Wednesday, January 20, 2016

මාධ්‍යයට බණ කියන මහින්ද!! මේ කළු ජනවාරියයි!!

 එම්කේඩීඑස් ගුණවර්ධනගේ මළගෙදරදී මහින්ද මහත්තයා මාධ්‍ය රස්සාව කරන හැටි උගන්වන ආකාරය අපි දැක්කෙමු. එම සිදුවීමේදී නම් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය පිස්සු ප්‍රශ්ණයක් යැයි මුලින් කිව යුතුය. කොහොම වුණත් එ් සිදුවීම එක්ක මහින්ද හා මාධ්‍ය ගැන කලින් ලියන්නට පටන්ගෙන මඟ නැවතුණු පෝස්ට් එකක් යළි අතට හසුවිය. එහි එක් ඡේදයක් පමණක් ලියා තිබුණි.

මහින්ද මහත්තය මීට කලින් බොහොම වෙනස් කෙනෙක්... මාධ්‍ය එක්ක බොහොම ළඟින් හිටියා.. ඒ කාලේ ඉතින් අපට කලින් පරම්පරාවේ මාධ්‍ය අයියලා කැබිනට් ගොසිප් එකක් කාරිය දැනගන්න කතා කළේ ඒ උන්නැහේට තමයි.. ආණ්ඩුවේ කුණු ගොඩවල් මීඩියා වල කනේ තියන්න රුසියෙක් මහින්ද. අනික දැන් රට බෙදනවැයි කියමින් බෙරිහන් දුන්නට ඒ කාලේ බලය බෙදීම වෙනුවෙන් කතා කළ කෙනෙක් තමයි මහින්ද මහත්තයා. ( බලය බෙදීම සහ රට බෙදීම කියන්නේ එකක් නොව දෙකකි. බලය නොබෙදීම කියන්නේ නම් රට බෙදීමට මාර්ගයක් විය හැකිය.)


ඔහුව සමරන මාධ්‍ය සගයන්
මහින්ද මහත්තයා බලයේ හිටපු කාලයේ මාධ්‍ය සමඟ ගණුදෙනු කළ විදිය ගැන මෙහෙම කතා කර බැරිය. ලසන්ත වික්‍රමතුංගලාගේ, ප්‍රගීත් එක්නැලිගොඩලාගේ, පෝද්දල ජයන්තලාගේ ලේ වලින් ඒවා ලියා ඇත. වෙඩිවර්ධනලා, සනත් බාලසූරියලා, රෝහිත භාෂනලා, අතුල විතානගේලා වැනි පිටුවහල් වූ අයත් ලසන්ත රුහුණගේ වැනි තර්ජන මැද්දේ ජීවිතය අනතුරේ තබාගෙන පොළොවේ සිට සටන් කළ අයත් ඒ කාලයේ මර්ධනය ගැන පිටුගණන් කියනු ඇත. මහින්දගෙන් මචං කියා කැබිනට් තොරතුරු ඉල්ලූ අපට පෙර පරම්පරාවම ඔහු අතට බලය නම් අවිය ආ පසු හැසිරුණු විදියත් කියනු ඇත.


සන්ධ්‍යා එක්නැළිගොඩ සහෝදරිය

අපටත් වඩා මහින්දගේ මාධ්‍ය හිතවත්කම ගැන හොඳින් දන්නේ සහෝදර දෙමළ මාධ්‍යවේදීන් ය. අද අප සමඟ නිදහසේ

Monday, January 18, 2016

ප්‍රසිඩන්ට්!!! හරක් කන එක පිං...

පහුගිය දිනවල මෛත්‍රීගේ සදාචාරවාදී කතා සහ සිද්ධි ගොඩක් මාධ්‍ය වලින් ප්‍රචාරය විය.

කුප්‍රකට බ්‍රා මඩුවලිඟ කතාව, සිංදුවේ ජෝක් එක, පදවි ප්‍රාප්ති උළෙල, සහ රට හරක් කතාව ඊට උදාහරණ ලෙස දිය හැකිය. ක්ෂණික ප්‍රතිචාර නිසා හිට් වුණ මේ සිදුවීම් කිහිපයට අමතරව මෛත්‍රීගේ සදාචාරවාදී කතා බොහොමයක් කියැවුණේ ය.
මෙය සාමාන්‍ය තත්වයක් හරි විහිළුවක් හරි විදියට දකින්නට පුලුවන් ය. එහෙත් මෙය ඊට වඩා ගැඹුරින් තේරුම් ගත යුතුය. මීට කලින් මම පොළොන්නරු මොඩ්ල් ජාතිවාදය ගැන කීවේ ඒ නිසා ය.

Sunday, January 17, 2016

හෝ ගාන විප්ලවේ!! 

ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ හෝ ගාන පොකුණ බලන්න වුණේ අදයි... චිත්‍රපටියේ හොඳ නරක ගැන කතා කරන්නවත් විචාරය කරන්නවත් නෙවෙයි නිකන් ෆිල්ම් එක ගැන ටිකක් ලියන්න හිතුවා...


ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේවල් හුඟයිලු!! ඒ දේවල් බලල එන්න හීන දකින එක හොඳයිලු!!

