Friday, March 18, 2016

සුවිශේෂීම වැඩකට ඔබේ සහාය දෙන්න!

ඒ වැඩේ මම කරලා දෙන්නම්. ඔයා වැඩේ ගැන කල්පනා කරන්න අයියෙ. යැයි කේසව් අයියාට පැවසුවෙමි. ඒ මගේ මාසික වැටුපෙන් තුනෙන් දෙකක් පමණ බැර කළද තව රුපියල් අනූදහසක් සොයාගත යුතු නමුත් මෙය කෙසේ හෝ කළ යුතුයැයි විශ්වාස කළ නිසා ය. ඇතැම් විට මට ඒ මුදල සොයාගත නොහැකි නමුත් අපට එය කළ හැකිවනු ඇත. මා වගකීම කරට ගත්තේ මා විසින් කරනු ලබන සුවිශේෂීම කාර්යය මෙයයැයි කල්පනා කරමින් ය.




කේසවරාජන් නවරත්නම් දීර්ඝ චිත්‍රපටි හයක්, කෙටි චිත්‍රපටි පහක් හා වාර්තා චිත්‍රපටි පණහක් පමණ කර ඇත්තේය. එල්ටීටීඊ නිදර්ශනම් රූපවාහිනියේ ප්‍රධාන භූමිකාවක සිටි පුද්ගලයෙකි ඔහු. විමුක්ති කොටි සංවිධානය විසින් ගොඩනඟා තිබුණු පාලනය තිබුණු ප්‍රදේශයේ සිටි ප්‍රධානම සිනමාකරුවා ඔහුයි. සොල්දාදුවන් සිටින්නේ නිල ඇඳුම් වල බවත් නිල ඇඳුම යට මනුෂ්‍යයන් සිටින බවත් විශ්වාස කළ නිර්මාණකරුවා ඔහුයි. එල්ටීටීඊ පාලනය යටතේ වුණත් තම සිනමාවෙන් ප්‍රභාකරන්ගේ ගුණ නොගයා මනුෂ්‍යත්වයේ කතාව කී නිර්මාණකරුවා ඔහුයි. යුද්ධයෙන් පසු විදේශගතව සුවපහසු ජීවිතයක් ගත කළ හැකි වුණත් එසේ නොගොස් යාපනයේ කුලී ගෙයක නැවතී වසර පහක් තිස්සේ දෙමළ මිනිසුන් වෙනුවෙන් චිත්‍රපටියක් තනන්නට වෙහෙස වන නිර්මාණකරුවා ඔහුයි. 

ඔහුට උදව් කරන්නට දකුණේ අපට අවස්ථාවක් ලැබී තිබෙන්නේ ය. තමන්ගේ නිර්මාණය සාර්ථක කරගැනීමේ සිහිනය වෙත ළඟා වෙන්නට ඔහුට තිබෙන එකම බාධාව මුදල් ය. අප කළ යුතුව ඇත්තේ ඔහුගේ නිර්මාණයේ ඉතිරි සියයට දෙක අවසන් කරගැනීම සඳහා හැකි ආකාරයට මූල්‍යමය සහයෝගය ලබාදීමයි. තව රුපියල් අනූදහසක් පමණ සොයාගත යුතුය. සංහිඳියාව ගැන සිහින දකින ඔබට හැකි උපරිමයෙන් ආධාරයක් කළ හැකිනම් ඔහුට සිහිනය සැබෑ කරගත හැකිවනු ඇත.

අපි මධුවිතකට සෙට් වෙන එක් මොහොතක රුපියල් දාහක් දෙදාහක් වියදම් කරන්නෙමු. ඇඳුමක් මිලදී ගන්නට දෙතුන්දාහක් වියදම් කරන්නෙමු. අපේ මාසික ඉන්ටනෙට් බිල කීයද?
අපි ක්‍රමයේ අවුල් දකින්නෙමු. ක්‍රමය වෙනස් කළයුතුයැයි කියන්නෙමු. ආදරණීය සුනිල් අයියලාට උපහාර පුදන්නෙමු.

දෙමළ මිනිසුන් වෙනුවෙන් කතා කරන්නෙමු. සංහිඳියාව ගැන කතා කරන්නෙමු. මානව හිතවාදය ගැන කතා කරන්නෙමු. කලාවේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරන්නෙමු. කලාව හා බැඳුනු උසස් සංස්කෘතියක් කතා කරන්නෙමු. ශ්‍රී ලාංකික ජාතියක් පතන්නෙමු.



