්තිය මේක
ඉස්කෝලේ යන කාලේ අපත මතකයන් ඉස්සරහටත් ලියැවේවි........ 


ප්‍රියයි වලහයි
ප්‍රියා එක්ක මේ ඉන්නේ පාල


21 comments:

  1. සුන්දරම කාලයක් .... උබ ගැන බලාගන්නම් බිග් මැච් කාලේ :P

    ReplyDelete
  2. උදේ පාන්දරම දහයේ කෑලි කීයක් කැඩෙනවද දන්නේ නෑ ඉතින්.

    ඉස්කෝලේ කාලේ කාටද ඉතින් අමතක කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දහයේ කෑලි විනාඩි පහයි

      Delete
  3. හොඳ අයියල ටිකක්

    ReplyDelete
  4. Replies
    1. අපි කළේ පොටෝ ගන්න එකම තමා

      Delete
  5. Adooo meka kiyewwama maara gatak awa...mage laga dina pothakma thiyei..dennam lokka...

    ReplyDelete
  6. මට ආයෙමත් ඉක්කෝලෙ කාලෙ කතා ලියන්න ආසාවක් ඇතිවුනා මේක කියවලා

    ReplyDelete
  7. අපිත් ආවා උඩුවෝ...
    අපිටත් ඕ වගේම කාලයක් තිබුණා
    ජයවේ උඩුවා!

    ReplyDelete
  8. බිග් මැච් එකේදී අල්ලගන්නම් උබව...

    2011 උබලගේ ඉස්කෝලේ ක්ලබ් එකක් තිබ්බ..මගේ හොදම යාලුවෙක් වෙච්ච ජොකා එකේ බවුන්සර්...
    මම මහනමේ උනාට උබලගේ ඉස්කෝලේ ඉගෙනගෙනත් තියෙනවා..බැජ් එක ගලෝල මම ds උනා එදා estan බෑන්ඩ් රුම් එක කැන්ටිම හැම තැනම එවිදල ඉදිද්දී පන්තියම පිනා දනගැස්සුවා පන්තියේ තිබ්බ සියලු ඩේ රාජසන්තක කළා..වාසනාවකට බස් එකෙක් සෙල්ලම් කරන කාර්ඩ් පැක් එක මගේ සාක්කුවේ තිබ්බේ..පිනා ගියහම ලග හිටිය උන්වත් කතා කරගෙන දනගහගෙනම අපි කාර්ඩ් ගැහුවා..
    උබලගේ ඉස්කෝලේ රසබර මතක ගොඩක් තියෙනවා මට

    ReplyDelete
    Replies
    1. අඩෙ අප්ප!! අපේ ඒලෙවල් ක්ලාස් එකේ හිටිය මහානාමෙන් ආපු යාළුවෙක් රවී කියල!! 

      පිනා කිව්වේ අශෝක ලොක්ක වෙන්න ඇති

      Delete
  9. methana mama mona hari nokiwwoth loku aduwak kyala hithanawa uduwa, dokalai injalai wenna matha karanna giyapu un hitiya unuth sundarathwaya widinna awe c6 ekata.salli hambu karanna puluwan ballo marala korean karainta wikkath habai mathakayan hambu karanna puluwan mathaka hitina wada karapu unta witharai.aththatama mata ada wage mathakai oya okkoma 4to mage 4n eken gahuwe. යට ඇදුම තියෙන්නේ ලිගුවේ ආරක්ෂාවට වුනත් මම ඇතුළු අපේ උන් ඒකෙන් තවත් වැඩක් ගත්තා ඒ 4න් එක කාටත් හොරා පාසලට ගේන්න.මේ මතකයන් සබ්යත්වයට පටහැනී නමුත් මම ඇතුළු උඩුවාට ඒක පට්ට සබ්යයි.උඩුවා උබ දන් නැති උනාට මමත් දැන් කලාවට සම්බන්ධයි සමාවෙටන් කියන්ට බැරි වුනාට.මේ අත්දැකීම් එක්ක ම‍ගේ ළමයෙක් කුප්ප වැඩක් කරන්න මාන බැලුවත් ඉවෙන් වගේ හොයා ගන්න පුළුවන්.ඹකයි අත්දැකීම්වල තියෙන රහස.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ගැන ලියනව ලඟදිම සටහනක්... කියවපංකෝ

      Delete
    2. liyapan balannaaaaaaaaa matath asai man gana dana ganna

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete