Saturday, July 30, 2016

උතුරේ ජවිපෙ හඩ


මම කළින් කිව්ව උතුරේ බරපතල යුධ අපරාද වෙලා තියෙන බව මම පෞද්ගලිකව අහල තියෙන කතා වලින් දන්නව කියල. කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ජිනීව යන්න ඕන නෑ කිලෝමීටර් දෙසීයක් උතුරට ගියොත් ඕනතරම් මේ කතා අහන්න පුළුවන් කියල මම කිව්ව. හැබැයි මම ඒකෙන් කිව්වෙ ජාත්‍යන්තරේ මැදිහත් නොවී සිංහල අධිකරණයකින් යුධ අපරාධ ගැන හොයන්න පුළුවන් කියල නෙවෙයි.

සාධාරණ පරීක්ෂණ වලින් අපරාධ ගැන හොයලා විතරක් මදි.

කොච්චර අධිකරණ වලින්  අපරාධ ඔප්පු කරන්න පුළුවන් වුණත් වැඩක් තියෙනවද?? දකුණෙ මිනිස්සුන්ට ඒව සන්නිවේදනය නොවුණොත්.  මිනිස්සුන්ගෙ සම්බන්ධයක් නැතිව කොච්චර සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාත්මක් වුණත් වැඩක් නෑ. දකුණෙ මාද්‍ය්‍යයි උතුරට යන්න ඕන.

රටේ අභ්‍යන්තර ප්‍රශ්ණවලට විදේශීය අත පෙවීම් වල ආධාර ලබා ගැනීමට විරෝධය පළ කරනවා කියලා ජවිපෙ පහුගිය සතියේ කියලා තිබුණා. ඒ කියන්නෙ ජාත්‍යන්තර නිරීක්ෂණයක් ඕන නෑ.. ලංකාව ඇතුලෙම සිංහල ආණ්ඩුවෙ මෙහෙයවීමෙන් යුධ අපරාද වුණාද කියල හොයන්න.

පසුගිය සතියේ ජවිපෙ තරුණ සංගමය යාපනයට ගිහින් තිබුණේ කළුජූලිය සිහිපත් කරමින් සහෝදරත්වයේ දිනය සමරන්න. දැන් සහෝදරත්වයේ සිත්තම කියලා එකකුත් ජවිපෙන් අඳිනවා.

මේ උතුරට බර අවිවලින් පහරදෙන්න කියලා කියපු ජවිපෙමද?

යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන්න සමාජවාදී තරුණ සංගමයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවුවා. එහිදී වගේම නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිළුමිණ පත්තරයට ලියපු තීරු ලිපියකදීත් දක්වපු අදහස් උතුර ගැන ජවිපෙ දැන් දරණ ස්ථාවරය ගැන අදහසක් ගන්න උදව් වෙනවා. එහි මෙහෙම තියෙනවා. ‘ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වුණු අපේ උඩරට නැටුමක් ඉවසන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට නොහැකිනම් අප ජාතියක් ලෙස සිටින්නේ කොතැනකද?‘ ඒ වගේම තියෙනවා දෙමළ ජාතිවාදය උතුරේ හොල්මන් කරයි. එහි නිවුන් සොයුරා ලෙස සිංහල ජාතිවාදය දකුණේ හොල්මන් කරයි‘ කියලා.

මේ වගේ ඔවුන් දක්වන කරුණුවලින් පෙනෙන්නේ සරල කාරණයක්. මේ සිදුවීම නැටුමක් ඉවසන්නට බැරිවීම වගේ වියුක්ත ලෙස ජවිපෙ කියවාගනිද්දී දෙමළ ජාතිවාදය සහ සිංහල ජාතිවාදය කියන දෙකම එකයි කියලා ජවිපෙ කියන්න උත්සාහ කරනවා. ජවිපෙ තරුණ පරම්පරාවත් අර පරණ සිංහල චින්තනය ඇතුලෙම හිරවෙලා.

ආණ්ඩුව සහ පාලන බලය හිමි මහජාතියේ ජාතිවාදයත් ඒවා අහිමි පීඩිත සුළුජාතියේ ජාතිවාදයත් සමාන කිරීමෙන් මේ ප්‍රශ්ණයට විසඳුම් හොයන්න පුළුවන්ද? ඇත්තටම ජවිපෙ ඊනියා මධ්‍යස්ථ මතයකයි ඉන්නේ.

