Wednesday, March 30, 2016

පාලකයන්ගේ නීතිය හා ඉන්දීය සිනමා සම්මාන උළෙලේ බලාපොරොත්තු කඩවීමක්

දැවැන්තයා
මේ පාර ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල අවසන් වුණේ සම්මාන උළෙලවල් වල සාමාන්‍යෙයන් සිදුවෙනවාක් මෙන් එක් එක්කෙනා හිතපු ඇතැම් දේවල් කඩ කරමින්... සමහර දේවල් සාර්ථක කරමින්...

පළවෙනිම දේ මං හිතුවේ මේ පාර හොඳම චිත්‍රපටියට වෙට්ට්‍රිමාරන්ගේ ජීනියස් වැඩේ විසරනෛ ෆිල්ම් එකට හොඳම චිත්‍රපටිය ලැබෙයි කියලා.. ඒත් ඒක වෙනුවෙන මෙවර හොඳම චිත්‍රපටිය වුණේ වාණිජ වශයෙන් අතිසාර්ථක වුණ අනිත් ජීනියස් වැඩේ බහුබාලි චිත්‍රපටියයි.. විසරනෛ ඒකට වඩා මට නම් හොඳයි.. ඒක් ජජ් බෝඩ් එකේ ඉන්නෙ මං නෙවෙයිනෙ... ආහ්.. මේ සම්මාන උළෙලේදී බන්සාලි උන්දැල එහෙම නවකයන්ට සම්මාන දෙන්න කියලා තරඟයෙන් අයින් වුණේ නැහැ හොඳේ..

ඒ නිසානෙ ඉලයරාජා උන්නැහේ, බන්සාලි උන්නැහේ වගේම තමන් ඉන්දියාවේ බිහිවුණ ගෞරවණීයම නළුවා බව පෙන්නන්න වගේ හතරවෙනි වතාවටත් හොඳම නළුවා සම්මානය අමිතාබ් උන්නැහේ ඉස්සුවේ...

ඒ අනුව කමල් හසන්ට වඩා අඩියක් ඉස්සරහට අමිතාබ් එනවා... මේ පාර කමල් හසන්ට වුණත් හොඳම නළුවා වෙන්න ඉඩ තිබුණා.. ඔහුගේ විශිෂ්ඨ රංගනයක් ගිය අවුරුද්දේ දකින්න ලැබුණා.. ඔය කතා ගැන මං ලිව්වනේ... 

piku, Bajirao Mastani, Bahubali වගේ ෆිල්ම් ටිකක් මෙවර වැඩි අවධානය යොමු කරවාගෙන තිබුණා... අවධානයට ලක්වුණු පුද්ගලයා අමිතාබ් වෙන්න ඕන... ඒ වගේම කංගනා කෙල්ලටත් අවධානය යොමු වුණානේ.. මේවා ආපහු ලියලා වැඩක් නෑ කට්ටිය දන්නවා... 



ධනුෂ් උන්නැහෙත් දැන් ජාතික සම්මාන උළෙලේ වේදිකාව පැත්තේ කැරකෙනවා.. ගියපාර හොඳම ළමා නිර්මාණය ධනුෂ් වෙට්ට්‍රිමාරන් සුසංයෝගය දිනාගනිද්දි මේ පාරත් මේ ඩබලගෙ විසරනෛ සම්මාන කිහිපයක් දිනා ගත්තා.. ඒ අතරින් හොඳම සහාය නළුවා වුණෙත් විසරනෛහි  Samuthirakani. මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන. පොලීසිය ගැන ඇත්ත කතාවක් ඇසුරෙනුයි මේක නිර්මාණය වුණේ... මාව කම්පනයෙන් කම්පනයට පත්කරපු ෆිල්ම් එකක්... 



කලින් කීවා වගේ හොඳම ෆිල්ම් එක වෙයි කියලා හිතුවේ ඒකයි.. 

