Wednesday, May 04, 2016

ටෝචර්කරණය

මහින්ද රාජපක්ෂට ස්මාර්ට්ෆෝන් එකෙන් වධ දී තුටු විය හැකි ටෝචර් හිම් නම් ඇප් එක දැන් මාතෘකාව වී ඇත.

මේ ටෝචර්කරණය වූ ලෝකයකි.. ලංකාව රටක් විදියටත් සමාජයක් විදියටත් ආයතනගත ටෝචර්කරණයක් ඇති රටකි..
සාපේක්ෂව අඩුවෙන් ටෝචර් කරන සමාජයන් තියෙන බව හැබෑය.
මනුෂ්‍යත්වය යනු ජීවත්වීම ඔහේ කා බී ජීවත්වීමකට වඩා වටිනා අරුතක් එක් කල හැකි සත්ත්ව කොටසකි.. ඒ නිසා මනුෂ්‍යත්වය උතුම් වන්නේය..එහෙත් අපි මනුෂ්‍යත්වය ටෝචර් කොට විනාශ කර දමන්නෙමු... උතුම් යැයි කියන මනුෂ්‍යත්වය ජාතීන් ලෙස බෙදී යුද්ධ කරමින් වනසා දමන්නෙමු..


ජීවත්වීම ලස්සන වෙන්නේ අපි ගෙවන සංස්කෘතික ජීවිතය සමඟයි.. උසස් සංස්කෘතික ජීවිතයක් යනු අප විප්ලව කොට සාක්ෂාත් කරගත් යුතු ලෝකයක ඇති ලක්ෂණයයි..

අප සිටින්නේ උතුම් මනුෂ්‍යත්වය විඳින ලෝකයක නොවේ.. ටෝචර් යනු බහුතර මිනිසුන්ගේ සැඟවුණු ආශාවයි..



ජනප්‍රියම වීඩියෝක්‍රීඩා හැදෙන්නේ දියුණුයැයි කියන සමාජයන්හි දියුණු මිනිසුන් වෙනුවෙන්‍ ය. ඒවායේ වැඩියෙන්ම තියෙන්නේ ටෝචර් ය. WWE යනු ලෝකයේ සාර්ථකම ආයතනයකි. එහි RAW යනු ලොව දීර්ඝම රූපවාහිනී වැඩසටහනයි. අපි ඕකට රෙස්ලින් යැයි කියන්නෙමු..

ටැරන්ටිනෝ නම් සිනමාකරුවා පෙන්නුවේ මේ ටෝචර් කරන්නට ඇති ආසාවයි.. මෙල් ගිබ්සන් පෙන්නුවේද එයයි.. මේ ක්‍රයිම් චිත්‍රපටි වලට ඉහලම ඉල්ලුමක් තියෙන ලෝකයකි.



ලෝකය වීරයන් වැදුවේ ටෝචර්කරණය හරහාය. නැපෝලියන්ලා, දුටුගැමුණුලා, වීදිය බණ්ඩාරලා අවි අතට ගත් වීරයන්‍ ය. මහින්ද රාජපක්ෂ සහ ප්‍රභාකරන් මෑත යුගයේ ටෝචර්කරණයෙන් ආ වීරයන්‍ ය.

එහෙව් ලෝකයක අපේ රටේ සිටින සිංහල නම් ජාතිය තමන් හෙනම අවිහිංසාවාදී ජාතියක් ලෙස තමන්වම රවටවාගනිති. ඒ ජාතිය තවත් ජාතියක් ඉලක්ක කළ සමූලඝාතනය මානුෂික මෙහෙයුම නමින් හැඳින්වූහ. හතුරන් සියල්ලන්ම පාහේ මරා කිරිබත් කා ප්‍රීතිය සැමරූහ.. එහෙව් ටෝචර්කරණයකින් පසු මේ අපරාධකාරී ජාතියේ වීරයා මහින්ද රාජපක්ෂ කෙරෙහි වෛරයෙන් බැඳුනෝ බොහෝය.



