Thursday, August 27, 2015

සංගා ක්‍රීඩකයෙක් මහේල නායකයෙක්....

කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පහුගිය කාලයේ කතාබහේ ප්‍රධාන මාතෘකාව විය. ආණ්ඩුවේ ඇමති ධූර පොරයටත් වඩා මාධ්‍ය වල අවධානය දිනාගන්නට මේ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා සමත් විය. ඉතින් ජාතික ආණ්ඩු බයිලාවන් ගැන කතා කිරීම කාලයට බාර දී ලැබුණු විවේකයේදී මේ සංගා සිද්ධිය  ගැන යමක් ලියන්නට සිත්විය.

මම ක්‍රීඩාවට ප්‍රිය කරමි. ක්‍රිකට්, පාපන්දු සිට රෙස්ලින් දක්වා ක්‍රීඩාශීලීත්වය රසවිඳින්නට කැමැත්තෙමි. හැබැයි මතකතබාගත යුත්තකි. ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩාව රසවිඳීම පැහැදිලිවම දෙකකි. මම ක්‍රීඩා කරන්නට වැඩියෙන් ප්‍රිය කරන්නෙමි. (ඒ ගැන වෙනම ලියන්න ඕන. මම ලෝකෙ වඩාත්ම ප්‍රිය කරන්නේ තැන අංක අට ජර්සි එක ඇඳගෙන පාපන්දු ක්‍රීඩාංගනයක් මැද ඉන්න එක.) ක්‍රීඩාව රසවිඳීමත් මරු ය. දැන් කාලයේ ක්‍රීඩාව යනු වීරයන් සහ දුෂ්ඨයන් අවැසි ටීවී ෂෝ එකකි. ලංකාවත් සෙල්ලම් කරන නිසා ක්‍රිකට් මා වැඩියෙන්ම නරඹන ක්‍රීඩාවයි. (ඒත් මං කැමතිම පාකිස්ථාන් ක්‍රිකට් ටීම් එකට. පකිස්ථාන්ක්‍රීඩකයන්ගේ ඇසිවල පවා මාර විදියට ක්‍රීඩාශීලීත්වය තියෙනවා. රට ඇතුලෙත් පිටත් අභියෝග ගොඩක් මැද්දේ ඕනෑම ටීම් එකක් දණගස්සන්න පකිස්ථාන් කොල්ලන්ට පුලුවන්. ගොඩක් අය පකිස්ථානයට අකමැති වීමත් මං කැමති වෙන්න හේතුවක්.)


සංගා වෙතට ආ යුතුය.
2007 ලෝක කුසලානය කාලයේදී ලංකාවේ ක්‍රිකට් රසිකයනගේ ප්‍රියතම තෝරාගැනීම් වූයේ  සනත්, මුරලි, මහේල සහ වාස් ය. ඒ කාලයේ මගේ කැමතිම ක්‍රීඩකයා සංගාය. ක්‍රීඩාවක් නරඹද්දී කැමතිම කණ්ඩායමක්  සහ කැමතිම ක්‍රීඩකයන් සිටිය යුතුය. කල් යද්දී සංගාට සියල්ලන් කැමතිවිය. ඒ වන විට අංක තුන සෙල්ලම් කරමින් සාර්ථකත්වයේ සිටි මහේල තාවකාලිකව අසාර්ථක වීම නිසා අංක තුන සංගාට හිමි වීමත් එතැන ක්‍රීඩා කරන දක්ෂයෙක්ට ලකුණු ලබාගැනීම පහසු වීමත් නිසා සංගා මහේලට වඩා වේගයෙන් ඉදිරියට පැමිණීමත්  නිසා සියල්ලන් සංගා ප්‍රිය කරන්නට පටන් ගත්හ. ඉන්පසුව මා කැමතිම ලාංකික ක්‍රීඩකයා වූයේ මහේල ය. එයට හේතු තිබුණි.

සංගා අසාර්ථක වෙමින් මහේල සාර්ථක වූ අවස්ථාවල පවා සංගාගෙන් මහේලට අංක තුන හිමි නොවීය. මහේල අභියෝගයන්ට මුහුණ දෙමින් කණ්ඩායමේ දුර්වල තැන් පුරවමින් විටෙක ආරම්භක පිතිකරු ලෙසත් විටෙක පස්වන පිතිකරු ලෙසත්  ලැයිස්තුවේතැන් තැන්වල ගමන් කළේය.  සංගාට පුහුණුවීම්වලදීත් සැලසුම් කිරීමේදීත්  අවධානය යොමු කරන්නට තිබුණු දේවල් පැහැදිලි විය. මහේලට විටෙක වේගයෙන් පහර දෙන්නටත් විටෙක කඩුල්ල ආරක්ෂා කරන්නටත් සිදුවිය. ඔහු පිටියේ පහර දෙන හැම අවස්ථාවකම මම දුටුවේ ඒ පීඩනය සමඟින් ඔහු ක්‍රීඩා කළ අපූරු රටාවයි. ඒ උත්සාහයන් අසාර්ථය වූ පසු පීඩනයෙන් එළියට යන ආකාරයත් පීඩනය මැද්දේ ශතකයක් අර්ධ ශතකයක් රැස් කළ පසු එය සමරන අපූරුවත් මහේලගෙන් මම වඩා රසවින්දෙමි.