ෆිල්ම් එක බලනකොට මට මතක් වුණේ කොටදෙණියාවේ සිද්ධිය... ලංකාවේ පොලීසිය එදිනෙදා කොයිතරම් මිනිස්සුන්ව පීඩනයට පත් කරවනවාද? සාක්ෂි හදන්න හා මකන්නත් පොලීසියට පුළුවන්... සිද්ධියකට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්ව වැරදිකරුවන් කරලා හිරේ යවන්නත් පුළුවන්. තමන්ගේ මානව හිමිකම් ගැන අයිතියක් නැති ලංකාව වගේ රටවල මිනිසුන්ව පීඩාවට පත් කරවන ආයතන අතුරින් ඉදිරියෙන්ම ඉන්නේ පොලීසිය. නව ව්‍යවස්ථාව සඳහා අදහස් එකතු කරන කමිටුවේ අය එක්ක කතා කරද්දී ඔවුන් කියන ආකාරයට සාමාන්‍ය ජනතාව වැඩියෙන්ම ව්‍යවස්ථාවේ බලය බෙදීම, ව්‍යවස්ථාදායකය, ඡන්ද ක්‍රමය වගේ කාරණා වලට වඩා වැඩියෙන් කතා කරලා තියෙන්නේ පොලීසිය වැනි රාජ්‍යෙයන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරන්නට තියෙන ආයතන විසින් තමන්ව පීඩනයට පත් කරවන බව... ලංකාවේ මිනිස්සුන්ගේ පැවැත්මට ලොකුම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ රාජ්‍යෙයන්... රාජ්‍යය ආරක්ෂා කරන්නේ කාවද? ධනපතියන්ව. 

විසරනෛ තුලින් කතා කරන්නේ ඒ කතාව.. දේශපාලඥයන්ව, ධනපතියන්ව ආරක්ෂා කරන්න ගෙනියන මෙහෙයුමක ප්‍රථිඵලයක වන්දිය ගෙවන්න වෙන්නේ අහිංසක පුරවැසියන්ට.... මේක ලංකාව, ඉන්දියාව වගේම මානව හිමිකම් ගැන ආකල්ප වර්ධනය නොවුණ ප්‍රෙද්ශවල තියෙන බරපතල ප්‍රශ්ණයක්... මට අනුව නම් ඒ වගේ මාතෘකාවක් එක්ක කරපු ෆිල්ම් එක හොඳම ෆිල්ම් එක වුණානම් වටිනවා.. කොහොම වුණත් මම ජජ් බෝඩ් එකේ නැහැ... 


ධනුෂ් හා වෙට්ට්‍රිමාරන්


මට පුළුවන් අපේ කට්ටියට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන්න තමයි. මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙට්ට්‍රිමාරන් කියන්නේ ප්‍රෙව්ගය කියලා සිංහලට දාපු ෆිල්ම් එක වෙච්ච පොලදාවන් හා ධනුෂ්ට ඉන්දීය ජාතික සම්මානය අරන් දුන්න ආදුකාලම් චිත්‍රපට වල අධ්‍යක්ෂවරයා. ඕව ගැන මං ලිව්ව එක තමයි බ්ලොගේ ජනප්‍රියම සටහන... ඒ වගේම ගියපාර හොඳම ළමා චිත්‍රපටිය වුණ කාකමුට්ටෙයි ධනුෂ් එක්ක සම නිෂ්පාදනය කළේ ඔහු. විසරනෛ නිෂ්පාදනය කළේ ධනුෂ් නම් දමිළ සිනමාවේ අනාගත රජු සහ වෙට්ට්‍රිමාරන් විසින්. චිත්‍රපටිය පදනම් කරගෙන තියෙන්නේ එම් චන්ද්‍රකුමාර් විසින් සැබෑ කතාවක් ඇසුරින් ලියා තිබුණු ලොක්අප් නමැති නවකථාවයි. 

