ඉතින්.......... ඒකෙ තේරුම මහින්දවාදීන් තමයි අපේ ගමේ ඉන්නේ. ගමේ පන්සල අවුරුදු පහළොවකට විස්සකට ඉස්සර යූඇන්පී වුණාට දැන් ශ්‍රී ලංකා.
මහින්ද ගමට ආපු දවසක |
පහුගිය දෙවැනිදයි තුන්වැනිදයි ගමේ හිටියෙ. යද්දී ගමේ හෙණ කලබලයක්.
මහින්ද මහත්තය එනවළු.
අපෙ අම්ම එහෙම මහින්ද මහත්තය එන එක ගැන කතාවෙනවා. හැමෝගෙම කතාව මහින්ද මහත්තයව බලන්න යන එක ගැන. ‘අක්කෙ හෙට කීයටද යන්නෙ? කොහොමද යන්නෙ? අපිත් එක්ක ත්‍රීවිල් එකේ යං‘ කවුරුත් එනවද නැද්ද කියල අහන්නෙ නැහැ. බැලු බැලු අත මහින්දව බලන්න යන්න ලෑස්ති වෙච්ච සාඩම්බර අනුගාමිකයෝ.
මට මතකයි ජනාධිපතිවරණෙ දවස. චාමික බුද්ධදාසගෙ කට්ටිය වෑන් ලෑස්ති කරලා තිබුණේ කට්ටියව ඡන්ද පොළටම ගිහින් දාන්න. බුද්ධදාස කියන්නෙ මහින්දලාගේ අපේ ආසනයේ නියෝජිතයෙක්. පාර්ලිමේන්තුවෙත් හිටියෙ. කරපු එකක්නං නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණයක්වත් අහල තියෙනවද දන්නෑ. වැඩිම වුණොත් දහඅටට අත උස්සන්න ඇති.
ඉතින් ජනාධිපතිවරණෙට ඡන්දෙ දාන්න යන්න පයින් ගිහින් බැරි හින්ද මාත් ඔය වෑන් එකකට නැග්ග. අම්මගේ දැඩි ඉල්ලීම් නිසා වෑන් එකේ සිරිසේන ගොයියාට විරුද්ධව මහරජා වෙනුවෙන් කළ කිසි කතාවකට විරුද්ධව කටක් නොඇර මං හිටියා. අන්තිමට එක්කෙනෙක් ඇහුවා තරිඳු පුතා මොකද හිතන්නෙ කියල. ඔන්න ඉතිං මං දුන්න උත්තරෙයි ඇතිවුණ සංවාදෙනුයි පස්සෙ මං රටට ද්‍රෝහී පිලට වැටුණා. එදා වෑන් එකේ හිටපු අය විශ්වාස කළේ නැහැ මහින්දට විරුද්ධව ඡන්දය දෙන කෙනෙක් ගමේ ඉන්න පුලුවන් කියලා.
මහමැතිවරණෙ ළංවෙලා ගමට ලක්ෂ්මන් සෙනෙවිරත්න එනවා කියලා අපේ නැන්දලාගේ ගෙදර ලෑස්ති කරගත්තා. ගැමියෝ භක්තියෙන් යුතුව සෙනෙවිරත්නව පිළිගන්න ලෑස්ති වුණා. පිළිගැනීමේ කතා ප්‍රැක්ටිස් කරලා රස්සා ඉල්ලීම් ඉදිරිපත් කරලා මහමැතිවරණෙන් යූඇන්පිය පරද්දලා ආණ්ඩුවක් හදන්නයි ලෑස්ති වුණේ. මං එතැනට යන්නේ නැතිව පාරට වෙලා හිටියා. මට ඕන වුණා සෙනෙවිරත්න කියන දේවල් අහන්න. ඒත් ලක්ෂ්මන් කෙනෙක් ආවේ නැහැ. එයාගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ඇවිත් ටීඑන්ඒ එකත් එක්ක ගහලා තියෙන ගිවිසුම් ගැනයි ජිනීවා වල වෙන්න යන අනතුරු ගැනයි පට්ටපල් බොරු ටිකක් කීවා. දිවයින පත්තරේ හරි විමල් වීරවංශ හරි ගුණදාස අමරසේකර හරි මාධ්‍ය ඉස්සරහා කියන බොරු වගේ පාලනයකින් යුතුව කියන්න ඕනෙ නෑනෙ. පොඩි ගමක කරන කතාවක්නේ. අරවගේ සියගුණයක් සැර වැඩි කරපු ජාතිවාදී බොරු ටිකක් අහන්න ලැබුණා.
මේ පාර කට්ටිය ලෑස්ති වෙන්නේ මහින්දව පිළිගන්න. එදා ගමම ගිහින් පහුගිය කාලේ දෙපාරක් ඡන්දෙ දුන්නට ගොඩදාන්න බැරිවුණ මහින්දව පිළිගන්න.
කට්ටිය දැන් මට කින්ඩි දාන්නේ යහපාලනේ කොහොමද කියලා අහලා. මං කිව්වම සවුත්තුයි කියලා එයාලා කියනව ඒකනෙ අපි කිව්වෙ කියල... ඉතිං මං කිව්වම ඔයාල නෙවෙයි මාත් කිව්ව කියල....