ප්‍රභාකරන්ගේ පුතාගේ පවා මිනිය දැක ප්‍රීති වන්නට එක් ජාතියකට හැකිවාක් මෙන්ම මහින්දගේ මිනිය දැක ප්‍රීති වන්නට තවත් ජාතියකට පුලුවන්‍ ය. මේ දෙකම මනුෂ්‍යත්වය සොයා යන්නෙකුට වේදනාවකි. 
මේ සමනලී ෆොන්සේකා ලියූ සටහනකි...,,

"ටෝචර් කිරීම හෙලා දකින 'ජාතියට ආලය කරන්නන්' ඉතා ජයට වීඩියෝ ගේම්ස් තුල ලොකු කුඩා බේදයකින් තොරව මෙම ටෝචර් කිරීම් රසවිඳින බව නොරහසකි. තවද පෝන් සයිට්ස් නැරඹීමේදී, මේ ජාතියට ලැදි බොහෝ දෙනා වඩා නැඹුරු තාවයක් දක්වන්නේ BDSM (පරපීඩක) අංශයට බවද නොරහසකි. මේ කිසිවක් කිසිදිනක විවේචනය නොකළ, මෙකී ජාතියට ආලය කරන්නන් 'ඇප්' එකක් නිසා කලබලවී ජාතියේ අවිහිංසකත්වය එකපාරට ගිලිහීයාම හා ම්ලේච්ඡත්වය හිටිහැටියේ හිස එසවීම පිළිබඳව බය භිරාන්තවී ඇත...!! ඔවුන්ට අනුව ජාතියේ නාමයෙන් ටෝචර් කිරීමට සුදුසුකම් ඇත්තේ ජාතිය හතුරාගෙන් ගලවාගන්නට නියෝග දුන් දේශපාලකයින්ට සහ යුනිෆෝම් ලාභීන්ට පමණද...? රටේ නීතියට එහා ගිය සැකකරුවන් නම්, ඔවුන් නීතිය ඉදිරියට ගෙන එනවා වෙනුවට ඉහල නියෝග තව දුරටත් වචනයක් පමණක් වූ යුගයක, යුනිෆෝම් රැස් විහිදුවමින් නිරායුද ගැහැණුන් දූෂණය කර දස වද දී මරා දමද්දී, තරුණයන් පණ පිටින් ටයර් සෑයවල් වල පුලුස්සද්දී ඒවා ඉදිරියේ මේ සුචරිතවාදී, මානුෂීය ජාතියම නිශ්ශබ්ද විය...!!!
ඒ, එක්කෝ ඒ ගැහැණුන් අපේම රටේ වූවත් වෙන ජාතියක ත්‍රස්තවාදීන් (ඔවුන් ට අනුව) වූ බැවිනි නැතහොත් ඒ තරුණයින් බහුතර බලයෙන් පත් කරගත් ආණ්ඩුවට විරුද්ධව ගිය, තම පාරම්පරික දේශපාලන පක්ෂයට එරෙහි වූ විප්ලවවාදීන් වූ බැවිනි...!!! කිසිදිනෙක ම්ලේච්ඡත්වයට ලක් වූ තමන්ගේම අහිංසක මිනිසුන්ට යුක්තිය ඉටුකිරීමට හෝ ඒ වෙනුවෙන් හඩක් පවා නැගීමට පසුබට වූ නිවට, ආත්මාර්ථකාමී ජාතියක් දැන් මහිංද රාජපක්ෂ වෙනුවෙන් 'ජාතියේ අවිහිංසාවාදයේ සුජාතභාවය' සොයමින් සිටිති...!"

-සමනලී.

මගේ පෝස්ටුවකි...

නිමිත්ත - මහින්දට රිදවා සතුටු වෙන ඇප් එක දේශපාලන භේද පසෙකලා රිපෝට් කරන්න Vs එහෙනම් ඔහු කළ අපරාධ රිපෝට් කරන්නේ කාටද? ඒවයින් වෙච්ච වේදනාව නැති කරගන්නෙ කොහොමද?

රිදුනු තැන් සනහන්නෙ කොහොමද?
බිඳී පහනක එළිය නිවුණම
එළිය යළි ගෙන්වන්න බැරි තැන
කාට පැමිණිලි  කර කියන්නද?

මිනී කඳු විතරක්ම එක් කර
මිනී මත නැඟ යෙහෙන් වැජඹෙන
ඕජසට රහවැටුණු කළු සඳ
සඳට ගැසු ගල් නොවදිනා සඳ
හූ කියන්නෙමු රිදුම් සමඟින

රිදුම් සමඟින් සැඟව හිඳිමුද?
නොවදිනා ගල් තවත් ගසමුද?
හූ කියූවොත් පැතුම් ඉටුවෙද?
කොතැන වැරදිද අඳුනගනිමුද?

