මම රෙස්ලින් බලන්නෙ ඇයි?



‘ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.‘ අපි ඉස්කෝලෙ යන කාලෙ ඔන්න ඔහොම සිංදුවක් ජනප්‍රිය වුණා. ඒ ලංකාවේ වැඩියෙන්ම රෙස්ලින් ජනප්‍රිය වුණ කාලයක්. හැබැයි ඔය ලෝකයෙ ගත්තම රෙස්ලින්වල ජනප්‍රියත්වය බහිමින් තිබුණු කාලයක්. මං මේ කියන්නේ ඔලිම්පික් යන රෙස්ලින් ගැන නෙවෙයි, ප්‍රොෆෙෂනල් රෙස්ලින් හෙවත් ප්‍රෝ රෙස්ලින් ගැනයි. බොහෝ විට ඇමෙරිකාව, මෙක්සිකෝව, ජපානය සහ මේ වෙද්දී ඉන්දියාව ඉලක්ක කරගත්ත විනෝදාස්වාදය වෙනුවෙන් කලින් සැලසුම් කළ මල්ලවපොර තමයි රෙස්ලින් කියන්නේ. 
 
ඩබ්.ඩබ්.ඊ. කම්පැණියෙ ඉන්න දක්ෂ රෙස්ලර්ස්ල තුන්දෙනෙක්



මම කැමතිම රෙස්ලින් තරුව ඩීන් ඇම්බ්‍රෝස්


ලෝකෙ ජනප්‍රියම රෙස්ලින් ආයතන කිහිපයක් තියෙනවා. රෙස්ලින්වල මැමත් ආයතනය තමයි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඊ. කියන්නේ. ප්‍රමාණයෙන් ඒ මැමත්නම් අනෙක් ආයතන කුළු හරක් සහ ඉන් පහළට. ටීඑන්ඒ, ආර්.ඕ.එච්. , ඩබ්ලිව්. සී. පී. ඩබ්ලිව්, එන්ජේපීඑබ්ලිව්, ඒ.ඒ.ඒ. වගේ  ආයතන ගොඩක් තියෙනවා. ඊට අමතරව පොඩි ශාලාවල සංවිධානය කරන රෙස්ලින් ෂෝ තියෙනවා. 

හොඳ රෙස්ලින් මැච් එකක් බලලා ආතල් එකක් ගන්න අතරෙ එකපාරම කෙනෙක් ඇවිත් කියනව ‘ඕක බොරුවක්‘ කියලා. ඉතින් මොනව කියන්නද. යකෝ මම දන්නව මේක බොරු කියල. මට දැන් වයස විසිපහක් විතර ඇති. මොළේ හොඳට වැඩ. මම දන්නව රෙස්ලින් ඇත්තම ක්‍රීඩාවක් නෙවෙයි කියල. ෆිල්ම් එකක් අපි බලන්නෙ ඇත්ත කියල විශ්වාස කරගෙනද. ඉතිං මේක බොරු. අයි ඩෝන්ට් ගිව් අ ෂි*. මම මේක බලන්නෙ විනෝදෙට. මම බලලා විනෝද වෙනවා. එච්චරයි. ජස්ට් එන්ටර්ටේන්ට්මන්ට්. රෙස්ලින් බලන්න පළවැනිම හේතුව තමයි විනෝදය. 

                                      (එන්ට්‍රන්ස් එකක් කියන්නෙත් විනෝදයක්.)

රෙස්ලර් කෙනෙක්ට ඇත්තටම ගහගන්න බෑ කියන එකත් ඇත්ත. ඉතිං මට මොකෝ. එයාලා කරන්න ඕන ඇත්තට ගහගන්න නෙවෙයි. හොඳ ගහගැනිල්ලක් රඟපාන එක. අනික බ්‍රොක් ලෙස්නර් වගේ රෙස්ලර් කෙනෙක් සැබෑ ෆයිටින් වලට ගිහිල්ලත් සාර්ථකව සැබෑ ෆයිටර් කෙනෙක් වෙලා පෙන්වලා තියෙනවා. 

