Friday, November 20, 2015

චුට්ටි සහ මේනකා

වෙලාව රෑ එකොළහයි!! මරදානේ ඉඳන් මම කොටුව පැත්තට පයින් එනවා!!

නීතිය විසඳන ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තේ ඉඳන් විනිසුරු අක්බාර් වීදිය දිගේ එනකොට ඇයව පේනවා!! ඇය බට්ටී විය හැකියි! චුට්ටි විය හැකියි! තරුණයි පුංචියි!! මම ඇයව දන්නවා... එකොළහේ ඉඳන් දොළහ වෙනකන් ස්ටේෂන් එක ඉස්සරහ ඉන්නේ එයා... මාර කටක් තියෙන්නේ!! ෆුල් එකකට ගාණ තුන්දහයි!! යට විතරක් නං එකහමාරයි!! එයා හරි ගණන්!!


බුදු පිළිමෙ යට අනුන්ගේ ලයිට් එළියක පිහිටෙන් ඇය මූණේ පවුඩර් ගාලා තොල් පාට කරනවා!! රෑ වැඩ මුරයට සූදානම් වෙමින්....


පාන්දර හතරයි තිහයි!!!

බදුල්ලෙන් ආ බස් එකෙන් බැහැලා මරදාන පැත්තට පයින් යනවා!! අඳුරු රාත්‍රියේ කවුරුත් නෑ... ඉස්ටේෂන් එකට පාරෙන් එහාපැත්තේ ඉන්න චුට්ටි ඇතුලු අක්කලා ඇරෙන්න!! 

පාන්දර වැඩ මුරේදී ගාණ අඩුයි රෑ වැඩ මුරේදී තුන්දාහට කරන ටික උදේට එකහමාරට කරගන්න පුලුවන්!

මාත් එක්කම බස්එකෙන් බැස්ස අපේ ගමේ මේනකා අක්කා චුට්ටි දිහා බලලා කාරළා කෙළ පාරක් ගැහුවේ හීනි පඩිපෙල දිගේ තවෙකෙක් එක්ක චුට්ටි උඩට යද්දී!! මේනකා අක්කගේ ගෙවල් බදුල්ලෙ... බැඳල ඉන්නෙ මරදානේ අයිය කෙනෙක්ව.. බෝඩිම තියෙන වත්තෙම තමයි...


ගමේ ඉඳන් එන ගමන් මේ..

අක්කගේ පුතාල දෙන්නම යන්නේ %#*%$@ එකට!! තුන්වැනියත් දාගන්න ඉන්ටවීව් ගිහින් ඇස්දෙකේ කඳුලු පුරවන් ආව මං දැක්ක!!

ඔෆිස් එකේ ලොක්කත් අක්කට හොඳට සලකනවලු!! 



ජීවිත රේස් එක දුවන්න නං දුවල දිනන්න නං අතේ මිටේ එච්චර නැති නිසා ඉඳහිට කඳුළු පුරවගන්න වෙනව, ඒක එයාගෙ අයියත් දන්නවා!! ...



චුට්ටිගේ අතේ මිටේ ඇත්තෙම නෑ කියල මේනකා දන්නේ නෑ!! විනිසුරු අක්බාර් පාරේ බුදු පිළිමේ යට හැමදාම දොළහට ඉකිගහන සද්දයක් පැය ගණන් එකදිගට ඇහෙනව කියල මේනකා අක්ක දන්නේ නෑ...



17 comments:

  1. අක්කා විතරක් නෙවෙයි බන් අපි කීයෙන් කී දෙනාද දන්නේ???

    ReplyDelete
  2. අපි ගණිකාවෝ කියන්නේ හැමදාම සල්ලි වලට නිදාගන්න කිහිපදෙනෙක්ට විතරයි!!
    ඒත් කී දෙනෙක්ට දැන හෝ නොදැන නිදාගන්න වෙනවද?

    ReplyDelete
  3. ළෝකයේ පළවෙනි රස්සාව නේ...

    ඒත් කිසිම සැලකීමක් නෑ.. ළඳුනේ අහලා මාර විදියට වොරි වෙනවා.. ඒ උනාට කියන්නේ පට්ට වේසියෝ කියලා...

    ReplyDelete
    Replies
    1. අම්මප!!
      මං දන්නවා ගොඩක් අයට මේ ක්‍රෙම් ඇතුලේ ගොඩ යන්න වෙලා තියෙන්නේ ඕක උගස් කරලා තමා

      Delete
  4. දන්නවා උනත් අමතක කරලා දානවා............. ගොඩක් දෙනෙක්.

