Saturday, July 30, 2016

විජය පුවත්පත් සහ වික්‍රමසිංහ මාධ්‍ය තියරිය

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආයෙමත් මාධ්‍ය ආයතන කිහිපයක් නම් කරමින් තමන්ගේ තර්ජනාංගුලිය ඔසවලා තිබුණා. ඔහු කීවේ මොකක්ද? ඩේලි මිරර් කර්තෘවරයා හැමදාම හිටියේ මහින්ද රාජපක්ෂගේ මේසයේ බවත් ජාතික සමඟිය නැතිවන වාර්තා පලකරපු බවත් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ආර්ථිකය කඩාකප්පල් කරන විදියේ ලිපි පලකරපු බවත්. ඒ අයට පාඩමක් උගන්වන්න කටයුතු කරනවා කියලා අගමැති කියලා තියෙනවා.   මේක ඉස්සර කියපු කතාවක් නැවත මතුවීමක්.  


ඇත්තටම ඔය කියන මාධ්‍ය කටයුතු කරන විදිය වැරදි සහගත වෙන්න පුළුවන්. එහෙනම් ඒකේ වගකීම යන්න ඕන ඒ මාධ්‍ය ආයතනයේ ප්‍රාග්ධනය මෙහෙයවන පුද්ගලයන්ට. ඒ කියන්නේ රුවන් විජේවර්ධන ඇමතිවරයාගේ පියා රංජිත් විජේවර්ධන මහත්තයාට. ලංකාවේ මාධ්‍ය ගැන දන්නා අපට ප්‍රාග්ධන හිමිකරුවන් සහ මාධ්‍ය ආයතන අතර තියෙන සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.  (හැබැයි සාපේක්ෂව ලංකාදීපය ප්‍රාග්ධන හිමිකරුවන් කියන පදයට නටවන්න පිටට පේන විදියේ උත්සාහයන් නොගන්නා බව කියන්න ඕන.)  

කොහොම වුණත් රුවන් විජේවර්ධනගේ පෝස්ටර් ගහන්න විජය පුවත්පත් ආයතනයේ වාහන යන එකේ අන්තවාදී විදියට වැඩකරන කර්තෘවරයෙක් සම්බන්ධයෙන් පුංචි හෝ පියවරක් ගන්න බැරිකමක් නෑනේ.   අපි කියන්නේ එයාලාට ඕන විදියකට කර්තෘවරුන් නටවන්න කියලා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන පියවර ඕනකමක් තියෙනවානම් ඒ විදියට ගන්නත් පුළුවන් කියලා.  

ඒවා අස්සේ මාධ්‍ය නියාමනයට පනතක් ගේන බව මහින්ද සමරසිංහ ඇමතිවරයා කියා තියෙනවා. මේ ව්‍යාපෘතිය නම් ඊයේ පෙරේදා ආපු එකක් නෙවෙයි. කාලෙක ඉඳන් සැලසුමක්. ජනමාධ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමතිත් ජනමාධ්‍ය නියාමනය ගැන කතාකරලා තියෙනවා.

මාධ්‍ය නියාමන කතාව එක එක මුට්ටි වලින් දාන්න උත්සාහ කරල මේ වෙද්දි ජනමාධ්‍ය සංවිධාන වල නියෝජිතයන්ගේ කමිටුවක් පත් කරල තියෙනව ඕක ගැන කතා කරන්න. ඒ කමිටුව පත් කරද්දිම ප්‍රධාන මාද්‍ය සංවිධානය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අයින් වෙලා තිබුණා. මේ වැඩේ කලින් සැලසුම් කරපු ප්‍රොජෙක්ට් එකක්.   ඒ කියන්නෙ හතර හන්දි කඩල මාධ්‍ය නියාමනය (මර්ධනය) කිරීමේ රාජපක්ශ තියරිය වෙනුවට නීති වලින් මාධ්‍ය නියාමනය කිරීමේ ප්‍රොජෙක්ට් එකක මෙයාල ඉන්නේ.  නියාමනය රනිල් වික්‍රමසිංහ තියරියට අනුව හන්දියේ චණ්ඩියා වගේ චන්ඩිපාට් දාලා කරන්න පුළුවන්කමක් නැහැ.

ජනමාධ්‍ය විසින්ම නියාමනය ගැන කරන සංවාදයකට පහසුකම් සැපයීමයි ආණ්ඩුව කළ යුත්තේ. ඒ සංවාදය කවුරුහරි කලින් සැලසුම් කරපු පාරක යනවනම් ඒකට කරගන්න අපි ලෑස්ති නෑ.  

ඕනනම් නීති දාල බලමු!! කවුරු මොනව කිව්වත් මීඩියා කියන්නෙ බලය.  

එහෙම නොවන නියාමනයක් නම් නියාමන වෙස්මූණ දාගත්ත මර්ධනයක්.   රනිල් වික්‍රමසිංහලට පුළුවන්ද මහින්දට සහාය දීම චෝදනාවක් විදියට ඉදිරිපත් කරන්න. මහින්දලා වැරදියි කියලා නීත්‍යානුකූලව දශමයකින් හෝ ඔප්පු කරගන්න මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරක් තිස්සේ පුළුවන් වෙලා තියෙනවාද?