රෙස්ලින් බොරු කිව්වාට බොරුවක්මත් නෙවෙයි. උදාහරණයක් විදියට කෙනෙක් උඩක ඉඳන් මේසයක් උඩට පනිද්දී සිනමාවේ වගේ කේබල් දාන්නේ නෑ. ඇත්තටම රෙස්ලින් ක්‍රීඩකයා උඩ ඉඳන් මේසයට පනිනවා. පුටුවකින් ගහද්දී ඇත්තටම ගහනවා. ඇත්තටම රිදෙනවා. 

තරඟය සිද්ධවෙන විදිය, අවසන් වෙන විදිය සහ ජයග්‍රාහකයා කලින් සැලසුම් කළත් ඒ සැලසුමට අනුව සිදුනොවෙන අවස්ථා බොහොමයි. හැබැයි ඇත්තටම ගහනවානම්, ඇත්තටම රිදෙනවානම් (පෙන්වන තරම් රිදෙන්නෙ නැතිවුණත්) තරඟයේ අවසානය හැර හැමදෙයක්ම ඇත්ත. ඉතින් මට රෙස්ලින් ඇත්ත. මගේ ඉස්සරහා ඇඟ උඩින් බර වාහන යන එක දරාගත්ත මිනිස්සු ඉන්නවානම්, වීදුරු ගිලින මිනිස්සු ඉන්නවානම් රෙස්ලින් ගහගන්න මිනිස්සු ඉන්නවා කියන එක මම අවිශ්වාස කරන්නෙ නෑ. 


රෙස්ලින් තරඟයක් සංවිධානය වෙන්නෙ යම් ස්ටෝරිලයින් එකක් එන්න. සමහර ස්ටෝරිලයින් ප්‍රබලයි. සමහර ඒවා දුර්වලයි. උදාහරණයක් විදියට ගත්තාම ජෝන් සීනා සහ රැන්ඩි ඕර්ටන් අතර හැම තරඟයක්ම පසුපස්සේ දෙන්නා එකට රෙස්ලින් වලට ආ හැටි, එකම කාලය තුළ කම්පැණි එකේ රැඳී ඉන්න එකම වයසේ දෙන්නෙක් වෙන හැටි. වඩා හොඳ තමන් බව පෙන්වන්න දෙන්නා අතර තියෙන අරගලය තමයි ස්ටෝරිලයින් එක. ඇතැම්විට ඒ තරඟය පිටිපස්සේ චැම්පියන්ෂිප් බෙල්ට් එකක් තියෙන්න පුලුවන්.
විවිධ පසුබිම් කතා රෙස්ලින් පසුපස තියෙනවා. අන්ඩර්ටේකර්ගේ ඉතිහාස කතාව වගේ අමුතු කතා තියෙනවා. විවිධ ගිමික් තියෙනවා. ඒවා ඉතාම රසවත්. රෙස්ලින් රොස්ටර් එකක් කියන්නෙ පොඩි ගමක් වගේ. ගමේ ඉන්න පුද්ගලයන් එකිනෙකා අතර ඇතිවෙන ගැටුම් බලනවා වගේ හැඟීමක් එනවා. සමහරු ගම අත්හැරලා යනවා. සමහරු  අලුතින් ගමට එනවා. ටෙලිනාට්‍යයක් බලනවා වගේ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලනවා වගේ. මේ ආදරයයි වගේ. 

රෙස්ලින් තරඟයක් ඕගනයිස් කරන්නෙ අපට ඒ විනෝදය ලැබෙන බවට සහතිකයක් එක්ක. ඉතින් වෙන ක්‍රීඩාවක වගේ අපට දුක්වෙන්න වෙන්නෙ නෑ. කතාව ලියන්නෙම විනෝදය දෙන්නමයි.