Friday, January 15, 2016

කම්මැලි පෝස්ට් එකක්

ව්‍යවස්ථාව ගැන ලියන ඒවාට හිට්ස් අඩුයි. ඒත් කියවන අඩු පිරිසට හරි ලියන්න එපායැ... 
ඒවා කියවලා කමෙන්ට් දාන එකට ගෞරව කරන්න ඕන ඒ නිසා!! 
අදහස් අතර සංවාද කිරීම හොඳයිනේ!!
මේ කලින් ලියපු පෝස්ට් එක දාපු කමෙන්ට් එකක් සහ ඒකට දුන්නු පිළිතුර
අගමැතිවරියක්

ජනාධිපතිවරියක්
ලාංකික සිතුවිලි

// උඩුවෝ,

විදායක ජනාධිපති ඉස්සලත් දැනුත් කරන්නේ රගපෑමක් පමණයි එය අගමැති වුනත් එකයි අමතිමන්ඩලයක් කලත් එකයි

//ටීබීට අනුව හිරුණිකා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විවේචන වලට ඇහුම්කන් දුන් නිසාය.//

මෙරටේ මිනිසුන්ව ඇන්දවීමට කරන උප්පරවැට්ටියක් පමණයි. මේක මහින්දත් කලා, මතකද මර්වින් සිල්වා ගේ ඇමතිකම අයින්කලා.
රටේ ජනාධිපති කමට ඔයකියන ස්වාදීන සමාජය අකමැති රට අස්තාවර කිරීමට පහසු නිසා George Soros ගේ open society foundation වැනි ආයතන මගින් කරන්නේ මෙයයි. 

ජනාධිපතිවරයෙක්
අගමැතිවරයෙක්

Thursday, January 14, 2016

විධායකේ අහෝසි කරන්න ඕන ඇයි?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයැයි කියන්නෝ ඕනෑ තරම් ය. උලව් ජාතික ආරක්ෂාවක සිට සංවර්ධනයට ගැලපෙන ක්‍රමය යන්න දක්වා හේතු විධායක ක්‍රමය වෙනුවෙන් තිබෙන්නේ ය.

මේක බ්ලොග් එකක් නිසා විධායක ක්‍රමය අහෝසි කළ යුත්තේ ඇයිදැයි ඔය තර්ක ප්‍රතිතර්ක බිඳින්නට තියෙන කරුණු මළු ගණන් දිගහරින්නට අවශ්‍ය නැත. එහෙත් එකක් කිව යුතුය. ඔය විධායක ක්‍රමය වෙනුවෙන් එන තර්ක හුදු විශ්වාසයන් මිස කරුණු ඇතුව ඔප්පු කළ හැකිවා නොවන බවය.

විධායක ක්‍රමය නිසා යුද්ධය ඉවර කළා කියන බයිලය ඉවර වන්නේ යුද්ධය පටන්ගත්තේම විධායක ක්‍රමය තියෙද්දී නිසා ය. මා කියන්නට යන්නෙ ඒවා නොවේ. අද ලංකාදීප රජ වීදියේ ප්‍රගීත් සම්පත් සමඟ ඉන්ටවීව් එකක ටීබී ඒකනායක විසින් දුන් පිළිතුරු කැබැල්ලකින් විධායක ක්‍රමයේ බරපතලකම පෙන්විය හැකි නිසා ය.

Sunday, January 10, 2016

මෛත්‍රී සිංදුව සහ පොළොන්නරු මොඩ්ල් ජාති(ක)වාදය

දැං කතාබහ අර මෛත්‍රීට හදපු සිංදුව ගැන... 

අර බුකියෙ කවුදෝ කීවා වගේ මහින්දට සිංදු තොග ගණන් ගහද්දී හ්ම් නොකිව්වාට මේ පිස්සු වලට විරුද්ධ වෙන පිරිසක් ඉඳීම අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අදහස් ප්‍රකාශනයේ නිදහසේ ඉදිරියට ගිය බවට සංඥාවක්.. (මෛත්‍රී දුන්න ලබ්බක් නෙවෙයි පුරවැසියෝ දිනාගත්ත නිදහසක්)


බ්‍රා එකේ කතාවෙන්..... හෙන සිංහල බෞද්ධ සදාචාරවාදී කතා වලින්
..... 

ඔය සිංදුවෙන් කියැවෙන කතාව පුදුම වෙන්න එකක් නෙවෙයි.. මේ ඇවිල්ල පොළොන්නරු ජාතිවාදී මොඩ්ල් එක.. කලින් තිබුණේ හම්බන්තොට මොඩ්ල් එක නේ.... ( හැමෝටම බලයේ දිගටම ඉන්න නම් මොකක්හරි මොඩ්ල් එකක් තියාගන්න වෙනවා )

Sunday, January 03, 2016

New Year with beer!!

//හිටපු මහත්තයා හිටියනං මේ අවුරුද්දෙ ලංකාව හා ක්‍රොඒෂියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දියුණු වෙන්න තිබුණා.. දැන් එක්කෙනාගෙ චොයිස් එක වෙනස්... එයා කැමති රැජින අත්මේස් ගලවලා අතට අත දෙන කේස් වලට..//


අලුත් අවුරුද්ද ගැන කල්පනා කරමින් පොස්ට් එකක් පළවෙනිදාම ලිව්වා.. ඒක විකාරයක් වගේ දැණුුනු නිසා පෝස්ට් නොකර තියලා තිබ්බා.. ඒකේ තිබුණේ අළුත් අවුරුදු ප්ලෑන් ටිකක්.. මගේ ප්ලෑන් වලින් කාටවත් වැඩක් නෑනෙ....!!! 

ඒත් ඒ ප්ලෑන් අතරෙහි මම ලැයිස්තුවක් හැදුවා මේ අවුරුද්දේ එකට ඉඳගෙන බියර් එකක් බොන්න ලැබෙන්න කියලා පතන දහදෙනෙකුගේ.. ඒක මෙතැන දාන්නං..