සඳ නොවේ අහසම කුරිරුනම්
සඳට විතරක් හූ කියනු කිම
සඳට වෙර බැඳ නැවතුණොත් හෙට
තවත් කොච්චර එළි නිවේවිද?

ඉලක්කය වැරදිලා ගිය ගල්
ඇහිඳගෙන එල්ලයට ගහමුද?
හූ කියා නොනැවතී රොඳ බැඳ
කුරිරු අහසම මරා දමමුද?

31 comments:

  1. කතාව නම් ඇත්ත. ඒත් මොකා කලත් මේවා හෙලා දැකීමයි කල යුත්තේ... එහෙමනම් මහින්දත් සාධාරණයි.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මම හෙළා දකිනවා..
      මේ ඇප් එක ගැන කණගාටුවෙනවා

      Delete
  2. මමත් මේ ඇප් එක ගැන රිපෝර්ට් කලා. බහුතර විරෝධය නිසා ගූගල් දැන් ඒක ඉවත් කරලා. මෙවැනි දේ ගැන ඇත්තේ පිළිකුලක්.

    ReplyDelete
    Replies
    1. එය ඉවත් කිරීම හොඳයි! 
      ඒත් මම මේ පෝස්ට් එකෙන් කියන්න උත්සාහ කරන්නේ එ ඉවත්වුණේ ඇප් එකක් මිසක් ටෝචර් කිරීම නොවන බවයි...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කවුරු සිදු කෙරුවත් වරද වරදමයි.මම මේ ඇප් එක මම රිපෝර්ට් කෙරුවේ නැහැ.නමුත් මම එක අනුමත කරන්නේ නැහැ.මතවාදීව පහර දීමත් ආයුධ වලින් දමා ගැසීමත් දෙකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් ඒකට එකඟයි

      Delete
  5. මං නම් ඔය ටෝචර් ඇප් වගේ දේවල් මහා නරක දේවල් විදියට දකින්නෙ නෑ. ඒකත් අර කිව්ව BDSM වගේම මිනිස් මානසික අවශ්‍යතාවයක්. සුළු පිරිසක් වෙච්චි කොටසක් තමාගේ මානසික අවශ්‍යතාවයන් ඔය වගේ දේවල් වලින් (ටෝචර් ඇප්, හිංසාකාරී වීඩියෝ ගේම්) වගේ දේවල් නරඹල පිට කරගන්නවා. එහෙම හරි ඔය අවශ්‍යතා පොදු සමාජයට හානියක් නොවෙන ආකාරයෙන් පිට කරගන්න පුළුවන් වෙලා තියෙන එක හොඳයි.

    ඔය ආසාවල් අපි හැමෝගෙම අඩු වැඩියෙන් තියෙනවා. ඇක්ෂන් ෆිල්ම්ස් කියල සුදු චරිතය (කොල්ලා) කළු චරිතයට (දුෂ්ඨයාට) අම්බානට නෙලන හැටි බලලා ආතල් එකක් ගන්න එකත් ඕකෙම වෙනත් ලෙවල් එකක්. ඒවගේම Horror ෆිල්ම්ස් බලලා ලබා ගන්න ආතල් එක තවත් ලෙවල් එකක්. කොහොමත් ලිංගිකත්වයට, හිංසාවට සහ ත්‍රාසයට තියෙන ලොල් බව මිනිසා තුල ඌ "මිනිසෙක්" වෙලා ඉන්නකම් නං නැති වෙන්නෙ නෑ.

    දැන් ඔය ඇප් එකට "මහින්ද" කියන චරිතය ආදේශ කලාම කතාව තරමක් වෙනස් වෙනව ඉතින්

    මේ ඔය ඇප් එක ගැන මම බුකියෙ තිබ්බ කෙටි සටහනක්.