ටෙලිනාට්‍ය ගැන කිව්වනේ. ටෙලිනාට්‍යත් දැන් මිස් වුණාට අවුලක් නෑ තමයි. හැබැයි රෙස්ලින් ගත්තාම මිස්වුණාට අවුලක්ම නෑ. 

ඕනම කෙනෙක්ට සතිපතා බලාපොරොත්තු වෙන දෙයක් තියෙන්න ඕන. ඒක තමයි ජීවිතයක් අලුත් කරන්නෙ. ටීවි සීරීස්, ටෙලිඩ්‍රාමා, ස්පෝට් වගේ දෙයක්. ශිවන්‍යා වගේ එකක් වුණත් කමක් නෑ. තම තම නැණ පමණින් ජීවිතේ දුවවන්න, දුවනවා කියල දැනෙන්න යමක් ඕන. රෙස්ලින් තමයි මාව එහෙම දුවවන්නෙ. රෙස්ලින් කතාවක මඟින් කොතැන මිස්වුණත් මට පාඩුවක් දැනෙන්නෙ නෑ. ආයෙමත් සෙට් වෙලා බලන්න පුලුවන්. ශිවන්‍යා වගේ එකක් වුණත් එපිසෝඩ් එකක් දෙකක් මිස් වුණාට පාඩු නැති බව ඇත්ත. මට ඒ වගේ එකක් සෙට් වෙන්නේ නැති හින්දයි රෙස්ලින් වගේ එකක් තෝරගත්තෙ. ලබන සතියේ මොකක් වෙයිද කියන හැඟීමත් එක්ක කාලය ගතකිරීමේ ආතල් එකක් තියෙනවා. ඉතිං කෙනෙක් ශිවන්‍යා බැලුවාට මට ඇති අලයක් නෑ. මං බලන්නෙ රෙස්ලින්.

වෙන ඕනම ක්‍රීඩාවක් බලද්දී ලැබෙන විනෝදයත් රෙස්ලින් බලද්දී ලැබෙනවා. වේගය, ක්‍රීඩාශිලීත්වය, නමන්‍යශීලීත්වය. මේ ඔක්කෝම රෙස්ලින් වලටත් ඕන.

තව ගොඩක් හේතු තියෙනවා. කල්චර් එක තේරුම් ගන්න ලැබෙන අවස්ථාව. මිනිස්සුන්ව තේරුම් ගන්න රෙස්ලින් පාවිච්චි කරන්න පුලුවන්. වීරත්වය වගේම මහන්සියක ප්‍රථිපල දකින්නත් රෙස්ලින් බලන්න පුළුවන්.
හැම රෙස්ලර් කෙනෙක්ටම කැරැක්ටර් එකක් කලින් නිර්මාණය කරනවා. ඔහු ඒ චරිත ලක්ෂණ එක්ක විවිධ දේවල් කරනවා. විවිධ කැරැක්ටර් ගැන තේරුම් ගන්න රෙස්ලින් සාගරය ලොකු උදව්වක්. ඩබ්.ඩබ්.ඊ. කම්පැණිය විතරක් නෙවෙයි පොදුවෙ රෙස්ලින් බලනවානම් ඒක යහපත්.


                                          (මේකත් අනිව බලන්නකො.)

21 comments:

  1. මේ කරුණ මතුපිටින් පේනවට වඩා ගැඹුරු එකක්. ඇත්තටම ඇත්ත කියල කියන්නෙ මොකක්ද? එහෙම දෙයක් තියෙනවද? ඇත්ත කියල හිතාගෙන ඉන්නකම් ගොඩක් දේවල් ඇත්ත. වැඩිපුර හොයන්න ගියොත් ඒ ඇත්ත ඇත්තම නෙමෙයි. ඇත්ත වෙන එකක්. තවත් හොයල බැලුවොත් ඒ ඇත්තත් ඇත්ත නෙමෙයි. ඒ නිසා කරන දෙයින් එවෙලේ සතුටක් ලබන්න පුලුවන්නම්, එයින් වෙනත් කෙනෙකුගේ සතුටට හානියක් වෙන්නේ නැත්නම් ඒක එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඉන්කොමැට්ටා කියන කතාව ෆිලොසොෆිකලි හරි. නමුත් ෆිලොසොෆි වල එන වචන හරඹ වලින් කවුරු හරි රෙස්ලින් සහ එම්.එම්.ඒ වගේ දෙයක් සමාන කරන්න යනවා නම් ඒක මෝඩ ජෝක් එකක් විතරයි.

