Monday, August 01, 2016

බණ්ඩාරවෙල අප්පුහාමි ලොකු තාත්තා සහ පිලිප් ශාන්තගේ පොත

KG පිලිප් ශාන්ත පොතක් ලියනව අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම කියල. ඒ පොත් තාම කියවන්න ලැබුණෙ නැතත් අප්පුහාමි හෙවත් ආර් එම් අප්පුහාමි ආර් එම් තරිඳු අමිල උඩුවරගෙදරවත් ආර් එම් කරුණාරත්න උඩුවරගෙදර හෙවත් අපේ තාත්තවත් බිහිකරන්න හේතුවුණ ප්‍රධාන චරිතයක්.

අප්පුහාමි කියන්නෙ අපේ සීයගෙ මල්ලිගෙ පුතා. ලොකු තාත්තා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ.


හරි, පිලිප් ශාන්තගෙ ලිපියට හේතුවුණ අප්පුහාමි යූඇන්පී තමයි. අප්පුහාමිල දෙන්නෙක් ඉන්නව. දළු අප්පුහාමියි අල අප්පුහාමියි.

දළු අප්පුහාමි හෙවත් යූඇන්පී අප්පුහාමි වඩා කතාබහට ලක්වුණු.. පස්සෙ කාලෙක මිනිස්සුන්ගෙ බැණුම් අහපු දේශපාලනඥයා. තේ දළු වෙළඳාමෙන් දියුණු වුණ කෙනෙක්ලු.

ලොකු තාත්තා හෙවත් අල අප්පුහාමි අපේ තාත්තට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්. ඉතිම් ලොකු තාත්ත හැත්තෑවෙ (වෙන්න ඕන) පාර්ලිමේන්තුවට තේරී පත්වුණාම තාත්තත් එයා එක්ක නිතර පාර්ලිමේන්තු ගියාලු. ඒ කාලෙ මන්ත්‍රීට සෙවකයෙක් අරන් යන්න පුළුවන්‍ය කියනව. ලොකු තාත්ත එක්ක අපේ තාත්තත් ගිහිං.

ඒ උණෙන් තාත්ත දේශපාලනේ කළා. තාත්තා දේශපාලන වැඩ හින්දම තමයි අම්මව මුණගැහිල තිබුණෙ. අම්ම දේශපාලනේ නොකළත් අපෙ ආච්චි ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල එක්ක එකට වැඩ කරපු ක්‍රියාකාරී දේශපාලනයෙ යෙදුණ කෙනෙක්.

තාත්ත දේශපාලනේ නිසා තමයි අපෙන් ඈත් වුණෙත්. තාත්ත ඈත් වුණාට පස්සෙ තමා මට අම්මගෙ බලපෑම ආවෙ. මීට කලින් අම්ම ගැන මම ලීව. අනික තාත්ත මට බලපෑවා ඈතින් හිටියත්. අම්ම අපි එක්ක තාත්තට බැනල නැහැ.  ඉතින් තාත්ත කරපු මේ "දේශපාලනය" මොකක්ද කියල මට කුතුහලයක් හැමදාම හිටිය. 2010 මහ ඡන්දෙදි ඩීඑස් එකේ තාප්ප බිත්ති ටොයිලට් වල අඟුරු වලින් බුලත් කොල ඇඳල සුභ අනාගතයක් කියල ලියපු මම අද මේ දේශපාලනේ නතර වුණේ තාත්තගෙ දේශපාලනය ගැන තිබුණු කුතුහලේ හින්ද...

අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම කියන්නේ තීරුලිපි එකතුවක් සහිත පොතක්. මරාගෙන මැරෙන ෆේස්බුක් සංවාද වලින් තියුණු වුණ පිලිප් ශාන්තගේ දේශපාලනය ඒ පොතේ තියෙන බව තාම පොත කියෙව්වෙ නැතත් විශ්වාසයි. අගෝස්තු දෙවැනිද හවස ජාතික පුස්තකාලෙදි මේ පොත ගැන සංවාදයක් තියෙනව. ඒකට සහභාගි වෙන්න බැරිවුණත් ලඟ එන පොත් ප්‍රදර්ශනේදි හරි ඒ පොත අරන් කියෙව්වට පාඩු නැහැ.

6 comments:

  1. පිලිප් ශාන්ත යනු කලකට ඉහත ශාන් නමින් බුමුතුරුණු බ්ලොගය ලියපු පොර බව මං දැන් ගත්තේ ඊයේයි.

    ReplyDelete
  2. උඩුවාගේත් පැටිකිරිය දැනගත්තා මේ පොත නිසා.

    ReplyDelete
  3. ඔබේ ලොකු තාත්තා අපේ තාත්තගේ ලඟම හිතවතෙක්.. ඔහු බදුලු දිස්ත්‍රික්නිදහස් පක්ෂ බල මණ්ඩලේ සභාපති වෙද්දී අපේ තාත්තා එහි ලේකම් . ඔය අප්පුහාමිට කිව්වේ අල අප්පුහාමි නෙවෙයි පොලොස් අප්පුහාමි කියලයි මට මතක
    කොලපාට් මිට්සුබිෂි ජීප් එක ඇරෙන්න වෙන ලොකු වාහන තිබ්බේ නෑ.. කිණිගම තිබ්බ සාමාන්‍ය ගෙයක තමයි හිටියේ... හරිම සරළ මනුස්සයෙක්..මේක කියවන්න.. මගේ මුල්ම බ්ලොග් පොස්ට් එකක එයා ගැන කිව්වා ..http://helmalu.blogspot.com.au/2015/04/blog-post_10.html

    ReplyDelete
  4. පිලිප් ශාන්ත දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානි වර්ගයේ කෙනෙක්ද?

    ReplyDelete
  5. එන්න නොහැකියි
    මේ මාසෙට මේ මිස් වෙන දෙවනි පොත
    අනික ඉයෙ

    ReplyDelete
  6. එන්න වෙන්නෙ නෑ. පොත අරං කියවන්නම්.

    ReplyDelete