    //..මහින්දට torture (වධහිංසා) කරන ඇප් එකට මං ගියෙත් නෑ.. යන්නෙත් නෑ..ශෙයාර් වුන ෆොටෝ එකට අමතර දෙයක් දැක්කෙත් නෑ..කලිනුත් කිව්වා වගේ ඔව්වා ලොකු සීන් නෙමේ බං. මොනව වුනත් මේ ඇප් එක රිපෝර්ට් කරන එක වැඩියෙන් ශෙයාර් වෙන්න හේතු දෙකක් බලපෑවා කියල හිතෙනවා.
    එකක්, ඒක හැදුවෙ ඉන්දියන් ඩයල් එකක් කියල සඳහන් වීම.
    දෙක, ඇප් එක රිපෝර්ට් කරන්න කියල ශෙයාර් වුන පෝස්ට් එකේ තිබ්බ මෙන්න මේ කෑල්ල
    //තම තම පෞද්ගලික දේශපාලන මතයන් ඉවතලා//
    මොනව වුනත් (විශේෂයෙන්ම ෆේස් බුක් එකේදි) අපි පට්ට සිරා සදාචාරාත්මක ඩයල්ස් බංස්. අපේ හරි වැරැද්ද දේශපාලන මතයන්ගෙන් ෆිල්ටර් වෙලා එන්නෙම නෑ. ඒක එහෙම බව පෙන්නන්න චෑන්ස් එකක් හදල දුන්න ඉන්දියන් ඩයල් එකට පිං සිද්ධ වෙන්න ඕනි.
    [මම කියන්නෙ නෑ ශෙයාර් වුනේ ඔය හේතු දෙක නිසාමය කියලා. වැඩියෙන් ශෙයාර් වෙන්න ඔය හේතු දෙක හේතු වුනාය කියල මට නිකමට වගේ හිතෙනව]
    මේ ප්‍රශ්නයට යන්තම් විතරක් අදාල කතාවක් කියන්නම්, නැවතත්.. 'මේ ප්‍රශ්නයට යන්තම් විතරක් අදාල' කතාවක්..
    අපිට මොනව නැතත් මාන්නෙ නම් තියෙනව බං. වී ආර් වෙරි ප්‍රවුඩ් පීපල්ස් නේ.. අපහාසය කියන කාරණයෙදි අපි මාරම සෙන්සිටිව්. හරියට චූටි බබෙක්ව ලාවට කොනිත්තලා අඬවනව වගේ අපිව ලේසියෙන් අවුස්සගන්න පුළුවන් සෝ කෝල්ඩ් "අපහාස" කරල.
    අනිත් එක අපි ඔය 'අපහාස' ඩිෆයින් කරන්නෙත් හරිම අමුතු විදියට.
    අපි ගොඩක් වෙලාවට අපේ මාන්නයට ඇඟිල්ලෙන් ඇනීම තමයි අපහාසය විදියට ඩිෆයින් කරන්නෙ.
    කොහොමත් ඔය අනුව ගත්තාම අපේ නායකයාට අපහාස කරන එක, අපටත් අපහාස කිරීමක් විදියට සමහරු දකිනව ඇති.
    නිකන් හිතහන්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකව දාලා මේ වගේ ඇප් එකක් හැදුවොත් ඌත් කියයි මේක තමා ජීවිතේ මට කරපු ලොකුම අපහාසය කියල. ඌ හැමදාම ඌ විසින්ම ඌට අපහාස කරගන්නවා කියන එක ඌට තේරෙන්නෙ නෑ. ඒක වැඩකුත් නෑ. ඌට ඊට වඩා වැදගත් කවුරු හරි ඇප් එකකින් තමාට ප්‍රසිද්ධියේ කිංඩි දැමීම කියන කාරණය.
    අපිට කිංඩි දිරවන්නෙ නෑ බං.
    මීට කලිනුත් ඔය වගේ ඇප් ජෝර්ජ් බුෂ්ට, ඔබාමාට එහෙමත් හදල තියෙනව මම දැකලා තියෙනවා. ඒවා දැක්ක වෙලෙත් මට ඒක එච්චර ලොකු සීන් එකක් වුනේ නෑ. මහින්දට හදපු ඇප් එක දැක්ක වෙලෙත් ඒක මට ලොකු සීන් එකක් වුනෙත් නෑ.
    අවාසනාවට වුනත් ඒක එහෙම තමයි වුනේ. ඒකයි මම කිව්වේ මහින්දට torture (වධහිංසා) කරන ඇප් එකක් හදලා තියෙනවාය, ඒක ගැන මට ගාණක් වත් නැතිය ඕයි කියලා...//

    ReplyDelete
    Replies
    1. හොඳ කියවීමක්

      Delete
    2. පොඩි ප්‍රශ්නයක් තියනව .කියන්නෙ මිනිස් අවශ්‍යතාවයක්ද .ඒක විකෘති කාමයක් නෙමෙයිද.

      Delete
    3. පොඩි ප්‍රශ්නයක් තියනව .BDSM කියන්නෙ මිනිස් අවශ්‍යතාවයක්ද .ඒක විකෘති කාමයක් නෙමෙයිද.