ඔවුන් උතුරේ ජනතාවත් එල්ටීටීඊ සංවිධානයත් අතර කිසිම සම්බන්ධයක් නැති බව විශ්වාස කරන්න කැමතියි. දෙමළ කැරැල්ලක් විදියට නෙවෙයි ජාතිවාදී ත්‍රස්තවාදයක් විදියට එල්ටීටීඊ නැඟිටීම දකින්න කැමතියි. උතුරේ ජනතාවට පහරදීමක් විදියට නෙවෙයි ත්‍රස්තවාදය පැරැද්දීමක් විදියට යුද්ධය දකින්න කැමතියි.

ඉතින් ජවිපෙට මේ සාපේක්ෂ ප්‍රගතිශීලී කතාව කියමින් ඉන්න පුළුවන්. අපි හැම ජාතිවාදෙටම විරුද්ධයි කියල ආයෙ ආයෙමත් බොහොම මානුෂීය භාෂාවකින් කියන්න පුළුවන්. හැබැයි ඒකම ආයෙ ආයෙමත් කියනවායින් එහාට යන්න බැරිවෙයි. ඒකම කියමින් ඉන්න වෙයි.

මම ලඟදි ලීව දෙමළ මිනිස්සුන්ට ඕන එක රටක ඉන්න. එයාලට ඕන සංහිඳියාව කියල. ඒ ගැන මට කෝල් කරල මිත්‍රයෙක් තීරණාත්මක ප්‍රශ්නයක් ඇහුව.

"ඇත්තටම උඹ උතුරෙ මිනිස්සුන්ව ඉන්ටවීව් කළාද?? ඔහොම කියන අයත් ඇති. ඒත් ඇත්තටම බහුතරයට ඕන මොකක්ද?? එකට ඉන්නද?? උඹ ඒක ලියද්දි උඹම ඒක විශ්වාස කරනවද??"

ඒ ප්‍රශ්නය මාව නිරුත්තර කළා. ඇත්තටම දෙමළ මිනිස්සුන්ට මේ විදියට තවත් සිංහල මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුළුවන්ද??

යුද්ධය ඉවරවෙලා අවුරුදු හතක් වෙලා ලංකාවෙ දෙමළ සිංහල ප්‍රශ්ණය පවතින්නෙ කොහොමද?? ආණ්ඩු හිතන්නෙ මොකක්ද?? කියන්නෙ මොකක්ද??

සියල්ලටම වඩා රැඩිකල් යැයි කියාගන්න ජවිපෙ හෝ පෙරටුගාමීන් කියන්නෙ මොකක්ද??

ඇත්තටම එහෙම පසුබිමක මා එක්ක කතා කරල තියෙන දෙමළ මිනිස්සු බහුතරය ඇත්තටම කියන්නෙ මොකක්ද??

එක රටක ඉන්න බැරි බව... සිංහල සපත්තුවට පෑගුණු දෙමළ සමාජය තාමත් ඉන්නෙ. එළියෙ කියන්න තියෙන බිය මිසක් ඒ අයට සිංහල ආණ්ඩුවක කරුණාවෙන් අත පල්ලෙන් වැටෙන දෙයක් ලබමින් ඉන්න එක තිත්ත වෙලා තියෙන්නෙ.

ඒ ඇත්ත වෙනුවට සමඟිය වෙනුවෙන් ඒ අයගෙන් සුළුතරය කිව්ව එකට ඉන්න ඕනෑය කියන එක විතරක් අපි ලොකු හෙඩිම් දාල ලියනව. බහුතරය කියන එකට ඉන්න බැහැ. ඒ මොකද කියල පැහැදිලි හේතු එක්ක කියන එක අපි යටපත් කරනව. (දකුණ කැළඹෙයි කියල)

ජවිපෙ ආයෙ ආයෙමත් යාපනේ යයි. සහෝදරත්වයේ බෝඩ් එක අරන්. සංහිඳියා යාන්ත්‍රණෙත් මිනිස්සුන්ට හොරෙන් වගේ ක්‍රියාත්මක වෙයි. ආමි, පොලීසි වලට බියෙන් දෙමළ මිනිස්සු තව සෑහෙන කාලයක් ඔහොම ඉඳියි.