    ReplyDelete
  5. මේ මං මූණ දුන්නු ඇත්ත සිද්ධි කිහිපයක් එකතු කරලා ලියපු එකක්!! බුදු පිළිමේ යට ඉඳන් මේකප් දාන ලිංගික ශ්‍රමික සහෝදරිය මාව කම්පනය කළා!! ව්‍යාජ බෞද්ධ සළුපිළි යටින් මතුවෙන සත්‍යයේ වේදනාව

    ReplyDelete
  6. අපේ සම හරක්ට වඩා-අර මාතලන් කියනව වගේ- උඹ හොදයි බං..
    ඕනම දේක පේනවට වඩා දෙයක් තියෙනව... අපි ඒක දකින්නෙ නැති එකයි වැරැද්ද.. දැක්කත්...
    දැක්කත් අපි නොදැක්ක වගේ ඉන්නව..
    අපේ උන්නෙ හැටියක්ද කොහෙද

    ReplyDelete
  7. ඔපිස් එකේදී ගණිකා ව්‍යුර්තිය නීතිගත කරන්ඩ ඕනේ කියල ගැහැණු කට්ටිය මාත් එක්ක මාර අර්ගිව්මන්ට් එකක් ගිය(2013 වසරේදී)
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. සිල් රෙදි පොරවගත්තු අඳුරේ පවුකරනන දනන් වැඩිහරියක් ඉන්න ලංකාව වගේ රටක ඝනිකාව ගැන කතාකරන එකත් ඒ මිනිස්සුන්ට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නේ.. ලංකාවේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බැරි නිසා නගර සභාවේ කුණු අදින මනුස්සයත්, ඝනිකා සේවයත් බහුතරයක් මිනිස්සුන්ට පිළිකුල් සහගත වෙලා ... මේ පවතින සිස්ටම් එක ඇතුලේ මේ මිනිස්සු ගැන කථාකරන එකම ඒ මිනිස්සුන්ට කරන අපහාසයක්.. මොකද මෙව්වා ඉස්මතුවෙන්න ඉස්මතුවෙන්න අපේ මිනිස්සු තව තවත් ඒ මිනිස්සුන්ව පාගලා දානවා... බ්ලොග් එකේ උඩම දාල තිබ්බ "මැරිලා වගේ ජීවත් වෙයන්.. එතකොට ගොඩාක් කල් ජීවත් වෙන්න පුළුවන්" කියන පාඨය වැඩිපුරම ගැලපෙන්නේ මෙතැනදී තමයි... මම මේ මිනිස්සු ගැනත් හිතන්නේ එහෙමයි.. සමාජයේ කසල හෝදන මිනිස්සුන්ට අප්‍රසිද්දියේ ජීවත්වෙන්න දෙන තරමට ඒ මිනිස්සු දවසක් හරි සන්තෝසෙන් ජීවත් වෙයි... සමාජය දිහා ඇස් ඇරලා විවුර්ත මනසකින් බලන මිනිස්සු ඉන්නේ බොහොම සුළුතරයක් නිසා කවරු මොන ක්‍රමයට මේ මිනිස්සුන්ව උඩට ගන්න බැලුවත්, සාධාරණීකරණය කරන්න හැදුවත් අපේ සමාජ ක්‍රමය විසින් ඒ මිනිස්සුන්ව තව තවත් පාගල දැමීම කවදාවත් නතරවෙන්නේ නැහැ ..

    "ඝනිකාව " කියන වචනය මුලින්ම ඇහෙන දරුවෙක් තමුන්ගේ අම්මගෙන් ඇහුවොත් කව්ද අම්මේ ඝනිකාව කියන්නේ කියල , බහුතරයක් අම්මල දෙන උත්තරෙන් ඒ දරුවා "ඝනිකාව " හිතේ අඳුරු මුල්ලකට තල්ලු කරලා දානවාමයි.. එතනින් එහා ඒ පරම්පරාවත් ඝනිකාව දිහා සුභවාදී ඇහැකින් බලන්න උත්සහ කරන්නේ නැහැ. ඒ අපේ සමාජ ක්‍රමයේ වරද...

    කමෙන්ට් එක දිග වැඩියිද මන්ද..

    ReplyDelete
  10. ගණිකාව කියලා ඒ කාන්තාවන්ට පරිභ්‍රව කරන උන් ඔක්කොම ශුද්ධවන්තයෝද ?

    ReplyDelete
  11. අක්කලා..."නෑයකු නෑකම නොකියන"

    ReplyDelete
  12. හ්ම්ම්ම්....
    //බුදු පිළිමෙ යට අනුන්ගේ ලයිට් එළියක පිහිටෙන් ඇය මූණේ පවුඩර් ගාලා තොල් පාට කරනවා!!//
    මම හිතන්නෙ ලංකාවේ මේ වෘත්තිය තියෙන තැන ගැන කියන්න ඕනෙ සේරම මේ කෙටි වාක්‍යයෙන් කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හැමදේම සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවෝ හන්දි ගානේ බලාගෙන ඉඳිද්දී තමයි

      Delete
  13. අපි කියල මක්කා කොරන්ඩද , කැමැත්තක් තියනවනං , කීයක් හරි තියන වෙලාවක දීලා උපකාරයක් කරනවා මිසක්

    ReplyDelete
    Replies
    1. සල්ලි දීලා වැඩේ කරගත්තට මදි!!
      ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ඕන..
      හොඳ පාරිභෝගිකයෝ වගේ

      Delete