      Delete
    4. මගෙ දැනුමෙ හැටියට කතාව මෙහෙමයි, ලිංගිකත්වය ගැන කතා කරද්දි ඒවාගේ හරි වැරදි, ප්‍රකෘති විකෘති හොයන එක තේරුමක් නැති වැඩක්. කෙනෙක්ට කියන්න පුළුවන් ළමයෙක් බිහි නොකිරීමේ අරමුණින් යෙදෙන ඕනම ලිංගික ක්‍රියාවක් විකෘතිය කියලා (උදා- මුඛ සංසර්ගය, ගුදමාර්ග සංසර්ගය). ඒකයි ඕවල ප්‍රකෘති විකෘති කියලා සීමාවක් ලකුණු කරන්න බැරි. එනිසා මම හිතන විදියට, වැඩිහිටියන් දෙන්නෙක් එකිනෙකාගේ කැමැත්තෙන් සහ අවබෝධයෙන් කරනා ලිංගික කටයුත්තක වැරදි හොයන්න කාමරෙන් එළියේ ඉන්න අපට බැහැ. ඒක ඒ දෙදෙනාගේ පුද්ගලික කාරණයක්..

      Delete
  6. උඹලගේ පත්තරේ වෙබ් එකට මොකද වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නෙ නැහැ.. කවුරුහරි හැක් කරලා වගෙයි

      Delete
  7. හැම මනුස්සයටම පැති දෙකක් තියෙනව වගෙ මෙ කතාවටත් පැති දෙකක් තියෙයි.
    අනිත් කාරණය තමා
    බල්ලො අපිට බුරාගෙන පනිද්දි අපිත් උංට බුරාගෙන පයිනව නං උංගෙයි අපෙයි වෙනසක් නෑ කියන එක

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...
      මම මේ පෝස්ට් එකෙන් කියන්න හැදුවේ තනි තනි බල්ලන්ට නෙවෙයි බුරා පැනීමට විරුද්ධ විය යුතු බවයි

      Delete
  8. සත්ත කතාව.....මල් මිටක්...

    ReplyDelete
  9. මේ ටෝචර් කිරීම වගේ බොළඳ සිඟිති මොංගල් ආතල් වලට වගේම මේ ලිපියෙත් තියෙන සමහර මෝඩ කියමන් වලටත් මම විරුද්ධයි...

    [ඒ ජාතිය තවත් ජාතියක් ඉලක්ක කළ සමූලඝාතනය මානුෂික මෙහෙයුම නමින් හැඳින්වූහ.]
    මම මේ කල්පනා කලේ සිංහලයින් දෙමළ ජාතිය ඉලක්ක කරගෙන සමුල ඝාතනයක් සිද්ධ කලා නම් දැනට ලංකාවේ හතර අතේ ඉන්න දෙමළ මිනිස්සු ජහපාලන ආණ්ඩුව ඉන්දියාවෙන් හයර් කරල ගෙනාපු උන්ද කියලයි...
    ඕක තමයි පත්තර කාරයා සහ මාධ්‍යවේදියා අතර වෙනස...

    ReplyDelete
    Replies
    1. මාව තිබ්බෙ පත්තරකාරයා කියන තැනනං මං ආඩම්බර වෙනවා ඒ ගැන...
      පත්තරකාරයා කියන වචනෙට මං වැඩියෙන් ලව්.. මාධ්‍යෙව්දියා කිව්වම මතක් වෙන්නෙ අපට හැමදාම මුණගැහෙන ඇමතිලත් එක්ක ඩීල් දාගත්ත බිස්නස්කාරයන්ව... පත්තරකාරයා කිව්වාම අපිළිවෙල බෝඩිම් කාමරයක ඉන්න, මිනිස්සු අතරෙ අප්‍රසිද්ධියේ ගැවසෙන කෙනෙක්ව මතක් වෙන්නේ...
      මගේ අදහස් පෞද්ගලිකව අරන් වගෙයි... ඔබ චෝදනාවක් යැයි කියලා හිතන වර්ණනාව මට කලේ...
      හොඳයි මම ඔයාව පෞද්ගලිකව නොගෙන අදහස ගන්නම්කො...
      ඔයා ජජ් කරනවනෙ මගෙ අදහස මෝඩයි කියල...
      හරි ජෙනොසයිඩ් එකක් වුණාම මිනිස්සු ඉතිරි නොවෙනව කියන එක මාර බුද්ධිමත් තර්කයක්ද?
      එහෙනම් අර සුප්‍රසිද්ධ කවුරුත් පිළිගන්න යුදෙව් සමූලඝාතනයෙන් පස්සෙ ජර්මනියෙ ඉතිරි වුණේ ඇමරිකාව ඊශ්‍රායලෙන් ගෙනාපු යුදෙව්කාරයොද?
      මගෙ තර්කයට ප්‍රතිතර්කයක් විදියට ඔය කතාව සලකන්න බෑනෙ

