Sunday, November 15, 2015

අඩෝ රන්ජා මෙන්න ෆිල්ම්

රන්ජා යන සුරතල්(?) නාමයෙන් හැඳින්වෙන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය කලාකාරයෙකි(?). කලාකාරයෙක්ට ගැඹුරු සමාජ දැනුමක් සහ මනුෂ්‍යත්වය ගැන උණුසුම් හැඟීමක් තිබිය යුතු ය. සමාජය ගෝත්‍රිකත්වය දෙසට නොව නවීනත්වය දෙසට ගෙන යා යුතු ය. රන්ජා අපරාධ නවත්වන්නට අපරාධකරුවන් එල්ලා මැරිය යුතුයැයි කියන කාලාකාරයෙක් යැයි හඳුන්වාගන්නා අයෙකි. දුනේෂ් ප්‍රියශාන්ත ගැන රන්ජා කියූ දේවල් මෙතෙක් අඩුගානේ හිතහොඳ එකායැ‘යි ගෞරවයක් ලද රන්ජන් ගැන අපුලක් ඇති කරන්නට සමත් විය.

වීරයන් සිව්දෙනෙක් - එක් අයෙකුට වීරයෙක් තවත් අයෙක්ට දුෂ්ඨයෙක්



සටහන ලියැවෙන්නේ රන්ජන්ට බලන්නට යෝජනා කරන්නට සිතෙන චිත්‍රපටි දෙකක් අතරින් දෙවැන්න නිසා ය.

පළමුවැනි චිත්‍රපටිය අදූර් ගෝපාල ක්‍රිෂ්නන්ගේ ෂැඩෝව් කිල් චිත්‍රපටියයි. එය විසිවෙනි ශතවර්ශයේ මුල් කාලයේ (සුද්දන්ගෙ කාලේ) ඉන්දියාවේ තිබුණු මරණ දණ්ඩනය පදනම් කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටියකි. අදූර් සිය නිර්මාණය තුලින් මරණ දඬුවමට එරෙහිව නිර්මාණශීලී විරෝධයක් ගොනු කර තිබෙන්නේ ය. 

දීප්තිමත් නළුවා විජේ සේදුපති
චිත්‍රපටිය එල්ලා මරන්නෙකු හෙවත් අලුගෝසුවෙකු පදනම් කරගනිමින් නිර්මාණය වූවකි. මරණ දඬුවම හිමිව එයට ලක්වන්නන් අතර අහිංසක මිනිසුන් හෝ පීඩිත මිනිසුන් කොපමණ සිටින්නේ ද? ඒ මිනිසුන් එල්ලා මරන්නට නියෝගය දෙන විනිසුරුවරයාගේ සිට පොලිස් නිලධාරින් ජේලර්වරුන්ගේ සිට එල්ලා මරන්නැයි හඬනඟන ගෝත්‍රික මිනිසුන් දක්වා සියළු දෙනාටම වඩා මානසික පීඩනයක් තිබෙන්නේ අලුගෝසුවාට ය. මිනිසුන් මරන්නට සිදුවන්නේ ඔහුට ය. අලුගෝසුවා ද මනුෂ්‍යෙයකි. ඔහුගේ දෑතින් අහිමි කළ ජීවිත වල විලාපය ඔහුගේ ජීවිත කාලය පුරාවට ඇහෙන්නේ ය.

ෂැඩෝව් කිල් චිත්‍රපටිය මා කම්පනයට පත් කරවන්නට සමත් වූ නමුත් මරණ දඬුවමට එයටත් වඩා තදබල විරෝධයක් ප්‍රකාශ කර සිටින චිත්‍රපටියක් පසුගිය දිනෙක බලන්නට හැකිවිණ.

ඒ එස්. පී. ජනනාදන්ගේ (විකිපීඩියා) පරම්පෝක්කු (විකිපීඩියා)  චිත්‍රපටියයි.  



පරම්පෝක්කු ෂැඩෝව් කිල් චිත්‍රපටියට වඩා මගේ සිත්ගත් බව කිව යුතු ය. ෂැඩෝව් කිල් චිත්‍රපටියට වඩා මෙය නුපුහුණු ප්‍රේක්ෂකාගාරය කම්පනය කරන්නට සමත් ය. මේ චිත්‍රපටි දෙක සන්සන්දනය කිරීම අන්තිම අසාධාරණ බවත් කිව යුතු ය. තමිල්නාඩු සිනමා රසිකයන් ඉල්ලා සිටින රහ ඇතුලට තමන්ගේ කතාව රිංගවන්නට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. ( කමල් හසන්ලා පටන් ගත්ත ජීනියස් වැඩ තමයි මේවා. ලංකාවේ ෆිල්ම් මේකර්ස්ලත් ෆලෝව් කරන්න වටිනව )



චිත්‍රපටියේ ප්‍රධාන චරිත තෝරා ගැනීම ගැනද විශේෂයෙන් කිව යුතු ය. ආර්යා නම් දෙමළ සිනමාවේ නැඟී එන (දැනටමත් නැඟල ඉවරයි) තරුණ නළුවා ද, විජේ සේදුපති ද (නෝට් කරගන්න වටින නළුවෙක් ධනුෂ් වගේම මං කැමති අනිත් නළුව) අධ්‍යක්ෂවරයාට හුරු පුරුදු ෂාම් ද මේ චිත්‍රපටියෙන් මගේ අවධානයට ලක්වුණු දීප්තිමත් නිළිය වන කාර්තිකා නායිර් ද ප්‍රධාන නළුවන් ලෙස තෝරාගෙන ඇත. 
ආර්යා

