Sunday, January 10, 2016

මෛත්‍රී සිංදුව සහ පොළොන්නරු මොඩ්ල් ජාති(ක)වාදය

දැං කතාබහ අර මෛත්‍රීට හදපු සිංදුව ගැන... 

අර බුකියෙ කවුදෝ කීවා වගේ මහින්දට සිංදු තොග ගණන් ගහද්දී හ්ම් නොකිව්වාට මේ පිස්සු වලට විරුද්ධ වෙන පිරිසක් ඉඳීම අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අදහස් ප්‍රකාශනයේ නිදහසේ ඉදිරියට ගිය බවට සංඥාවක්.. (මෛත්‍රී දුන්න ලබ්බක් නෙවෙයි පුරවැසියෝ දිනාගත්ත නිදහසක්)


බ්‍රා එකේ කතාවෙන්..... හෙන සිංහල බෞද්ධ සදාචාරවාදී කතා වලින්
..... 

ඔය සිංදුවෙන් කියැවෙන කතාව පුදුම වෙන්න එකක් නෙවෙයි.. මේ ඇවිල්ල පොළොන්නරු ජාතිවාදී මොඩ්ල් එක.. කලින් තිබුණේ හම්බන්තොට මොඩ්ල් එක නේ.... ( හැමෝටම බලයේ දිගටම ඉන්න නම් මොකක්හරි මොඩ්ල් එකක් තියාගන්න වෙනවා )


දැන් එකේ නායකයා තාණ්ඩ රළු නැහැ... හරිම නිවිලා අහිංසකයි.. අධික පෞරුෂය වෙනුවට නිවිච්ච සුපේෂල සීන් එක තමයි දැන් මොඩ්ල් එකේ ලොක්කාට තියෙන්නේ... ( ඉතිහාසයේ ගත්තොත් ධාතුසේන මොඩ්ල් එකයි පරාක්‍රමබාහු මොඩ්ල් එකයි වගේ ගන්න පුළුවන් )


මේක ඓතිහාසිකව මැච් වෙනවා. යුද්ධය තිබුණු කාලයේ ගැලපුණේ හම්බන්තොට මොඩ්ල් එක.. ඊට පස්සේ මේ මෛත්‍රී මොඩ්ල් එක තමා මාකට් 


ඒකේ මියුසික් වලට ගැලපෙන්නේ දර්ශන රුවන් දිසානායක බව සුවර්.. (දර්ශන එන්නෙත් අනුරාධපුරේ පැත්තෙන්. එයත් පෞඪ ඉතිහාසක් ගැනත් සිංහල සංස්කෘතියක් ගැනත් නිතර කියනවා. )


මායි බිඟුනයි කාල චිත්‍රපටිය ගැන තිබුණු සංවාදය අවසානයේ පිබිදෙමු පොළොන්නරුව ප්‍රොජෙක්ට් එක ගැනත් ඔය ජාතිවාදයේ පොළොන්නරු මොඩ්ල් එක ගැනත් කතා කළා මතකයි. ඒ කාල චිත්‍රපටිය බලලා ඉවර වුණාට පස්සේ.... ( කාල කියන්නේ මොකක්ද? ඔය සංවාදේ මේ ලින්ක් එකෙන් බලතෑකි. කාල )




එතැනදී ප්‍රියාන් අයියා සහ අජිත් ගලප්පත්ති සහෝදරයා කීවේ ඓතිහාසික කතාවලට තියෙන රැල්ල ඉවර වෙමින් පවතින නිසා මේ චිත්‍රපටිය ප්‍රදර්ශනයේදී අසාර්ථක වෙන බවයි.

ඒත් බිඟුනයි මායි කතා වුණේ මේක මෛත්‍රී ගේ වැව් බැඳි රටේ පොලිටික්ස් වලට ගැලපෙන නිසා සාර්ථක කරවන්නත් ඉඩ තියෙන බවයි..........


