Monday, October 24, 2016

පොලීසියෙන් මිනීමැරීම උතුරට දැනෙන්නේ කොහොමද?

මම හිටියේ මේ සියල්ලටම මා කොතරම් දුරට වගකියන්න ඕනද කියා හිතමින්. 

පොලීසිය විසින් මරාදැමූ සුලක්ෂන්

 යාපනය මාද්‍ය සමාජයේ හෝල් එකේ. මගේ දෙපැත්තේ තරාකී සිවරාම්ගේත් නිමලරාජන්ගේත් ලොකු ෆොටෝ එල්ලලා තියෙනවා.


මේ දෙන්නාම ආයුධ වෙනුවට පෑනෙන් සටන්කළ අය. මාධ්‍ය වේදීන්. එහෙත් අපේ මාධ්‍ය වේදීන් මේ අය වෙනුවෙන් හරියට පෙනී ඉන්නේ නැහැ. සිවාරම් වගේම නිමලරාජනුත් දෙමළ නිසාම ලසන්ත වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ මේ අය වෙනුවෙන් අපේ අය පෙනී ඉන්නේ නැහැ. රිචඩ් ද සොයිසා ගැන කතාකරනවා වගේ මේ අය ගැන කතාකරන්නේ නැහැ.

මට එහා පැත්තේ ඉඳගෙන හිටියේ තර්මබාලා විනෝජිත්. යාපනය මාද්‍ය සමාජයේ සභාපති. මාව විශ්වාස කරන මිත්‍රයෙක්. මම ඔහුව විශ්වාස කරනවා.

තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් තරිඳු ජයවර්ධනත් අපි එක්ක හිටියා. මයුරන්. යාපනය මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික හිටියා.

අපි මීට වඩා වගකියන්න ඕන නැද්ද?? මේ සිදුවන දේවල්වලට.

විනෝජිත්ලාව මට මුණගැහිලා දැන් අවුරුදු දෙකක්. මට මීට වඩා දෙයක් කරන්න නොතිබුණාද?? 

ඔව්. මම වගකියන්න ඕන.

සුලක්ෂන්ගේ අම්මා ඇඬූ හැටි සිහිවෙන හැමවෙලාවෙම මම හිතුවා. මාත් ඔබත් වගකියන්න ඕන. විනෝජිත් පවා.... 

'මචං, ටවුන් එකේ ඇවිදින්නේ පරෙස්සමෙන්. දෙමළ ජාතිවාදියෝ සිංහල ජාතිවාදීන්ටත් වඩා දරුණුයි.' විනෝජිත් කීවා. 

'උඹ දැකල නැහැ සිංහල ජාතිවාදියෝ. උන් ඔක්කොටම වඩා දරුණුයි.' මං පිළිතුරු බැන්දා.

"මම යුද්ධයේ අහිමිවීම් දැක්කා බං. මේ මිනිස්සු ඒක දැක්ක. ඇයි තාම මේව ඉවරයක් නැත්තෙ?? මිනිස්සු තාම මරාගන්නෙ ඇයි??"

 විනෝජිත් ඒ ප්‍රශ්නෙන් දමා ගැහුවෙ මාව අමාරුවෙ දාන්න නෙවෙයි.

 "වේස්ට් මචන්." ඔහු වේදනාවෙන් කීව. 

****************************************************** 



උඩින් තියෙන්නේ සුලක්ෂන් නම් චුන්නාක්කම් සිසුවා රඟපබෑ කෙටි චිත්‍රපටියක්. ඔහු දක්ෂ නළුවෙක්, කවියෙක්, දේශපාලන ක්‍රියාකාරිකයෙක් සහ ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහු හොඳම විකට නළුවා ලෙස වරක් සම්මාන දිනා තියෙනවා. ප්‍රදේශයේ මෙන්ම විශ්ව විද්‍යාලයේත් සුලක්ෂන් ජනප්‍රියයි. 