විජේ පරම්පරාවෙන් උරුම වූ කරුමක්කාර රැකියාවෙන් මිදෙන්නට වෙරදරන එල්ලා මරන්නා ය. ආර්යා එල්ලා මරන්නට නියමිතව සිටින ත්‍රස්තවාදී චෝදනා ලද විමුක්ති සටන් කරුවා ය. (භගත් සිංව පදනම් කරගත්ත චරිතයක්) ෂාම් බාලු හෙවත් විමුක්ති සටන්කරුවාව පලා යන්නට නොදී එල්ලා මරන තෙක් වගකීම හිස මතට ගත් පොලිස් නිලධාරියා ය. කාර්තිකා තමන්ගේ සටන් සගයා නිදහස් කරවාගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට සූදානම් විමුක්ති සටන්කාරිනියයි.
ෂාම්

සටහන ඕනෑවටත් වඩා දිගු වූ නිසා කියන්නට තිබෙන්නේ රන්ජා පමණක් නොව සියළු දෙනාටම සොයාගෙන නරඹන්ට වටින චිත්‍රපටියක් බවයි.

කාර්තිකා

ප.ලි. - පරම්පෝක්කු නොව පුරම්බෝක්කු යනුවෙන් වෙනස් විය යුතු බව දෙමළ කතා කරන මිත්‍රයෙක් පැවසීය.
 


11 comments:

  1. ඕවා මොන සෝද ඩෝ..

    අපි නම් බලන්නේ ඩිරෙක්ටරුයි ප්‍රොඩියසුරුයි ඇර, කෑල්ල බේර ගන්න, මන්න කැති පොරෝ කඩු ඔක්කෝමා වන වනා එන අයියල ඔක්කෝටම ගහන උන් ඉන්න සෝ වලට..

    ඒ සෝ වල අපේ කල්චර් එක පට්ටෙටම තියෙනවා...

    මෙහෙත් කොලොන්නාවේ තිබුනා ඒ වගේ සෝ එකක්.. නළුවෝ දෙන්නයි.. එකෙක් භාරත කියලා එකෙක්... අනෙකා දුමියා කියලා එකෙක්...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල....
      රන්ජයියගේ සෝ තමයි ලංකාවේ හිට්....
      මේ පාර ජන(අ)ප්පිරියා නළුව වුණේ පාර්ලිමේන්තුවේ දාපු ඇක්ටින්ස් වලට වෙන්ටැ....................

      Delete
  2. sinhala ekekuth thiyanawa pooja kiyala parana ekak eka balala nathnam balanna .harima anuwedaneeya kathawak .joe abewikrama ekka amarasiri kalansooriya inne. ranjan nam ane manda?

    ReplyDelete
    Replies
    1. මම බලන්නම්... සිංහල සිනමාවේ මගේ සාක්ෂරතාවය ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන...

      Delete
  3. "කමල් හසන්ලා පටන් ගත්ත ජීනියස් වැඩ" කියන යෙදුම නිවැරදි නෑ. දෙමළ සිනමාවේ විප්ලවකාරී වෙනස්කම් ඇතිකරපු අධ්‍යක්ෂවරු 4දෙනෙක් හිටියා. ඒ තමයි කේ. බාලචන්දර්, භාරති රාජා, බාලු මහේන්ද්‍රා සහ මනි රත්නම්. අනෙක් හැමෝම මේ අය හදපු පාරේ ඉදිරියට ගමන් කරපු අය. තමන්ගේ සිනමා ගමන් මග සකස්වෙන්න බලපෑවේ බාලු මහේන්ද්‍රා,මනි රත්නම් සහ කේ. බාලචන්දර් බව කමල් හාසන්ම කියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි... මගේ යෙදුම එච්චර නිවැරදි නෑ... හොඳ ෆිල්ම් තෝරාගෙන වැඩ කිරීමත් ඒවා විශිෂ්ඨ ලෙස නිරූපනය කිරීමත් නිසා කමල් හසන්ටත් ගෞරවය හිමියි....
      ඒත් ඔය අධ්‍යක්ෂවරුන් සහ ධනුෂ්ගේ තාත්තා කස්තුරි රාජා, මියුසික් ජීනියස් ඉලයරාජා ඇතුළු දිග ලිස්ට් එකක් තියෙනවා ගෞරවය හිමි විය යුතුයි

      Delete
    2. කස්තුරි රාජා කියන්නෙ දෙමළ සිනමාවේ සුවිශේෂ පුද්ගලයෙක් නෙවෙයි. අධ්‍යක්ෂවරු සියලු දෙනාම එක සභාවකට ගෙන්නුවොත් ඔහුට හිමිවෙන්නේ තුන්වෙනි පේලියේ හෝ ඉන් එහා අසුනක්.

      Delete
    3. ඒක ඇත්ත.. ලොකුම ගෞරවයක් යා යුතු නෑ තමයි.. ඒත් එයා හදපු රූප ගොඩක් ලස්සනයි..
      https://www.youtube.com/watch?v=pmT2kp-tn9s&spfreload=10

      Delete
    4. කස්තුරි රාජාට හොඳ මියුසික් රීඩින් එකක් තියෙනවා...

      Delete
  4. මේ චිත්‍රපටිය බාගන්න තැනක් නැද්ද උපසිරසි එක්ක?

    ReplyDelete