      Delete
    2. නාසින්ගේ යුදෙවු ඝාතනයන් යනු සැලසුම් සහගතව එම ජන වර්ගය මෙලොවින් තුරන් කිරීම සඳහා ගත් උත්සාහයකි.නමුත් ලංකාවේ සිදුවූ සිවිල් යුද්ධය තුල දෙමල ජනතාව සමූල ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වුවා යයි යන ඔබේ ප්‍රකාශය ඉතාමත් වැරදි සහගත සාහසික ප්‍රකාශයකි.අඩුම තරමේ දැනට ජීවත් වෙන කොටි නායකයන් වත් එවැනි අදහසක් දරන්නේ යැයි විශ්වාස නොකරමි.....සිවිල් යුද්ධයක් ඇතිවූ විට සිවිල් ජනතාවට ජීවිත හානී සහ දේපල හානී සිදුවුණා බව සැබෑවකි,එයින්ද දෙමල ජනතාවට වැඩිපුර හානි සිදූවූ බවත් සැබෑවකි.එය එසේ වන්නේ කොටි සංවිධානය දෙමල සමාජය ඇසුරේ වැඩිපුරම ක්‍රියා කාරී වීම නිසයි....සිදුවූවේ මානුෂික මෙහෙයුමක් යැයි මා කියන්නේ නැත එය ත්‍රස්ත්‍ර මර්ධනයකි.නැති නම් සිවිල් යුද්ධයක් අවි ආයුධ යොදා අවසන් කිරීමකි.නමුත් සමුල ඝාතන උත්සාහයක් ලෙස එය නම් කිරීම සහාසික අපරාධයකි......

      Delete
    3. ///එහෙනම් අර සුප්‍රසිද්ධ කවුරුත් පිළිගන්න යුදෙව් සමූලඝාතනයෙන් පස්සෙ ජර්මනියෙ ඉතිරි වුණේ ඇමරිකාව ඊශ්‍රායලෙන් ගෙනාපු යුදෙව්කාරයොද?///
      ලෝකේ කොහේ යම් වචනයක් අවභාවිත වෙච්ච පළියට ඔය සමුලඝාතන කියන වචනය ඔතනට ගැලපෙන්නේ නැති බව තේරෙන්නේ නැතිකමට මක්කා කියන්නද මන්ද...

      සමුලඝාතනය කියන වචනයේ තේරුම වෙනස් වෙන්නේ නැහැ ඒක කවුරු, කී දෙනෙක් මොන විදිහට භාවිතා කලත්...

      ///මගෙ තර්කයට ප්‍රතිතර්කයක් විදියට ඔය කතාව සලකන්න බෑනෙ///
      යුදෙව්වෝ සම්බන්ධව කියපු කතාවට හරිනම් මමයි මෙහෙම කියන්න ඕනේ. හෙහ් හෙහ්...

      Delete
    4. වර්ග සමූලඝාතනයක් සිද්ධ වුනා.ඒ සිංහල හා මුස්ලිම් ජනයා උතුරෙන් හා නැගෙනහිරින් පලවා හැරීමෙන්. උඩුව යූටර්න් ගහන්න දක්ෂයි. ප්‍රභාකරන් ගැන දාපු පෝස්ට් එකෙත් මුලින් පෝස්ට් එකෙන් අරමුනු කරපු එක නෙමෙයි කොමෙන්ට් වල කිව්වෙ . හෙහෙ හෙහෙ

      Delete
    5. ලොකු පුතා
      ++++++++++++++++

      Delete
  10. මෙතන තියෙන්නේ අලෙවි කරණය සම්බන්ධ කරුණක්.
    සිංහල ජාතිවාදියෝ (උඹ කින හැටියට) රාජරත්නම් රදීස්වරන්ගේ මිනිය වික්කා
    http://uduwaage.blogspot.com/2016/02/blog-post_50.html
    ඒ වගේම දෙමළ ජාතිවාදියෝ ඉසිප්‍රියාගේ සහ බාලචන්ද්‍රන්ගේ මිනී විකුනනවා.
    ඕක පිටරටවලත් වෙනවා.
    බලන්න චර්නොබිල් බලාගාරයේ අනතුර මහා දරුණු විනාශයක් ලෙස ප්‍රසිද්ධ වුනා.
    නමුත් ෆුකුශිමා බලාගාරයේ අනතුර ගැන දැන් කවුරුවත් කතා වෙන්නේ නෑ.