සුලක්ෂන්ගේ අම්මා හඬනගා කී දේවල් මට ඇහෙනවා. සිංහලයන් විශ්වාස නැති බවයි ඇය කීවේ. 

සුලක්ෂන්ලාගේ මරණයේ විශ්වාස නැති තැන් ගොඩක් තියෙනවා. ඇක්සිඩන්ට් එක වුණ තැන බිත්තියේ විසිවුණ ලේ පැල්ලම් වගේම අතක් සහ සිරුරක් අතුල්ලපු විදියට ලේ පැල්ලම් තියෙනවා. 

තාප්පයේ ලේ තැවරී තියෙන ආකාරය.

හෙල්මට් පසෙකින් වැටී තියෙන ආකාරය. හෙල්මට් අනතුරින් පසු ගැලෙව්වාද? පෙර ගැලෙව්වාද? දෙදෙනාගේ හිස්වලට හානි වුණත් හෙල්මට් වලට හානියක් වී නැහැ.


ඒ වගේම දෙන්නාගෙ ඇඟේ වෙලා තියෙන තුවාල වාහනයේ යනකොට වෙඩි වැදීමෙන් වුණු අනතුරු නිසාමදැයි සැකයි. 

කොහොම වුණත් මේ දේවල් නිරීක්ෂණ විතරක් නිසා අපට අහන්න පුළුවන් සාධාරණම ප්‍රශ්නය සාමාන්‍ය මිනිහෙක්ට වෙඩි තියන්න පොලීසියට අවසර දුන්නෙ කොහොමද කියන එකයි.

සාමාන්‍ය මිනිහෙක් මිනීමැරුමක් කළා වුණත්..... සාධාරණ පරීක්ෂණයක් නැතිව මරන්න අයිතියක් නැහැ.

කොටින්ම මගේ අදහස ලෝකෙ දරුණුම වැරැද්ද කළ කෙනා වුණත් ඒ වැරැද්ද කළ බව මුලු ලෝකය ඉදිරියේ ඔප්පු වුණත් ජීවත් වෙන්න අයිතිය ලත් කෙනෙක් බවයි. කාගේවත් ජීවිත අයිතිය පිළිබඳ තීරණ ගන්න තවත් කෙනෙක්ට පුළුවන් වෙන්නෙ කොහොමද?? 

ඒත් ලංකාව අනුන්ගේ ජීවිත ගැන තීරණ ගැනීමේ අයිතිය පවරාගත්තවුන් තොගයක් ඉන්න රටක්. මිනීමැරුම් සාධාරණීකරණය කරපු රටක්.

කොහෙත් පොලීසිය එකයි. මේ දෙමළ තරුණයා මුහුණදුන් අත්දැකීමම දකුණේ අයත් මුහුණදෙනවා වගේ කතා මට පිළිගන්න අමාරුයි. 

දකුණේ අපට පොලීසිය දැනෙන විදියට නෙවෙයි උතුරට පොලීසිය දැනෙන්නේ.

උතුරට පොලීසිය කියන්නේ තමන්ව සත්තු වගේ පාලනය කරන්න දාපු මහජාතියේ අතකොලු විතරයි. 

පොලීසිය දෙමළ වුණත් මේ විදියටම මේක සිද්ධ වෙනවා කියල කියන්න පුළුවන්. ඒක ඇත්ත. 

හැබැයි අත්දැකීම මේකම නෙවෙයි.