ඊට පස්සෙ ඇතිවෙන සංවාද ගමේ අයව අවුලෙන් අවුලට යවනවා... යකෝ අඩුම ගාණෙ ජේවීපීවත් වෙන්න එපායැ. මං ජේවීපියටත් පළු යන්න බැණ්නම කට්ටිය මාව මඟඇරල යන්නෙ මං කියන අපභ්රංසෙ නොතේරෙන හින්ද...
මහින්ද එනවා කිව්ව දවසෙම රනිල් වික්‍රමසිංහ ඇවිත් තිබුණේ යූඇන්පියට පාක්ෂිකයන් බඳවාගන්න වැඩසටහනකට. දැන් කට්ටිය කතාව මහින්ද එන නිසා රනිලුත් එනවා කියන එක.
‘අන්න ඔයාලගෙ රනිල් එනවලු. රනිල් නෙවෙයි සක්කරය ආවත් අපි අපේ ගමන යන්න ඕන. අපි රට බේරන්න ඕන..‘ ගමේ කට්ටියගෙ මට කියනව.
මට නිකමට හිතුණා ඇත්තටම මහින්ද එනවද කියල චෙක් කරන්න. මං කෝල් දෙකතුනක් දාලා බැලුවා මහින්ද එනවා කිව්ව දවසෙ උදේ. මහින්ද ඇඹිලිපිටි යනගමංලු. මීඩියා වලට මහින්ද අපේ ගමට එනවා කියලා දැනුම්දීලා තියෙනවද කියල බැලුවා. මහින්ද ඇඹිලිපිටියට එනවා කියලලු තියෙන්නේ. අපේ ගමේ බැසිල්ගේ රැස්වීමක්ලු තියෙන්නේ.
මං නැන්දලාට මාමලාට ඇතුළු ගමේ මහින්දාගමේ අනුගාමිකයන්ට කීවා එයාලගේ පක්ෂෙන් බොරුව දාන්නේ මහින්ද එන්නේ නැහැ කියලා. ඒත් එයාලා මාව විශ්වාස කළේ නැහැ. දේශද්‍රෝහි කොල්ලෙක් අපේ වැඩේ කඩාකප්පල් කරන්න යනකොට අහුවෙන්නෙ කවුද?
කොහොමහරි ගමක්ම මහින්ද මහත්තයාව බලන්න ගියා. ඇවිත් තිබුණේ බැසිල් මහත්තයා. බැසිල් මහත්තයාව වැඳපුදාගෙන ඒ අය සැනහීමට පත්වුණා. අක්ක පෙන්නලා නංගිව දීමක් සිද්ධ වුණේ. පෝස්ටරයක්වත් නැතිව සෙනඟ පුරවන්නේ මහින්ද කලින් හදාගත්ත දැන් දියවෙමින් පවතින රාජානුභාවය නිසයි.
ඒ අතරෙ මරු සිද්ධියක් දැනගන්න ලැබුණා.
ගමේ හෙණ සෙට් එකක් ගිහින්ලු යූඇන්පියේ සාමාජිකයන්ව බඳවගන්න වැඩේටත්. මහින්ද පස්සෙ හැල්මෙ දුවපු නම් ඒ අතරෙ තිබුණ. ගිහින් යූඇන්පියේ සාමාජිකත්වෙ අරන්.
කලින් ඡන්ද දෙකේදීම ගමට පෙණුනු විදියට මහින්ද අත උඩින් දිනන සයිස් එකක් තිබුණේ. අහන අහන කෙනා මහින්දට. ඒත් දැන් එහෙම හිතපු ඡන්ද දෙකක් මහින්ද පරාදයි. රස්සාවක් කාරිය ඕනනං... බිස්නස් එක නඩු නොවැටි කරගන්න ඕනනං.. සමෘද්ධිය සහනාධාරෙ ගන්න ඕනනං දිනන පැත්ත ගෙස් කරලා ඒකට බැහැල වැඩ කරන එකයි තියෙන්නෙ. ඉතින් තාමත් වැඩි පිරිස මහින්දට ඔට්ටු අල්ලනවා. යූඇන්පිය ගෙස් කරන සෙට් එකක් හැදීගෙන එනව. යූඇන්පී ආණ්ඩුව තියෙන කාලසීමාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පැත්තට කට්ටිය ඇදෙයි.
තව අවුරුදු දහයකින් විතර ඡන්දෙකට යද්දී යූඇන්පියෙන එවන වාහනේකින් ගිහින් ශ්‍රීලංකා එකට ඡන්දෙ දාල එන්න සිද්ධවෙන්නත් ඉඩ තියෙනවා... ගමේ මිනිස්සු එකෙදීත් පුදුම වෙයි.
අපේ ගම්වල පොලිටික්ස් හරි අමුතුයි... තව සටහන් ලියන්න වේවි ගමේ පොලිටික්ස් ගැන මට තියෙන අදහස හරියට කියාගන්න.............................