    උඹේ රෝගී තත්වය නිසා උඹ දෙමළුන් ලවා ඇරගන්න කැමතියි. ඒ වගේම ඉන් පසු gape, cream pie නිරූපනයන් කිරීමෙනුත් ඔබ සතුටක් ලබනවා.

    මම ඉසිප්‍රියාගේ මිනියට සෙක්සි මිනිය කිවුවේ බොරුවට, එසේ කීමට හේතුව ඔබේ ලෙඩේ හොඳ කිරීමට. ඕනෙ නම් නැවතත් සෙක්සි මිනියෙ පින්තූර දාපං

    ReplyDelete
    Replies
    1. 58 දි 83 දි දෙමල මිනිස්සුන්ට අසාධාරනකම් වුනා. ජීවිත කාලයක් හම්බකරපු දේපොල මංකොල්ල කාල දුවලවත් දූෂනය කරල ගෙවල් ගිතියල දෙමල මිනිස්සු එලෙව්ව. උන් එල් ටී ටී ඊ එකට එකතුවීම ගැන දොස් කියන්න බෑ. මරාගෙන මැරෙන ඇදුම් ඇදගෙන ආයෙ අපිව මුන ගැසෙන්න ආපු එක ගැන දොස් කියන්නත් බෑ.අපේ නගරවල ආර්ථිකය තිබ්බෙ දෙමල මිනිසුන් අතේ .ඒ ආර්ථිකය ඩැහැගන්න මැරයො කරපු දෙයක් තමයි.
      ඊයෙ ගමනක් යන ගමන් ඔය කතාවක් ඇදුන. ඒ දේවල් අහපුවම විමුක්තිට නෙමේ මටත් ලැජ්ජාවක් හිතුන බන් සිංහලයෙක් වීම ගැන.
      බස් පුපුරවපුව ගම් කැතිගාපුව ගැන අපි කතා කරනව වගෙ මේ දේවලුත් කතා කරන්න ඕන. නැත්නම් ලෝකෙ කිසිම අශිෂ්ට දෙයක් හෙලා දකින්න අපට සදාචාරාත්මක හැකියාවක් නෑ.