      Delete
  2. ඕනවට වඩා ප්‍රබුද්ධ වෙන්න ඕනෙත් නෑනෙ

    ReplyDelete
  3. ස්ක්‍රිප්ට් එකකට කරාට සජීවීව එහෙම ෆයිට් කරන එක පට්ට ටැලන්ට් එකක්.පොඩි වැරදීමක් මාරාන්තික වෙන්න පුළුවන් .

    ReplyDelete
  4. මේ වගේ හැම එකක්ම අනුකරණය වෙන එකේ මේක අනුකරණය කරගෙන මෙහෙ තාම රූපවාහිනි වැඩසටහනක් හැදුනෙ නැහැනෙ.

    ReplyDelete
  5. මාත් උඩුව ගෙන් ඉස්සර අහන්න ඉදපු ප්‍රශ්නයකට උත්තරයක්.අද තමා හරියටම තේරුනේ. ඒත් මම නම් බලන්න කැමති නෑ. ගෑණු අයගෙ රෙස්ලිනුත් තියනව නේද...

    ReplyDelete
  6. මොකක් හරි ප්‍රශ්ණයක් නිසා කමෙන්ට් වල රිප්ලයි කරන්න බෑ .
    බක්කරේගෙ කතාවට උදාහරණ ඕනතරම් තියෙනව.
    එජ් එහෙම අනතුරක් නිසා දරුණු ආබාධයකට මුහුණදුන් තරුවක්.
    ඩැනියෙල් බ්‍රයන් කියන්නෙ මෑතකාලෙ ජනප්‍රියම තරුව. තරඟයකදි ආබාධයකට ලක්වුණා.

    ReplyDelete
  7. ඉයන්
    ලංකාවෙ නම් ඕක කරන්න බෑ.
    පුලුවන්නම් කරල.
    සමහර විට ඉන්දියාව කරන්න ඉඩ තියෙනව.
    ඒකට සල්ලි විතරක් මදි. ටැලන්ට් ඕන

    ReplyDelete
  8. රෙස්ලින්වල කාන්තාවොත් ඉන්නව.
    අහන්න හිටියෙ ඇත්තද බොරුද කියල වෙන්නැති

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=HQ50Z-QCdZU

      Delete
    2. නෑ නෑ.......අහන්න හිටියේ “ඇයි උඩුවා රෙස්ලින් වල පින්තූරයක් ප්‍රොපයිලේට දාන් ඉන්නෙ “ කියලා...ඒකට උත්තරේ ඉතින් මෙකේම තියනව නේ.......

      Delete
  9. ඔහොම දැනගෙන බලන සෙට් එකක් ඉන්නව ...
    තව සෙට් එකක් ඉන්නව කොච්චර කිව්වත් වැඩක් නෑ උන්ට මේක ඇත්තම ඇත්ත ......

    උන්ට ඔලිම්පික් රෙස්ලිං පෙන්නුවම අහනව ... අපෝ ඔය මොනාද කියල ...
    එතකොට තමා යකා වැහෙන්නෙ ... :) :) :) :)

    ReplyDelete
  10. රිප්ලයි අවුල්වෙලා.
    ඇනෝපිලිස්.. ඒක ඇත්ත. එහෙම අය ඉතිම් කොච්චර කළත් ඉන්නව.