අනික මාතලන් ලියූ කවියක තිබුණා එයාලා දෙමළ නිසාම මේ සිදුවීම ගැන හරි පරීක්ෂණයක් සිද්ධ වෙයි කියලා. ඒකත් පිළිගන්න පුළුවන්ද දකින්න ලැබුණු දේවල් එක්ක. මේ සිදුවීම සිද්ධවුණේ රෑ දොළහට විතර. පහුවදා දවල් එකටත් පොලීසිය දාපු නිවේදනයක තිබුණේ මේක හදිසි අනතුරක් කියලයි. සිදුවීම යටගහන්නයි උපරිම උත්සාහ කළේ. මාත් තරිඳු ජයවර්ධනත් දෙරණ වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය කිහිපයක් මේ සිද්ධිය සැකයි කියලා දිගින් දිගටම ප්‍රශ්ණ කිරීමෙන් වැඩේ අවුල් කියලා තේරෙද්දී තමයි මේක මිනීමැරුමක් කියන එක පිළිගත්තේ. ඒත් කිව්වේ අණ නොතකා ධාවනය කළ නිසා වෙඩිතිබ්බා කියන එකයි. ඒකත් විශ්වාස කරන්න එපා දැනට. මොකද සිද්ධිය සිදුවුණ තැන්වල තියෙන සාක්ෂි අපටවත් උතුරේ මිනිස්සුන්ටවත් පොලීසියේ ඔය කියමන පිළිගන්න පුලුවන් තැනකට නෙවෙයි ගෙන එන්නේ.

ඒ මදිවාට සිද්ධියෙන් පහුවදා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිත්, නිශාන්ත වර්ණසිංහත් කොළඹ ඉඳන් කියනවා වෙඩි තැබීම සාධාරණයි  කියලා. යාපනයේ වාලම්පුරි, උදයන් ඇතුලු මාධ්‍ය වල ප්‍රධාන පුවත ඒක. 

මිනිස්සු මොනවද හිතන්නේ. ආරක්ෂක ලේකම් කියන තනතුරම ඔවුන්ට පේන්නට බැරි මිනීමරු තනතුරක්. ඇවිත් කියද්දී වෙඩිතැබීම සාධාරණයි කියලා ඔවුන්ට දැනෙන්නේ මොකක්ද? 

ඒ හැඟීම කොහෙත්ම දකුණට දැනෙන හැඟීම නෙවෙයි.

ඒ පොලිස් නිලධාරීන් සියළුදෙනා සිංහල ජාතිකයන්. යුද්ධයෙන් අවුරුදු හතක් ගෙවිලත් දෙමළ කතාකරන්න පුළුවන් පොලීසියක් හදාගන්න බැරිවෙච්ච රටක් මේක. පොලීසියට ගිහින් දෙමළ භාෂාවෙන් කතාකරලා පැමිණිල්ලක් ලියාගන්න බැරි රටක්. 

නැහැ, දකුනේ පොලීසිය කොච්චර දේවල් කළත් අඩුගානේ යුක්තියේ සලකුණක් හරි තියෙනවා. දකුණේ මොනවා වුණත් මිනිස්සු තමන්ට තියෙන ප්‍රශ්ණය කියන්න පොලීසි යනවා. උතුරට පොලීසිය කියන්නේ හමුදාව තරම් දරුණු නැතත් තමන්ව පාගාගෙන ඉන්න හදාපු ආයතනයක්.

ඉතින් මට පිළිගන්න බැහැ දකුණේ මේ වගේ මිනීමැරුමකින් ඇතිවන බලපෑමම උතුරේ ඇතිවේවි කියලා. ඊට වඩා ලොකු බලපෑමකුයි උතුරේ ඇතිවන්නේ.

 ****************************************************

විනෝජිත්ලා සහ අපි වගකියන්න ඕන කොහොමද.... 

අපට තවමත් බැරිවෙලා තියෙනවා මාධ්‍ය වේදීන් අතරේවත් හරි අදහස් හුවමාරුවක් හදාගන්න. අපි දෙගොල්ලම පිළිගන්න දෙයක් දකුණේ ප්‍රශ්ණ උතුරේ මාධ්‍ය හරහාත් උතුරේ ප්‍රශ්ණ දකුණේ මාධ්‍ය හරහාත් වාර්තා කරන්න ඕන කියලා. හැබැයි තවම මට හරිහැටි දෙමළ කතාකරන්නත් බැහැ. විනෝජිත්ලාට සිංහල කතාකරන්නත් බැහැ. අපි එකිනෙකාට අතර සංවාදයක් හදාගන්නත් තවම බැහැ.