චිත්‍රපටියේ විශිෂ්ඨ කොටසක් ඉටු කරනවා නළුවන් කිහිපදෙනා විසින්.. ඒ අතරේ ආදුකාලම්, පනෛයියාරුම් පද්මිනියුම් වගේ ෆිල්ම් වල අතරින් පතර හිටපු Cuckoo කියන ෆිල්ම් එකේ අතිවිශිෂ්ඨ රංගනයක් කරපු දිනේෂ් රවී කැපී පෙනෙනවා.. 



උඩ තියෙන්නේ කුකෝ ෆිල්ම් එකේ සිංදුවක්.. විසරනෛහි සංගීතය කළේ අතිවිශිෂ්ඨයා ජීවී ප්‍රකාශ් කුමාර්.

නීතිය හෙනම කට්ටයි.. ඒක අපි වෙනුවෙන් නෙවෙයි පාලකයන් වෙනුවෙනුයි තියේනේ.. අපි වෙනස් කරගන්න ඕන ඒ තත්වයයි.. මේ කතාව ඉතා හොඳින් විසරනෛහි තියෙනවා.. අනිවාර්යයෙන්ම බලන්න.. සාමාන්‍ය දෙමළ ෆිල්ම් බලන්නෙ නැති කෙනෙක්ට වුණත් වැරදිලාවත් දෙමළ ෆිල්ම් එකක් කියලා දැනෙන එකක් නැහැ.. ඔබව කම්පනයට පත්වෙනවා... 

10 comments:

  1. බලන්නම වෙනවා....... උඹ කියලා තියෙන විදිහට නොබලා කොහොමෙයි....????

    ReplyDelete
  2. අම්මප තාම දෙමළ චිත්තරපටි බලන්න හිතහදාගන්ඩ බෑ නොවැ ......

    ReplyDelete
    Replies
    1. හිත හදාගත්තොත් පසුතැවෙන්න වෙන්නෙ නෑ

      Delete
  3. ඕක බලලා නැති හන්දා මුකුත් කියන්න බෑ. කොහොමත් ඔය චිත්‍රපටි සම්මාන උලෙලවල් නම් සම්මාන දෙන්නේ අපි කැමති එවුවට නෙමෙයි නේ.

    ReplyDelete
  4. දෙමළ චිත්‍රපටියක් නම් බලපු කාලයක් මතක නැහැ.

    ReplyDelete
  5. මම මේ කල්පනා කරේ උඹට මේ ගැන තියෙන දැනුම? මට මොනම චිත්තරපටියක් ගැනවත් දැනුමක් නෑ. ඉස්සර පොඩි නෙවෙයි ලොකු උණක් තිබ්බා war films ගැන. මෑතක නම් බලන්න උනෙත් නෑ. අවුරුදු නිවාඩුවට ළමයි එක්ක බලන්න හිතා ගත්තා. ෆිල්ම් හොයා ගන්න එකනම් මට සුළු දෙයක් බදුල්ල ස්ටෑන්ඩ් එකේ මගේ යාලුවෙක්ගෙ cd කඩයක් තියෙනවා.. මේ ලඟදි තමයි මම ගියේ ඕකට දාලා අවුරුදු 15ක් විතර වෙලත්. ගියාමයි දැක්කේ ඉන්දියාවේ නෙවෙයි ලෝකේ කොහේ ෆිල්ම් එකක් tv සිරිස් එකක් මියුසිකල් එකක් ගියත් පහුවෙනිදට ඌ ගාව බදු තියෙනවා. කොහොම එනවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් සීඩී කඩ වැහෙන්න පටන් අරන්... බණ්ඩාරවෙල අපේ ගමේ යාළුවොත් දැන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා.. ඩවුන්ලෝඩ් කරන ඒවා එකිනෙකා හුවමාරු කරගන්නවා...
      දැනුම කෑල්ල එන්නේ ෆිල්ම් එකක් බලලා ඒ ගැන හෝම්වර්ක් කරන්න මගේ පොඩි ආසාවක් තියෙන හින්දා

      Delete