අපගේ සහෝදර දෙමළ ජාතිය දැන් සිටින්නේ සිනමාවක් බිහි කිරීමේ විළිරුදාවෙනි. එයට දායකත්වය ලබාදිය හැකිය. කේසව් අයියාගේ චිත්‍රපටිය සාර්ථක කරගන්නට හැකි උපරිම සහයෝගය දෙන්නැයි ඉල්ලා සිටින්නෙමි. උදව් කරන්නට කැමති ඔබ ඉන්බොක්ස් කර කේසව් අයියාගේ බැංකු ගිණුමට හැකි මුදලක් බැර කරන්නැයි ඉල්ලා සිටින්නෙමි. සුවිශේෂී කාර්යයකට සහයෝගය දක්වන අයගේ නම් යම් මොහොතක ඉතිහාසයේ ලියා තබනු පිණිස සටහන් කර ගන්නෙමි.



20 comments:

  1. උත්සාහය හොදයි. ඒත් කේසට් ව තව තව සාධාරණිකරණය, කිට්ටු කරවන්න වෙනවා. මේ වැඩේ හරියන්න නං මොකද අපි හරිම ගතානුගතිකයි නේ බං..

    ReplyDelete
  2. This number cannot be a big deal bro!

    ReplyDelete
  3. මම කලා කරුවන් යනුවෙන් විශේෂ පිරිසක් සිටිනබව පිලිගන්නේ නෑ.

    කේසවරාජන් නවරත්නම් සිංහල සහ මුස්ලිම් ජනතාවට රසවිඳියහැකි නිර්මාන කර ඒවා සිංහල/ මුස්ලිම් ජනතාවට පෙන්වීමට කටයුතු කල යුතුයි. ඔහු සාර්ථකනම් ඔහුට මුදල් ලැබෙයි. ඔහුට ඒ ගැන උවමනාවක් නැත්නම් ඔහු පාඩු ලැබිය යුතුයි.
    යම් පුද්ගලයෙක් කලා කරුවෙක් යැයි හැඳින්වීමවත්, ඔහු දෙමළ වාර්ගිකයෙක් වීමවත් විශේෂ සැලකීම් ලැබීමට හේතුවක් වියයුතු නෑ. කරුණාකර මේ දෙමළා වල් කිරීමෙන් වලකින්න. මොහුට සතයක් දෙන්න එපා
    කේසවරාජන් නවරත්නම්ට වකුගඩු ආබාධයක් වැනි රෝගයක් සෑදී ඇත්නම් එයට වෛද්‍ය ප්‍ර‍ිකාර සඳහා මුදල් දීමේ වරදක් නෑ

    ReplyDelete
    Replies
    1. මේ ජගත් පතිරණ කියන හාදයා දෙමළ නමක් පේන්න බැරි මනපහතතෙක්. මිනිහා සත්‍යප්‍රසාද් කියන නම දෙමළ යැයි වරදවා වටහා ගෙන තමයි ඔය ස්වයං හෙළිදරව්ව කළේ.
      http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

      කෙසේ නමුත් වැරදියට ඔහු කියන දේ යම් සත්‍යයක් තියෙනවා. එනම්, කලාකරුවෙකු කියා අමුතු සැලකීමක් අවශ්‍ය නෑ මිනිසෙකු විදියට. යමෙකු ගේ වකුගඩු ආබාධයකට ඔහු ගේ කලාව වැදගත් නෑ.

      ඔහු ගේ මේ වෙන් මුලු ගැන්වෙන අදහස අනුව සහ උඩුවා ගේ මේ සිනමාකරුවාට ඇති කැමැත්ත නිසා අප කළ යුත්තේ, ඔහු නිර්මානය කර ඇති සිනමා පට ප්‍රදර්ශනයක් කොළඹ පැවැත්වීමයි.

      Delete
    2. ජගත් පතිරණ කියන දේවල් අන්ත ජාතිවාදියෙකුගේ අමන ප්‍රකාශ නිසා උත්තර දී වැඩක් නැහැ. ඇත්තටම ඔහු මනපහතයෙක්. ඔවුන් සමඟ සංවාදයෙන් පලක් නැහැ්‍

      Delete
    3. සිංහල හෝ දෙමල වුනත් කලාකරුවෙකුට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නෑ කියන රසිකගෙ මතයෙ මමත් ඉන්නව. කලාකරුවෙකුට නෙමෙයි කිසිම මනුෂ්‍යයෙකුට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නෑ.
      තමන් සල්ලි හොයාගෙන නිර්මානයක් කරන එක තමා ක්‍රමය.
      ඔහුගෙ ප්‍රදර්ශනයක් කොළබ තියනවනම් අන්න ඒක වටිනව.
      මම දන්න දෙමල අයගෙ නම් ආර්ථිකය හොදයි. ඥාතීන් එහෙම කැනඩාවල ,යුරෝප් වල එහෙම.
      යාපනේ දෙමල අය මම කලින්වැඩ කර ආයතනයට අනුයුක්ත කරල තිබුන ට්‍රේනින් එකකට. දීමනාව අහපුවම ඒ අයට හිනා ගියා. ඒ කියන්න් ඊට වඩා එහෙදි හොයනව කියන එක.