11 comments:

  1. මොකද්ද බං මේ මගුල.මේක කියවන්නේ කොහොමද?

    ReplyDelete
  2. හා හා මචන්. දන්නේ නැද්ද සිංහලය කියන්නේ ඉස්මුරුත්තාව හැදෙනකන් බෙදාගෙන කන්ට කැමති ජාතියක් කියල. උන් හැමදාම හිතන්නෙ සුළු ජාතිය උන්ගෙ බැල මෙහෙකන් කොරන්ට ඉන්නව කියල. ඇත්ද කැවා ජැෆ්න ගිහින්. ඊළඟට කන්නෙ මුස්ලම් අවුන්ගෙන්. මොකද ඉවසනව කියල මොකාට උනත් ලිමිට් එකක් තියෙනවා බන්. අවුලක් නෑ. අපි සිංහ ළේ... 🙃

    ReplyDelete
  3. උඩුවාගේ හිතේ තියන උත්කෘෂ්ට අදහස හරියට ලියවිලා නැහැ මට පේන්නෙ. තව ටිකක් පැහැදිළි කරල තවත් පෝස්ට් එකක් දැම්මනම් හොඳයි.

    ReplyDelete
  4. //සිංහල ආණ්ඩුවක/// කොහෙද කියන්නෙ මේ ආන්ඩුව සිංහල කියල...මට මතක විදිහට කිසිම කාලෙක කිසිම ආන්ඩුවක් ජාතියකට අයත් නෑ...තවදෙයක් දෙමලමිනිස්සුන්ට අසාධාරණ වෙනව,ඈඅක කරන්නෙ සිංහලයම තමයි...ඒත් අයියෙ මම හිතන්නෙ අපි මද්‍යස්ථව සිටිය යුතුයි කියල...දෙමළ පව්.. කියල නිගමන වලට එන්නැතුව..සිංහලය පව්... කියල නිගමන වලට එන්නැතුව සාධාරන ස්ථානයක ඉඳන්..

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. විග්නේශ්වරම් කියනවා උතුරේ බහුතරය දෙමල බැවින් යාපනය විශ්ව ව්ද්‍යාලයේ විද්‍යපීඨයේ බහුතරය දෙමල වියයුතු බව . දැන් මේ කියන විදියට සුදුසුකම් වැඩි සිංහල අය සිටියත් ඒ අය වෙනුවට දෙමල සිසුන් බඳවාගෙන යාපනයට ගත යතුබවද ? එසේ නැතිනම් වෙනත් ප්‍රදේශවල විශ්ව ව්ද්‍යාල සඳහා ඉල්ලුම් කරණ දෙමල සිසුන් බලෙන් යාපනයට යැවිය යුතුබවද ?

    ReplyDelete
    Replies
    1. ඕක විග්නේෂ්වරන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්

      Delete
  7. Very well write you. My congadulasions. Good hit to racism people.

    ReplyDelete
  8. ජවිපෙ අත්පොතෙන්

    ජාතිය = සමාජය
    එම නිසා
    සමාජවාදය = ජාතිවාදය

    ;-)

    ReplyDelete
  9. ඔයා ජවිපෙ ලොක්ක වුනොත් මොකද කරන්නේ?

    ReplyDelete
  10. මම කියන්නම් වැඩක් උඹට ඔයතරම්ම අමාරුවක් තියෙනවනම් නලීන් ද සිල්වාගේ ලිපි දෙමළට පරිවර්තනය කර රාවය පත්තරේ පලකරපන්. උඔ අඳුනන දෙමළ ජනමාධ්‍යවේදියෝ ලව්ව පුළුවන්නම් දෙමළ පත්තරයක දානවනම් වැඩිය හොඳයි.
    දෙමලාගේ අදහස් ගැන සිංහලයා දන්නේ නෑ වගේම සිංහලයා ගැන දෙමළාගේ දැනුම ඊටත් අඩුයි.
    මට තේරුණ විදියට දැන් සිංහල ජාතිවාදය යම් ප්‍රබුද්ධ තත්වයකට ඇවිත් තියෙනවා. දෙමළ ජාතිවාදය වනචාරී මට්ටමේ එකක්. විග්නේශ්වරන්ගේ කතා අහනකොට දෙමළාගේ ශිෂ්ඨත්වය ගැන අවබෝධයක් ලැබෙනවා.

    ReplyDelete