මෛත්‍රී ඉස්සරහට තව තව හොඳ සෙල්ලම් දායි සමහර විට. ඒ හොඳ හොඳ සෙල්ලම් නිසා මේ වෙනකොට දියවෙමින් යන මහින්ද කඳවුර මෛත්‍රී වෙත ඇදී ඒවි අළුත් සිංහල බෞද්ධ නායකයා හොයාගෙන... 

දේශපාලනයෙන් සමු නොගන්න බව මෛත්‍රී කියලා තිබුණා. ඊළඟ මහමැතිවරණයේදී තමන් රනිල්ගෙන යූඇන්පියෙන් වෙනස් බව කියන්න සහ චන්ද පදනම හදාගන්න ලේසි ඒකෙන්..

කියන්න තියෙන්නේ තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි කියලා තමා... 

10 comments:

  1. //තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි//

    සමහරුන්ගේ එකම තුරුම්පුව

    ReplyDelete
  2. හැමෝටම ඕන උනේ මහින්දව එලවන්න.මහින්ද කිසි අහුලක් නැතිව අවුරුදු 9ක් රට පාලනය කලා.හැබයි මහින්දයට කෙල වුනේ 8වෙනි අවුරුද්දේ විතර ඒත් සිරිසේන තුමාව පලවෙනි අවුරුද්දේම මුන්ට එපා වෙලා නොව..

    ReplyDelete
  3. සිරිසේන මැතිතුමාට බ්‍රා ගලවපු දවසේ හිටං පිස්සු

    ReplyDelete
  4. උඩුවෝ,

    //තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි කියලා තමා//
    එකනම් හැබෑව නමුත් තව පොඩි දෙයක් එකතු කල යුතුයි ජාතිවාදයත්, සාම වාදයත් දෙකම එකම කාසියේ දෙපැත්ත පමණයි.

    මේගැන දිග කොමෙන්ටුවක් පැරා ගේ අඩවියේ දැම්ම

    {

    ජාතිවාදය බොහෝදෙනා දකින්නේ සිංහල, දෙමල හෝ මුස්ලිම් ජාතීන්ගේ කොටස් තම ජාතින් උසස් ජාතිය බව කියමින් අන් ජාතින් හෙලා දකිමින් අන් ජාතීන්ට හිරි හැර කරමින් පවත්වන ක්‍රියාවලියක් ලෙසයි.

    මම නම් මෙය දකින්නේ වෙනස් විදියකිනුයි, ඔබ හිතන්න ඔබට විශාල මුදල් ඇති ආයෝජන අවස්ථා ඇති ධනපතියෙක් කියල නැත්නම් ඔබත් සමග ඔබවනිම ධනපතියන් කොටසක් සිටිනවා යයි සිතමු. ඔබල දකිනව මිනිසුන් සමගියෙන් දිවුණු වන රටක් තිබෙනවා මේ රටේ විවිද සම්පත් තිබෙනවා, මෙරට මුලික වෙළද නැව් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙනවා.

    දැන් ඔබලාට උවමනායි මෙහි ආයෝජනය කිරීමට, ඔබ මේ රටට ඇවිත් බලනවා ඩොලර් බිලියන 2 ආයෝජනය කිරීමට, දැන් ඔබ දැනගන්නවා උවමනා කරන ඉඩම් මිලදීගෙන ඔබට උවමනා අනෙකුත් සම්පත් සොයාගැනීමට ඩොලර් බිලියන 1 යන බව, ඔබ මොකද කරන්නේ ඔබ බලනවා මෙරටේ ජනකොට්ටාස 3 මුලිකව පවතිනවා, ඔබට අයින්ස්ටයින්ගේ වගේ අදහසක් පහළවෙනවා !!