නායකයෙක් ලෙස මහේලගේ බලපෑමද සුවිශේෂී ය. ඩිල්ෂාන් අසාර්ථක වී කණ්ඩායම වඩාත්ම අවදානමක තිබුනු මොහොතක කණ්ඩායම බාරගෙන තමන්ගේ සුවිශේෂීත්වය පෙන්වන්නට මහේල සමත් විය. ඒ අත්දැකීම් සමඟ මහේලට වඩාත් ලකුණු රැස් කරන්නට ඉඩ තිබුනු කාලයයි.

මහේල හා සංගා අතරින් ක්‍රීඩකයෙක් ලෙස සංගා ඉදිරියෙන් සිටින බව පිළිගන්නට මා සූදානම් නැත. ක්‍රිකට්  වලට විස්සයි විස්සේ බලපෑම එද්දදී ඒ රටාවත් අපූරුවට අල්ලාගත්තේ මහේල ය. (ඒකෙන් මහේලගේ බැටින් ටෙක්නික් වල කොලිටි එක බැස්සා.) මේ දෙදෙනාම එකවැනි වර්ණවත්භාවයක් පෙන්වූ දක්ෂයන් ලෙසත් ලකුණු ලැයිස්තු අතින් සංගා ඉදිරියෙන් සිටින බවත් අංක තුන ස්ථානයේ දිගටම ක්‍රීඩා කළ සංගාට එතැනට එන්න පහසු වූ මගේ අදහසයි. (ඇත්තටම මං පෞද්ගලිකව හිතනවා සංගා ටිකක් වැඩියෙන් තමන් ගැන හිතද්දී මහේල ටිකක් වැඩියෙන් ටීම් එක ගැන හිතුවා කියල.)

මහේල සහ සංගා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ණවත්ම සුසංයෝගය බවත් සංගා හෙණම ජෙන්ට්ල්මන් බවත් අරවා මෙව්වා ගොඩක් අය ලියා ඇත. මෙහෙම කෑල්ලක් මම එකතු කරමි. සංගා ඉංග්‍රීසි කතා කරන ආකාරයත් කතාබහ කරන මාතෘකාත් එක්ක මහත්මා ගතියක් සහ බරක් පෙන්වමින් හැමතැනම කැපී පෙණුනද එසේ කැපී නොපෙනෙන මහේලව පුද්ගලයෙක් ලෙසද මා වඩාත් ප්‍රිය කරන බවයි. නවක ක්‍රීඩකයන්ගේ මිතුරා මහේල ය. අකිල ධනංජයලා ක්‍රීඩාවට ආවේම මහේලගේ බැල්මෙන් ය.




සංගා අතිදක්ෂයෙකි. ඔහුගේ  දක්ෂතාවය වනන්නට ඕනෑතරම් අය සිටින නිසා ටිකක් මහේල ගැන ලියන්නට සිත්විය. සංගා ගැන සිංදු පවා ගැයුණු පසුබිමක මහේලවත් ක්‍රීඩා ඉතිහාසයේ සංගාට සමාන තැනකින් තැබිය යුතු බව සිතමි.

7 comments:

  1. හොද ලිපියක්. අවිවාදයෙන් පිලිගන්නවා මහේල ලෝකෙ හොදම නායකයන් 3 අතරේ ඉන්නවා. ඒත් එයාගෙ ක්‍රීඩා දිවියම එයා විනාස කරගත්තේ 2010 / 11 විතර එයා ගහපු රිවර්ස් ස්වීප් එකෙන්. පොඩි සමීක්ෂණයක් කරන්න එයා ඒක පටන් ගත්තාට පස්සේ දැවී ගිය වාර ගණන හා ඒකට රිවර්ස් ස්වීප් එකේ දායකත්වය. 75% වැඩියි මගේ මතකයේ හැටියට.

    ReplyDelete
    Replies
    1. විස්සයි විස්ස සමඟ අනුගත වෙන්න උත්සාහ කිරීම නිසා මහේලට ගැටලුවක් වුණා තමයි. ඒත් ප්‍රධාන ප්‍රශ්ණය වුණෙ මහේලට තිබුණු පීඩනය... ඔහු ඒක අතිවිශිෂ්ඨ ලෙස කළමණාකරණය කරගත්තා

      Delete
  2. අනිවාර්‍යෙන්ම මහේලගේ නායකත්වය විශිෂ්ඨයි.. මයියා කැප්ටන්සි නොකරන කාලේ පවා ටීම් එකට අවශ්‍ය ඕනම වෙලාවක උපදෙස් දීලා ගොඩ ගන්න පසුබට උනේ නෑ.. ලගම උදාහරනේ මාලිංග දිනාගෙන ආව ලෝක කුසලානේ.. ඒක පිටිපස්සේ හිටියේ කවුද කියන එක අපි හැමෝම හොදටම දන්නවා..

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම ."මහේලවත් ක්‍රීඩා ඉතිහාසයේ සංගාට සමාන තැනකින් තැබිය යුතු බව සිතමි"
    100% ...agree with you.

    ReplyDelete
  4. mahela thamai mage mathaye hatiyata lokaye bihi una wishishtathama nayakaya.mn mahelawa onawata wada warnana karanawa nemei mahelata hamba una team ekath ekka loka kusalana awasana maha tharangeta enna tharam dakshathawak mahelata thibuna .pontin gaththoth eyata hamba une athdakeem bahula supiri team ekak e athin mahela pitiya thula kala wiplawaya adwitheeyai.mahela pitiya thula adeenai ohuge aathmawishwasaya itha ihalai .eka nisa mage nigamanaya kredawata una sapala daayakathwaya athin mahela sangakkarata wada idiriyen kiyana eka.

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස ඒ වගේ එකක්

      Delete
    2. he he thanks for the reply brother

      Delete