Thursday, October 29, 2015

තව ගහපිය, ඔය මදි

මට මහාමාර්ගෙයි ශිෂ්‍යයොයි අදුරගන්න බැරි උනා. මම උන්ව යැවුවෙ පාර තලන වැඩකට. ඒ උනාට මුන් තලලා තියෙන්නෙ ස්ටූඩන්ලා වගයකට. මේ මිනිස්ටි‍්‍ර දෙකක් එකට දාලා මමත් අන්දොස් වෙලා ඉන්නෙ. තලන්නෙ මොකක්ද පුදන්නෙ මොකක්ද කියලා මටම හොයාගන්න බැහැ. මම හිතන්නෙ එහෙනම් උපාධි ආරවුල විසදන්න යවපු ප්‍රෙෆෙසර්ලා ටික කොහේ හරි පාරකට ඩිග‍්‍රි එක දීලා එන්න ඇති.
හොද වෙලාවට මේ මිනිස්ටි‍්‍ර ගොඩ අස්සට බුද්ධ සාසන අමාත්‍යාංශය නොදැම්මෙ. නැත්තං මුන් පන්සල් වලට පැනලා මහ නායකලාට දෙයි DNA ටෙස්ට් කරනකංම.
- ලක්ෂ්මන් කිරිඇල්ල -
විශ්වවිද්‍යාල හා මහා මාර්ග අමාත්‍ය



මේ නිරෝෂ් මෛත්‍රී ෆේස්බුක්හි ලියා තිබුණු සටහනකි. (බුද්ධිමය දේපල කැත විදියට හොරකං කළාට සමාවෙයං)  විශ්ව විද්‍යාල හා මහාමාර්ග ඇමතියාත් රෙද්දේ ජනාධිපතියාත් දැන හෝ නොදැන පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ට මහාමාර්ගයේදී නෙළා තිබුණි. මෙයට විරුද්ධ වන්නෙමු. එයට විරුද්ධ වෙමින් බොහෝ දේ ලියැවෙමින් කියැවෙමින් තිබේ.

මා කියන්නට යන්නේ රඟදැක්වීමට ඉඩ තිබෙන යහපාලන නාටකයක් පිළිබඳවයි.. එය මහින්දද සාර්ථකව රඟදැක්වූ දන්නෑ නාටකයයි. තරඟයේ වීරයා නාට්‍යයි.

විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් අවසන් වරට එය අපි දැක්ක සමසෞඛ්‍ය සටනේදී ය. සිසුන්ගේ සටනෙහි පීඩනය දරාගත නොහැකි තැන මහින්ද මෙතෙක් කල් කිසවක් නොදැන සිට එක්වරම ප්‍රශ්ණයට මැදිහත් වී විසඳුමක් දෙන ආකාරයේ රංගනයකින් සටන අවසාන විය.

දැන් මෛත්‍රීලාද ඔයවගේ රංගනයක් කරනු ඇත. ළමයින්ට ගහපු හැටි වැරදියි වගේ ලයින් එකෙන් මෛත්‍රීත් කතා කොට පොලීසියට බැණුම හැරවිය හැකිය. (දැනටමත් ෆේස්බුක් එකේ පොලිසියට තමයි පරයෝ කියලා බණින්නේ. ඒ කාලේ නං මහින්දට. පොලීසියෙ වැඩියෙන් ඉන්නෙත් කැම්පස් ළමයින්ගේ වයසෙම වගේ කැම්පස් යන්න වරම් නොලැබුණ කොල්ල. උණුත් පව්.)