      Delete
  4. අර පනමරකාඩු-1 කියා පටන් ගත්තු ලිපි පෙළ ලියන්නේ නැද්ද හලෝ?

    ReplyDelete
    Replies
    1. හෙට රෑට දෙවැනි කොටස එයි. ලියලා තියෙන්නේ

      Delete
  5. ඇත්ත ලංකාවේ දමිල සිනමාව හා සිංහල සිනමාව සමානවම ඉදිරියට යන්න ඕනි. ඒ වගේම දෙපාර්ශවයේම සිනමා නිර්මාණ ඔවුනොවුන්ට දැක බලා ගන්නත් අවස්ථාව ලබාදෙන්න ඕනි.
    එතකොට තමයි ඒ ඒ අයගේ අදහස් හුවමාරු වෙන්නේ.කළාකරුවන්ට එහෙම ඡාති බේද
    අදාළ කරන්න හොඳ නෑ. මමත් රැකියාවෙදි දමිළ අයත් එක්ක වැඩ කරළ තියනවා.
    බහුතරයක් ඉතාම මිත්‍රශීලී හොඳ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මට ජාතිය අනුව හොඳ නරක මිනිස්සු මුණගැහෙන්නෙ නෑ!! 
      අයිඑස් හමුදාවක් මැද්දෙ වුණත් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අයගේ හොඳ මතු කරලා ගන්නයි ඕන

      Delete
  6. //ඒ මගේ මාසික වැටුපෙන් තුනෙන් දෙකක් පමණ බැර කළද තව රුපියල් අනූදහසක් සොයාගත යුතු නමුත් මෙය කෙසේ හෝ කළ යුතුයැයි විශ්වාස කළ නිසා ය. ඇතැම් විට මට ඒ මුදල සොයාගත නොහැකි නමුත් අපට එය කළ හැකිවනු ඇත. මා වගකීම කරට ගත්තේ මා විසින් කරනු ලබන සුවිශේෂීම කාර්යය මෙයයැයි කල්පනා කරමින් ය.//

    බයිස්කෝප් කෙරුවාවට යන ගනන් මිමි එක්ක බැලුවහම ඔච්චර හරියක් කරපු උඹම දියං උඩුවෝ ඉතුරු ටිකත් තියන දෙයක් හරි විකුනල

    ReplyDelete
    Replies
    1. විකුණන්න දෙයක් තියෙනවනම් විකුණනව.
      කේසව් අයියා ෆිල්ම් එකෙන් වැඩි කොටසක් කරලා ඉවරයි.
      ආයතනයට හරිනැති නිසා තමයි මම වැටුපෙන් තුනෙන් දෙකක් කියලා එ්කෙ අගය කිව්වෙ නැත්තෙ. අගය ඇවිල්ලා රුපියල් දහදාහයි

      Delete
    2. මට මේවට කට කහනව බන්. උඩුවො ඇත්තට උබට තියෙන දෙයක් හරි විකුනල උගස් කරල මේක කලානම් තමා වටින්නෙ.
      තුනෙන් දෙකක් කියන්නෙ උබේ පඩිය පහලොස්දාහද බන්. රුපියල් පහලොස්දාහෙ විසිදාහෙ පඩි ගෙවන මාධ්‍ය ආයතන තියනවද බන්.
      පහලොස්දාහකට මෙච්චර වලිකන්නෙ නැතුව ගමේ කුල්ලීවැඩකට යමන්කො .දවස් විස්සක් වැඩ කලොත් 25000 ක්.
      බස් එකක කොන්දෙක් වුනොත් ටිකක් කට්ට තිබ්බත් පනහ පන්නනව.
      බස් වියදම් ,කෑම වියදම් අරක මේක එක්ක. රුපියල් පන්දාහෙන් කොලබ ජීවත් වෙන්න බෑනෙ. අපිත් කොලබ ඉන්න එවුන් නෙ. හැමදාම යාලුවන්ගෙන් ඉල්ලනව කියන්නත් බෑනෙ.