ඉතින් අපි වගකියන්න ඕන තමයි. 

ඇත්තටම සෝ කෝල්ඩ් සංහිඳියාව හදන්න පුළුවන් මාධ්‍යවේදීන්ටම තමයි. මේ එක දූපතේ එකිනෙකින් වෙන්වෙච්ච වෙනස් මිනිස්සු දෙගොල්ල එක රටක ජීවත් විය යුතුනම් මේ දෙගොල්ල අතරේ සංවාදයක් හදාගන්න වෙනවාමයි.

ඉතින් ඒ වෙනුවෙන් අපි කරලා තියෙන්නේ මොනවද? අපි වගකිව යුතු නැද්ද? 

24 comments:

  1. ‘‘අපිත් වග කියන්න ඕන තමයි.‘‘

    ඊයෙ කොටුවේ පිකට් එකේ ඉන්න අතර මට හිතුණෙ මේ වගේ පිකට් කීයකට නම් ඇවිත් තියෙනවද? ඒත් ජීවිතයට ගරුකරන සාධාරණ සමාජයක් කියන එක තවමත් අපට හීනයක් වෙන්නෙ ඇයි කියන එක...

    ReplyDelete
    Replies
    1. අපි කරන දේවල් හොඳටම මදි

      Delete
  2. ඇයි මෙතන සිංහල දෙමල කියල කොටස් දෙක්කට බෙදන්නෙ?

    පොලිස් බල්ලෝ කොහෙත් එකයි.

    මීට සමාන සිදුවීම් දකුනෙත් ඕන තරම්.

    මෙතනට සිංහල දෙමල කතාවක් නෙමෙය් ඕනෙ පොලිසියේ හරකුන්ට උන් කව්ද කියල කියල දෙන්නයි ඕනි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම සිංහල සහ දෙමළ කියන්නෙ දෙකක්.
      සිංහල කියන්නේ පාලකයන්ගේ භාෂාව. දෙමළ කියන්නේ පාලකයන් සැලකිල්ලක් නොදක්වන භාෂාව.

      Delete
    2. එතකොට සිංහල කතාකරන දුප්පත් මිනිහටයි. දෙමල කතාකරන පොසත් මිනිහටයි සලකන්නෙ සිංහල එකාව වැඩි තැන දීල දෙමල එකාට අඩු තැක දීලද?

      මහත්තයෝ ලංකාවෙ ජාති දෙකයි. සල්ලි තියෙන උන් සල්ලි නැතිඋන්.

      Delete
    3. //////මහත්තයෝ ලංකාවෙ ජාති දෙකයි. සල්ලි තියෙන උන් සල්ලි නැතිඋන්./////////////////

      ඔව් බං අවසාන විග්‍රහයේ නවතින්නේ ඔතන තමා. ඒ ඔක්කොම ජාති කාසි දෙයියා ගාවදි පාසි වගේ ලිස්සලා යනවා. හැබැයි දෙමලවූ නිසාම කොච්චර සල්ලි තිබුනත් බොහෝ දේ අහිමිවූ දෙමල ධනපතියන් අපි 83 දැක්කා. ඒක වෙනස් තත්වයක් නිර්මාණයවූ අවස්තාවක්. ඥානම් කියන ඒ මහා ධන කුවේරයා ඉතාමත් උපේක්ෂාවෙන් මගෙන් ඇහුවා..."මම කරපු වරද ආයෝජනය කරලා ව්‍යාපාර අරඹලා, සිය දහස් ගානකට රැකියා දීපු එකද" කියලා. ඒ අමිහිරි ජූලියේ පාදඩ, මුරුගයන්ගේ දඩබිමේ, කොළඹ ඉතාම ඉතා පොහොසත් ද්‍රවිඩයන් එක්වුනු තැනක මම රැකියාව කලා.