මේ වසරකට පෙර ය.
එච්එන්ඩීඒ සිසුන්ගේ ඉල්ලීම් ඊයේ පෙරේදා ඒවා හෝ අසාධාරණ ඒවා නොවේ. පසුගිය දෙසැම්බර් 12 වෙනිදා මේ ආකාරයටම කොටුවෙන් ආරම්භ වී යූජීසිය ළඟට සිසුන් ආවේ මේ ඉල්ලීමම කරන්නට ය. මේ ආකාරයටම පොලීසිය පහර දුන්හ. එය මෛත්‍රී බලයට එන්නට පාවිච්චි කළ බව අපි දනිමු.. දැන් උගේ පොලීසියත් ලැජ්ජා නැතිව සිසුන්ට පහර දෙයි. ඌ සිසුන් මහින්ද පොලීසියෙන් ගුටි කන වීඩියෝ පාවිච්චි කළාට සිසුන් කළ ඉල්ලීම ගැන සොයා බැලුවේ නැත. උගේ ආණ්ඩුවටද එවන් වුවමනාවක් නොවී ය.

සර්පයා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකින් සිහිපත් කළ දෙයක් අවසානයට  සුදුසුය. ඒ ඩොක්ටර් ශිවාගෝහි එන්නකි. රුසියාවේ විප්ලවය ජයග්‍රහණය කළ පණිවිඩය ඈත ගමකට රතු පණිවිඩකරුවෙකු විසින් ගෙන යයි.



පාලකයා එළවූ අපි සොයන්නේ අළුත් පාලකයෙක් නොවේ..... 

 ශාලික ඉරුදින පිටු අටේදී මතක් කර තිබුණු තිබුණු කතාවක් ද කිව යුතු ය.

" ඔහු නරියෙකු ලෙස පැමිණෙනු ඇත. සිංහයෙකු ලෙස පාලනය කරනු ඇත. බල්ලෙකු ලෙස මිය යනු ඇත "
- පාන් සහ වයින් 

මහින්ද බල්ලා අවධියට පැමිණ සිටී. මෛත්‍රී නරියා අවධියෙන් සිංහයා අවධියට සංක්‍රාන්ති වෙමින් සිටී.

දැන් සැබෑ පණිවුඩය කිව යුතු ය. එක්වෙමු! වෙනස් කරමු!





ඔය පෙරටුගාමී ප්‍රොජක්ට් එකක්. ළමයිනුත් යන්නේ ගුටි කන්නමයි හැප්පෙන්නම තමයි කියන කතාව පරණයි. ඒක මහින්ද විරෝධියෝ කියනවනං කුහකයි. ළමයින්ගේ ඉල්ලීම අතිශය සාධාරණයි. ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් විතර.. ප්‍රශ්නේ විසඳලා තිබුණානං අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ඔය කියන පොලිටිකල් ප්‍රොෙජක්ට් කරන්න ලැබෙන්නෙ නෑ.


6 comments:

  1. අපිට මොකෝ මොකා ගුටි කෑවත්. අපි දැන් යන්නේ ලංකාවේ හදන ෆොක්ස් වැගන් එකේ බදු නැතුව ගහන පෙට්‍රල් ගහගෙන. ආයි ත් ලේ බොන රාජපක්ෂ ඩ්‍රකියුලා යුගයට යන්න අපිට ඕන නැහැ !

    ReplyDelete
  2. ඩොක්ට ෂිවාගෝ උපුටනය මේක නේද?

    පණිවිඩකරු- සීයේ අපි නිකලස් සාර් රජුව බලයෙන් පහ කළා

    සීයා - කවුද පුතේ අලුත් සාර්?

    ReplyDelete
  3. ඔබ අන්තිමට කියපු එකට මට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. එකට මම බ්ලොග් ලිපියක් ලියන්න හිතන් ඉන්න නිසා මේ කොමෙන්ට් එක මෙතනට සීමා කරනවා.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1349-2015-10-30-16-55-05

    ReplyDelete
  4. කතාව පරණ වුනත් ඇත්ත.
    උඹ කොහොම කිව්වත් මේක ප්‍රොජෙක්ට් එකක්.,

    ReplyDelete
  5. මුණු මාරු කරලා වැඩක් නැහැ ක්‍රමයේ වෙනසක් නැතුව.

    ReplyDelete