      Delete
    3. මාධ්‍ය නෙමෙයි කිසිම ආයතනයකින් කාර්ය මන්ඩලයෙ අයට මෙහෙම අඩු වැටුප් ගෙවන්නෙ නෑ.එහෙම ගෙවල ජීවත් වෙන්න බැ. හේතුව මේකයි. කොළබ නැවතිල වැඩ කරනකොට අඩුම බත්පැකට් එකක් රුපියල් 80 ට ගන්නව කියමු තුන් වේලටම එතනම පන්දාහක්. ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඇදුම් හැම මාසෙම නොගත්තත් කමිස හා කලිසම් වලට පන්දාහක් යනව. ( මේ අවමය ) .ප්‍රවාහන වියදම් ගෙදරට යවන්න ඔය ඔක්කොටම තියෙන්නෙ පන්දාහයි. වෙඩින් එකක් එහෙම කිව්වොත් බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.
      එහෙමනම් වෙන ආදායම් ඇති. හොබි එකට ජොබ් එක කරනව ඇති.
      15,000 පඩියකට කොලබ එන්න බෑ 2010 දිවත්.

      Delete
  7. සිංහල සිනමාව බිහි වීමට දෙමල මිනිස්සුන්ගෙන් ලොකු දායකත්වයක් ලැබුනා. අදටත් සිංහල සිනමා කර්මාන්තයට සම්බන්ධ දෙමළ නළුනිලියෝ අධ්‍යක්ෂනවරු නිෂ්පාදකයෝ තාක්ෂණ ශිල්පීන් ඉන්නවා. ඒ වගේම තමිල්නාඩු චිත්‍රපටි බලන සිංහල අයත් ඉන්නවා. ඉතින් ලංකාව තුල දෙමළ බාශා සිනමාවක් දියුනු වෙලා නැත්නම් එයට වගකිව යුතුතේ දෙමළ කලා කරුවෝ කියටන අයමයි. ඔවුන්ගේ ජාති වාදය නිසා මුස්ලිම් වරුන් පවා ඔවුන්ගේ නිර්මාණ ප්‍රතික්ෂේප කරනවා.

    ReplyDelete
  8. මම නරකක් කියනවා නෙමේ. මට නම් තේරෙන්නෙ නෑ අනිත් අය ඇයි සල්ලි දෙන්න ඕන කියල. රසික කිව්වා වගේ සිනමා ප්‍රදර්ශනයක් සූදානම් කරනවා වගේ දෙයක් කරන එක තේරුම් ගන්න පුළුවන්. ඒත් අපි එයාට සල්ලි එකතු කරල දෙන්න ඕන ඇයි?

    එයා ඔයාගෙ යාලුවා නිසාද? එයා හොඳ නිසාද? එයා දෙමළ නිසාද?

    ReplyDelete
    Replies
    1. අපි සල්ලි දෙන්න ඕන කේසවරාජන් වෙනුවෙන් නෙවෙයි. කේසව් අපෙන් සල්ලි ඉල්ලන්නෙ එයා වෙනුවෙන් නෙවෙයි.
      එයා කිහිප වතාවක් ෆිල්ම් එක අතරමඟ දාලා යන්න කල්පනා කළත් එහෙම නොකර ඉන්නෙ එයා ළඟ ඉන්න නවකයො ටික නිසා. එයා ගියොත් මේ දක්ෂයො ටික සම්පූර්ණයෙන්ම කලාවෙන් ඈත් වේවි. එයාල වෙනුවෙන් ෆිල්ම් එක කරන්න ඕන කියන තැනයි කේසව් ඉන්නෙ

      Delete
  9. උඹ තුනෙන් දෙකකුත් දාල තව රුපියල් අනූදහකුත් ඕන වෙලා. කේසව් ට සල්ලි දෙන්න ඕන රුපියල් ලක්ෂයක් වගෙ මුදලකින් සිනමා පටයක් කිරීම ගැන. ඇත්තටම ඔහු විශ්ම කර්මයෙක්. රුපියල් ලක්ෂය කියන්නෙ අද ලොකු මුදල නෙමෙයි. කේසව්ට ලක්ෂයක් හොයාගන්න බෑ කියන එකත් පැටලිලි සහිතයි.ලක්ෂෙ කියන්නෙ මොකක්ද බන්.පොඩි කොල්ලො ලගත් තියනවනෙ.
    ෆිල්ම් එකක් ගහන්න පුලුවන්ද බන් ලක්ෂෙකට .නලු නිලියන්ට පඩි ගෙවන්න ,නවාතැන්වලටම යනවනෙ ලක්ශ කීපයක්.
    ඒක පුද්ගල ප්‍රසංගයක්,වාර්තා චිත්‍රපටයක් හරි නම් කමක් නෑ කියමු.
    මචන් මේකෙ ගනන් හිලවු වැරදිලා. උබ බීල හිටපු වෙලාවක දාපු පෝස්ට් එකක් වෙන්නැති.

    ReplyDelete