      Delete
    4. වෙන්න පුලුවන් අපිට ඕ අත් දැකීම් නෑ අපි 90න් පස්සෙ අයනෙ. අපිට තියෙන්නෙ උතුරෙ සිංහල කොල්ලො දහස් ගානක් මරද්දි දෙමල යාලුවොත් එක්ක එක බත් එක බෙදාගන කාපු අත් දැකීම්නෙ.

      Delete
  3. පර බල්ලන්ට මිනිස්සුන්ට වෙඩි තියන්න කිසිම අයිතියක් නෑ... දිගටම ගේම ගෙනියපන්.. ඕකුන් පස් දෙනාටම කෙලවෙන්නම. පුළුවන් නම් ඇඹිලිපිටියේ එකත් ආයෙත් ඇදපන්.. සිහළ උරුමේ හිටපු සභාපති හිමි තම්යි උන් බේරගත්තේ...

    ReplyDelete
    Replies
    1. කල්පිටියේ, වවුනියාවේ, කිලිනොච්චියේ, මන්නාරමේ, එරාවුර්, මඩකලපුවේ, හෙල්මට් නැතුව යනකොට, පස්ස සීට් එකේ ගෑණු හරහට වාඩිවෙලා යනකොට, අල්ලන්නේ නැත්තේ ඇයි? දකුණේ හෙල්මට් නැතුව අල්ලපු එකෙකුට පුළුවන්, මානව හිමිකම් නඩුවක් දාන්න.

      Delete
    2. එහෙම අල්ලපු අවස්ථාත් තියෙනව. අල්ලන්නෙ නැති අවස්ථාත් තියෙනව

      Delete
  4. දීර්ඝ කාලයක්, පොලිස් රාජකාරියට කිසිසේත් අදාළ නැති, හමුදා රාජකාරියේ යෙදීසිටීම නිසා, පොලිස් නිලධාරීන්ට, පොලිස් රාජකාරිය යනු කුමක්ද යන්න අමතකවී තිබෙනවා. යුද්ධ කාලේ බඳවාගත් පොලිස් නිලධාරීන්ගෙන් සෑහෙන පිරිසක්, පොලිස් රාජකාරිවල ඇති විශේෂත්වය දන්නේ නැහැ. නීතිය දන්නේ නැහැ.

    උතුරු නැගෙනහිර පලාත්වල සේවය සඳහා යොදවන පොලිස් නිලධාරීන්, අංශ දෙකකින්, ඉහල තත්වයේ පුහුණුවක් ලබාසිටිය යුතුයි.

    1. ශ්‍රී ලංකාවේ වලංගු නීතිය සහ, පොලිස් ආඥා පනත අනුව, තමන්ට තිබෙන බලතල සීමාව කුමක්ද යන්න, පැහැදිලිව දැනසිටිය යුතුයි.

    2. හදිසියකදී, ඉතා කාර්යක්ෂමව සහ උපක්‍රමශීලීව, පවතින තත්වය අවම බලයකින් පාලනය කරගැනීම සඳහා අවශ්‍ය අවි පුහුණුව, උපක්‍රමික පුහුණුව ලබා තිබිය යුතු අතර, කායික මානසික ශක්තිය අතින් ඉහල තලයක සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. විචාරක,
      පොලිසියේ හැමෝටම පොලිස් විද්‍යාලයේ පුහුණුව නිම කළ පසු නේද පත්වීම දෙන්නේ?