//පිළිගැනීමේ කතා ප්‍රැක්ටිස් කරලා රස්සා ඉල්ලීම් ඉදිරිපත් කරලා //
ReplyDeleteගම්මු පොලිටික්කන් ව අන්දවනවා.. පොලිටික්කෝ ගම්මුන්ව අන්දනවා
//මං ජේවීපියටත් පළු යන්න බැණ්නම කට්ටිය මාව මඟඇරල යන්නෙ //
හෑ,,, ස ර ස තුමා හිතන් හිටියේ ඔහෙ ජෙප්පන් ට ලැයික් කියලයි!
මං ජේවීපී වගේ තේරෙන තැන් තියෙනව... ඒත් විවේචන ගොඩක් තියෙනව....
Deleteමට කියන්න ඕනවුණේ ගම්මුන්ව පොලිටික්කො අන්දන කතාව තමයි
ඔය පොල් රැවුලා කරන තරමක් කරන්නේ මිනිස්සු රවටන එක.. අපේ ගොන් වහන්සේලාත් රැවටිලා ෆැන්ටසියකම ඉන්න කැමති නිසා මහින්ද දකිනකොට කට්ටියට නගිනවා.. හැබැයි ඔය පේන්න ඉන්නේ මහින්ද පස්සේ ඉන්න ඔක්කොම ටික.. පේන්න නොයින්න වැඩි දෙනෙක් ඔයිට විරුද්ද පැත්තේ නිසා මහින්දට 'ෂෝ' එක දුන්නට දිනන්න වෙන්නේ නෑ..
ReplyDeleteඒකත් ඇත්ත
Deleteමේ කතාව ලන්කාවේ ඕනෑම ගමකට අදාලයි කියලා මට හිතන්නේ
ReplyDeleteමේ කතාව ලන්කාවේ ඕනෑම ගමකට අදාලයි කියලා මට හිතන්නේ
ReplyDeleteගම අනුව තමයි
Deleteනෑ මචෝ ලංකාවේ 90% ක් ගම් මේ වගේ. ඒකයි ලංකාවේ ජනගහනයෙන් 70% ක් ග්‍රාමීය වෙලත් මහින්ද පැරදුනේ.
Deleteගමේ මිනිස්සු ඉස්සරහා ‘දේශද්‍රෝහියෙක් වෙන්නේ‘ කොහොම ද? ඊළඟ ඡන්දෙදි මෛත්‍රී දේශප්‍රේමියා වෙනවනේ.
ReplyDeleteමෛත්‍රී දේශප්‍රේමී වෙන්න වෙන්න අපි මෛත්‍රී විරෝධී වෙනවනේ... එතකොට අපි ආයෙත් දේශද්‍රෝහී වෙනවා
Deleteජන්දදායකයෝ එහෙම වෙනස් වෙන එක හොඳයි.නැතිනම් කොළඹ නගර සභාව වගේ තියේ.මළාට වෙනත් පක්ෂවලට අවස්ථාවක් නැහැ.
ReplyDeleteලක්ෂ්මන් සෙනෙවිරත්නත් දැන් ආණ්ඩුවේ දේශද්‍රෝහියෙක් එහෙනම්....:D
අසරණකම ද?
ReplyDeleteදුප්පත්කම ද?
මෝඩකම ද?
මම හිතන්නේ ඔය තුනේම සංකලනයක්. අනුපිලිවෙල; මෝඩකම, දුප්පත්කම, අසරණකම
Deleteපව්
Deleteඅපි බන්ඩරවෙල. උමා ඔය නිසා හානි උනේ අපේ ගමට. ඒ නිසා මේ තත්වය යටතේ මහින්ද මහත්තයා මෙහෙට ආවා නම් තත්වේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. අපේ ගමේ අයට පොලිටික්ස් එපා වෙලා අපිට කරදරයක් උන වෙලාවෙ අපි වෙනුවෙන් කතා කරේ ජෙ වි පෙ එකේ සමන්ත විද්‍යරත්න විතරයි.
ReplyDeleteඒක ඇත්ත තමයි
Deleteලංකාවේ මිනිස්සුන් අන්දන්න හරි ලේසියි හන්දා ඉතින් ඕවා ගැන අමුතුවෙන් මොනවා නම් කියන්නද?
ReplyDeleteඇඳගෙන ඉන්න ඒවා ගලවන්න කැමැත්තක් නෑ වගේ කොච්චර පීඩා වින්දත්
Deleteදැන් සදාම් නුත් හොඳයි කියන වෙලේ ආයිත් මහින්ද අහෝන්දයි කියල වැඩි දෙන කියන කාලයක් එන්නත් පුළුවන්.
ReplyDeleteදැනටමත් ඒ වගේ තමයි
Deleteආයිත් රජවුනොත් ඔය ගමට ගල් නැති වරායක් දෙයි
ReplyDeleteඩිලාන් පෙරේරා වරාය නියෝජ්‍ය ඇමති ඉන්න කාලේ වරාය අධිකාරියේ කාර්යාලයක් අපේ ගමේ හැදුවා...
Deleteදැන් ඒ බස්හෝල්ට් එක හඳුන්වන්නෙත් වරාය කියලා....