    ReplyDelete
  11. රෙස්ලින්ග් කියන්නෙ බොරුවක්. ඒ කියන්නේ කලින් සැලසුම් කල රඟපෑමක්. තරඟයේ ප්‍රතිපලය විතරක් නෙමේ කලින් සැලසුම් කල බොරුවක් වෙන්නේ. ඔය කරන පහර දීම් පවා බාගෙට බාගයක් බොරු. වේදනාවක්, අවධානමක් නැතිය කියලා කියනවා නෙමේ. දරා ගැනීමේ ශක්තියක් ඕන නෑ කියනවා නෙමේ. නමුත් පොයින්ට් එක තමා පෙන්නන දෙයින් සීයට දහයක් විස්සක් වත් ඇත්ත නොවන බව. (යූ ටියුබ් එකේ ඕන තරම් තියෙනවා රෙස්ලින්ග් වල කෙරෙන පහර දීම් ගැන ඇත්ත නැත්ත ගැන පෙන්වන වීඩියෝ. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් බලන්න පුළුවන්)

    මට නම් රෙස්ලින්ග් සෙට් වෙන්නෙම නෑ. මට රෙස්ලින්ග් තරු පේන්නේ ටැලන්ට්ලස් කාඩ් බෝඩ් වීරයෝ විදියට. උන්ව අඩුම ගානේ රඟපෑමක් කරන නළුවෝ විදියට හඳුන්වන්නත් බැහැ මට නම්. මොකද මුන්ට නළුවෝ කියනවා නම් රොබර්ට් ඩි නීරෝ වගේ අයව හඳුන්වන්න අලුත් වචනයක් හොයාගන්න වෙන නිසා.

    රෙස්ලින්ග් මට සෙට් නොවුනාට රෙස්ලින්ග් බලන එක රෙස්ලින්ග් තියන එක නම් මට අවුලක්ම නෑ. අපි හැමෝටම අපේ කුජීත වෙච්චි ජීවිත දිගටම ගෙනියගන්න ඔය වගේ බොරු පාට පාට ජිල් බෝල හේතු තියෙන්න ඕන. ගොන් ආතල් තියෙන්න ඕන. මම බලාපොරොත්තු වෙන ඒ ආතල් එක මට රෙස්ලින්ග් වලින් හම්බෙන්නේ නෑ. මම ඒක ගන්නේ ටීවී සීරීස් එකක් බලලා, ෆිල්ම් එකක් බලලා, සින්දුවක් අහලා.

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයතරම් අපහාස කරන්න ඕන නෑ රෙස්ලින් රසිකයෙක් වීම ගැන.
      රෙස්ලින් මූව්ස් කරලා පෙන්වන වීඩියෝස් ඕනෑ තරම් තියෙනවා තමයි. හැබැයි රෙස්ලින් කිරිල්ල කියන තරම් ලේසි නැති බව රෙස්ලින් ගැන දන්නා අය දන්නවා.
      ඕනම අල ගෝණියක් ගෙනල්ලා මාර රෙස්ලර් කෙනෙක් කරන්න බෑ. ඒකට ටැලන්ට් එක, කැපවීම, බුද්ධිමත් වීම ඕන.
      ඒකත් යූටියුබ් එකෙන්ම බලාගන්න පුළුවන්.

      ඕනම ස්පෝට් එකකින් ගන්න රසය රෙස්ලින් වලින් ගන්න පුළුවන්. ඒකේ දෙකක් නෑ.

      නළුවො තරම් පහලට දාන්න ඕනෙ නෑ. නළුවන්ට නැති දක්ෂතාවයක් රෙස්ලර් කෙනෙක් වෙන්න ඕන. රෙස්ලර් කෙනෙක් වෙන්න නැති දක්ෂතාවයක් නළුවෙක් වෙන්න ඕන.

      රෙස්ලින් බැලිල්ල ගොන් ආතල් එකක් කියලා මම හිතන්නෙ නෑ. සමහර ටීවී සීරීස්, ෆිල්ම් වලට වඩා ආතල් එකක් රෙස්ලින් වල තියෙන බව මම දන්නෙ ඒවත් මම බලන හින්දා.