      Delete
    2. නැහැ. යුද්ධ කාලේදී විශේෂ කෙටි පුහුණුවක් දුන්නා බඳවාගත් වහාම, යුදහමුදාව යටතේ. ඉන්පසු මූලික පොලිස් රාජකාරි කියාදී යුද පෙරමුණට යැව්වා, බංකර් වල රාජකාරී කරන්න. ඔවුන් පොලිස් ආඥා පනත ගැන හෝ සාමාන්‍ය අධිකරණ රාජකාරි ගැන කිසිවක් දන්නේ නැහැ. යුද්දෙන් පස්සේ, ඔවුන්ව නැවත පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී මෙන්ම, සේවයේ යේදී සිටින ප්‍රදේශවල සාමාන්‍ය පුහුණුව ආරම්භ කළා. නමුත් එය කොතරම් දුරට සාර්ථකදැයි මා දන්නේ නැහැ.

      Delete
  5. උතුරේ නැගෙනහිර වැඩ කරන අයටවත් දෙමළ බැරි එක නම් පැතටික්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම දකුණේ රජයේ කාර්යාලවල ඉන්නවා සිංහල බැරි දෙමල අය. මේ දෙගොල්ලන්ගේම භාෂා ප්‍රශ්නයට විසඳුම, අර බොරු භාෂා කඩඉම් විභාගය සමත්වීම නොවේ.

      Delete
  6. ///////ඇත්තටම සෝ කෝල්ඩ් සංහිඳියාව හදන්න පුළුවන් මාධ්‍යවේදීන්ටම තමයි./////

    උඩුවා....මේක සෝ කෝල්ඩ් මාධ්‍යවේදීන්ට නම් හදන්න බැහැ. උන් දන්නේ සැමට පෙර නිව්ස් දෙන්නයි...ගිනි අවුලන්නයි...ජොබ් එක බේරගන්නයි වගේ සීල්ලර වැඩ ටිකක්.

    තරුන ජනමාධ්‍යවේදීන් හැටියට උඹලගේ කරේ තමයි ඒ ඩියුටියත් තියෙන්නේ.

    ReplyDelete
  7. පොලිස් නිලධාරීන්ට පොලිස් අණ පනත් සම්බන්දව,රටේ පවතින නීතිය පිළිබඳව ලබාදෙන දැනුම ප්‍රමාණවත් නැත.එසේම අති බහුතර පොලිස් නිලධාරීන්ට ඒ සම්බන්දව පුද්ගලිකව අධ්‍යනය කිරීමටද උනන්දුවක් නැත...එසේම එසේම ඔවුනට ලබා දෙන අවි පුහුණුවද ප්‍රමාණවත් නැත.රිවෝල්වර් සහ පිස්තෝල ඉනේ ගසා ගෙන සිටියත් ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය සම්බන්දව බහුතරයකට දැනුමක් නැත....පොලිස් නිලධාරීන්ට හොඳ මට්ටමේ අවි පුහුණුවක් ලබා දියයුතුය....එවිට ඔවුන්ට ගිනි අවි අනවශ්‍ය ලෙස භාවිතයේ ඇති භයානක බව ගැන නිවැරදි අවබෝදයක් ලැබෙනු ඇත. ගිනි අවි වල ඇති ප්‍රහාරක බලය ගැන නිවැරදි අවබෝදයක් ඇති කෙනෙකු කිසිවිටෙක මෙවැනි මුග්ද ක්‍රියාකාරකම් වල නොයෙදෙනු ඇත.....පොලිසියට දෙමල,මුස්ලිම් තරුණ, තරුණියන් නොබැඳීම පොලිසියේ වරදක් නොව දෙමල මුස්ලිම් සමාජ වල ආකල්ප වල ඇති අවුලකි.දෙමල ජාතිකයන් දෙදෙනෙකු පොලිස් පති තනතුරේ සිටි බවත් දෙමල සමාජය වටහා ගත යුතුය.එසේම විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා වී සිටින්නේ මුස්ලිම් ජාතික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති වරයෙකු බව මුස්ලිම් වරු වටහා ගත යුතුය.සිංහල පොලිසිය හෝ සිංහල හමුදාව යන ආකල්ප වලින් මිදීමේ වගකීම දෙමල,මුස්ලිම් සමාජ වලටත් පැවරෙන බව කියමි......