    මොකද්ද ඒ? ඔබ රහසිගතව ආයතනයක් ඇතිකරනවා මෙම ආයතනයේ මුලිකම වැඩේ තමයි සෑම ජාතියේම ජාතිවාදී අදාළ ජාතියේ "ලේවලට කතාකලහැකි " නායකයන් සොයා ගැනීම, දැන් සිදුවෙන්නේ ඔවුන් සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනගන මෙම ආයතනය අදාළ ජාතිවාදී සංවිදානයට උවමනා අරමුදල් සපයනවා, හිතන්න රුපියල් මිලියන 500 කියල (රුපියල් 10000 ට මිනීමරන රටේ මේක කිරිකජු) මේ ආකාර යට දෙපිරිසම මරාගන්න විට අධාල රට වෙලදම් කිරීමට නෙමෙයි මොනම දෙයකටවත් ආයෝජනය කිරීමට කිසිවෙක් නොඑන මට්ටමට ගෙන එනවා, දැන් අධාල ධනවත් ඔබ නැවත කියනවා ඔය රටේ මේ සම්පත් මම ඩොලර් මිලියන 100ට ගන්න කැමති කියල, මේ අවස්ථාව වන විට අධාල සම්පත් වල මිල අඩුවෙලයි තියෙන්නේ උදාහරණ ලෙස පෙර ප්ර්ච් 1 රුපියල් ලක්ෂ 15 ට විකුනපු එක දැන් ලක්ෂ 1ට ගන්නේ නැතිතරම්.

    දැන් කොහොමද ජාතිවාදයේ ලාභය.

    දැන් ඔබට අතීත මතක සටහනකට ගෙන යන්නම් 1983 කළු ජුලියෙදේ https://www.youtube.com/watch?v=KQI_p02uE2M
    හරිම වැදගත් දෙයක් සිදුවී තිබෙනවා එනම් ලෝක මාධය ශ්‍රී ලකාවට පැමිණ වාර්තා කිරීමයි, මෙහිදී මෙම මහතා සදහන් කරනවා "strange coincidence"
    ඇත්තටම මේ දෙවාල් strange ත් නෑ coincidence එකකුත් නෙමෙයි මේ සියලු දේ සිදුවන්නේ මනා සැලසුමකට අනුවයි.

    දැන් අපි පවතින තත්වය බලමු අපරටට පැමිණෙන George Soros ගේ Open Society http://www.dailymirror.lk/84709/george-soros-open-society-to-start-work-in-sri-lanka

    කරන්නෙත් මෙයයි https://www.youtube.com/watch?v=ncdisau7rBs

    මේ නිසා පැරා ඔබකියන

    //මහින්ද, විමල්, උදය, දිනේෂ්, ඥානසාර පමණක් නොව ජාතිවාදයේ රස දන්නා ජවිපෙ, පෙසප, චම්පික, රතන වැනි අය ගැන ද පරිස්සම් විය යුතු ය. එසේම, කොටි සංවිධානයේ නටබුන් ද උතුරේ සියතින් ගිලිහුණු බලය ගැන යළි බලාපොරොත්තු තබා ගනු ඇත. මොවුන් මනා අවබෝධයකින් කටයුතු කරනු ඇත.
    //

    සියලු පුද්ගලයන් සහ සංවිදාන අතකොලු ලෙස ක්‍රියාකරන අය පමණයි ඇත්ත තත්වය ගැන බොහෝ උගතුන් දැනුවත් උනත් කරන්නේ රගපෑමක් පමණයි !!

    }

    ReplyDelete
  5. කාගෙන කාගෙන කාගෙන යෑමත් ළඟදීම අරඹාවිද?

    ReplyDelete
    Replies
    1. දැනට ඒ වැඩ ටෙලිකොම් එකේ සභාපතිට භාර දීලා හැඩයි.

      Delete
  6. Nagamu pulathisipuarawara project eka on going... hambanthota wenuwata polonnaruwa... my3 koheta nethath polonnaruwata nam balaya dei wage...

    ReplyDelete
  7. සිංදු ගැහුවා වගේ අනිත් වැඩත් ඔහොම හෙමීටම පටන් ගනීවි වගේ හිටං.

    ReplyDelete
  8. සිය අනන්‍යතාවය සොය යන ගමනේ තවත් එක පියවරක්.... තොපි කෙලිපිය ඒවට කාළකන්නි....

    ReplyDelete