      Delete
    2. යූටියුබ් වීඩියෝ ටිකක් බැලුවාම මාර එක්ස්පර්ට් කියලා හිතාගෙන ටෝක් දෙන අය සමහරුන්ට මාර පොරවල් වෙනවා. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්නෙ. ඒ නිසා මට එහෙම උං සෙට් වෙන්නෙ නෑ. කමක් නෑ, ඕන ගොං ආතල් සහ පාට පාට ජිල්බෝල විචාරකයො ඕනනෙ.

      Delete
    3. ඔක්කොමල්ලා කරන්නේ කලින් තීරණය කරන ලද පිටපතකට කරන රඟපෑමක් නම් 'මාර රෙස්ලර්ස්'ලා කියලා ජාතියක් ඉන්න විදියක් නෑ නේද? එතනින්ම මාර රෙස්ලර් කියන කතාවම බොරුවක්නෙ. ඉන්නෙ නිකන්ම නිකන් රෙස්ලර්ස්ලා විතරයි.

      මම මෙතන අපහාසයක් කලේ නැහැ.

      සහ රෙස්ලින් ක්‍රීඩකයෙක් වෙන්න ඕනම අල ගෝනියකට පුළුවන්ය කිව්වෙත් නැහැ.

      අනික පාට පාට ජිල් බෝල ගොන් ආතල් කිව්වේ රෙස්ලින් වලට විතරක් නෙමේ. මම ටීවී සීරීස් බලන එකත්, මූවීස් බලන එකත් පාට පාට ජිල් බෝල ආතල් එකක් තමා.

      මම කිව්වේ හැමෝටම ඒ වගේ බොළඳ ආතල් ඕනය, මට මගේ ඒ බොළඳ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්නේ රෙස්ලින්ග් වලින් නෙමේය, මම ඒ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්නේ මේවායින්ය කියල.

      වැරදියට තේරුම් ගන්න එපා මිතුර.

      Delete
    4. මම දාපු කමෙන්ට් එක මමම කියවද්දී ඒක ටිකක් අනවශ්‍ය කේන්තියකින් දාපු එකක් බව පේනව.
      ඒක ගැන මම සමාව ඉල්ලනවා. වචන ගියොත් ආයෙ ගේන්න බෑ.
      ඒ වුණත් මම කියන්න යන්නෙ ස්ක්‍රිප්ට් එක කළත් රෙස්ලින් වලදී ෆිල්ම් වලට වඩා තත්වය වෙනස්.
      ඒ කියන්නෙ එක රෙස්ලර් කෙනෙක් වෙනුවෙන් හදපු ස්ක්‍රිප්ට් එකක් තව රෙස්ලර් කෙනෙක් එක්ක කරන්න බෑ.
      අනික බොහෝවිට මැච් එකක් ඩිසයින් කරන්නෙ ආයතනයක ක්‍රි යේටිව් ටීම් එකත් රෙස්ලර්ගෙත් අදහස් මුසු වීමෙන්. ඒ නිසා හොඳ රෙස්ලර් කෙනෙක් ක්‍රි යේටිව් විය යුතුමයි.
      මයික්වල කතාකිරීම, ගිමික් එක ඇතුලු සියල්ලට රෙස්ලර්ගෙ හැකියාව බලපානවා.

      Delete
  12. ජීවිතය තේරුම් ගන්න අපි කරන එක එක දේ අතර මේකත් එකම දෙයක් විතරයි , හැබැයි බලන්න පොස්ට් එක දාපු කෙනා ඒක හරිම කියන්න හදනවා ..වැරැද්ද එතන ..අපි අපිම හරියි කියන්න එහෙම අපි අපිම හරියි වෙන්න ආසයි ..හැමෝම ආස දේ හැමෝටම ආස දේ වෙන්න බැහැ අන්න ඒක අපි තේරුම් ගන්න ඕනි යාලුවෝ

    ReplyDelete

Search This Blog