8 comments:

  1. //එහෙම නොවන නියාමනයක් නම් නියාමන වෙස්මූණ දාගත්ත මර්ධනයක්. රනිල් වික්‍රමසිංහලට පුළුවන්ද මහින්දට සහාය දීම චෝදනාවක් විදියට ඉදිරිපත් කරන්න. මහින්දලා වැරදියි කියලා නීත්‍යානුකූලව දශමයකින් හෝ ඔප්පු කරගන්න මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරක් තිස්සේ පුළුවන් වෙලා තියෙනවාද? //


    උඩුවෝ...
    (අපට වාසි කියමන් පල කොරනා විට දී පමනක්) උඹ එල කොල්ලෙක් නේ මචන්!

    ReplyDelete
  2. කෙහෙල්මල! බඩගෝස්තර ජඩ මාධ්‍ය හැර වෙනත් මාධ්‍ය තිබේද ?

    ReplyDelete
  3. ලෝකෙ නිදහස් මාධ්‍ය කියල දෙයක් තියෙනවද? බීබීසී එකේ ඉඳන් රාවය පත්තරේ දක්වා අඩු වැඩි වශයෙන් සිදු වෙන්නේ තමුන්ට ප්‍රාග්ධනය පොම්ප වෙන තැනට උවමනා විදිහට කටයුතු කිරීම නේද? විශේෂයෙන්ම ලංකාවෙ පුවත්පත් කර්මාන්තය කියන්නෙ සාපේක්ෂව ලොකු ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නෙමෙයි.එහෙම තියෙද්දිත් මෙච්චර පත්තර ගානක් මේ පුංචි මාකට් එක ඇතුලෙ තියෙන්නෙ ඇයි?සමහර පත්තර රුපියල් හතළිහකට වගේ විකිනෙද්දී හිතෙන දෙයක් තමයි ලාභ කෙසේ වෙතත් අඩු ගානෙ වියදම් වත් පියවා ගන්න පුලුවන්ද කියන එක.ලංකාවේ මාධ්‍ය සඳහා යම් ස්වාධීන නියාමනයක් අවශ්‍යයි.මොකද ගොඩක් මාධ්‍ය අඩු ගානෙ අවම මාධ්‍ය සදාචාරයක් වත් නැතුව වැඩ කරන්නෙ.එක්කො තරඟෙට මුහුණ දෙන්න මළමිනියක් හරි විකුනනව නැත්නම් තමුන්ගෙ හාම්පුතාගේ දේශපාලන ,ව්‍යාපාරික ඇජෙන්ඩාව වෙනුවෙන් නිරුවතින් කඩේ යනව.ඒත් මාධ්‍ය නියාමනයක් සදාචාරයක් හදන්න එහෙම සදාචාරයක් ගෑවිලාවත් නැති දේශපාලකයන් ඉස්සරහට ඒම නම් විහිලු සහගතයි.

    ReplyDelete
    Replies
    1. බීබීසිය එංගලන්තයේ ආණ්ඩුවට පක්ෂව ආණ්ඩුව කියන විදියට වැඩ කරනවා කීම නම් විහිළුවක්

      Delete
  4. කොහොමත් ලංකාවේ පුවත් පත් කියන්නේ කාට හරි කඩේ යන එක.. ස්වාධීන මාධ්‍යවේදියෝ අතේ ඇඟිලි ගානටත් අඩුයි..

    මම නම් කියන්නේ මාධ්‍යයට විතරක් නෙමෙයි... මේ වගේ ගෝත්‍රික රටකට සියළුම දේට තද නීතී රීති තියෙන්නේ ඕනා.. කවදා හරි හැදුන දවසක පුළුවන් නිදහස දෙන්න.. නැත්නම් ඒ නිදහස නිසි ලෙස භාවිතා කරන්න එකෙක්වත් දන්නේ නෑ..

    ReplyDelete
  5. මාධ්‍ය නියාමනය යනු මාධ්‍ය මර්ධනය කියා වැරදි මතයකට යන්න එපා.

    ReplyDelete
  6. රනිල් මෙහෙම කෙලින් කථා කරන එකට ඒ ගැන මෙහෙම ලියන්ට පුළුවන් එකම ගැන කියන්ට පුළුවන් මද්‍යයට නිදහසක් දැන් තියෙනව කියල. ඉස්සර ලසන්ත හයි සිකියුරිටි සෝන් එකක සතෙක් වගේ මරල දානකොට මද්‍යවෙදියෝ කොහෙද හිටියේ කියලත් ප්‍රශ්න කොරන්ට වෙනව. උඩුව, නිකමට නිවුස් බලන්න. ඔය මද්‍යවෙදියෝ මහින්දගෙන් ප්‍රශ්න අහන හැටියි රනිල් මයිත්‍රී ඇතුළු ආණ්ඩුවේ අයගෙන් ප්‍රශ්න අහන හැටියි? වෙනස මාරයි නේද මචන්? මචන් උබත් මීඩියා ෆීල්ඩ් එකේ කියල දන්නව. ඒත් මහින්දගෙ ඉස්සරහ දෙකට නැමිල ආණ්ඩුවේ අවුන් ඉස්සරහ පොර ටෝක් දෙන උන්ගෙ වල් බුරු නිදහස නැති කරන්ටම ඕනි. සොරි මචෝ..!!
    👊🏽

    ReplyDelete
  7. පුවත්පත් සහ අනෙක් මාධ්‍ය සඳහා ස්වාධීන මාධ්‍ය කොමිසමක් අවශ්‍යයි.

    ReplyDelete