    ReplyDelete
  8. වෙන රට වල අභිමානයට ඉන්න පොලීසිය ලංකාවේ කරන්නේ ඔක්කොම අවුල් කරලා දාන එක.

    ReplyDelete
  9. පොලිසියේ මිනි මැරීම දකුණට දැනෙන විදියටම තමයි උතුරට දැනෙන්නෙත්.නිතිය සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියෙන් ආරක්ෂා වෙන්නයි දැන් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  10. //සුලක්ෂන්ගේ අම්මා හඬනගා කී දේවල් මට ඇහෙනවා. සිංහලයන් විශ්වාස නැති බවයි ඇය කීවේ. // මට නම් කවුරුත් විශ්වාස නැහැ.

    ReplyDelete
  11. මොනවාද බං උඹ මේ ලියන්නේ.
    //මේ දෙමළ තරුණයා මුහුණදුන් අත්දැකීමම දකුණේ අයත් මුහුණදෙනවා වගේ කතා මට පිළිගන්න අමාරුයි. //
    //නැහැ, දකුනේ පොලීසිය කොච්චර දේවල් කළත් අඩුගානේ යුක්තියේ සලකුණක් හරි තියෙනවා. දකුණේ මොනවා වුණත් මිනිස්සු තමන්ට තියෙන ප්‍රශ්ණය කියන්න පොලීසි යනවා. උතුරට පොලීසිය කියන්නේ හමුදාව තරම් දරුණු නැතත් තමන්ව පාගාගෙන ඉන්න හදාපු ආයතනයක්.//
    මෙන්න පි නෙළුම් යායට දාන ආටිකල් ටිකක්. නිකන් දෙක තුනක්.
    http://peoplesforumsl.blogspot.co.uk/2013/11/blog-post_21.html
    //Home / feature / HumanRights / media / prison / '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා.
    '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා.//
    http://peoplesforumsl.blogspot.co.uk/2016/10/4.html
    //දවස් 4 තිස්සේ කොච්චි ඉස්ස කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් වධ දෙනවා.//
    http://peoplesforumsl.blogspot.co.uk/2016/04/2.html
    //Home / feature / media / police torture / ඇඳුම් ගලවලා, - රතු ලූණු ගෙඩියක් දීලා ”කුරුල්ලා” ගේ අතුල්ලපන් ------- පර දෙමල්ලූ....2
    ඇඳුම් ගලවලා, - රතු ලූණු ගෙඩියක් දීලා ”කුරුල්ලා” ගේ අතුල්ලපන් ------- පර දෙමල්ලූ....2//
    පොලිසිය මෙහෙ දකුණේ කරනවට වඩා උතුරේ දැඩි යි කියනවට වඩා පොලිසිය පුරුදු වෙලා තියෙන්නේ මෙහෙමයි කියන එකයි මගේ අදහස. හදන්න ඕනේ මේක. මේ පොලිසිය හැසිරෙන ආකාරය.
    එතකොට අර 6% ඉල්ලලා ශිෂ්‍යයෝ පෙළපාලි ගිය වෙලාවේ බයික් එකේ ගිය සිසුවෙක් මරුනේ කොහොමද?

    ReplyDelete
  12. http://peoplesforumsl.blogspot.co.uk/search/label/police%20torture

    ReplyDelete
  13. මන් දන්න විදියට ලංකාවෙ ඉන්නෙ වර්ග දෙකයි වරප්‍රසාද ලත් පන්තියේ එවුනුයි, වරප්‍රසාද නොලත් පන්තියේ එවුනුයි..... ඔය දෙමළයි, සිංහලයයි කියලා පටන් ගත්ත තැනින්ම වෙන්නෙ උන්ව වෙන් කරන එක. මොකද සල්ලි තියෙන හැම එකාම වරප්‍රසාද ලත් පන්තියේ වෙන් නෑ.

    ReplyDelete