Sunday, May 31, 2015

විජයකලාගෙන් නෙවෙයි මහින්දලාගෙන් ඇත්ත අහන්න

දෙමළ දේශපාලඥයන් ගැන අපුලක් මටද ඇත. ඒ යම් තරමකට හෝ උතුරේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටින නිසා දකුණෙන් එන විරෝධය වැන්නක් නොවේ. ප්‍රශ්ණවලට පෙනී සිටින ව්‍යාජ ස්වභාවය නිසා දෙමළ ඡන්දදායකයන්ගෙන් එන විරෝධය වැන්නකි.
 

විජයකලා මහේෂ්වරන් පිළිබඳවද ඒ විවේචනය මට ඇත. එහෙත් සිරසට ඇයව ගෙන්වා ප්‍රශ්ණ කර දකුණේ සමාජය ගත් ආතල් එක නම් අප්සට් ය.
 

විජයකලා මහේෂ්වරන් එල්ටීටීඊය යටතේ තිබූ ආරක්ෂාව ගැන කතා කළ මුත් එහි ප්‍රචණ්ඩකාරී කෘර ස්වභාවය ප්‍රතික්ෂේප කිරීම ගැටලුවක් බව හැබෑ ය. එහෙත් එල්ටීටීඊය යනු යම්කිසි විමුක්තිකාමී අරමුණක් වෙනුවෙන් කැරලි ගැසූ සංවිධානයකි. ඒ තුළ ආරක්ෂා කළ දැඩි විනය මෙන්ම ආරක්ෂා කළ සංස්කෘතික වටිනාකම් හේතුවෙන් ස්ත්‍රී දූෂනය බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් වන්නට ඇත. (ස්ත්‍රී දූෂණ එකක්වත් නොවූ බව එයින් නොකියැවේ. ස්ත්‍රී දූෂණයට බරපතල වැටකඩොලු තිබෙන්නට ඇත)
 

විජයකලාගේ අදහස් සියල්ල සමඟ එකඟ නැති මුත් සිංහල සමාජය විසින් ඇයව චූදිතයා කිරීමට නම් එකඟ වන්නට බැරිය. උතුරේ මිනිසුන් දකුණේ හමුදාව ගෙනයන පාලනයට වඩා එල්ටීටීඊ පාලනයට සාපේක්ෂ කැමැත්තක් ඇක්වූ බව පිළිගත යුතුමය. උතුරේ දේශපාලඥයන්ගෙන් කියැවෙන්නේ එයයි.  

සිංහල වැඩසටහනක විජයකලාගේ හෘදය සාක්ෂිය ප්‍රශ්ණ කොට ඇත්ත කතා කරන්න ඇමතිතුමිය ඇත්ත පිළිගන්න කියමින් බලකරද්දී මට සිතෙන්නේ සිංහල දේශපාලඥයන්ගේ හෘදය සාක්ෂිය කොයිතරම් බරපතල ලෙස ප්‍රශ්ණ කරන්නට දෙමළ මිනිසුන්ට අයිතියක් තිබෙන්නේද යන්නයි.

සිංහල දේශපාලන නායකත්වය යුද්ධය සහ දෙමළ මිනිසුන්ගේ අයිතීන් සම්බන්ධයෙන් කෙතරම් බොරු කියන්නේද? ඇත්ත කතාකරන්න යැයි කිව යුත්තේ කාටද? විජයකලාටද? ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි බොරු කියන මහින්ද, මෛත්‍රීපාල වැනි දේශපාලන නායකයන්ටද?

චන්දන ඉන්පසුව කියන්නට හදන බයිලාව නම් කොහෙත්ම පිලීගත නොහැකිය. යුද්ධයේ මානසික බලපෑම නිසා උතුරේ ස්ත්‍රීදූෂණ සිදුවන බව පිළිගන්නේදැයි ඔහු අසයි. යුද්ධයපැවති කාලයට වඩා යුද්ධයෙන් පසුව ස්ත්‍රී දූෂණ වැඩි විය. කහවත්තේ ස්ත්‍රී දූෂණ සිදුවුණද යුද්ධය තිබුණේ නැත. යුද්ධයේ බලපෑමක් ස්ත්‍රී දූෂණ වලට තිබුණද එයට වගකිවයුත්තේ කැරලිගැසූ දෙමළ මිනිසුන් නොවේ. ඒ මිනිසුන්ව කැරලි ගසන තත්වයට පත්කල අවස්ථාවාදීන්ය.


 

දේශපාලඥයන් ගැන කිව යුත්තේ හැමදාම කියන කතාවය. මේ දෙපැත්තේම දේශපාලඥයන්ගෙන් ගැලවුණු දාට අපට ජාතියක් ලෙස එක්සත් විය හැකි බවය.
ළමා සොල්දාදුවන් ගැන අසන්නට ලැබුණු තවත් මෙතැන කතාවක් ලියා තබමි. ඒ පසුගිය සෙනසුරාදා ඇසුණු දෙයකි. ඉදිරියේ තවත් පැහැදිලිව මේ ගැන කියන්නට හැකිවනු ඇත.
 

'සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා..'

15 comments:

  1. දකුණෙ දේසපාලකයින්ට තියෙන දහ ජරා න්‍යාය පත්‍රයමයි උතුරෙ දේසපාලකයින්ට තියෙන්නෙත්

    ReplyDelete
  2. ජේවීපී එක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා දකුණේ භීෂණය පැතුරූ කාලයේත් දුෂණ අඩුවුණා නේද? තංඩු කෑලිවලින් කළ කැලෑ ආණ්ඩුවට ඇති බය නිසා?

    ReplyDelete
  3. එම අපරාදයේ පලමු සැකකරු වන කොලඹ විශ්ව විද්යාලයේ නීති පීටාදිපති තමිල්මාරන් ගේ ඤාති සොහොයුරු සුවිස් තට්ටයාව ගමේ මිනිසුන් විසින් පොලිසියට බාර දුන් කල ඔහු ව බලපෑම් කොට නිදහස් කර ගෙන කොලඹ් යවුවේ ඔය මහේස්වරන් නෝනා ය.

    ගනුදෙනුව මිලියන් දහයක් බව ද පැවසේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්න පුළුවන්.. විජයකලා වෙනුවෙන් මම පෙනී ඉන්නෙ නැහැ

      Delete
  4. \\ එහෙත් එල්ටීටීඊය යනු යම්කිසි විමුක්තිකාමී අරමුණක් වෙනුවෙන් කැරලි ගැසූ සංවිධානයකි.///
    වැරදියි...!

    \\\\ කහවත්තේ ස්ත්‍රී දූෂණ සිදුවුණද යුද්ධය තිබුණේ නැත.////

    හෑ..!!

    ReplyDelete
    Replies
    1. යුද්ධය නිසා ස්ත්‍රී දූෂණ සිදුවෙනවා වගේ කතාවක් කියැවුණු නිසා ඒක කිව්වේ...

      Delete
  5. /* සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා */

    මේ ගැන වාර්තා චිත්‍රපටයක් එනවා නේද? මං දැක්කා සම්මන්ත්‍රණයක කළ කතාවක් ෆේස්බුක් එකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. විෂ්ණු වාසුගේ චිත්‍රපටියක්... ඔහු සමඟ කතා කරලා වැඩි විස්තර ඉදිරියේදී ලියන්නම්.

      Delete
    2. /* සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා */

      ඇත්ත. මා දන්න කීප දෙනෙක් ම සිටියා. මෙන්න ඉන් කීප දෙනෙක්!
      1.ළමාවන්ස
      2.ළමාහේවා
      3.ළමාබදුසූරිය

      Delete
  6. සටහන විජයකලා වෙනුවෙන් ලියූවක් නෙවෙයි. ඇය ගැනත් මට තියෙන්නේ අපුලක්

    ReplyDelete
  7. umbala mara sinhalayo ban... mewa gana katha karanna be ethin apith gonkam kalane chandedi.

    ReplyDelete
  8. ඔය සිරසේ දේශපාලන වැඩසටහන් බලන්නේ නැහැ.ඒ දේශපාලනය අජීර්ණ නිසා නොවෙයි.සිරසේ න්‍යය මට අප්සට් නිසා.හැබැයි මේ විජයකලාගේ කතාව මම දැක්කා වෙනත් සමාජ ජාල වලින්.ඔබ කියනවා සේ මේතන දෙපැත්තක් තියෙනවා.දෙපැත්ත දිහා හරියට බලන එක පරිස්සමින් කරන්න ඕනේ.

    ReplyDelete
  9. සිරස දේශපාලනයට බැස්සේ අද ඊයේ නෙවෙයි. තම 'මාධ්‍ය ව්‍යාපාරය' බාධාවකින් තොරව කරගෙනයාම සඳහා අඩු වැඩි වශයෙන් දේශපාලන ජනප්‍රියත්වයක් තබාගතයුතු බව සිරස ලොක්කන්ට වැටහුනේ රාජ්‍ය මාධ්‍ය, ආණ්ඩුවට කඩේ යන නිසයි. (අදත් බොහෝවිට එහෙමයි. නමුත් සුළු වශයෙන් විපක්ෂ මත වලට ඉඩක් දෙනවා) සිරසට මුලින්ම රිදෙන්න ගැහුවේ රනිල්. (රනිල් ට ආවැඩීමක් නොවේ) කිලී මහාරාජා යූඇන්පියේ ඡන්ද අපේක්ෂක ලැයිස්තු වලට බලපෑම් කරන්නට 2011 දී උත්සාහ ගත් අවස්ථාවේ දී, රනිල් කිලීගේ දේශපාලන රෙද්ද කඩා, රටටම ඒ නිරුවත පෙන්නුවා. අදටත් කිලී ඉන්නේ හෙළුවෙන්. ඒ නිසයි කිලීගේ ගෝලයන් පාර්ලිමේන්තුවට යැවීමේ සූක්ෂ්ම සැළැස්මක් ක්‍රියාත්මක වෙන්නේ. සිරස මාධ්‍ය අල්ලසක් ගත් කතාව ඇත්ත බවට තොරතුරු තිබෙනවා.