      Delete
    2. සිංහලයන්ගෙන් දෙමලාට අහස පොලොව නුහුල්ලන අපරාධ වුනාය, ඒ නිසා දෙමෙල්ලු ඉවසලා ඉවසලා බැරිමතැන තුවක්කු අතට ගත්තාය කියන කතාව කොමියුනිස්ට් හැදියාව තියෙන සිංහලයන් ඉලක්ක කරගත් පරණ වෙලෙඳ දැන්වීමක්. දෙමලුන්ට ඔයවගේ අපරාධ වුනත් ඔවුන් නිරායාසයෙන් ඔයවගේ හැසිරෙන්නේ නෑ. මන්ද දෙමලාද හෝමෝ සේපියන් යනුවෙන් හඳුන්වන ඒකීය නිරුවත් වානරයෙක් වන නිසා. (උදාහරණයක් හැටියට ලංකාවේ වැඩිම පුරුශ ආධිපත්‍යය ඇත්තේ දෙමළ සමාජය තුල, දෙමළ ගැහැනියක් කැපී පෙනෙන විට දෙමළ පිරිමි එයට කෙතරම් ඊරිසියා කරනවාදැයි සොයා බලන්න. ඒ වගේම දෙමළ සමාජය කුල කුල පීඩනයත් ඉහලයි. නමුත් දෙමල සමාජය තුල මේවාට එරෙහි සංවිධානාත්මක සටන් ඇතිවී නෑ)
      සමහර අවස්ථාවල දෙමලාට අසාධාරණයක් වුනත් ඔවුන් සටන් කලේ අසාධාරණයකට එරෙහිව නොවෙයි (උදාහරණයක් හැටියට වාහනයක අංක තහඩුවේ සිංහල අකුරක් තිබීම නිසා දෙමලාට වන අසාධාරණය කුමක්ද, ඒ වගේම එහි ඉංග්‍රීසි අකුරු තිබුණවිට දෙමළාට එය ගැටළුවක් නොවුනේ ඇයි). අභිලාශයක් වෙනුවෙන්. නමුත් අපි අවබෝධ කරගත යුතුයි අභිලාශ යනු දෙමළුන්ට වගේම සිංහල බෞද්ධයන්ටත් ඇතිබව (සිංහල ක්‍රිස්තියානින් යනු දෙමළු වැනි වර්ගයක්)
      අනිත් අතට අභිලාශ යනු පූජනීය දේ නෙවෙයි. උදාහරණයක් හැටියට ඉසිප්‍රියාගේ හෙළුව දුටුවිට යම් අයෙකුට යම් අභිලාශයක් ඇතිවිය හැකියි. ඒ වගේම බාලචන්ද්‍ර‍න්ගේ බඩගෙඩිය දුටුවිට තව අයෙකුට වෙනත් අභිලාශයක් ඇතිවිය හැකියි. තවත් අයෙකුට ඔය දෙක ගැනම අභිලාශ ඇතිවිය හැකියි. අභිලාශ ඔහොම තමයි.
      ඔබ රුපියල් 60ක් දී පාන් ගෙඩියක් මිලදී ගැනීමේදී එම ගනුදෙනුව කැමැත්තෙන් සිදුවීමට නම් ඔබට රුපියල් 60ට වඩා පාන් ගෙඩියේ අගය වැඩිවිය යුතුයි. මුදලාලිට පාන් ගෙඩියට වඩා රුපියල් 60 හි අගය වැඩිවිය යුතුයි. දෙදෙනාම තම ලාභය ගැන සිතන විට පමණයි මෙම ගනුදෙනුව දෙදෙනාටම වාසි සහගත ලෙස කෙරෙන්නේ.
      අභිලාශ අතර අතර ගනුදෙනුවත් ඔය වගේම තමයි.

      Delete
  11. ටෝචර් යනු බහුතර මිනිසුන්ගේ සැඟවුණු ආශාවයි.. ///////////// true

    ReplyDelete
  12. වේදියා කියන වචනේ අද පත්තරේට කවියක් ලිපු එකාටත් හම්බ වෙනව. මාධ්‍යවේදීයා කිය යත්තේ වෘත්තීයම වශයෙන් මාධ්‍ය විශයයක් වශයෙන් හැදෑරූ අයෙක්ව. විශ්වවේදියා,ශ්‍රාස්ත්‍රවේදියා, වෛද්‍යවේදියා වගේ මේ වචනේ සුවිසේෂයි. අද ඕලෙවල් පාස් කරලා පත්තරේට නිව්ස් එක් දුන්නත් ඌත් මාධ්‍යවෙදියෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නමුත් මාධ්‍යවේදියො කියන්නෙ පොරවල්. උන් පොරවල් වීමේ ප්‍රතිලාභය සමාජයට ලැබිය යුතුයි. දවසක් උඩුවට බලුරෑනක් හම්බවුන පෝස්ට් එක දැක්කද. උඩුව අහිංසක කොල්ලෙක් වෙන්න ඇති කියල බස් එකෙන් බහින්න කියල ෆෝන් එකත් ඉල්ලල. බල්ලො බලාපොරොත්තුවුනේ උඩුව වෙව්ලයි කියල. මෙන්න මේ දේට අපි ගරු කරන්න ඕන. බල්ලන්ගෙන් කාටහරි ප්‍රශ්නයක් ආවත් පිහිටට එන්නෙ උඩුවල නේද.උඩුව මේ කරපු දේ උඩුවගෙ වයසෙ වෙන කොල්ලෙකුට කරන්න පුලුවන්ද
      පුලුවන් ඊට පස්සෙ අයුතු ජනරාශිය ,සැගවූ ආයුධ පෙන්වීම වගෙ අටෝරාශියක් වචන කරලියට එනව නේද.

      අපි ඒක අමතක කරල ඔය වේදිය කතාව බැලුවොත් නම් කතාව ඇත්ත.මොනවහරි ලියන්න කුරුටුගාන්න පුලුවන් නම් ඌ වේදිය .අනේ මන්ද.

      Delete
  13. lagadi wayu golaye athi waunge samathlitha thawaya bidila.hethuwa Ganja Dumalu...1 nisa Samanali kella Sadaranai....

    ReplyDelete