    LTTE එකේ ඔය කියන විනයක් තිබුනේ නැහැ. තමන්ගේ ගෝලයන්ට කසාද බැඳීම තහනම් කල ප්‍රභාකරන්, තමන් කසාදයක් බැඳගත්තා. සැපට හිටියා දීර්ඝ කාලයක්. (පොලොව යට හැංගෙන්න සිදුවන තුරු) LTTE ප්‍රාදේශීය නායකයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තරුණියන්ව 'පාවිච්චි කළා'. තුන්වැනි ඊලාම් යුද්ධය ආරම්භයේදී, ත්‍රිකුණාමලයේ නාවික කඳවුරට, මුහුදේ කිමිදී පැමිණ ප්‍රහාරයක් එල්ල කල LTTE කාඩර් වරියගේ කමිස සාක්කුවේ තිබුණු ලිපියකින් තමන් සිටි කඳවුරේ LTTE නායකයා විසින් ඇයව දූෂණය කල හැටි විස්තර කර තිබුණා. ඔවුන්කේ කඳවුරු/බංකර වල තිබී, උපත් පාලන උපකරණ අපේ හමුදාවට හමුවුණා.

    අපේ හමුදා පිරිස් අතරත් සමලිංගික/විරුද්ධ ලිංගික ක්‍රියා සිදුවුණා. වෙඩි තියාගෙන මිනී මරාගත්තා, ඒ සම්බන්ධ සමහර සිදුවීම් වලදී. විහිලු කතා පවා හදලා තිබුණා සත්‍ය සිදුවීම් පදනම් කරගෙන. එක්තරා කඳවුරකදී මහ දවාලේ ලිංගිකව හැසිරුණු සෙබළකු සහ සෙබළියක මම මගේ අතටම අල්ලාගත්තා. (ඔවුන්ව හමුදාවෙන් අස්කරනු ලැබුවා. නමුත් එහෙම වුනේ ඇයි කියන එක කවුරුවත් හෙව්වේ නැහැ. හමුදා නීතියේ එහෙම කියලා නැහැ) තමන්ට වේදනාව දෙමින්, බලහත්කාරයෙන් ගුද ලිංගික සංසර්ගයේ යෙදුනු සැරයන් වරයකුගේ, මුළු සිරුරම හිල්වී මියයන තුරු, වෙඩි වැලක් තැබුවා සොල්දාදුවකු විසින්.

    අද සිටින දේශපාලකයන් (සෑම පක්ෂයකටම අයත්) අතරින් කිසියම් පැහැදිලි දර්ශනයක්, වැඩපිළිවෙලක්, ඉදිරිපත් කරමින් මහජනතාව බුද්ධිමය සංවාදයකට යොමුකරවන්නේ කවුද කියන එක මටත් ගැටළුවක්. නමුත් පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ සර්වජන ඡන්ද බලයේ වටිනාකම අපේ මිනිස්සු සෑහෙන්න අවබෝධ කරගෙන තිබෙන බව පෙනෙනවා. මේ නිසා ඉදිරි මැතිවරණ වලදී ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකරනු ඇතැයි සිතෙනවා.

    අභ්‍යන්තරව කැරලි මෙන්ම අන්තර්ජාතික යුද්ධ වලදීත්, යුද සිරකරුවන් ඇතිවීම අනිවාර්ය සාධකයක්. නමුත් අනවශ්‍ය ලෙස ඔවුන් දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම, මානව හිමිකම් උල්ලංඝනයක්.

    ReplyDelete
    Replies
    1. විචාරකගේ සටහනට ස්තූතියි. එල්ටීටීඊය තුල විනයක් නොතිබුණු බව පිළිගන්නම්. ඇත්ත. විජේවීරත් ඔය වගේනේ... සාමාජිකයන්ට තහනම් කළ දේවල් ඔහු කළා. මම විජයකලා කිව්ව කතා පිළිගන්නේ නැහැ. එල්ටීටීඊ සමයේ ස්ත්‍රී දූෂන කිසිවක් නොවූ බව කියන්නේත් නැහැ.
      මට කියන්නට අවශ්‍ය වුණු ප්‍රධාන කාරණය උතුරේ දේශපාලඥයන්ව සිංහලයන් විසින් ප්‍රශ්ණ කරනවාට වඩා බරපතල ලෙස සිංහල දේශපාලඥයන්ව ප්‍රශ්ණ කරන්න අයිතියක් දෙමළ මිනිසුන්ට තයෙන බවයි.

      Delete
  10. දෙමල දේශපාලකයින් කියලා වෙනසක් මමනම් දකින්නෙ නැහැ. උන් කරන්නෙත් දුප්පත් මිනිස්සු රැවැටීම. මම සෑම ජාතියකටම සම අයිතිවාසිකම් දිය යුතුයි කියන මතයේ ඉන්නේ. ඒත් දෙමල මිනිස්සු විදින දුක මේ දෙමල දේශපාලකයින්ට වැඩක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ඒ මතින් නැගිටලා වැජබෙන්න විතරයි

    ReplyDelete